Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
මත්වීම හා මුලාවීම Sumanadasa Samarasinghe මත්වීම හා මුලාවීම අතර ඇති වෙනස ඉතා අල්පය. මත් වු පුද්ගලයා බාහිර වශයෙන් ඒ බව පෙන්වයි. මුලා වූ පුද්ගලයා හඳුනාගත හැක්කේ ඔහුගේ කියුම් හා කෙරුම් අනුවය. බොහෝ උගතුන් තම උගත්කමින් මත් වී සිටිති. සමහරු මුලා වී සිටින තරම ඉතාම කණගාටුදායකය. භෞතික දෙයකින් මත් වූ අයෙකු එයට ඇබ්බැහිවීමෙන් වලක්වා ගැනීම නිසා සුවකර ගත හැකිය. එහෙත් තමන්ගේම සිතුවිලි වලින්, තීරණ වලින් හා ...
ඔබ සාමාන්‍ය මිනිසෙක් ද? Sumanadasa Samarasinghe පිස්සෙකු වුව ද වරදක් කරන්නේ හේතුවක් ඇතිවය. එක් පිස්සෙකු තමන් කැඳවාගෙන ගිය උපස්ථායකයින් දෙදෙනාගෙන් කෙනෙකුට වැරෙන් පහරක් ගැසීය. උමතුව සුව වූ විට එසේ ගැසුවේ මන්දැයි ප්‍රශ්න කළ විට එම උපස්ථායකයා තමාගේ අත රිදෙන සේ අඹරමින් අල්ලා සිටි නිසා යැයි ඔහු කීය. අප අතර සාමාන්‍ය මිනිසුන් සිටී දැයි සොයා බැලීම සඳහා මම ඉමහත් වෑයමක් දැරීමි. කිසිවෙක් තමා සාමාන්‍ය මිනිසෙක් යයි පිළිගත්තේ ...
පෞරුෂත්වය පුද්ගලයා වාසනාවන්තයෙකු කරයි Sumanadasa Samarasinghe සංසුන් නමුත් කාර්යශීලී කෙනෙකු මෙන් පෙනී සිටීම ධනවත්වීමට අතිශයින් වැදගත්ය. අලසයෙකු, මෝඩයෙකු, තුෂ්නිම්භූත වූ අයෙකු නැත්නම් නිතරම කඩි කුලප්පුව හැදුනු කෙනෙක් ලෙස හැසිරෙන පුද්ගලයා ධනවත් කෝටිපතියෙකුගේ ලක්ෂණ පිළිබිඹු කරන්නේ නැත. ඔබ සංසුන් ගති ඇති අයෙක් ද? කෙනෙකුගේ පෞරුෂය එම පුද්ගලයා වාසනාවන්තයෙකු කරයි. සමහරු මෙය වරදවා තේරුම් ගනිති. එනම් ලොකු වැදගත් පෙනුමක් තිබු පමණින් හොඳ පෞරුෂයක් ඇතැයි සිතීමය. හොඳ පෞරුෂයක් සඳහා ...
නැති වැරදි හදා ගැනීම Sumanadasa Samarasinghe නොකළ හා නොසිතූ වැරදි ඉස්මතු කොට දු දරුවන්ට, අඹු සැමියන්ට හා හිතවතුන්ට බැන වදින අය සිටිති. සමහර කෝටිපති ව්‍යාපාරිකයින් පවා ලොකු පඩි ලබන සේවකයින් පන්නා ගැනීමට ඕනෑ වූ විට ඔවුන් කැඳවා නොකළ හා නොසිතූ වැරදි ඉස්මතු කරමින් දොස් නගනු ලැබේ. මෙසේ නොරිස්සුම් ගති පෙන්වන අය සැමියා නම් එයින් ඔහු අදහස් කරන්නේ වෙනත් දෙයකි. ඔහු එසේ හැසිරෙන්නේ ඇතැම් විට බිරිඳගේ සිත ...
ඔබ මත් වී ඉන්නේ කුමකින් ද? Sumanadasa Samarasinghe කෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීමට පෙර වෙනත් විදියකින් මත්වන්නේය. මත්ද්‍රව්‍ය ගෙන මත්වීමට පත්වන්නේ මේ විදියට ඊට කලින් මත් වූ මිනිසුන්ය. එමනිසා මත්ද්‍රව්‍ය වලට වඩා භයානක වන්නේ මත්ද්‍රව්‍ය වලට මිනිසා පොළඹවන මෙම මානසික දුබලතාවයයි. අප අතර ජීවත්වන ජනයාගෙන් වැඩි දෙනෙක් අහංකාර කමෙන් මත් වී සිටිති. සමහරු අහංකාරකම උත්සන්න වීම නිසා උමතු වී සිටිති. කෙනෙකු සිහි විකල වූවෙකු ලෙස හැසිරවීමට සමත් අහංකාරකම, ...
ඔබ ගැන ඔබ දරණ මතය හරි ද? Sumanadasa Samarasinghe ඔබ ගැන ඔබ දරණ මතය හරි ද? එසේ නම් ඔබ දියුණු වන්නෙකි. කිසිම දියුණුවක් නැත්තේ වැරදි මත දරා සිටින අයටයි. අනිකුත් බොහෝ පුරුදු මෙන් ප්‍රශ්න වලින් පලා යෑමට පුරුදු වීම ද කෙනෙකුගේ ජීවිතය අසාර්ථක වීමට ප්‍රබල හේතුවකි. විසඳීමට අපහසු ප්‍රශ්න මතු වූ විට අපි ඒවාට මුහුණ දෙන්නේ කෙසේ ද? අපේ ජීවිත හැඩ ගැසෙන්නේ අප ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය අනුව ...
ඔබ එකතැන කරකැවෙන්නේ ඇයි? Sumanadasa Samarasinghe වමට හැරී කොපමණ වේගයෙන් කැරකැවුනත් අන්තිමේ දී අඩියක් හෝ ඉදිරියට නොගොස් ඔබ එකම තැනක සිටින බව පෙනෙනු ඇත. දකුණට හැරී කොපමණ වේගයකින් කරකැවුනත් ඔබ කොහෙවත් ගිහින් නැත. එකම තැනක කරකැවී ඇත. ඉහත සඳහන් කළේ ඔබ අසා ඇති දේශපාලන පිල්වාදය ගැන නොවේ. මානසික නිරවුල්තාවය ගැන අවබෝධයක් දීමට වම හා දකුණ යන දිශා දෙක තෝරා ගැනීමකි. මනස නිරවුල් කරගැනීමට අවශ්‍ය පුද්ගලයා සියළුම ...
ඔබත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වන්න Sumanadasa Samarasinghe මිනිස් සිත තුල පවතින ආශාව නොයෙකුත් විෂය වල දී නොයෙකුත් අන්දමට විග්රහ කර ඇත. බුදු දහමට අනුව මෙය තෘෂ්ණාව, ආශාව, ඇලී ගැලී සිටීම වශයෙන් ද සමාජ හා ආර්ථික විද්‍යාවේ දී උවමනාව, කැමැත්ත, රුචිය යනාදී වශයෙන් ද දක්වයි. මෙය සාමාන්‍ය ජන ජීවිතයේ දී ආශාව කියා හැඳින්වේ. මෙලොව එලිය දකින හැම පුද්ගලයෙකුම ආශාවන් පොදි බැදගෙන එනවා යයි කියමනකි. මිනිස් සිත නිතරම ගෞරව ...
ගොත ගැසීම ජයගන්න Sumanadasa Samarasinghe ගොත ගසන අයෙකු තුල පවතින්නේ මානසික ගැටුමකි. ගොත ගසන අයෙකුට සවන් දී සිටින්න. ඔහු හෝ ඇය තමාට කතා කරන්නට ඉඩ නොදෙන බලවේගයකට විරුද්ධව කතා කරන්නට වෑයම් කරන බවක් මුහුණේ මාංශ පේශී වලින් පිළිබිඹු කරයි. මේ හේතුන් බාහිර නොවන අභ්‍යන්තරයේ පවතින ඒවාය. තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති උවමනාවට එරෙහිව ලැජ්ජාව ඉස්මතු වීම නිසා කතා කරගන්නට බාධාවක් සිත තුලින් ම එයි. කතා ...
කියවීම, මෝඩගති හා මිනීමැරීම Sumanadasa Samarasinghe කියවීම අපේ රටේ සෝවියට් දේශය හා මහජන චීනය ගැන සඟරා කියවීමට නිදහස තිබේ. එහෙත් සෝවියට් දේශයේ හා චීනයේ අපේ දේශය ගැන කිසිවක් කීම තහනම්ය. **** මෝඩ ගති සිංහල මිනිස්සු අමුත්නන් එනවිට මිදුල හා ගෙයි ඉදිරිපස කොටස ඉතා පිරිසිදුකොට තබා ඔවුන් රවටති. මිනිසුන්ගේ හැටි බලාගැනීමට ගෙයි පිටුපස පැත්තට යා යුතුය. පිටරට යන සිංහලයෝ ද මේ විදියට තමන් ද රැවටෙති. ඔව්හු සෝවියට් ...
උසිගන්නන තුරු බලා ඉන්න එපා Sumanadasa Samarasinghe වෙන කවුරුත් ඔබව උසිගන්නන තුරු බලා ඉන්න එපා. අරක කරන්න, මේක කරන්න, පාඩම් කරන්න, කෑම ටික කන්න, ආදී වශයෙන් නිතරම දෙමාපියන් කියන තුරු බලා සිටින දරුවෙක් වෙන්න එපා. ඔබේ ජීවිතය තිරිසන් සතුන්ගේ ජීවිතයට වඩා වටිනවා. ඔබට පුළුවන් තනියම හිතල වැඩ කරන්න. බල්ලාට හරකාට තනියම දෙයක් කරන්න බැහැ. ඒ නිසා නිතරම උසිගන්වන්න ඕන. ඔබ මිනිස් දරුවෙක්. ඔබට යමක් කියන තුරා බලා ...
වේශ නිරූපන විපාක Sumanadasa Samarasinghe ඔබ කාට ඊර්ෂ්‍යා කලත් ඒ ඊර්ෂ්‍යාව රැඳෙන්නේ ඔබේ සිතේ මිස ඔබගේ ඊර්ෂ්‍යාව යොමු කරනු ලැබූ අයගේ සිතේ නොවේ. එමනිසා ඔබේ ලේ අපිරිසිදු වීමෙන් ඔබම රෝගී වේ. ඔබ කාට ක්‍රෝධ කලත් ඒ ක්‍රෝධය රැඳෙන්නේ ඔබේ සිතේ මිස ඔබගේ ක්‍රෝධය යොමු කරනු ලැබූ අයගේ සිතේ නොවේ. එමනිසා ඔබේ සිත අපිරිසිදු වීමෙන් ඔබම රෝගී වේ. ඔබ කාට වෛර කලත් ඒ වෛරය රැඳෙන්නේ ඔබේ ...
ඉධ නන්දති පෙච්ච නන්දති Sumanadasa Samarasinghe ඉධ නන්දති පෙච්ච නන්දති කතපුඤ්ඤෝ උභයත්ථ නන්දතී පුඤ්ඤං මේ කතන්ති නන්දති භියෙයියෝ නන්දති සුගත්තිං ගතෝ මෙහි සිංහල තේරුම දක්වා ඇත්තේ මෙසේය: පින් කළ ඇත්තේ මෙලොවත් සතුටු වෙයි. පර ලොවත් සතුටු වෙයි. දෙලොවම සතුටු වෙයි. මවිසින් පින් කරන ලදැයි සතුටු වෙයි. සුගතියට බොහෝ සෙයින් සතුටු වෙයි. ‘ඉධ’ යන පාලි වචනයේ තේරුම ‘දැනුත්’ යන්නය. ‘පෙච්ච’ යන පාලි වචනයේ තේරුම ‘පසුව’ යන්නය. මෙහි ...
නැති බැරිකම රෝගයක් ද? Sumanadasa Samarasinghe නැති බැරිකම මානසික රෝග ලක්ෂණයක් යයි ඔබ පිළිගන්නේ නැත. එහෙත් කෙනෙකු නැතිබැරි දුගියෙකු වී සිටින හේතුව සොයා බැලුවා නම් එයට මුල් වූ මානසික රෝග ඔබට වහා තේරුම්ගත හැකිය. සිතේ උදාසීන භාවය යනු සිත රෝගී වීමකි. සිත අලස වන්නේ සිතට හා ගතට වැළඳෙන ආබාධයක් නිසාය. ඉරිසියාව බලවත් මානසික රෝගයකි. දියුණු වී සිටින අයට ඉරිසියා කරන්නේ තමන්ගේ රෝගී මනසිනි. වනචාරී යුගයේ ජීවත් ...
දවසක මං උඹට හොඳ පාඩමක් උගන්වනවා Sumanadasa Samarasinghe එදාට උඹට තේරෙයි මං කව්ද කියලා. රැවටෙන්න එපා. ඉහත සඳහන් විදියට කියන පුද්ගලයා ගුරුවරයෙකු හෝ යමක් කියා දීමට ඉගැන්වීමට හැකි අයෙකු නොවේ. ඔහු දුර්වලයෙකි. කවදා හෝ කෙනෙකුට විපතක් කරන්නට ඔහු පෙළඹෙනු ඇත. මේ විදියට කියන අය මානසික රෝහලක හෝ සිරගෙයක පදිංචි වීමට පෙරුම් පුරන්නෝය. කෙනෙකුට දඬුවමක් කිරීම හෝ සිත රිදවීම යනු පාඩමක් ඉගැන්වීම යයි ඔහුගේ නිගමනය වී ඇත. එමනිසා ඉහත ...
වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම වැරදි වැඩකි Sumanadasa Samarasinghe වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම වැරදි වැඩකි. ඒ නිසා අපට වරදක් නොකරන අපේ සිතට අපි දඬුවම් නොදී සිටිමු. අපි කවුරුත් තෑගි ලැබීමට ආශා කරමු. එසේ නම් අපි තෑගි දීමට ද ආශා කළ යුතුය. තෑගි නොදී තෑගි ලැබීමට සිතීම එතරම් සාර්ථක නොවන සිතීමකි. බිළිඳු දරුවන්ට අපි ආදරය කරන්නේ ඔවුන් ගෙන් අපට ලැබෙන හුරතලයට නිසාය. කුඩා දරුවාට දීමට ඇති ලොකුම තෑග්ග හුරතලයයි. ...
මෝඩයා Sumanadasa Samarasinghe තමන්ට නොවැටහෙන දෙයට වහල් වෙයි. එසේ නැත්නම් සිනාසෙයි. තමන්ට නොවැටහෙන දෙයට බියවෙයි. එසේ නැත්නම් විශ්මයට පත්වෙයි. තමන්ට ඉගෙන ගන්නට බැරි දෙයට පුද සත්කාර කරයි. එසේ නැත්නම් එය අවඥාවට ලක් කරයි. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 අගෝස්තු 15 ...
පන්සිල් ගන්නවාට වඩා පන්සිල් රැකීම උතුම් Sumanadasa Samarasinghe “පන්සිල් ගන්නවාට වඩා පන්සිල් රැකීම උතුම්. නිතර නිතර පන්සිල් සිහි කිරීම නිසා කෙනෙකුගේ චරිත ශුද්ධිය ඇති වේ,” යැයි 1978 අප්‍රේල් 23 වැනි දා පානදුර රංකොත් විහාර දහම් පාසැලේ දී “මිනිස් සිත” මැයෙන් දේශනයක් පැවැත් වූ සුමනදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. පන්සිල් වල ඇති මනෝවිද්‍යාත්මක වටිනාකම ඔහු තව දුරටත් මෙසේ විස්තර කරන ලදි. කෙනෙකු සතුන් නොමරමි යැයි අවංකව සිතට එකඟව නිතර ...
හදිසි අනතුරු වලින් ලෙහෙසියෙන් මිදෙන්න Sumanadasa Samarasinghe ‘මිනිසා’ යනු ලේ මස් ඇට නහර යනාදියෙන් සැදුම් ලත් ශරීරය නොව ශරීර කූඩුවට අරක් ගත් ප්‍රාණය, ජීවය නොහොත් සිත බව චිත්ත ධර්ම විද්‍යානූකූලව තුලනාත්මකව ඔප්පු කළ හැකිය. කෙටියෙන් හා ඉතාම ලෙහෙසියෙන් මේ බව අවබෝධ කළ හැකි එක් සාධකයකි මිනිසෙකුගේ මරණය. මරණය යනු මේ ශරීරයෙන් මනස ඉවත්වීමයි. එසේ වූ මනසක් නැති ශරීරය ව්‍යවහාර “මළකඳ”, “මළමිනිය” යන නාම වෙයි. මිනිසා නොහොත් මනස ...
එදා සහ අද Sumanadasa Samarasinghe මිනිහෙක් ඌරෙක් මරා ගැනීම සඳහා ඌ පසුපස එළවාගෙන ආවේය. ඌරා පන්සල් භූමියකට වැදී ආරාමයේ වැඩි සිටි රහතන් වහන්සේලා මැදින් දුවගෙන ගොස් පිටුපස කැලයට වැදුණි. ඌරා පසුපස පැමිණි දඩයම්කරු පන්සල තුලට ඇතුල් වී මෙතැනින් ඌරෙක් ගියා දැයි රහතන්වහන්සේලා ගෙන් විමසීය. ඇත්ත කීවොත් මිනිසා ඌරා මරා දමා ප්‍රාණඝාත අකුසලය සිදුකර ගනී. තමන් වහන්සේලා ද සත්‍යය කීම නිසා එයට ආධාර අනුබල දුන්නා වන්නේය. ...