Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
මෙන්න මෙයා හඳුනාගන්න Sumanadasa Samarasinghe මෙයා හිතන්නේ මෙයාට වැඩියෙන් දන්න අය වෙන නැත කියාය. මෙයා තරම් පන්ඩිතයෙක්, වැදගතෙක්, උගතෙක් නැතෙයි කියා මෙයා හිතේ තියාගෙන සිටී. මෙයා මහා කුලවතෙක් යයි සිතා අන් අය තුට්ටු දෙකක් නොවටිනා අය හැටියට සිතයි. මෙයා පොත පතට ගරහයි. වෙන එකක් තබා මෙයාගේ ලෝකය කොයි තරම් පුංචි ද කියාවත් මෙයා දන්නේ නැත. මෙයා අනුන්ට ගරහා සතුටු වෙයි. වාද කරනවා මිසක් අනුන්ට කන් ...
එදිනෙදා ජීවිතයේ කරන මෝඩ වැඩ Sumanadasa Samarasinghe ඔබ කරන රැකියාව කුමක් වුවත් ඒ ගැන කලකිරී සිටින බව කිසිවෙකුට කියන්න එපා. අද බොහෝ තරුණ අය ඉතා සුළු සිත් අමනාපයවීමක දී කියන කතාව නම් “මම මේ ඔක්කොම හැර දා පිට යනවා,” කියාය. එසේ කරනවා මිස එසේ කිය කියා එතැනම වැඩ කිරීම ඉතා වැරදි වූ මෝඩ ක්‍රියාවකි. ඔබ වෙනත් රැකියාවකට හෝ ව්‍යාපාරයක් ඇරඹීමට යන බව ඔබේ ලොක්කාට හෝ අයිතිකරුට කී ...
මේ රජයේ වැඩ ගැන ඔබ මොකද කියන්නේ? Sumanadasa Samarasinghe කොයි රජයත් එක ය. කියන දේවල් කරන්නේ නැහැ. කරන දේවල් කියන්නේ ද නැහැ. මිනිසුන්ගේ වරද මිස රජයේ වරදක් මට පෙනෙන්නේ නැත. කාටත් ඕන තමන් හැදෙන්නට ය. රට හදන්න නොවේ. මේ රජය වෙනුවට වෙන කාව ද පත්කරගන්නේ කියා සිතීමට ද බැරි ය. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අප්‍රේල් 1 ...
මෙය අත්හදා බලන්න Sumanadasa Samarasinghe ඔබ ළඟ ඇති එක හොඳ ගුණයක් මෙනෙහි කරන්න. එම හොඳ ගුණය ඔබ වගා කරනවා ද? එය ඔබ ළඟක දී පාවිච්චි කළා ද? එසේ පාවිච්චි කළේ කාගේ යහපත සඳහා ද? ඔබේ මනසේ දිළිසිය යුතු නීතියක් ඇත. එනම්, “සියළුම සම්පත් උදාකර දීමට මගේ සිත තරම් බලවත් අන් බලවේගයක් නොමැත,” යන්නයි. ඔබ හා සම්බන්ධ යම් හොඳ ගතිගුණයක් ගැන දිනකට විනාඩි කිහිපයක් සිත යොමු ...
කවුරුත් කැමති ලොක්කා Sumanadasa Samarasinghe 1. අවශ්‍යයෙන්ම කළ යුතු රාජකාරිය කුමක්ද කියා දැන ගෙන, එය පැහැදිලි කොට කියා දී නැවත අදහස් වෙනස් නොකරන පුද්ගලයාට කාගේත් සහයෝගය ලැබේ. 2. හැම සේවක සේවිකාවක්ම උසස් පහත්කම් හෝ පඩි විෂමතා වලින් හෝ වෙනසක් නොමැතිව, ඔවුන් සපයන සේවයට අවශ්‍ය පුද්ගලයන් ලෙස ඔවුන්ව සලකා ගරුකරන ලොක්කාට කවුරුත් කැමතියි. 3. උසස් සේවය දැක දැක නිහඬ නොවී පැසසුම් හා උසස්වීම් ලබාදෙන ලොක්කා නියම ...
කුඩා දරුවන් දඟ කරන්නේ ඇයි? Sumanadasa Samarasinghe ශාරීරික හා මානසික රෝගයකින් පෙලෙන්නේ නැති සෑම කුඩා දරුවෙක්ම දඟකාරයෙකි. ළමයි දඟ කරන්නේ වැඩෙන ශරීර ශක්තිය වැය කළ යුතු බැවිනි. කුඩා තිරිසන් සතුන් දෙස බලන්න. දඟ නොකළොත් ඔවුන්ගේ වැඩීමක් සිදු නොවේ. සිංහල ගෙවල් වල ළමයින් දඟ කරනවා දැකීම රුස්සන්නේ නැති අය සිටිති. එයට හේතුව ළමයින්ගේ හැසිරීම වැඩිහිටි අයට නොගැලපෙන බොළඳ ක්‍රියා නිසාය. දඟ කරන ළමයින් පසුපස පන්න පන්නා තලන හැඩි ...
හොස්ස ළඟින් මැස්සෙක් ගියා ද? Sumanadasa Samarasinghe ඔබට හොස්ස ළඟින් මැස්සෙක් ගිය සැනින් තරහ ඇවිස්සේ නම් එය ඔබේ මෝඩකමේ ලක්ෂණයකි. ඔබව තරහ ගැස්වීමට ඕනෑම මෝඩයෙකුට පුළුවන. ඒ ඔබ එම මෝඩයාටත් වඩා අන්ත මෝඩයෙකු නිසාය. උගතෙකු වීම යනු ඥානවන්ත වීම නොවේ. උගතා ඥානවන්තයෙකු ද වෙන්නේ ඉවසීම, කරුණාව, දයාව වැනි ගුණාංග නිසාය. තරහ ගැනීම වහාම ප්‍රතික්ෂේප කරමි. තරහ ගැනීමට ලැජ්ජා වෙමි. කේන්ති යෑම මෝඩකමේ ලක්ෂණයකි. තරහ බාර නොගෙන සිටීමට ...
වෙන්දේසියක් -ඕනෑ කරන අයෙක් වේ නම් නොමිලේ වුවත් දෙන්නම් Sumanadasa Samarasinghe මෙතෙක් කල් ඉතා ආදරයෙන් ආරක්ෂා කරමින් රැක බලාගත් අනුන්ගේ කුලමල භේද තොගයකි. එක මිටියකට බැඳ තැන්පත් කර තිබේ. නෑයින්ගේ වැරදි, උස් මිටිකම්, ඇද පළුදු, අල්මාරියකින් එකක් පමණ (ඉතා සුරක්ෂිතව තිබූ නිසා) අළුත්ම තත්වයේ ඇත. අහළ පහළ උදවියගේ සිත රිදවීම සඳහා උපයෝගී කරගත් ඇනුම්පද (කැසට් කළාට වඩා හොඳින් නැවුම් තත්වයක) තිබේ. හිතවතුන් දියුණුවනවාට බියෙන් උඩින් හොඳ මුහුණ පෙන්වා යටින් අදින ලද ...
මනුස්සකම රැකගන්න Sumanadasa Samarasinghe මෙතෙක් කල් ඔබට කරන්නට බැහැ යනුවෙන් සිතා සිටි වැඩක් කරන්න. කතා නොකර සිටි පුද්ගලයා සමඟ කතා කරන්න. යන්නට බිය වූ තැනට යන්න. එක හොඳ ගතිගුණයක් වගා කරන්න. එක වැරදි වැඩක් නතර කරන්න. මේවා මනුස්සකම් වෙති. ඕනෑම ධර්මයක් හෝ අධර්මයක් ක්‍රියාත්මක කරන තුරු ධර්මයක් හෝ අධර්මයක් වන්නේ නැත. ඒ නිසා මනුස්සකමේ ධර්මය ක්‍රියාත්මක කරන්න. දිනකට විනාඩි පහක් සතුටින් ඉන්න. එවිට ...
දියුණුවට කැමති පුද්ගලයාට Sumanadasa Samarasinghe දියුණුවන පුද්ගලයා දියුණුවන මාර්ග කියා දෙන විට එයට සවන් දෙයි. දියුණු නොවන පුද්ගලයා අනවශ්‍ය හා තමන්ට හෝ අන් කෙනෙකුට පලක් නොවන වාද විවාද වල එල්ලෙයි. ප්‍රශ්නයට අදාල නොවන විස්තර දැන ගැනීමට ඔහුට ඕනෑ කෙරේ. අඹ ගෙඩියේ ඇඹුල් රස, පලු වීර වල පැණි රස හෝ උක් ගසේ ඇති රසය ඒවාට ලැබුනේ මහ පොළවේ ඇති රසයෙනි. මෙහි ඇත්ත නැත්ත බැලීමට මහ පොළවෙන් ...
මහා වර්ජනයක් වහා අරඹන්න Sumanadasa Samarasinghe මනුෂ්‍යයා මිනිස්කම රැකගත යුතුය. තිරිසනා තිරිසන් වීම ස්වභාවිකය. මනුෂ්‍යයා තිරිසන් වීම භයානයකය. මිනිසා මෙන්ම තිරිසනා ද ලෝකයෙන් තුරන් වීමට මිනිසා තිරිසන් වීම හේතුවිය හැකිය. තිරිසන් සතුන් (බල්ලන්, කපුටන්) උනුන් කන කෑම උදුරාගෙන කති. මනුස්සයා ද අනුන් සතු දේ බලහත්කාරයෙන් උදුරා ගනී. එය තම මනුෂ්‍යකමට නිගාකර ගැනීමකි. උනුන් දුටු තැන පොරකා ගැනීම බල්ලන්, කුකුලන් යනාදී සතුන්ගේ ස්වභාවයකි. ගෙදර දී, කාර්යාලයේ දී, ...
ඔබේ සිත Sumanadasa Samarasinghe ඔබේ සිත හදා ගත යුත්තේ ඔබමය. සිත හදාගන්න බැහැයි කීම ඔබේ තීරණයක් මිස සත්‍යයක් නොවේ. දුක් ඕනෑ නම් දුක ගැනම සිතන්න. සැප ඕනෑ නම් සැප ගැන සිතන්න. මරණය ගැන සිතීමට පෙර හොඳින් ජීවත්වීම ගැන සිතන්න. මරණය ගැන නොසිතුවත් මරණය නියමිත වේලාවට සිදුවෙනු ඇත. එක නරක පුරුද්දක් ජයගන්න. එවිට ඉතිරිය පහසු වේ. රෝගයකින් සුවය ලබන තුරු නිරෝගිකමේ අගය වැටහෙන්නේ නැත. ...
සම්පත් උදාකරන බලගතු වචන හත Sumanadasa Samarasinghe පළමුකොට අපි ඔබට එම බලගතු වචන හත කියා දී ඉන්පසු ඒ ගැන විස්තර ඉදිරිපත් කරමු. කෝටිපතියන්ගේ අර්ථ සිද්ධියට උපකාර වූ එම වචන හත මෙසේයි: “මා කරන වැඩෙන් අනුන්ට සිදුවන යහපත කුමක්ද?” අනුන්ට යහපතක් කිරීම හොඳ වැඩක් බව අප දැන සිටි නමුත් එය මෙලොවම විපාක දෙන බලගතු චේතනාවක් බව වැඩි දෙනෙකු දැන සිටියේ නැත. හැම හොඳ දෙයක්ම පිනක් හැටියට හා පරලොවට ...
ඉරිසියාවන්තයාට වුව ද වාසනාවන්තයෙකු විය හැකිය Sumanadasa Samarasinghe මොළයක් ඇත්තේ ඉරිසියා කිරීමට නොව කල්පනා කිරීමටය. ධනයට ගරහන අයකු කවදාවත් ධනවත් වී නැත. ධනවතුන්ට ධනපති යයි කියමින් සමච්චල් කරන්නේ දුගියෙකි. තමන් ආශා නොකරන දෙයක් තමන් වෙත ළඟා නොවේ. සමහරු ධනයට ආශා කරන නමුත් පරිභව ද කරති. ඒ අයට යාන්තම් ජීවත්වීමට සෑහෙන තරමින් පමණක් ධනය ළඟාවේ. අතමිට යහමින් මිල මුදල් ගැවසෙන්නේ ධනය ප්‍රිය කරන මිනිසුන් ළඟයි. ධනය හා ධනවත්භාවය පිළිකුල් ...
ආත්මඅනුකම්පාව නැතිකර ගන්න Sumanadasa Samarasinghe අපි වැඩි දෙනෙක් අනික් අයගේ අනුකම්පාවත් සැලකිල්ලත් බලාපොරොත්තු වෙන වේලාවල් බොහෝ ඇත. එය සාමාන්‍යයෙන් කා තුලත් ඇතිවෙන පොදු ආශාවකි. එහෙත් මේ ආශාව හරියට පාලනය නොකළහොත් සිදුවන්නේ විශාල හානියකි. මේ අනුකම්පාව ලබාගැනීමේ ආශාව දිගින් දිගට පැවතුනහොත් එය ආත්මානුකම්පාව නැතහොත් තමා ගැනම දුක්වීමේ පුරුද්දක් බවට පත්වේ. හිතක උපදින එඩිතරකම, උනන්දුව දුර්වල කරමින් මිනිසා එකතැනම වැතිරගන්නේ මේ ආත්මානුකම්පාව බලවත් වූ විටයි. මෙය පලවා ...
අපි නිතරම ආදරය කරන්නේ අපිටමය Sumanadasa Samarasinghe අපි නිතරම ආදරය කරන්නේ අපිටමය. අන් කෙනෙකු පිළිබඳ ආදරයක්, පිවිතුරු ප්‍රේමයක් කියා අප රැවටෙන්නේ අපේම සිතේ අන් කෙනෙක් ගැන පහළ වූ සිතිවිල්ලකටය. අපි දරුවෙකුට ආදරය කරන්නේ ඔහු සුරතල් කිරීමෙන් අපි ලබන වින්දනය නිසායි. අනුන්ට පිහිට වීමේ මුවාවෙන් අපි සමාජසේවා කටයුතු කරන්නේ අපේම සතුට සඳහාය. මම දේශන පවත්වන්නේ කරුණු කියා දීමට ඇති තදබල ආශාව නිසාය. එයින් මා සතුටක් ලබන්නේ නැත්නම් දේශන ...
ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි? Sumanadasa Samarasinghe ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි? මිනිසා ආගම හා ධර්මය අවබෝධ කරගන්නවා වෙනුවට බදාගෙන සිටීම නිසාය. ආගම් බදාගෙන, වැළඳගෙන මත් වූ ජනයා ආගම හා ධර්මය වෙනුවෙන් මිනී මරති. මුලාවීමට කැමති ජනයා අතර මෝඩයන්ට විශේෂ තැනක් ලැබේ. මෝඩයා යනු කල්පනා කිරීමට නොදන්නා කෙනෙකුට කියන වචනයකි. ඕනෑකමින් කල්පනා කර බලන තුරු අක්‍රිය වී පවතින මිනිස් මොළය එසේම අක්‍රිය වී තිබෙන්නට හරින ...
හිඟන අදහස් දුරු කිරීමට උගන්වමු Sumanadasa Samarasinghe ඇමෙරිකාව, ජපානය ඇතුළු ලෝකයේ අනිකුත් දියුණු රටවල් මෙන් ලංකාව ද සරුසාර රටක් කිරීමට පුළුවන. ඒ සඳහා පළමුකොට රටේ ජනතාවගේ සිත් සතන් වලින් හිඟන අදහස් දුරු කිරීමට කටයුතු කළ යුතුය. අපේ රටේ බොහෝ අය සිතන්නේ ධනවත්වීම මහා අපරාධයක් කියාය. ධනවත් අයට ඉරිසියා කිරීම මිස ධනවත්වන අයුරු සොයා බලන අය නැත. තමන්ගේ දක්ෂකමින් හා අලසකමින් තොර වෑයමෙන් ධනවත් වී සිටින අයගේ ධනය ...
පරිහාණී ධර්ම Sumanadasa Samarasinghe බාල කාලයේ විඳින්නට සිදු වූ දුක් කම් කටොළු ගැන තවමත් තැවෙන මෝඩයා දියුණුවක් නොලබයි. ආගමක් නැති, ධර්මයක් නැති, කිසිම දෙයක් කෙරෙහි විශ්වාසයක් නැති අධමයා දුක් ජීවිතයක් ගත කරමින් සිට මිය යන්නෙකි. උත්සාහයෙන් ලබාගත් ධනය තමන්ගේ සැපවත් ජීවිතයට බාධාවක් කරගෙන සිටින අඥාන ධනවත්තු මත්පැන් වලට වහලුන් වී සිහි මඳව මිය යන්නෝය. ප්‍රශ්න සහ අසහන තේරුම් ගැනීමට වෑයම් නොකර දුක් විඳින හා ...
ඔබ නිතර සිතන්නේ ඔබ කවුරැයි කියාද? Sumanadasa Samarasinghe ඔබ දිනපතා උදේ හවස සිතන්නේ ඔබ කොහොම කෙනෙක් කියාද? ඔබ අන්න ඒ පුද්ගලයා බවට ක්‍රමයෙන් පරිවර්තනය වෙයි. නිතරම අනුන් ගැන සිතමින් කාලය ගෙවන පුද්ගලයා ඒ අයගේ තත්වයට වැටේ. ඔබේ සිතට වංචා නොකරන ඔබව හොර බොරු වංචාවලින් රවටන්නට අන් කෙනෙකුට නොහැකියි. ඔබ මුළුගැන්නී සිටින්නේ ඔබේම නරක චේතනා නිසාය. හොර බොරු වංචා නොකරන අයට සැඟවී සිටින්නට හේතුවක් නැත. ඕනෑකමක් ද ඇති නොවේ. ...