මනුස්සකම රැකගන්න

  • මෙතෙක් කල් ඔබට කරන්නට බැහැ යනුවෙන් සිතා සිටි වැඩක් කරන්න.
  • කතා නොකර සිටි පුද්ගලයා සමඟ කතා කරන්න.
  • යන්නට බිය වූ තැනට යන්න.
  • එක හොඳ ගතිගුණයක් වගා කරන්න.
  • එක වැරදි වැඩක් නතර කරන්න.

මේවා මනුස්සකම් වෙති. ඕනෑම ධර්මයක් හෝ අධර්මයක් ක්‍රියාත්මක කරන තුරු ධර්මයක් හෝ අධර්මයක් වන්නේ නැත. ඒ නිසා මනුස්සකමේ ධර්මය ක්‍රියාත්මක කරන්න.

දිනකට විනාඩි පහක් සතුටින් ඉන්න. එවිට මනුස්සකමේ අගය හඳුනාගැනීම පහසු වන්නේය.

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

One comment on “මනුස්සකම රැකගන්න

Comments are closed.