Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
සිංහලයනි අවදිවන්න, බුද්ධිය බේරාගන්න Sumanadasa Samarasinghe මෝහනයෙන් මුලා වී සිටින ජනයා එයින් මුදා ගැනීම “සියළු දානයන් පරදවා ධර්ම දානය ජය ගනී,” යන බුදු වදනට එකඟ වූ ක්‍රියාවකි. පටන් ගත් යමක් අතරමග දී අත්හැර දමන සෝඩා බෝතල් ප්‍රතිපත්ති රකින කුසීත ජාතියක් හැටියට සිංහලයා ලබා සිටින අවනම්බු නාමය පළමු කොට මිථ්‍යාවක් බව ඔප්පු කරමු. ඒ සඳහා ප්‍රතිඵල ලබමින් ඉදිරියට යනවා මිස බාධක ඉදිරියේ පසු බා නොයෑමට දිරිමත් වෙමු. ...
ඉන්න තැන කියන්න බැරි දේ නැති තැන දී කියන්න එපා Sumanadasa Samarasinghe පණ්ඩිතයා පමණ දැන කතා කරයි. පදම වැඩි වෙන්නට පෙර කතාව නැවැත්වීම හෝ අන් අතකට යොමු කිරීම නුවණ ඇති අයගේ සිරිත ය. අනුන්ගේ වැරදි ගැන කතා කරන අයගෙන් ප්‍රවේශම් වන්න. එවැනි අයට තමන්ගේ කට නතර කරගෙන ඉන්නට බැරි ය. එම නිසා අනුන් ගැන ඔබ සමඟ කියන විදියටම ඔබ ගැන ඔව්හු අනුන්ට ද කියති. කේලාම් කීම හා ඇසීම හීනමානයේ ලක්ෂණයකි. සිඟාලයා මේ ...
ඉරිසියා නොකිරීම Sumanadasa Samarasinghe ප්රතිපත්තියක පිහිටුවීමට අපේ සිත යම් අරමුණකට ගොනු කරගත යුතුය. අපි නිතරම ඉරිසියා කරන්නේ අප ළඟ නැති යමක් තවත් කෙනෙකු ළඟ තියෙනවා දැකීමෙනි. “මං කාටවත් ඉරිසියා කරන්නේ නැහැ,” කියා යම් කෙනෙක් කියනවා නම් එය බොරුවකි. එසේම අපේ ඉරිසියාව නිතරම අප හොඳින් දන්නා අඳුනන අය වෙත පමණක් එල්ල කිරීම සිදුවේ. අප නාඳුනන අයට නිතරම හැම ලොතරැයියක දී ම මුල් දිනුම ඇදේ. එහෙත් ...
දක්ෂයෙක් වෙන්න Sumanadasa Samarasinghe ඔබේ ජීවිතය වාසනාවන්ත කරගැනීමේ හැකියාව ඇත්තේ ඔබටමයි. හිමිදිරි උදයේ සිතට මෙන්ම ගතට දැනෙන ප්රබෝධය දවස මුළුල්ලේම පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගන්න. අන් අයගේ වැරදි සෙවීමට ගියහොත් ඔබේ සිත අපිරිසිදු වෙයි. අන් අය ඔබට සිත රිදෙන දේ කිවහොත් හා ඔබ ඒවා පිළිගතහොත් ඔබේ සිතේ ප්රබෝධය අඩු වෙයි. ප්‍රබෝධමත් සිත ඒ විදියටම තබා ගැනීමට විශේෂ වෑයමක් කළ යුතු නැත. කළ යුතු එකම කාර්යය ...
සුමනදාස සමරසිංහයන්ගේ ජන්ම දිනය සමරමු! Sumanadasa Samarasinghe “චේතනාව තමන්ගේ කර්මය හා අනුන්ගේ කර්මය බව නොදන්නාකම ලෝකයේ සියළුම දුකට හේතුවයි,” යැයි ‘මිනිස් හිතේ හාස්කම්’ පොත් පෙළේ කර්තෘ සුමනදාස සමරසිංහ විසින් 1984 දී කීය. සිත පිළිබඳ අවබෝධයක් නොමැති කම සියළු ම දුකට හේතුවයි කියූ ඔහු තවත් ශතක දෙකකට ආසන්න කාලයක් පුරා සිත ගැන කියා දෙන්නට දිනපතා වෙහෙසියෙකි. සියළු දුකට හේතුව අවිද්‍යාව නොහොත් නොදන්නාකමයි. නොදන්නේ තමන්ගේ සිත්වල ඇති දුකට හේතු ...
මානසික සහනයට පමණක් වහල් නොවන්න Sumanadasa Samarasinghe සමහරු චිත්ත ධර්ම විද්‍යා ඉගැන්වීම් වලින් මානසික සහනයක් පමණක් බලාපොරොත්තු වෙති. මානසික සහනය පමණක් ලැබෙන භාවනා විධි තිබේ. ඇතැම් අය මානසික සහනයෙන් රැවටී අන්කිසි දියුණුවක් නොලබා කාලය ගත කරති. එය පැවිදි අයට උචිත විය හැකිය. එහෙත් දරුමල්ලන් සිටින ගිහියන්ට මානසික සුවය සමඟ අගහිඟකම් වලින් මිදුනු සැප පහසු ජීවිතයක් ද අවශ්‍ය වේ. සමහර දේව භක්තිකයන් තමන්ට පැමිණෙන සෑම දුක් කරදරයක් ම ...
මිනිසුන් රැවටීම මානසික රෝගයකි Sumanadasa Samarasinghe කූට උපාය මාර්ග වලින් මහජනයා රවටා බඩ වියත රැක ගන්නා අය සිටිති. ඔවුන්ගේ උපායයන් විවිධය. පාරේ යන අයෙකු සමඟ කතා කරමින් පරණ දැන හැඳුනුම්කම් ගැන කියා හිතවත් දන්නා හඳුනන අයෙක් බව පෙන්වා ඉන්පසු මුදලක් ඉල්ලයි. මුදල ඉල්ලන්නේ හදිසි උවමනාවකට සුළු ගණනක් මදි වූ බව කියමිනි. මිනිසුන් මුලා කරන අයගෙන් බොරු ශාස්ත්රකරුවන්, අත බලා සාප කරන්නන්, මහාචාර්ය පට්ටම් තමන් විසින් තමන්ට ...
මා අනුගමනය කර හරි මාවතේ යන්න Sumanadasa Samarasinghe මම රියැදුරෙක්මි. මා පදවන වාහනය පණ ගන්වා ඉදිරියට තල්ලුවන විට මගේ සිත ඉදිරිපසින් ඇති මහා මාර්ගය දෙසටම එල්ල වී තිබේ. මට යන්නට ඇති මාර්ගය පුරා රෝස මල් අතුරා නැත. තැනින් තැන ගල්මුල්ය. ඇතැම් විට මාරක වංගු හමුවේ. කඳු මෙන්ම පල්ලම් ද එමටය. ගලක හැපෙන සුක්කානම පසෙකට හැරේ. දුක් කරදර නැමති ගල්මුල් හා වල ගොඩැලි වලට රෝද වැටෙන විට මම මහා ...
දුක් විඳීම යනු සැප ලැබීමට අවශ්‍ය සුදුසුකමක් නොවේ Sumanadasa Samarasinghe දුක් විඳීමේ පරමාර්ථයක් තිබිය යුතුය. පරමාර්ථයක් නැත්නම් පරමාර්ථයක් ඇතිකර ගත යුතුය. නොකා නොබී ඉතිරි කළාට කම් නැත. ඉතිරි කළ දෙයින් පසු කලෙක ප්‍රයෝජනයක් ගත යුතුය. හරියට කන්න අඳින්නවත් නැතිව දුක් විඳිමින් ඉස්කෝලේ ගිය පමණින් විභාග වලින් සමත්වෙනවා ද? අනෙකුත් සෑම දුක් විඳීමක් ලෙසින්ම විභාගයෙන් සමත් වීම අරමුණු කරගෙන ඊට සූදානම් විය යුතුය. අප බොහෝ දෙනාගේ නිගමනය වී ඇත්තේ දුක් විඳීම ...
බොළඳ සිත් Sumanadasa Samarasinghe අනුන්ට රිදෙන විදියේ යටි උගුලක් ඇද සියුම් සතුටක් ලබා ගැනීම තමන්ගේ ‘අගය’ අනුන්ට පෙන්වීමට මඟුල්තුලා ආදියට නොයෑම තම අහංකාරකම, මානය, බොරු සෝබනය, උද්ධච්චකම තමන්ට තේරුම්ගත නොහැකිවීම අනුන්ගේ පහනෙන් එළිය බලමින් කෙළෙහිගුණ නොසැලකීම අන් කෙනෙකුට විඳින්නට සිදුවන යම් හිරිහැරයක් ගැන තමන් සතුටට පත්වීම ඇසුරු කරන අය සතුටු සිතින් ඉන්නවා දැකීම නුරුස්සන ස්වභාවය -සුමනදාස සමරසිංහ, 1979 මාර්තු 1, චිත්ත ධර්ම විද්‍යා ...
මිනිසුන් රජයට සාප කරන්නේ ඇයි? Sumanadasa Samarasinghe මෙරට වාමාංශික පක්ෂ මහජනයාට තිත්ත කළේ මහජනයාගේ සහෝදරයින් ලෙස පෙනී සිටි වාමාංශිකයින්ය. දැන් දක්ෂිණංශික රජයට වින කරන්නේ ද විරුද්ධ පාක්ෂිකයින්ට වඩා රජයට හිතැති මෝඩ සේවකයින් විසිනි. වාමාංශිකයන් බලයේ සිටි අවදියේ බස් කොන්දොස්තරවරුන්ගෙන් ඇනුම් බැනුම් නොඅසා ගමනක් ගිය අයෙකු නොවීය. එකල ඔව්හු මිනිසුන් පෝලිමේ වැස්සට තෙමෙමින් සිටිය දී හිස් බස් බාගෙට නවතා මගීන් ගොඩවීමට පෙර අද්දනු ලැබීය. මෝඩකම නිසා වාමාංශික සහෝදරවරු ...
අනාගතය පටන් ගන්නේ අදයි Sumanadasa Samarasinghe අපි අද කරන දේ අනුව අපට අනාගත පල විපාක භුක්ති විඳීමට සිදුවීම සාමාන්‍ය නීතියයි. එහෙත් අනාගතයේ සිදුවිය හැකි යමක් අද අපිට කරන්නට සිදුවීමක් සත්‍යයක් විය හැකිය. අනාගතයේ දී ඔබ ලබන්නට බලාපොරොත්තුවන ඉලක්කය වෙත ඔබේ ඇදී යෑම සඳහා ඔබ අද කරන වැඩ කටයුතු මහා පුදුම අන්දමින් ස්වයං ක්‍රියාකාරී භාවයකින් යුක්තව හැඩ ගැසේ. -සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය ...
ඔබ මල් ඇටයකට වඩා ශක්තිමත් Sumanadasa Samarasinghe ඔබ පස් යට තැන්පත් කළ මල් ඇටයකට වඩා ශක්තිමත් පුද්ගලයෙකි. එහෙත් නිතරම “මේකෙන් ගොඩ එන්නෙ කොහොමද?” අසමින් ඔබ ලතවෙයි. මල් ඇටයක් එසේ ප්‍රශ්න කරන්නේ නැත. කුඩා මල් ඇටයක් තුල තිබෙන ශක්තියට වඩා ප්‍රබල ශක්තියක් ඇති මිනිසා මල් ඇටය මෙන් තමා තුල ඇති සුවඳ විහිදුවා ගැනීමට හා පස් තෙරපා මතුපිටට එන්නට වෑයම් නොකරන්නේ කාගේ වරදින් ද? මිනිසෙකුගේ වාසනාව යනු ක්රියාශීලීවීමයි. ඔබේ ...
නිතරම තමන්ගේ අවාසියටම සිතන්න එපා Sumanadasa Samarasinghe ස්වයං යෝජනා වලින් කෙනෙකුගේ හැඟීම් හා ගතිගුණ පමණක් නොව මුළු ශාරීරික තත්වයම වෙනස් කළ හැකිය. අපේ සිත් සතන් වල අරටු බැස ඇති මිථ්‍යා විශ්වාසයන් ඇතැම් විට වහා පලදෙන ස්වයං යෝජනාවන් හැටියට අත්දැකීමට හැකිය. අසුබ නිමිති හමුවී ගමනක් පිටත්වන අයෙකුට එම ගමන ඉතා අසාර්ථක එකක් වන්නේය. එයට හේතුව අසුබ නිමිති ගැන කාලයක පටන් යටි සිතේ පැවති විශ්වාසය නිසා එම පුද්ගලයා තමන්ගේ ...
අපේ දුබලකම් Sumanadasa Samarasinghe අපට කුමන වැඩක් හෝ අවසානයක් දකින තුරු එකා මෙන් සහයෝගෙයන් කිරීමට පුළුවන් කමක් නැත. අපි ටික දෙනෙකුට එකතු වුනොත් කරන්නේ කරන්නට බැරි දෙයක් ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් ලෙස කතා කිරීමයි. කාගේ හෝ හොඳ වැඩක් ගැන නරක හා අඩුපාඩු පෙන්වා දෙමින් නැති අඩුපාඩු හා වැරදි මවා පාමින් කතා කිරීමට අපි ගජ හපන්නුය. සිතට විරුද්ධ කතා කිරීමට අපට ඇත්තේ බලවත් ආශාවකි. ...
වාද කරන සැමියාට … Sumanadasa Samarasinghe ඔබේ සැමියා නිතරම වාද කරන අයෙක් නම් ඔහු කැපී පෙනීමට, ලොක්කා වීමට, අවධානය තමන් වෙත අද්දවා ගැනීමට මාන බලන කෙනෙක් බව තේරුම් ගන්න. ඔහු වාදයෙන් පරදින්නට සතුටු නැත. පරාජය ඔහුගේ බොරු සෝබනයට, පුහු අහංකාරකමට, මානයට තැබූ ගින්නක් හා සමානය. එවැනි ස්වාමිපුරුෂයෙක් සමාජ ආශ්රයෙන් තොරව හැදුනු වැඩුනු අයෙකි. ඔහු ක්‍රීඩකයෙකු නොවේ. නොයෙකුත් ක්‍රීඩා වලට කැමති පුද්ගලයා දිනුම් පරාද දෙකටම සමසේ මුහුණ ...
මෙය අත්හදා බලන්න Sumanadasa Samarasinghe අද දවසේ ඔබේ සිත කරුණාවෙන් හා දයාවෙන් පුරවා ගන්න. එසේ පුරවා ගත් දේ ඔබට හමුවන සෑම කෙනෙකුටම බෙදන්න. අනුන්ට කරුණාව දයාව දීමට නම් ඒවා තමන් වෙත තිබිය යුතුයි. තමන් ළඟ නැති දෙයක් අනුන්ට දීමට හැකිවන්නේ කෙසේද? අනුන්ට කරුණාව දයාව පතුරුවා හරින්නට වෑයම් කරන බොහෝ දෙනා එම උතුම් ගතිගුණ පළමු කොට තමන් ළඟ ඇති කරගත යුතු බව නොදනිති. එදිනෙදා ජීවිතයේ දී ...
සත්‍යයට මුහුණ දී බුද්ධිමත් වන්න Sumanadasa Samarasinghe සිතට කොපමණ රිදුනත් එම වේදනාව තුලින් සත්‍යයට මුහුණ දීමට හැකි අය පමණක් බුද්ධිමත් වන්නෝය. ගතානුගතික විශ්වාසයකට එරෙහිව සිතිමට නුහුරු නුපුරුදුකමක් තිබීම ස්වභාවිකය. එහෙත් එම ස්වභාවික තත්වයට වහල් නොවීමෙන් මිනිසත්කම ඔප නැංවේ. අන් අය මුලා කිරීමට කෙනෙකු තුල පහළ වන ආශාව මානසික රෝගයකි. නවකතාවල සිතින් මවාගත් අසත්‍යය කතාවක් බව නොකියා සත්‍ය සිද්ධියක් හැටියට පෙන්වා දීමට යම් අයෙකු වෑයම් කරයි නම් එය ...
බුද්ධි විකාශය අහුරන මිථ්‍යා විශ්වාස Sumanadasa Samarasinghe සත්‍යයෙන් තොර යමක් හරි යැයි විශ්වාස කිරීම මිථ්‍යා විශ්වාසයක් ලෙස හැඳින්විය හැකිය. යමක සත්‍ය තත්වය අවබෝධ කරගත නොහැකි වීම හා යම් යම් දේවල් වලට බිය වීම නිසා මිථ්‍යා විශ්වාස බිහි වී තිබේ. බමුණන් විසින් හෝ පැරැන්නන් විසින් පුස්කොළ පොත්වල ලියා තබන සියළුම දේ සත්‍ය යයි විශ්වාස කිරීමට බොහෝ අඥාන මිනිස්සු පෙළඹෙති. යම් ගමනක් ගිය අයෙකුට ඒ ගමන අසාර්ථක වූවා යයි ...
බිත්තරයක් කතා කරයි Sumanadasa Samarasinghe මම බිත්තරයක් වෙමි. කවුරුත් එය රකිනවාට මම කැමති නොවෙමි. අනිත් බිත්තර වලින් නම් පුළුන් ගුලි වැනි පැටවුන් එළියට එති. උන්ට තැනින් තැන යෑමට ද හැකිය. මට ඕනෑ දිගටම බිත්තරයක් මෙන් සිටීමටය. ගිය අවුරුද්දේ පටන් එක තැනක ලැග සිටි බිත්තරයක් තිබුණි. එය රවුමට සිනිඳුවට තිබුනා. පසුව එයින් ගඳක් ආවා. එය ඇතුලේ මරණයක් වෙන්න ඇති. මට බියක් දැනේ. මේ කටුව තුලින් එළියට ...