Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
ඔබ කොයිතරම් සංසුන් ද? Sumanadasa Samarasinghe සංසුන් ගති ඇති පුද්ගලයා ආත්ම විශ්වාසය අධික පුද්ගලයෙකි. මහජනයා අතර ගැටී ඕනෑම පුද්ගලයෙකු ඇසුරු කරන අන්දම ගැන ඔවුනට අත්දැකීම් තිබේ. ඔබ තමන් ගැනම හිතන අයෙකුට වඩා අනුන් කෙරෙහි ද සැලකිලිමත් වන අයෙකු වේ නම් ඔබ ළඟ මනා සංසුන්කමක් ඇති වේ. වගකීම් බාරගැනීමට සූදානම් පුද්ගලයා මහජන කටයුතු වලින් අධික විනෝදයක් ලබයි නම් සියල්ලෝම ඔහු වටා රොක්වීමට වහා සූදානම් වෙති. අනුන්ගේ අවධානය ...
කරැම ලෙඩ Sumanadasa Samarasinghe ඉස්සර කාලේ වාහන නොතිබුණු නිසා කිසිවෙකු වාහන අනතුරකින් මළේ නැත. වැඩි දෙනා මළේ පණු රෝග, වසංගත, සර්ප විෂ, විෂබීජ නිසා සහ දරැවන් ලැබෙද්දී ය. එසේ මළේ විෂබීජ නාශක, බෙහෙත් විදින කටු, ලේ දීමේ ක්‍රම, ශල්‍යකර්ම සඳහා එක්ස් රේ, යකඩ පෙනහැල්ල යනාදිය නොතිබුණු බැවිනි. දැන් බෙහෙත් හා උපකරණ නිසා ආයු දීර්ඝ කරගත හැකි වී තිබේ. පෙර කරැමය නිසා වලිප්පුව, පිටගැස්ම ආදී ...
ඔබේ අදහස් ඉටුකරගන්න මේ උපදෙස පිළිපදින්න Sumanadasa Samarasinghe ඔබ කවදා හරි ඔබේ එදිනෙදා වැඩ කටයුතු නතර කොට මීට වඩා දියුණුවීමට ඕනෑ යයි සිතුවේද? මහා ධනවතෙකුගේ මාලිගයක් වැනි නිවසකට ගිය ඔබ “මොහු පෙර පිංකල කෙනෙක් මම පෙර පිං නොකළ කෙනෙක්,” යයි සිතුවාද? ලොකු ගෙයක්, වාහනයක්, දැසි දැස්සන් ඕනෑ යයි සිතුනාද? සාප්පුවක ඇති සාරියක් දැක මේවායින් දෙක තුන බැගින් මිල දී ගන්නට ඇත්නම් යයි සිතී ඇත්ද? පිටරට යන එන අය ...
මම ඉත්තෙක් වී සිටියෙමි Sumanadasa Samarasinghe කලකට පෙර මම දාන් ලෑල්ලේ ඉත්තෙක් වී සිටියෙමි. එක එක්කෙනා අදින අදින පැත්තට මම ඇදී ගියෙමි. වතාවක් කෙනෙක් මාව ඉදිරියටම තල්ලු කරගෙන ගියේය. මම ද ඉතා සතුටින් කොටුවෙන් කොටුව පනිමින් ඉදිරියටම ගියෙමි. මේ අතර මාව තල්ලු කරපු පුද්ගලයා දාන් සෙල්ලම කියාදුන් මහත්මයා සමඟ අමනාප විය. ඔහු මාවත් පස්සට අදිමිනි ඉදිරි ගමන පස්සට හැරවීය. මම දාන් ලෑල්ලේ අන්තිම පේලියේ ඉතිරි වුනෙමි. ...
ඔය තරමට තරහ ගන්න එපා Sumanadasa Samarasinghe ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සෑහෙන කොටසක් අපි කාහටත් පොදුවේ ටික ටිකවත් බලපවත්වන තරහ යෑම වෙනුවෙන් වැය වේ යැයි කිවහොත් එය ඔබ එකවිටම පිළිගනීවි දැයි දන්නෙ නැහැ. ඒත් බලන්න ටිකක් විමසිල්ලෙන්. අපරාධ මර්ධන උදෙසා පොලීසි උසාවි වලටත් හදිසි පහරදීම් වලට ලක්වන අයට බෙහෙත් කරන්න රෝහල් වලටත් රජය කීයක් වියදම් කරනව ද? ඕවයින් එක සිද්ධියක් මුලටම විමසල බැලුවොත් හේතුව තරහ යෑමක් බව ...
ජීවිතය යනු තිත්ත කසායක් නොවේ Sumanadasa Samarasinghe උසස් මනසක් ඇතිව උපන් මිනිසාට ඕනෑම ගැටළුවක් විසඳා ගැනීමේ සහජ හැකියාව ඇත. ජීවිතය ගැන විවිධ දෘශ්ටි කෝණ වලින් බලන මනෝවිද්‍යාඥයන්, චින්තකයන්, ආගමික නායකයන්, විද්‍යාඥයන් එදත් අදත් ලොව පහළ වී ඇත. සමහර අයට ජීවිතය එකම එක රස ගුලාවකි. මී විතකි. සුර ලොවකි. සමහර අයට එම ජීවිතයම තිත්ත කසායකි. මෙලොව අපායකි. එකම පුද්ගලයා වුව ද ජීවිතය ගැන දරන මතය වරින් වර වෙනස්කර ...
ආත්ම වංචාවෙන් මිදෙමු Sumanadasa Samarasinghe තමන් විසින් තමන්ගේම සිතට වංචා කිරීම ආත්ම වංචාවයි. තමා විසින් තමන්ව රවටා ගැනීම අප අතර වැඩි වශයෙන් පැතිර ඇති දුර්වලකමකි. එහෙත් ජීවිතය ගැන අවබෝධයකින් ජීවත්වන මන උස්සයින් අතර මෙවැනි දුර්වලතා නොමැත. 1. තමා දැන දැනම තමන්ගේ ජීවිතය වරදේ යොදවමින් අන්‍යයන්ට එහි අනිත් පැත්ත පෙන්වන්නට උත්සාහ ගන්නේ ඇයි? 2. අනුන්ට ඊර්ෂ්‍යා කරමින් ඊර්ෂ්‍යා කරන්නට එපා යැයි අනුන්ට කියන්නේ ඇයි? 3. තමන් ...
වාසනාවේ දොර ඇර ගැනීමට මෙන්න යතුරක් Sumanadasa Samarasinghe අප කෙනෙකු ගෙන් නිතරම අසන්නේ ඔහුගේ ජීවිතය සාර්ථක වීමට හේතු වූ කරුණු මොනවා ද කියාය. ජීවිතය අසාර්ථක කරගත් කාලකණ්ණි අයෙකු ගෙන් ඔහුගේ ජීවිතය අසාර්ථක වීමට හේතු වූයේ මොනවා දැයි අසන්නේ කලාතුරකින් අයෙකි. ජීවිතයක් අසාර්ථක වීමට හේතු මෙන්න මේවා යැයි කීමට නොදන්නා අයෙකු නැත. එහෙත් වැඩිදෙනා ජීවිතයක් සාර්ථක වීමට හේතුවන කරුණු ගැන දරන්නේ මිථ්‍යා විශ්වාසයන් ය. සාර්ථක ජීවිතයකට දොර විවෘත කර ...
නපුරු වඳුරුගති එපා! Sumanadasa Samarasinghe වඳුරෙකුට නපුරු ගති ඇතිවෙන්නේ අපි ඌට හිරිහැර කිරීම නිසාය. නිතරම කෝටු වලින් අනින්න. ගල් මුල් වලින් දමා ගසන්න. එවිට උගේ ජීවිතය රැක ගැනීමට හා වේදනා විඳීමෙන් ගැලවී සිටීමට ඌට ඕනෑ වේ. වඳුරා බණ කීමට දන්නේ නැත. ඒ නිසා ඊ ළඟට ඌ ද්නා දේ කරයි. එනම් ඌට හිරිහැර කරන අයට ඌත් හිරිහැර කරයි. වඳුරා හපා කන්නේ බයටයි. සමහරු තමන්ගේ දරුවන් ද ...
ආගම Sumanadasa Samarasinghe ඔබ සත්‍යය යැයි පිළිගෙන සිටි ආගම ධර්මය ගැන ඔබ ඉගෙන ගෙන නැත්නම් ඔබට ආගමක් ඇතැයි කියා කියන්නේ මුසාවකි. ඔබේ ආගම් කර්තෘවරයාට හෝ ධර්මයට කෙනෙකු නින්දා පරිභව කරන විට ඔබේ සිතට කෝපය නැඟේ නම් ඔබට ආගමක් නැත. කරන්නන් වාලේ යමක් කීමට විශේෂ ඥානයක් හෝ බුද්ධියක් අවශ්‍ය නැත. කරන්නන් වාලේ ආගම් අදහන අය තමන්ට ආගමක් නැතිබව නොදනිති. -සුමනදාස සමරසිංහ ...
සිංහලයනි අවදිවව්! කී කල ඔව්හු අවදි වී නිකං බලා සිටිති Sumanadasa Samarasinghe නායකත්වය පමණක් ධර්මිෂ්ඨ වී අනිකුත් උසස් නිලධාරීන්, සේවකයින් හා ව්‍යාපාරිකයින් අධර්මිෂ්ඨ වී නම් රටේ සැබෑ දියුණුවක් ඇතිවිය නොහැකිය. වචන ලක්ෂණ වූවාට ක්‍රියාව ලක්ෂණ නොවේ නම් ක්‍රියාව ලක්ෂණ වන තුරැ ලස්සන වචන වලින් වැඩක් සිදු නොවේ. නිදා සිටි සිංහලයන්ට “සිංහලයනි අවදිවව්!” කියා කූද්දනු ලැබීය. ඔව්හු අවදි වී නිකං බලා සිටිති. “මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” යයි කියමන ඉතා ලස්සනය. එහෙත් ...
වැඩගත හැකි සිතක් ඔබට ඇත Sumanadasa Samarasinghe මිනිසත් බව ලබා උපදින්නවුන් මිනිසත් බවේ ශ්‍රේෂ්ඨතම අවස්ථාවන් කරා ගමන් කිරීමට ගන්නා මහන්සිය ඉමහත් ය. ලොවේ සිටින සියළුම සත්වයන් අතරින් මිනිස් වර්ගයාට අග්‍ර ස්ථානයක් හිමිවන්නේ හරි හැටි පාලනය කරගත හැකි මැඬගත හැකි සිතක් ඇති නිසාවෙනි. ආදී කාලීන යුගයේ සිට මිනිසා සිතුවිලි අනුගමනය කරමින් දිනෙන් දින දියුණුව කරා ගමන් කර ඇති බව පැහැදිලිය. ගල් යුගයේ සිට ක්‍රමයෙන් බුද්ධිමත් බව ඇති කරමින් ...
ඔබටත් පුළුවනි ලොක්කෙකු වන්නට Sumanadasa Samarasinghe සුමනදාස සමරසිංහ ශූරීන් පාසැල් ළමුන් සඳහා කළ දේශනයක් ඇසුරිනි. ඔබ පාසැල් යන්නේ ඉගෙන ගන්නයි. ඉගෙන ගන්න යන ළමයා තමන්ට අයිති ඒ කටයුත්ත හරියට ඉටු නොකළොත් පාඩු වෙන්නේ තමන්ටමයි. අනිත් අතට ඔබ පාසැල් ගිහින් ඔබට අයිති ඉගෙන ගැනීමේ කටයුත්ත හරියට කළොත් ඔබට වාසියි. හැමෝම සලකනව. කාටත් නම්බුයි. ඥානවන්ත ළමයා කවුරැ මොනවා කීවත් තමන් දියුණු වෙන්නමයි කල්පනා කරන්නේ. පුංචි සත්තු උපන් හැටියෙට ...
ලොක්කන්ට ආරූඪ වෙන්න පුළුවන් භූතයෙකු ඕනෑ! Sumanadasa Samarasinghe මහජනතාවගේ පින්පෙත් ලබන තිස්තුන් කෝටියක් දෙවිවරුනි! රටපුරා අහිංසක මෝඩ කාන්තාවන්ට හා බුද්ධි හීන පිරිමින්ට වැහෙන භුතයනි! අපේ පාලක පක්ෂයකට ආරූඪ වී රටේ දියුණුවට පේන කියා නොපෙනෙන ධන සම්පත් ඛණිජ තෙල් උල්පත් මතුකර දීමට ඉදිරිපත් වන්න. එයට කාලය දැන් පැමිණ ඇත. සාමාන්‍ය මිනිසුන්ට වඩා දුර පෙනෙන දිවැස් ඇති දෙවිවරුනි! අපි දෙන පින්පෙත් ලබමින් අප ගැන නොසලකා සිටීම වැරදි බව දැන්වත් තේරුම් ...
ද්වේෂය හඳුනාගන්න, ඉන්පසු එයට බැටදීම පහසුය Sumanadasa Samarasinghe වායුව, ජලය, ගින්න, විදුලි බලය ආදී බලවේගයන් ක්‍රියා කරන්නේ ඒවාට අයත් නීති රීති වලට යටත්වය. රටින් රටට ගෙන ගිය පලියට හෝ දුප්පත් අය පරිහරණය කරද්දී හෝ ධනවත් අය පරිහරණය කරද්දී හෝ කියා ඒවායේ නීති වෙනස් නොවේ. නීතිය ක්‍රියාත්මක කිරීමේ යෙදී සිටින නිලධාරියෙකුට යම් ගතමනාවක් දී නීතිය සැහැල්ලු කිරීමට හෝ වෙනස් කිරීමට හැකි වුනත් ලෝක සම්මත නීති එසේ බලපෑම් වලට, පගාවට, ...
ඔබට උසස් වීමට පුළුවන් ද? Sumanadasa Samarasinghe සංසුන් පුද්ගලයා තුල බලවත් ආත්ම විශ්වාසයක් ඇත. සංසුන් පුද්ගලයා වෙත අන් අය ආකර්ෂණය වෙති. ඔහු කෙරේ අන් අය විශ්වාසය තබති. පහත සඳහන් ප්‍රශ්න වලට අවංක සිතින් පිළිතුරු සපයන්න. එවිට ඔබ කොයිතරම් සංසුන් කෙනෙක්දැයි ඔබමට දැනගත හැකිය. ඔබ බොරැ කළොත් ඔබ ගැන ඔබට බොරු ප්‍රතිඵල ලැබේ. ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් කෙළින්ම “ඔව්” හෝ “නැහැ” කියා යොදාගන්න. 1. අන් අයගේ සවන් යොමු ...
ජාතික දුර්වලකම් ජයගනිමු Sumanadasa Samarasinghe සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කළ කාලයේ දී එය කඩාකප්පල් කර දැමීමට ඉදිරිපත් වූයේ පිටරැටියෝ නොව අපේම සිංහල අයියලා බව “දෙල්ගහ යට ගෙදර විප්ලවයෙන්” පැහැදිලි වේ. එහෙත් අද එම ව්‍යාපාරයෙන් ඵල නෙලා ගන්නේ අහිංසක සිංහල ගැමියන්ය. හොඳ කටයුතු වලට හරස් කපන හා බාධා කරන, සහයෝගය දීමට ඉදිරිපත් නොවෙන සිංහලයා නරක දෙයකට, ලේ සෙලවීමකට විරුද්ධව කතා කිරීමට මැළිවේ. අසූහාරදහසක් ධර්මස්කන්ධය හැමදාමත් අසා සිටින ...
ප්‍රශ්න වලට බිය නොවන්න Sumanadasa Samarasinghe සිතට වදදෙන ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගැනීමට මාර්ගයක් ඇත. චේතනාව කර්මය බව අදහන ඔබ පළමුකොට ඔබේ ප්‍රශ්නයට විසඳුමක් ඇතැයි යන බලවත් චේතනාවක් ඇති කරගත යුතුය. සමහරු තමන්ගේ ප්රශ්නය සම්පූර්ණයෙන් විසඳී යනවාට කැමති නැත. පීනස සුව වුවහොත් රෑ වැඩ කරන්නට සිදුවේ යයි සිතන අයෙකුගේ පීනස සුව වෙන්නේ බාගෙටය. රක්ෂාවක් ලැබුනොත් දුෂ්කර පළාතකට යන්නට සිදුවේ යයි සිතන පුද්ගලයා තමාගේ රැකියා ප්රශ්නය විසඳෙනවාට අකමැතියි. ...
අනුන්ට රිදවා තමන් සතුටුවීම මානසික ලෙඩකි Sumanadasa Samarasinghe තමන්ට වඩා දුබලයින්, ස්ත්‍රීන්, බාල වයසේ සිටින අය හා තමන් යටතේ සිටින මෙහෙකරුවන් වැනි අයට තර්ජනය කරමින් බිය ගැන්වීම මානසික ආබාධයක ලක්ෂණයකි. කුඩා ළමුන් බිය වද්දා තමන් සතුටුවෙන වැඩිහිටි අය සිටිති. බිය ගන්වා කුඩා දරුවෙකු අඬවා ඉන්පසු “අඬන්න එපා,” කියමින් සිඹීමට හා සුරතල් කිරීමට සමහරු දැඩි ආශාවක් දක්වති. මෙම මානසික තත්වය වහා වෙනස්කර ගත යුතුයි. නැත්නම් තමන්ගේ ජීවිතය එකම කරදරකාරී ...
ධෛර්යය ගෙනෙන සිතුවිලි Sumanadasa Samarasinghe කුමන සිතක් හෝ සත්‍යය ලබාගැනීමට සූදානම් වෙනතුරු එය ලබන්නේ නැත. බලාපොරොත්තුව ජීවිතය සමඟ ගමන් ගනියි. එය නතරවන්නේ මරණයෙනි. ප්‍රබල හේතූන් ප්‍රබල ක්‍රියාවන් සිදු කරයි. නිහතමානී බව ඉහළම ගුණාංගයයි. එක හොඳක් කිරීම තව හොඳක් ලැබීමට සුදුසු වන්නේය. සෑම මනුෂ්‍යයෙකුගේම ක්‍රියාව යනු ඔහුගේම රූපය පිළිබිඹු කිරීමකි. ජීවිතයේ එක්තරා නීතියක් ඇත. එනම් එක් දොරක් වැසෙන විට තවත් දොරක් ඇරේ. වැඩකිරීම උත්තම වූත් පාරිශුද්ධ ...