මම ඉත්තෙක් වී සිටියෙමි

කලකට පෙර මම දාන් ලෑල්ලේ ඉත්තෙක් වී සිටියෙමි.  එක එක්කෙනා අදින අදින පැත්තට මම ඇදී ගියෙමි.

වතාවක් කෙනෙක් මාව ඉදිරියටම තල්ලු කරගෙන ගියේය. මම ද ඉතා සතුටින් කොටුවෙන් කොටුව පනිමින් ඉදිරියටම ගියෙමි.

මේ අතර මාව තල්ලු කරපු පුද්ගලයා දාන් සෙල්ලම කියාදුන් මහත්මයා සමඟ අමනාප විය. ඔහු මාවත් පස්සට අදිමිනි ඉදිරි ගමන පස්සට හැරවීය. මම දාන් ලෑල්ලේ අන්තිම පේලියේ ඉතිරි වුනෙමි. මාව ඇදපු පුද්ගලයා දාන් අත පැරදී ඉරිසියාවෙන් හා පසුබෑමෙන් අධෛර්යමත් ජීවිතයක් ගත කරයි.

එදායින් පසු මට තව දුරටත් ඉත්තෙකු වී සිටීමට බැරි බව අවබෝධ විය. මම එක් එක් අයට ඕනෑ කරන කරන පැත්තට තල්ලු නොවෙමි.

එක එක වාද, එක එක විදියේ ඇදහිලි හා දේශපාලන උපක්‍රම වලින් පීඩාවට පත්වී සිටින මම තවදුරටත් ඔබේ ඉත්තෙක් නොවෙමි.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

2 comments on “මම ඉත්තෙක් වී සිටියෙමි

  1. […] මම ඉත්තෙක් වී සිටියෙමි […]

Comments are closed.