Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
අපි කෙසේ අත් පා දිග හරිමු ද? Sumanadasa Samarasinghe බොරු කීම, බොරු ලිවීම හා බොරු කිරීම නිසා අපේ රට, ජාතිය හා ආගම අඳුරු අගාධයකට ඇද වැටී තිබේ. මෙම ජාතික මහා දුබලකමෙන් ගොඩ ඒමට වහා කටයුතු කිරීම සඳහා අවංක හා කාරුණික උතුමන් පෙරමුණ ගත යුතුය. පැරණි උගතුන් ඒ කාලයේ ලිවීමේ සම්ප්රදාය හෝ ශෛලීය අනුව සිංහලේ උපත සිංහබාහු හා සිංහ සීවලී නිසා සිදු වූ බව ලියා තිබේ. සිංහයා යයි කියනු ලබන ...
තමන් සොයන්න ඇත්තේ තමන්ගෙන් පිටස්තරව නොවේ Sumanadasa Samarasinghe අප ඉපිද සිටින සමාජය පුරුදු වී සිටින්නේ සෑම සියළු දෙයක්ම තමන්ගෙන් පිටස්තරව ඇතැයි සිතීමටය. ධන සම්පත්, ඥාන සම්පත් හා ගුණ නුවණ ආදිය අපට ලබාගත හැක්කේ බාහිර කරුමයක, වාසනාවක බලයෙන් යයි සිතීමට අපට පුරුදුකර ඇත. ආගම ධර්මය අතින් පවා දිව්‍ය ලෝක සැප සම්පත්, බ්‍රහ්ම ලෝක හා නිවන ආදී ලෝකෝත්තර තත්වයන් පවා ඇත්තේ අප තුල යයි කියා කිසිවෙකු උගන්වන්නේ නැත. මේ හේතුව ...
ඔබ මත් වී සිටින්නෙකි Sumanadasa Samarasinghe කෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමට පෙර වෙනත් විදියකින් මත්වන්නේය. මත්ද්‍රව්‍ය ගෙන මත්වීමට පත්වන්නේ මේ විදියට ඊට කලින් මත් වූ මිනිසුන්ය. එම නිසා මත් ද්‍රව්‍ය වලට වඩා භයානක වන්නේ මත්ද්‍රව්‍ය වලට මිනිසා පොළඹවන මෙම මානසික දුබලතාවයයි. අප අතර ජීවත්වන ජනයා ගෙන් වැඩි දෙනෙක් අහංකාරකමෙන් මත් වී සිටිති. සමහරු අහංකාරකම උත්සන්න වීම නිසා උමතු වී සිටිති. කෙනෙකු සිහි විකල වූවෙකු ලෙස ...
පසුබෑම තෝරාගන්නේ කවුද? Sumanadasa Samarasinghe අපිට විඳින්නට සිදුවන දුක් කරදර හා බාධාවන් අත්දැකීම් හැටියට සැලකීම වැරදි ය. අත්දැකීම් ලබන්නේ අපට මුහුණ දීමට සිදුවන අසහන වලට අපි දක්වන ප්රතිචාරයෙනි. ජීවිතයේ දී අපට මුහුණ දීමට සිදුවන දේවල් අපමණය. එවිට අප කරන්නේ යහපත් දේවල් වලින් සතුටු වීම ය. අයපහත් දේවලින් තැවීම ය. ප්‍රේම කරන්නට ලැබුණු විට ප්‍රේම කරන අපි එය නොලැබුණු විට වෛර කරමු. අත්දැකීමක් ලැබීමට නම් වෛර ...
සමච්චල් Sumanadasa Samarasinghe දෙමාපියන් හැරෙන්නට සිටින වැඩිහිටියන් සිරිතක් වශයෙන් අප සමාජයේ ළමයින්ව සමච්චලයට භාජනය කරනවා. ඉගෙන ගන්න වයසේ අයට පවා අඩුපාඩු පෙන්වමින් අඩුපාඩු සකස් කරගන්න නෙමේ පාච්චල් කරල සමච්චලයට ලක්කරලා එයාට හීනමානයක් දීම ප්‍රශ්න විසඳීමට මාර්ගය නොවේ. ප්‍රශ්න විසඳීමට නම් කරුණාවන්ත විදියට වැරැද්දක් බව අවබෝධ කරලා දරුවන්ට මග කියා දෙන්න ඕන. බොහෝ වේලාවට කෙරෙන්නේ මනෝවිද්‍යාව හෝ මිනිස් සිත පිළිබඳව කිසිම දැනීමක් නැති අය ...
රටේ ප්‍රශ්න සහ ඔබේ ප්‍රශ්න Sumanadasa Samarasinghe රටේ ප්‍රශ්න ගැන කතා කරමින් කාලය කා දමන මිනිස්සු නිසා රටේ ප්‍රශ්න වැඩිවන්නේය. තම තමන්ට අයත් වැඩපල කලට වේලාවට ඉටු කරන මිනිසුන් නිසා රටේ ප්‍රශ්න විසඳී යන්නේය. ඔබේ ප්‍රශ්න විසඳා ගන්න. එවිට රටේ ප්‍රශ්නයක් ඉතුරු නොවේ. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1 ...
වහා කලබල වීම මහා දුබලකමකි Sumanadasa Samarasinghe දෙවන ලෝක යුද්ධය සමයේ දී (1942) දිනක් හිමිදිරි පාන්දර අහසේ අපුරු දර්ශනයක් විය. එනම් අහස්යානා වලින් වෙඩි නිකුත් කිරීමයි. මේ අතර පොළවේ සිට කාල තුවක්කු වලින් අහස් යානා වලට වෙඩි තබන ලදි. ඒ වෙඩි පිපිරූ තැන දුම් ගුලියක් සැදුනි. එකල පාසැල් යන වයසේ සිටි අපට ජපනා බෝම්බ දැමුවොත් නාලාවක් පිඹ අනතුරු අඟවන අයුරු කියා දෙන ලදි. එම නලා හඬ ඇසුන ...
මෝහනයෙන් රට අවදිකරවමු Sumanadasa Samarasinghe මෝහනයෙන් මුලා වී සිටින ජනයා එයින් මුදාගැනීම “සියළු දානයන් පරදවා ධර්ම දානය ජයගනී,” යන බුදු වදනට එකඟ වූ ක්‍රියාවකි. පටන් ගත් යමක් අතරමග දී අත්හැර දමන, සෝඩා බෝතල් ප්‍රතිපත්ති රකින කුසීත ජාතියක් හැටියට සිංහලයා ලබා සිටින අවනම්බු නාමය පළමු කොට මිථ්‍යාවක් බව ඔප්පු කරමු. ඒ සඳහා ප්‍රතිඵල ලබමින් ඉදිරියට යනවා මිස බාධක ඉදිරියේ පසු බා යෑමට දිරිමත් වෙමු. අධර්මයට (මුලාවට ...
අඥානකම දුකට හේතුවේ Sumanadasa Samarasinghe දැඩි අඥානකම නිසා මිනිසා තුල පහළ වී ඇති ලෝබය මුල් කරගෙන වංචාව, මුලා කිරීම, බොරුව හා නොයෙකුත් ප්රයෝගකාරී ක්‍රියා බිහිවන්නේය. එහි ප්‍රතිවිපාක වශයෙන් ශිෂ්ඨ සම්පන්න දියුණු සමාජයක් ඇතිවීම වැළකී යයි. ඉතා නොදියුණු ම්ලේච්ඡ ජාතීන් අතර බොරුව හා වංචාව නැත. එහෙත් ඊට වඩා ඉක්මණින් පලදෙන කෝපය, අනුකම්පා විරහිත බව හා අඥානකම බහුලය. වනාචාරී යුගයෙන් තරමක් ඉදිරියට පා තබන මිනිසා එයිනුත් ඉදිරියට ...
බිත්තර වැපිරීම Sumanadasa Samarasinghe ධනය බෙදී යන ආකාරය ගැන ඇතැම් අය වාද විවාද කරති. ඕනෑම දෙයක් බෙදීම නිසා දුර්වල වන්නේය. වැඩි කිරීම සහ එකතු කිරීම නිසා දියුණු වන්නේය. ධනය බෙදනවා වෙනුවට ධනය ආයෝජනය කළ යුතුය. එය හරියට බිත්තර වී තමන් ළඟ ගොඩ ගසාගෙන නොසිට වැපිරීම වැනිය. -සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය ...
මිනිසෙකු වීමට වුවමනා නම් … Sumanadasa Samarasinghe චරිතය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මානසික ඉරියව් හා ක්‍රියාවන් අතර ඇති සම්බන්ධතාවයන් ය. උසස් පරමාර්ථයක් ඇතිව ඒකායන බලාපොරොත්තුවෙන් හා විශ්වාසයෙන් යුතුව අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීම උසස් චරිතයක් නිර්මාණය කර ගැනීමට හේතු වන්නේ ය. පළමුව ඔබ රූපයෙන් ලස්සන වීමට නම් සුන්දර සිතිවිලි හා ප්‍රබෝධමත් සිතක් ඇතිකර ගත යුතුය. හීනමානයෙන් හා ලාමක පහත් සිතිවිලි වලින් සම්පූර්ණයෙන් මිදීම, දුක් සහිත සිතිවිලි, පරාජිත ...
හොඳ මිතුරන් ඇතිකරගැනීමට නම් Sumanadasa Samarasinghe හොඳ මිතුරන් ඇතිකරගැනීමට නම් තමා වටිනා කියන හොඳ අයෙකු වීම වැදගත්ය. ඔබේ ඇසුර පතන අය වැඩිකරගැනීමට ඔබ විසින් පිළිපැදිය යුතු කරැණු රාශියකි. ඊට පෙර ඔබේ ඇසුරින් අන් අය ඈත්වන කරැණු මොනවා ද කියා තේරැම් ගැනීම වැදගත්ය. ඉතා කෙටි උත්තර දෙන අයට හා ඉතා දීර්ඝ ලෙස කතා කරන අයටත් යන කොටස් දෙකටම මිනිසුන් අකමැති වේ. වයසක අය වෙන කියන්නට දෙයක් නොමැතිකමින් ...
BMICH හි දී සුමනදාස සමරසිංහ රචිත පොත් මිල දී ගත හැකියි Sumanadasa Samarasinghe BMICH හි දී සැප්තැම්බර් 14 සිට 22 දක්වා පහත වෙළඳ කුටි වල දී මිනිස් සිතේ හාස්කම් ඇතුළු සුමනදාස සමරසිංහ විසින් රචිත පොත් මිල දී ගත හැකියි. සමයවර්ධන පොත්හල A35, D 119/120/129, H 350/351 නිකොලි පොත්හල J 408 සමාධි පොත්හල D 216/217 සරසවි පොත්හල එම්. ඩී. ගුණසේන ...
අද ඇති බාධාවට මතු කලක ස්මාරකයක් ඉදිකරනවා ද? Sumanadasa Samarasinghe ඇමෙරිකාවේ ඇලබැමාහි එන්ටප්‍රයිස් නම් නගරයේ පුළුන් කුරුමිණියෙකු සඳහා Boll Weevil Monument නමින් ප්‍රතිමාවක් ඉදිකර තිබේ. ගොවිතැන් වලින් ඉතා දියුණුවක් ලබා සිටින එහි ජනතාව තමන්ගේ සාර්ථකත්වයේ රහස වනුයේ පුළුන් කුරුමිණියා නිසා ඌ වෙනුවෙන් ස්මාරකයක් ඉදි කළ බැව් කියති. මෙම සත්‍යය වූ රසවත් සිද්ධියේ මුල පළමු ලෝක යුද්ධය තෙක් ඈතට යයි. එකල එන්ටප්‍රයිස් ජනයා ජිවිකාව උපයා ගත්තේ කපු පුළුන් වගා කිරීමෙනි. ඔව්හු එය ‘සුදු ...
තෑගි දීම Sumanadasa Samarasinghe අපේ දරුවන් යොමු කරන්න ඕන ආශාවකින් පාඩම් කරන්න. පාඩම් කළොත් අහවල් තෑග්ග අරන් දෙනවා. අහවල් කමිසය අරන් දෙනවා. අහවල් බයිසිකලය අරන් දෙනවා යයි කීම වැරදියි. එවිට අර තෑග්ගට ඇති ආශාව නිසා පාඩම් කරනවා මිස ඉගෙනීමට ආශාවක් ඇති වෙන්නේ නෑ. හුඟක් දෙනෙක් දෙමව්පියන්ගේ බලකිරිමෙන් කරදරයෙන් බේරෙන්නයි පාඩම් කරන්නේ. ඥානවන්තකම, බුද්ධිමත්කම ලබා ගැනීමේ වටිනාකම දන්නවා නම් අපේ දරුවන් බොහෝ දෙනෙක් ඉතා ඕනෑකමින් ...
දියුණුවක් නැත්නම් ඒ ඇයි? Sumanadasa Samarasinghe ඉගෙනීම, දක්ෂකම හා නුවණ සමඟ ධෛර්ය හා වීර්යය ද තිබෙන කෙනෙකු දියුණුවක් නොලබා සිටීම පුදුමයකි. තමන්ගේ දියුණුවට ඇති බාධාව අදෘශ්‍යමාන බලවේගයක් යැයි සිතන අය සිටිති. පෙර කරුමය හා ගුප්ත බලපෑම් නිසා යැයි සිතන්නට නැඹුරු වෙන්නේ ජීවිතයේ ප්‍රශ්න මතුවන විට දී ය. ස්වකීය දක්ෂතාවයන් සියල්ලම එකම ඉලක්කයක් වටා ගොණු නොකරන පුද්ගලයාට දියුණුවක් ලැබීමට බැරිය. හැම දෙයක්ම බදාගෙන කරන්නට යන අය අන්තිමේ ...
ව්‍යාපාර දියුණුවේ රහස Sumanadasa Samarasinghe සමහර ව්‍යාපාරිකයන් තමන්ගේ වෙළඳ සැලෙහි විකිණීමට නොමැති දෙයක් කිසියම් ගණුදෙනුකරැවෙක් විසින් ඉල්ලන ලද අවස්ථාවක දී පවා “නෑ” කියා නොකියන බව ඔබ දන්නවා ද? එවැනි අවස්ථාවල දී ඔවුන් භාවිතා කරන්නේ “තව දින තුනකින් දෙන්නම්,” එසේ නැතහොත් “ලබන සතියේ දී ගන්න හැකිවෙයි,” යනාදී වශයෙන් සුහද වාක්‍යයකි. මොවුන් මෙසේ තමන් එදිනෙදා භාවිතා කරන වචන මාලාවෙන් නෑ, බෑ යන වචන දෙක ඉවත් කර සිටින්නේ ...
මිතුරන් වැඩි කරගන්න උපදෙස් දහයක් Sumanadasa Samarasinghe 1. පැමිණිලි, මැසිවිලි, කෙඳිරිලි අඩු කරන්න 2. කටින් ජයගැනීම හා රණ්ඩු කිරීමේ ආශාව ඉවත දමන්න 3. අනවශ්‍ය වාද විවාද වලට නොගොස් උපේක්ෂාව රකින්න 4. සැලකිලිමත් වන්න. සවන් දීමට සූදානම් වන්න 5. ඔබේ පෙනුම දියුණු කරගන්න 6. ඇති තැන එකකුත් නැති තැන තව එකකුත් නොකියන්න 7. තමන්ගේ වැඩ ගැන සෙවීමට ඉගෙන ගන්න. අනුන්ගේ වැඩට ඇඟිලි නොගසන්න 8. ප්‍රශංසා කළ යුතු තැන ...
මනස නිතරම වෙනස්වන සුළු ශක්තියකි Sumanadasa Samarasinghe කෙනෙකුගේ මානසික තත්වය වෙනස් කරගන්නා තුරැ ඔහුගේ ජිවිතය හොඳ අතට හැරෙන්නේ නැත. ඔබ කොපමණ කලක් ස්වයං යෝජනා කළත් එම ස්වයං යෝජනා ඉටුවීමට නම් ඔබ විසින් යමක් ආරම්භ කල යුතුය. ඔබට කිසිම දෙයක් කරන්නට බැරි කෙනෙක් නම් යම් දෙයක් කරන්නට ඉගෙන ගන්න. කිසිම සුදුසුකමක් නැතිව උසස් රැකියාවක් ලැබෙන්නේ නැත. සමහරැන්ට සුදුසුකම් නැතුව රක්ෂාවල් ලැබී ඇත්තේ මැති ඇමතිවරැන් දන්නා හඳුනන බැවිනි. ඉතින් ...
ඊලාම්, විප්ලවය හා සමාජවාදය Sumanadasa Samarasinghe මෝඩකම නිසා රටෙන් කොටසක් බදා ගැනීමට අදහස් කරති. රටෙන් කොටසක් දුනහොත්, දෙන්නා ද, ලබාගන්නා හෝ උදුරාගන්නා ද සදාකල් සටන් කරමින් සටන් භූමියක ජීවත්වෙන්නෙකු වෙයි. සාමය ප්‍රිය කරන කිසිවෙකු ඊලාම් වලට පක්ෂ මෝඩයෙකු වන්නේ නැත. **** විප්ලවය කාල් මාක්ස් විසූ සමයේ සර්වජන චන්ද ක්‍රමයක් ලෝකයේ නොතිබුණි. ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රම ගැන ඔහු දැන සිටියේ නැත. එමනිසා වහල් ජීවිත ගත කළ කම්කරුවාට තත්වය ...