Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
අන්තෝ ජඨා බහිජඨා Sumanadasa Samarasinghe අභ්‍යන්තර වශයෙන් සිත තුල අවුල් හා බාහිර වශයෙන් ජීවිතය අවුල් කරගෙන කෙළවරක් නැති අවුල් වියවුල් වලින් පීඩිත වූ ජනයාගෙන් ලංකාවට අඩුවක් පාඩුවක් නැත. ඉතා හොඳින් සැපසේ ජීවත්වීමට හැකි මිනිස්සු අනුන් සමඟ ආරවුලක් ඇතිකරගෙනය. එසේ නැත්නම් තමන් ගැන වැරදි අදහස් ඇතිකරගෙන දුක්වෙති. අභ්‍යන්තර අවුල් නැතිව බාහිර අවුල් අඩු කරගෙන ජීවත්වන්නේ ඉතා ටික දෙනෙකි. ඒ අය දිවා රාත්‍රී දැනුම, ඥානය හා දියුණුව ...
තමන්ගේ අදක්ෂකමට වෙන අය පලි නැත Sumanadasa Samarasinghe ඉගෙන ගන්නා වයසේ දී හරියට ඉගෙන නොගෙන කාලය නාස්ති කල අය විභාග වලින් අසමත් වී තමන්ගේ කරැමයට හෝ ග්රහයෙකුට දොස් කියති. යාන්තම් සමත් වී රැකියාවක් සොයා ගැනීම දුෂ්කර වූ අය රජයට හා ධනපති ආර්ථික ක්‍රමයට දොස් කියති. ඉහළින් සම්මාන ඇතිව සමත් වී සිටින නමුත් කිසිවක් කිරීමට දැනුමක් නැති අය අධ්‍යාපන ක්‍රමයට බනිති. තමන් තෝරාගත් විෂයයන් රැකියාවක් කිරීම සඳහා නුසුදුසු හෝ ...
නීති දමා සිත පිරිසිදු කිරීමට බැරිය Sumanadasa Samarasinghe මිනිසාගේ සිතුම් පැතුම් හොඳ නම් එවැනි මිනිසුන් වාසය කරන එය රටක් නොව සුර පුරයකි. එහි වැසියෝ දෙවියෝය. ඔවුන්ගේ ඕනෑ එපාකම් වැඩි වෙහෙස මහන්සියක් නැතිව ඉටුවේ. ඔවුන්ගේ කාලය යහපත් සිතුම් පැතුම් සඳහාම වැය කළ හැකිවේ. මිනිසාගේ සිතුම් පැතුම් නරක නම් එවැනි මිනිසුන් වාසය කරන එය රටක් නොව අපායකි. එහි වැසියෝ යම පල්ලන් ඇතුළු පව්කාරයන්ය. ඔවුන්ගේ ඕනෑ එපාකම් කොයි තරම් වෙහෙස මහන්සි ...
නරක පුරුදු Sumanadasa Samarasinghe ඔබ ළඟ ඇති නරක පුරුදු නැති කරන්නට අවශ්‍ය යැයි කියමින් හැමදාම පසුතැවිලි වනවා වෙනුවට වෙනත් හොඳ පුරුදු ඇතිකර ගන්න. එවිට ඒ හොඳ පුරුදු විසින් අර නරක පුරුදු වනසා දමනු ඇත. -සුමනදාස සමරසිංහ, 1979 ජූනි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය ...
රටට වැඩ කරන්නට සිතමු Sumanadasa Samarasinghe ධනවාදය භංග කිරීමට හා අධිරාජ්‍යවාදය තුරන් කර දැමීමට සටන් කරන්නට සිතීමට වඩා සැල්වීනියා වඳ කර දැමීමට හා මදුරුවා විනාශ කර දැමීමට වෙහෙසීම රටට ප්රයෝජනවත්ය. * රටට වැඩ කරන්නට හිතන අවංක අය රටේ වැඩ කඩාකප්පලක් කර දමන්නේ නැත. * ඇමෙරිකාව හා යුරෝපය උදාහරණ වලට ගන්නේ ඒවායේ ධනවත් අය සිටින නිසාය. ධනයට විරැද්ධ හිඟන රටවල් ගැන කීමට ඇත්තේ ඒවායේ මිනිසුන් ඉඩක් ලැබුණු ...
එපාවීම සහ ඕනෑවීම Sumanadasa Samarasinghe දකින දකින සැරේට “පාඩම් කරපන්,” “පොත ගනින් අතට,” “ඔහොම ඉඳලා හරියන්නේ නැහැ,” කියන නිසා ළමයින්ට පොත්පත් කියවීම, පාඩම් කිරීම එපා වෙනව. සංසුන්ව පොත පතට සිත් යොමු කරවීමයි කළ යුත්තෙ. දුර්වලකම් යනු දුර්වලකම් හැටියට හඳුනාගෙන ඒවා ජයගන්න උත්සාහ කිරිම කළ යුතුයි. එහෙම නැතුව බැනුම් අවලාද කරන වැඩිහිටියන් දැකල බාල අයත් ඒ වැරදි මගට පිවිසෙනව. ඊට පස්සෙ “මූ මෝඩයා,” “මුගෙ පෙර කරුමෙට ...
වැස්සක් වැස්සොත් ඊට පස්සෙ පායනවා Sumanadasa Samarasinghe ඇත්ත නැත්ත හොයා ගන් බැරි පුංචි කාලේ ඇතිවන අත්දැකීම් නිසා තමන්ගෙ ළමා වයස ගැන මතක් කරන කොට ඕනෑම කෙනෙකුට තමන්ගේ හිතේ විශේෂයෙන් කා වැදුනු ඔක්කෝම මතක් වෙනවා. හිතට තද සතුටක් දුන්නු දේවල් වගේම හිතට තද දුකක් ඇති කළ දේවලුත් මතක් වෙනවා. වැඩි විස්තර ඇතුව මතක් වෙන්නෙ හිතට ලොකු වේදනාවක් ඇතිවෙච්ච සිද්ධීන් තමයි. නමුත් දැන් ඔබ ළමා වයස පහු කරලා තියෙන ...
නීති දමා සිත පිරිසිදු කිරීමට බැරිය Sumanadasa Samarasinghe රටක, සමාජයක හොඳකම හෝ නරකකම ඒ රටේ, සමාජයේ ජනයාගේ සිතුම් පැතුම් අනුව නිශ්චය කළ යුතුය. මිනිසාගේ සිතුම් පැතුම් හොඳ නම් එය රටක් නොව සුරපුරයකි. එහි වැසියෝ දෙවියෝය. ඔවුන්ගේ ඕනෑ එපාකම් වැඩි වෙහෙස මහන්සියක් නැතිව ඉටුවේ. ඔවුන්ගේ කාලය යහපත් සිතුම් පැතුම් සඳහාම වැය කළ හැකිය. මිනිසාගේ සිතුම් පැතුම් නරක නම් එය රටක් නොව අපායකි. එහි වැසියෝ යමපල්ලන් ඇතුළු පව්කාරයන්ය. ඔවුන්ගේ ඕනෑ ...
මොහු කවුද? Sumanadasa Samarasinghe චිත්ත ධර්ම විද්‍යාවට යමෙකු සමච්චල් කරනවා නම් ඔහු “මනෝ පුබ්බංගමා ධම්මා” යන බුදු වදනට අපහාස කරන්නෙකි. අජඨාකාශ යුගයේ විද්‍යාඥයින් කෙළකෝටි ගණන් ධනය වියදම් කර මතු කරගන්නා වූ විද්‍යානුකූල රහස් ගැන නොදන්නා අඥානයෙකි. ගතානුගතික මත වලට වහල් වූ මන්ද බුද්ධිකයෙකි. තමන්ගේ වංක හා දූෂණ කම් වසාගෙන කපටි කමින් නූගත් අය මුලා කොට බඩ වඩා ගැනීමට වෑයම් කරන්නෙකි. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම ...
ඔබ මෙයා අඳුනනවා ද? Sumanadasa Samarasinghe එයා හිතන විදියට ම අනිත් අයත් හිතන්න ඕනෑ. එයා කියන දේ අනිත් අය අනුමත කරන්න ඕනෑ. එහෙම නැත්නම් එයාගෙන් කාටවත් උදව්වක් ගන්න බැහැ. එයා ඕන කේලමක් අහනවා. කෙනෙක් තව කෙනෙක් ගැන කේලම් කියන්නේ ඊර්ෂ්‍යාවට බව මෙයා දන්නෙ නැහැ. එයා හරි කැමැතියි හැමෝම එයාව මුරැංගා අත්තේ තියලා කතා කරනවාට කැමැති නම්. එයා රටේ ලෝකෙ මිනිසුන්ට හරිම කරුණාවයි. ඒ වුනාට ගෙදර ඉන්නා ...
සිහිය Sumanadasa Samarasinghe සිහිය උපත ලබන්නේ සිහිකල හැකි යමක් මුල් කරගෙන ය. සිතිවිලි නිකුත් නොකර සිහිය උපදින්නේ නැත. සිතිවිලි නිකුත් වීමට ප්‍රාණයක් අවශ්‍ය වේ. පළමු කොට පණ තිබෙන දැනීම යනු සිහිය යැයි කිව යුතුය. සිහිය යනු දැනීමකි. කැත්තක් ගෙන එහි තලය ගලවා ඒ වෙනුවට මිටියක් සවි කල හැකිය. කැත්ත යනු ලී මිටක් හා එයට සවි කරන ලද කැති තලය යන දෙක එකට සම්බන්ධ ...
සම්පත් උදාකරන බලවේගයක් Sumanadasa Samarasinghe ධන සම්පත් ලබා අගහිඟ කමෙන් තොරව වාසනාවන්ත අයුරින් ජීවත්වීමට, උසස් ඉගෙනීමක් ලබා ඥානයෙන් බැබලීමට සහ මිනිස් වර්ගයාට උදාර සේවයක් කොට කීර්තිමත් පුද්ගලයෙකු වීමට හැකි පුදුම බලයක් මිනිස් සිත තුල තිබේ. සෑම ධනවතෙක්ම ධනවත් වී ඇත්තේ, සෑම උගතෙක්ම උගත්කම ලබා සිටින්නේ, සෑම ඉමහත් කීර්තියට පත් වී සිටින්නෙක්ම එසේ වී ඇත්තේ මේ පුදුම චිත්ත ශක්තිය පවත්වාගෙන යෑමේ හැකියාව නිසාය. හොඳ සිහියක් ඇති ...
වෛරය ජයගැනීමට මගක් Sumanadasa Samarasinghe ඔබේ හිතේ අන් කෙනෙකු පිළිබඳ වෛරයක් තිබේ නම් ඒ පුද්ගලයාට කලින් එයින් පීඩාවට පත්වන්නේ ඔබමයි. වෛරය ඇත්තේ ඔබේ සිතේ නිසා ඔබට පීඩා විඳින්නට සිදුවන්නේය. පහත සඳහන් උපදෙස් නිතර නිතර කියවා සිතට ගන්න. එවිට ඔබව පෙළන වෛරය ඔබේ සිත තුලින් ගිලිහී යනු නිසැකය. 1. වෛරය රෝගයක් යයි කීම සත්‍යයක් බව පිළිගත යුතුය. එය කුඩා කළ පටන් ඇතිවිය හැකි මානසික පුරැද්දකි. එසේම ...
වැදගත්කම සිතට ගන්න Sumanadasa Samarasinghe කැලිකසල ඉවත් කොට යම් ස්ථානයක් සුද්ධ පවිත්‍රව තැබීම වැදගත් කාර්යයක් බව සිතට ගත් තැනැත්තා එම ස්ථානය වාසයට සුදුසු දැකීමට ප්‍රිය උපදවන තැනක් බවට හරවයි. ඕනෑවට එපාවට කටයුතු කරන්නේ තමන් කරන්නේ සේවයක් බව නොදන්නා අයෙකි. සේවයක් නම් එය ඉතා වැදගත් කටයුත්තකි. කසල ශෝධකයන් වැඩ වර්ජනය කරන තුරු එම සේවයේ අගය අන් අයට වැටහෙන්නේ නැත. අන්තිම පහත් යැයි ඔබ සිතන සේවය අපට ...
පරමාර්ථය Sumanadasa Samarasinghe “සෑම මනුෂ්යෙකුම වටිනාකම මෙපමණ යැයි කියා කිව නොහැකි තරම් අගනා සත්වයෙකි. මගේ පරමාර්ථය වන්නේ සෑම සියළු මනුෂ්යෙකුටම තම අගය වටහා දීම, අසීමිත හැකියාවන් සහිත මිනිස් මොළයෙන් වැඩ ගැනීම සඳහා සිත මෙහෙයවන විද්‍යානුකූල ක්‍රමය වටහා දීම ය. ඔබේ අවශ්‍යතාවය අනුව මානසික, ආර්ථික, ශාරීරික හා අධ්‍යාත්මික සම්පත් ඔබට නොඅඩුව ළඟා කරගත හැකිය. පළමුව තමාගෙන් පටන් ගෙන අවට ලෝකයේ යහපත සඳහා මානසික වශයෙන් ...
ආයුබෝවන්! Sumanadasa Samarasinghe “මම පුංචි කාලෙ (මුලින් ම ලංකාවට බස් රථ ආපු කාලේ) බස් ඩ්‍රැයිවර් උන්නැහේට කවුරුත් සැලකුවේ ලොකු ගෞරවයකින්. මම හිතාගත්තා මම බස් ඩ්‍රැයිවර් කෙනෙක් වෙනවා කියල. අද මගේ මනෝවිද්‍යාත්මක “කථා බස්” එකට ගොඩ වී යන අය, ප්‍රවේසමෙන් ඔවුන්ගේ ඉලක්කය කරා මම ගෙන ගියා. මම අද ඉන් විශාල සතුටක් ලබනවා. තට්ටු ගෙයක් හදන තැනක ලොකු බාස් උන්නැහැ කියන විදියට, කම්කරුවන් පිළිපදිනවා මම ...
දක්ෂයෙක් වෙන්න Sumanadasa Samarasinghe ඔබේ ජීවිතය වාසනාවන්ත කරගැනීමේ හැකියාව ඇත්තේ ඔබටමයි. හිමිදිරි උදයේ සිතට මෙන්ම ගතට දැනෙන ප්රබෝධය දවස මුළුල්ලේම පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගන්න. අන් අයගේ වැරදි සෙවීමට ගියහොත් ඔබේ සිත අපිරිසිදු වෙයි. අන් අය ඔබට සිත රිදෙන දේ කිවහොත් හා ඔබ ඒවා පිළිගතහොත් ඔබේ සිතේ ප්රබෝධය අඩු වෙයි. ප්‍රබෝධමත් සිත ඒ විදියටම තබා ගැනීමට විශේෂ වෑයමක් කළ යුතු නැත. කළ යුතු එකම කාර්යය ...
වෑයම් කරන්නෝ වීරයෝය Sumanadasa Samarasinghe ප්රශ්නය: වස්තු සම්පත් ඇති අය ආඩම්බර ඇයි? පිළිතුර: වස්තු සම්පත් නැති අයට පෙනෙන්නේ ඒවා තියෙන අය ඉතා අහංකාර බවයි. ද යන්න මෙන් දෙකට නැවුනු ගම්බද තරැණයෙක් පිටරට ගියේය. ඔහු ආපසු ගමට පැමිණි පසු අලුත් මෝටර් බයිසිකලයක් මිල දී ගෙන ගමන් බිමන් යන්නට විය. හැමෝම දැන් ඔහු ඉතා ආඩම්බර බව කීහ. එසේ කීවේ ඔහු මෝටර් බයිසිකලයේ නැග යද්දී දෙකට නැවුනු ගතියක් ...
ඔබේ අගය වැඩි කරගන්න Sumanadasa Samarasinghe උගත්කමින් හා පුහුණුවෙන් ඕනෑම කෙනෙකුගේ අගය වැඩිවේ. තම උත්සාහයෙන් දැනුම වැඩිකර ගැනීම නිසා ද ඔබේ අගය දැනට වඩා වැඩි වන්නේය. තම වෑයමෙන් ධනයක් හරි හම්බ කරගැනීමෙන් ද මිනිසාගේ වටිනාකම වැඩිවේ. ගමේ ගොඩේ නූගත් තරැණ තරැණියන්ට උගත්කම හා පුහුණුව ලැබුනු විට ඔවුන්ගේ වටිනාකම ඉහළ යයි. එහෙත් තමන්ගේ වටිනාකම වැඩි කරගන්නා බොහෝ දෙනා එය රැක ගැනීමට දන්නේ නැත. ඉතා පහත් අඩියක සිට ...
දියුණුවක් නැත්නම් ඒ ඇයි? Sumanadasa Samarasinghe ඉගෙනීම, දක්ෂකම හා නුවණ සමඟ ධෛර්ය හා වීර්යය ද තිබෙන කෙනෙකු දියුණුවක් නොලබා සිටීම පුදුමයකි. තමන්ගේ දියුණුවට ඇති බාධාව අදෘශ්‍යමාන බලවේගයක් යැයි සිතන අය සිටිති. පෙර කරුමය හා ගුප්ත බලපෑම් නිසා යැයි සිතන්නට නැඹුරු වෙන්නේ ජීවිතයේ ප්‍රශ්න මතුවන විට දී ය. ස්වකීය දක්ෂතාවයන් සියල්ලම එකම ඉලක්කයක් වටා ගොණු නොකරන පුද්ගලයාට දියුණුවක් ලැබීමට බැරිය. හැම දෙයක්ම බදාගෙන කරන්නට යන අය අන්තිමේ ...