ඔබ මල් ඇටයකට වඩා ශක්තිමත්

ඔබ පස් යට තැන්පත් කළ මල් ඇටයකට වඩා ශක්තිමත් පුද්ගලයෙකි. එහෙත් නිතරම “මේකෙන් ගොඩ එන්නෙ කොහොමද?” අසමින් ඔබ ලතවෙයි. මල් ඇටයක් එසේ ප්‍රශ්න කරන්නේ නැත. කුඩා මල් ඇටයක් තුල තිබෙන ශක්තියට වඩා ප්‍රබල ශක්තියක් ඇති මිනිසා මල් ඇටය මෙන් තමා තුල ඇති සුවඳ විහිදුවා ගැනීමට හා පස් තෙරපා මතුපිටට එන්නට වෑයම් නොකරන්නේ කාගේ වරදින් ද?

මිනිසෙකුගේ වාසනාව යනු ක්‍රියාශීලීවීමයි. ඔබේ වෑයම කුමක් සඳහා ද?

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය