පරිහාණී ධර්ම

බාල කාලයේ විඳින්නට සිදු වූ දුක් කම් කටොළු ගැන තවමත් තැවෙන මෝඩයා දියුණුවක් නොලබයි.

ආගමක් නැති, ධර්මයක් නැති, කිසිම දෙයක් කෙරෙහි විශ්වාසයක් නැති අධමයා දුක් ජීවිතයක් ගත කරමින් සිට මිය යන්නෙකි.

උත්සාහයෙන් ලබාගත් ධනය තමන්ගේ සැපවත් ජීවිතයට බාධාවක් කරගෙන සිටින අඥාන ධනවත්තු මත්පැන් වලට වහලුන් වී සිහි මඳව මිය යන්නෝය.

ප්‍රශ්න සහ අසහන තේරුම් ගැනීමට වෑයම් නොකර දුක් විඳින හා මත්පැනින් ප්‍රශ්න විසඳීමට වෑයම් කරන කිසිවෙකු මෙතෙක් ලැබූ දියුණුවක් නැත. ඔව්හු තමන් ලත් මිනිසත් බවට නින්දා කරති.

සිත පිරිසිදුව තබා ගැනීමට නොදන්නා මිනිසා පරිහානියට ඇදී යන සත්වයෙකි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අප්‍රේල් 1