දියුණුවට කැමති පුද්ගලයාට

දියුණුවන පුද්ගලයා දියුණුවන මාර්ග කියා දෙන විට එයට සවන් දෙයි.

දියුණු නොවන පුද්ගලයා අනවශ්‍ය හා තමන්ට හෝ අන් කෙනෙකුට පලක් නොවන වාද විවාද වල එල්ලෙයි.

ප්‍රශ්නයට අදාල නොවන විස්තර දැන ගැනීමට ඔහුට ඕනෑ කෙරේ. අඹ ගෙඩියේ ඇඹුල් රස, පලු වීර වල පැණි රස හෝ උක් ගසේ ඇති රසය ඒවාට ලැබුනේ මහ පොළවේ ඇති රසයෙනි. මෙහි ඇත්ත නැත්ත බැලීමට මහ පොළවෙන් පස් ටිකක් දිවේ ගා බලන පුද්ගලයාට කිසිදු රසයක් නොදැනේ!

-සුමනදාස සමරසිංහ, 1979 සැප්තැම්බර් 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය