කියවීම, මෝඩගති හා මිනීමැරීම

කියවීම

අපේ රටේ සෝවියට් දේශය හා මහජන චීනය ගැන සඟරා කියවීමට නිදහස තිබේ. එහෙත් සෝවියට් දේශයේ හා චීනයේ අපේ දේශය ගැන කිසිවක් කීම තහනම්ය.

****

මෝඩ ගති

සිංහල මිනිස්සු අමුත්නන් එනවිට මිදුල හා ගෙයි ඉදිරිපස කොටස ඉතා පිරිසිදුකොට තබා ඔවුන් රවටති. මිනිසුන්ගේ හැටි බලාගැනීමට ගෙයි පිටුපස පැත්තට යා යුතුය.

පිටරට යන සිංහලයෝ ද මේ විදියට තමන් ද රැවටෙති. ඔව්හු සෝවියට් දේශය හා චීනය වැනි රටවලට ගොස් ඉදිරිපස පමණක් බලා හොඳ කියති. ධනපති රටවලට යන අය පමණක් හොඳ හා නරක දෙකම එකසේ දකිති. සෝවියට් දේශයේ හා චීනයේ කිසිම වරදක් හෝ අඩුපාඩුවක් ගැන කිසිවෙකු නොදනිති.

****

මිනීමැරීම

ධනවාදය තම විරුද්ධවාදීන්ට වඩා දක්ෂවීමෙන් ඔවුන් පරාජය කරති. හිඟනවාදය කරන්නේ තමනට විරැද්ධවාදීන් මරා දමා තමන්ගේ මතය හරි යයි ඔප්පු කිරීමය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1