Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
මෙය අත්හදා බලන්න Sumanadasa Samarasinghe අද දවසේ ඔබේ සිත කරුණාවෙන් හා දයාවෙන් පුරවා ගන්න. එසේ පුරවා ගත් දේ ඔබට හමුවන සෑම කෙනෙකුටම බෙදන්න. අනුන්ට කරුණාව දයාව දීමට නම් ඒවා තමන් වෙත තිබිය යුතුයි. තමන් ළඟ නැති දෙයක් අනුන්ට දීමට හැකිවන්නේ කෙසේද? අනුන්ට කරුණාව දයාව පතුරුවා හරින්නට වෑයම් කරන බොහෝ දෙනා එම උතුම් ගතිගුණ පළමු කොට තමන් ළඟ ඇති කරගත යුතු බව නොදනිති. එදිනෙදා ජීවිතයේ දී ...
මෙය අත්හදා බලන්න Sumanadasa Samarasinghe අද දවසේ ඔබේ සිත කරුණාවෙන් හා දයාවෙන් පුරවා ගන්න. එසේ පුරවා ගත් දේ ඔබට හමුවන සෑම කෙනෙකුටම බෙදන්න. අනුන්ට කරුණාව දයාව දීමට නම් ඒවා තමන් වෙත තිබිය යුතුයි. තමන් ළඟ නැති දෙයක් අනුන්ට දීමට හැකිවන්නේ කෙසේද? අනුන්ට කරුණාව දයාව පතුරුවා හරින්නට වෑයම් කරන බොහෝ දෙනා එම උතුම් ගතිගුණ පළමු කොට තමන් ළඟ ඇති කරගත යුතු බව නොදනිති. එදිනෙදා ජීවිතයේ දී ...
ඉරිසියා නොකිරීම Sumanadasa Samarasinghe ප්රතිපත්තියක පිහිටුවීමට අපේ සිත යම් අරමුණකට ගොනු කරගත යුතුය. අපි නිතරම ඉරිසියා කරන්නේ අප ළඟ නැති යමක් තවත් කෙනෙකු ළඟ තියෙනවා දැකීමෙනි. “මං කාටවත් ඉරිසියා කරන්නේ නැහැ,” කියා යම් කෙනෙක් කියනවා නම් එය බොරුවකි. එසේම අපේ ඉරිසියාව නිතරම අප හොඳින් දන්නා අඳුනන අය වෙත පමණක් එල්ල කිරීම සිදුවේ. අප නාඳුනන අයට නිතරම හැම ලොතරැයියක දී ම මුල් දිනුම ඇදේ. එහෙත් ...
ඉරිසියා නොකිරීම Sumanadasa Samarasinghe ප්රතිපත්තියක පිහිටුවීමට අපේ සිත යම් අරමුණකට ගොනු කරගත යුතුය. අපි නිතරම ඉරිසියා කරන්නේ අප ළඟ නැති යමක් තවත් කෙනෙකු ළඟ තියෙනවා දැකීමෙනි. “මං කාටවත් ඉරිසියා කරන්නේ නැහැ,” කියා යම් කෙනෙක් කියනවා නම් එය බොරුවකි. එසේම අපේ ඉරිසියාව නිතරම අප හොඳින් දන්නා අඳුනන අය වෙත පමණක් එල්ල කිරීම සිදුවේ. අප නාඳුනන අයට නිතරම හැම ලොතරැයියක දී ම මුල් දිනුම ඇදේ. එහෙත් ...
මනුස්සකම රැකගන්න Sumanadasa Samarasinghe මෙතෙක් කල් ඔබට කරන්නට බැහැ යනුවෙන් සිතා සිටි වැඩක් කරන්න. කතා නොකර සිටි පුද්ගලයා සමඟ කතා කරන්න. යන්නට බිය වූ තැනට යන්න. එක හොඳ ගතිගුණයක් වගා කරන්න. එක වැරදි වැඩක් නතර කරන්න. මේවා මනුස්සකම් වෙති. ඕනෑම ධර්මයක් හෝ අධර්මයක් ක්‍රියාත්මක කරන තුරු ධර්මයක් හෝ අධර්මයක් වන්නේ නැත. ඒ නිසා මනුස්සකමේ ධර්මය ක්‍රියාත්මක කරන්න. දිනකට විනාඩි පහක් සතුටින් ඉන්න. එවිට ...
මහා වර්ජනයක් වහා අරඹන්න Sumanadasa Samarasinghe මනුෂ්‍යයා මිනිස්කම රැකගත යුතුය. තිරිසනා තිරිසන් වීම ස්වභාවිකය. මනුෂ්‍යයා තිරිසන් වීම භයානයකය. මිනිසා මෙන්ම තිරිසනා ද ලෝකයෙන් තුරන් වීමට මිනිසා තිරිසන් වීම හේතුවිය හැකිය. තිරිසන් සතුන් (බල්ලන්, කපුටන්) උනුන් කන කෑම උදුරාගෙන කති. මනුස්සයා ද අනුන් සතු දේ බලහත්කාරයෙන් උදුරා ගනී. එය තම මනුෂ්‍යකමට නිගාකර ගැනීමකි. උනුන් දුටු තැන පොරකා ගැනීම බල්ලන්, කුකුලන් යනාදී සතුන්ගේ ස්වභාවයකි. ගෙදර දී, කාර්යාලයේ දී, ...
බිත්තර වැපිරීම Sumanadasa Samarasinghe ධනය බෙදී යන ආකාරය ගැන ඇතැම් අය වාද විවාද කරති. ඕනෑම දෙයක් බෙදීම නිසා දුර්වල වන්නේය. වැඩි කිරීම සහ එකතු කිරීම නිසා දියුණු වන්නේය. ධනය බෙදනවා වෙනුවට ධනය ආයෝජනය කළ යුතුය. එය හරියට බිත්තර වී තමන් ළඟ ගොඩ ගසාගෙන නොසිට වැපිරීම වැනිය. -සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය ...
මම ඉත්තෙක් වී සිටියෙමි Sumanadasa Samarasinghe කලකට පෙර මම දාන් ලෑල්ලේ ඉත්තෙක් වී සිටියෙමි. එක එක්කෙනා අදින අදින පැත්තට මම ඇදී ගියෙමි. වතාවක් කෙනෙක් මාව ඉදිරියටම තල්ලු කරගෙන ගියේය. මම ද ඉතා සතුටින් කොටුවෙන් කොටුව පනිමින් ඉදිරියටම ගියෙමි. මේ අතර මාව තල්ලු කරපු පුද්ගලයා දාන් සෙල්ලම කියාදුන් මහත්මයා සමඟ අමනාප විය. ඔහු මාවත් පස්සට අදිමිනි ඉදිරි ගමන පස්සට හැරවීය. මම දාන් ලෑල්ලේ අන්තිම පේලියේ ඉතිරි වුනෙමි. ...
අනාගතය පටන් ගන්නේ අදයි Sumanadasa Samarasinghe අපි අද කරන දේ අනුව අපට අනාගත පල විපාක භුක්ති විඳීමට සිදුවීම සාමාන්‍ය නීතියයි. එහෙත් අනාගතයේ සිදුවිය හැකි යමක් අද අපිට කරන්නට සිදුවීමක් සත්‍යයක් විය හැකිය. අනාගතයේ දී ඔබ ලබන්නට බලාපොරොත්තුවන ඉලක්කය වෙත ඔබේ ඇදී යෑම සඳහා ඔබ අද කරන වැඩ කටයුතු මහා පුදුම අන්දමින් ස්වයං ක්‍රියාකාරී භාවයකින් යුක්තව හැඩ ගැසේ. -සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය ...
ඔබේ සිත Sumanadasa Samarasinghe ඔබේ සිත හදා ගත යුත්තේ ඔබමය. සිත හදාගන්න බැහැයි කීම ඔබේ තීරණයක් මිස සත්‍යයක් නොවේ. දුක් ඕනෑ නම් දුක ගැනම සිතන්න. සැප ඕනෑ නම් සැප ගැන සිතන්න. මරණය ගැන සිතීමට පෙර හොඳින් ජීවත්වීම ගැන සිතන්න. මරණය ගැන නොසිතුවත් මරණය නියමිත වේලාවට සිදුවෙනු ඇත. එක නරක පුරුද්දක් ජයගන්න. එවිට ඉතිරිය පහසු වේ. රෝගයකින් සුවය ලබන තුරු නිරෝගිකමේ අගය වැටහෙන්නේ නැත. ...
තමන් සොයන්න ඇත්තේ තමන්ගෙන් පිටස්තරව නොවේ Sumanadasa Samarasinghe අප ඉපිද සිටින සමාජය පුරුදු වී සිටින්නේ සෑම සියළු දෙයක්ම තමන්ගෙන් පිටස්තරව ඇතැයි සිතීමටය. ධන සම්පත්, ඥාන සම්පත් හා ගුණ නුවණ ආදිය අපට ලබාගත හැක්කේ බාහිර කරුමයක, වාසනාවක බලයෙන් යයි සිතීමට අපට පුරුදුකර ඇත. ආගම ධර්මය අතින් පවා දිව්‍ය ලෝක සැප සම්පත්, බ්‍රහ්ම ලෝක හා නිවන ආදී ලෝකෝත්තර තත්වයන් පවා ඇත්තේ අප තුල යයි කියා කිසිවෙකු උගන්වන්නේ නැත. මේ හේතුව ...
ඔබ මල් ඇටයකට වඩා ශක්තිමත් Sumanadasa Samarasinghe ඔබ පස් යට තැන්පත් කළ මල් ඇටයකට වඩා ශක්තිමත් පුද්ගලයෙකි. එහෙත් නිතරම “මේකෙන් ගොඩ එන්නෙ කොහොමද?” අසමින් ඔබ ලතවෙයි. මල් ඇටයක් එසේ ප්‍රශ්න කරන්නේ නැත. කුඩා මල් ඇටයක් තුල තිබෙන ශක්තියට වඩා ප්‍රබල ශක්තියක් ඇති මිනිසා මල් ඇටය මෙන් තමා තුල ඇති සුවඳ විහිදුවා ගැනීමට හා පස් තෙරපා මතුපිටට එන්නට වෑයම් නොකරන්නේ කාගේ වරදින් ද? මිනිසෙකුගේ වාසනාව යනු ක්රියාශීලීවීමයි. ඔබේ ...
ඔබ නිතර සිතන්නේ ඔබ කවුරැයි කියාද? Sumanadasa Samarasinghe ඔබ දිනපතා උදේ හවස සිතන්නේ ඔබ කොහොම කෙනෙක් කියාද? ඔබ අන්න ඒ පුද්ගලයා බවට ක්‍රමයෙන් පරිවර්තනය වෙයි. නිතරම අනුන් ගැන සිතමින් කාලය ගෙවන පුද්ගලයා ඒ අයගේ තත්වයට වැටේ. ඔබේ සිතට වංචා නොකරන ඔබව හොර බොරු වංචාවලින් රවටන්නට අන් කෙනෙකුට නොහැකියි. ඔබ මුළුගැන්නී සිටින්නේ ඔබේම නරක චේතනා නිසාය. හොර බොරු වංචා නොකරන අයට සැඟවී සිටින්නට හේතුවක් නැත. ඕනෑකමක් ද ඇති නොවේ. ...
දියුණුවට කැමති පුද්ගලයාට Sumanadasa Samarasinghe දියුණුවන පුද්ගලයා දියුණුවන මාර්ග කියා දෙන විට එයට සවන් දෙයි. දියුණු නොවන පුද්ගලයා අනවශ්‍ය හා තමන්ට හෝ අන් කෙනෙකුට පලක් නොවන වාද විවාද වල එල්ලෙයි. ප්‍රශ්නයට අදාල නොවන විස්තර දැන ගැනීමට ඔහුට ඕනෑ කෙරේ. අඹ ගෙඩියේ ඇඹුල් රස, පලු වීර වල පැණි රස හෝ උක් ගසේ ඇති රසය ඒවාට ලැබුනේ මහ පොළවේ ඇති රසයෙනි. මෙහි ඇත්ත නැත්ත බැලීමට මහ පොළවෙන් ...
කවුරුත් කැමති ලොක්කා Sumanadasa Samarasinghe 1. අවශ්‍යයෙන්ම කළ යුතු රාජකාරිය කුමක්ද කියා දැන ගෙන, එය පැහැදිලි කොට කියා දී නැවත අදහස් වෙනස් නොකරන පුද්ගලයාට කාගේත් සහයෝගය ලැබේ. 2. හැම සේවක සේවිකාවක්ම උසස් පහත්කම් හෝ පඩි විෂමතා වලින් හෝ වෙනසක් නොමැතිව, ඔවුන් සපයන සේවයට අවශ්‍ය පුද්ගලයන් ලෙස ඔවුන්ව සලකා ගරුකරන ලොක්කාට කවුරුත් කැමතියි. 3. උසස් සේවය දැක දැක නිහඬ නොවී පැසසුම් හා උසස්වීම් ලබාදෙන ලොක්කා නියම ...
නරක පුරුදු Sumanadasa Samarasinghe ඔබ ළඟ ඇති නරක පුරුදු නැති කරන්නට අවශ්‍ය යැයි කියමින් හැමදාම පසුතැවිලි වනවා වෙනුවට වෙනත් හොඳ පුරුදු ඇතිකර ගන්න. එවිට ඒ හොඳ පුරුදු විසින් අර නරක පුරුදු වනසා දමනු ඇත. -සුමනදාස සමරසිංහ, 1979 ජූනි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය ...
අපි නිතරම ආදරය කරන්නේ අපිටමය Sumanadasa Samarasinghe අපි නිතරම ආදරය කරන්නේ අපිටමය. අන් කෙනෙකු පිළිබඳ ආදරයක්, පිවිතුරු ප්‍රේමයක් කියා අප රැවටෙන්නේ අපේම සිතේ අන් කෙනෙක් ගැන පහළ වූ සිතිවිල්ලකටය. අපි දරුවෙකුට ආදරය කරන්නේ ඔහු සුරතල් කිරීමෙන් අපි ලබන වින්දනය නිසායි. අනුන්ට පිහිට වීමේ මුවාවෙන් අපි සමාජසේවා කටයුතු කරන්නේ අපේම සතුට සඳහාය. මම දේශන පවත්වන්නේ කරුණු කියා දීමට ඇති තදබල ආශාව නිසාය. එයින් මා සතුටක් ලබන්නේ නැත්නම් දේශන ...
නිවැරදි ගමන් මග Sumanadasa Samarasinghe ලෝකයේ හරි මැද කොතැනක දැයි කෙනෙකුගෙන් ඇසූ විට තමා ඉන්නේ ලෝකයේ මැද යයි ඔහු පැවසුව හොත් එය වැරදි යයි කිව නොහැක. තවත් කෙනෙකුට ද එය එසේම කිව හැකිය. ඒ හැම දෙනාටම ලෝකය සතු හෙයිනි. ඒ එක් කෙනෙකුටවත් වෙන විශේෂ සුදුසුකම් අවශ්‍ය නැත. අත්තන, වහ කදුරු, නියඟලා, සුදු හඳුන්, වැල් මී, සමන් පිච්ච ආදී ගස් වැල් මල් කියා වෙන් කර කියතත්, ...
සම්පත් උදාකරන බලගතු වචන හත Sumanadasa Samarasinghe පළමුකොට අපි ඔබට එම බලගතු වචන හත කියා දී ඉන්පසු ඒ ගැන විස්තර ඉදිරිපත් කරමු. කෝටිපතියන්ගේ අර්ථ සිද්ධියට උපකාර වූ එම වචන හත මෙසේයි: “මා කරන වැඩෙන් අනුන්ට සිදුවන යහපත කුමක්ද?” අනුන්ට යහපතක් කිරීම හොඳ වැඩක් බව අප දැන සිටි නමුත් එය මෙලොවම විපාක දෙන බලගතු චේතනාවක් බව වැඩි දෙනෙකු දැන සිටියේ නැත. හැම හොඳ දෙයක්ම පිනක් හැටියට හා පරලොවට ...
ජාතික දුර්වලකම් ජයගනිමු Sumanadasa Samarasinghe සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කළ කාලයේ දී එය කඩාකප්පල් කර දැමීමට ඉදිරිපත් වූයේ පිටරැටියෝ නොව අපේම සිංහල අයියලා බව “දෙල්ගහ යට ගෙදර විප්ලවයෙන්” පැහැදිලි වේ. එහෙත් අද එම ව්‍යාපාරයෙන් ඵල නෙලා ගන්නේ අහිංසක සිංහල ගැමියන්ය. හොඳ කටයුතු වලට හරස් කපන හා බාධා කරන, සහයෝගය දීමට ඉදිරිපත් නොවෙන සිංහලයා නරක දෙයකට, ලේ සෙලවීමකට විරුද්ධව කතා කිරීමට මැළිවේ. අසූහාරදහසක් ධර්මස්කන්ධය හැමදාමත් අසා සිටින ...