Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
මිනිසුන් රැවටීම මානසික රෝගයකි Sumanadasa Samarasinghe කූට උපාය මාර්ග වලින් මහජනයා රවටා බඩ වියත රැක ගන්නා අය සිටිති. ඔවුන්ගේ උපායයන් විවිධය. පාරේ යන අයෙකු සමඟ කතා කරමින් පරණ දැන හැඳුනුම්කම් ගැන කියා හිතවත් දන්නා හඳුනන අයෙක් බව පෙන්වා ඉන්පසු මුදලක් ඉල්ලයි. මුදල ඉල්ලන්නේ හදිසි උවමනාවකට සුළු ගණනක් මදි වූ බව කියමිනි. මිනිසුන් මුලා කරන අයගෙන් බොරු ශාස්ත්රකරුවන්, අත බලා සාප කරන්නන්, මහාචාර්ය පට්ටම් තමන් විසින් තමන්ට ...
ධෛර්යය ගෙනෙන සිතුවිලි Sumanadasa Samarasinghe කුමන සිතක් හෝ සත්‍යය ලබාගැනීමට සූදානම් වෙනතුරු එය ලබන්නේ නැත. බලාපොරොත්තුව ජීවිතය සමඟ ගමන් ගනියි. එය නතරවන්නේ මරණයෙනි. ප්‍රබල හේතූන් ප්‍රබල ක්‍රියාවන් සිදු කරයි. නිහතමානී බව ඉහළම ගුණාංගයයි. එක හොඳක් කිරීම තව හොඳක් ලැබීමට සුදුසු වන්නේය. සෑම මනුෂ්‍යයෙකුගේම ක්‍රියාව යනු ඔහුගේම රූපය පිළිබිඹු කිරීමකි. ජීවිතයේ එක්තරා නීතියක් ඇත. එනම් එක් දොරක් වැසෙන විට තවත් දොරක් ඇරේ. වැඩකිරීම උත්තම වූත් පාරිශුද්ධ ...
නිතරම තමන්ගේ අවාසියටම සිතන්න එපා Sumanadasa Samarasinghe ස්වයං යෝජනා වලින් කෙනෙකුගේ හැඟීම් හා ගතිගුණ පමණක් නොව මුළු ශාරීරික තත්වයම වෙනස් කළ හැකිය. අපේ සිත් සතන් වල අරටු බැස ඇති මිථ්‍යා විශ්වාසයන් ඇතැම් විට වහා පලදෙන ස්වයං යෝජනාවන් හැටියට අත්දැකීමට හැකිය. අසුබ නිමිති හමුවී ගමනක් පිටත්වන අයෙකුට එම ගමන ඉතා අසාර්ථක එකක් වන්නේය. එයට හේතුව අසුබ නිමිති ගැන කාලයක පටන් යටි සිතේ පැවති විශ්වාසය නිසා එම පුද්ගලයා තමන්ගේ ...
හොස්ස ළඟින් මැස්සෙක් ගියා ද? Sumanadasa Samarasinghe ඔබට හොස්ස ළඟින් මැස්සෙක් ගිය සැනින් තරහ ඇවිස්සේ නම් එය ඔබේ මෝඩකමේ ලක්ෂණයකි. ඔබව තරහ ගැස්වීමට ඕනෑම මෝඩයෙකුට පුළුවන. ඒ ඔබ එම මෝඩයාටත් වඩා අන්ත මෝඩයෙකු නිසාය. උගතෙකු වීම යනු ඥානවන්ත වීම නොවේ. උගතා ඥානවන්තයෙකු ද වෙන්නේ ඉවසීම, කරුණාව, දයාව වැනි ගුණාංග නිසාය. තරහ ගැනීම වහාම ප්‍රතික්ෂේප කරමි. තරහ ගැනීමට ලැජ්ජා වෙමි. කේන්ති යෑම මෝඩකමේ ලක්ෂණයකි. තරහ බාර නොගෙන සිටීමට ...
මෙන්න මෙයා හඳුනාගන්න Sumanadasa Samarasinghe මෙයා හිතන්නේ මෙයාට වැඩියෙන් දන්න අය වෙන නැත කියාය. මෙයා තරම් පන්ඩිතයෙක්, වැදගතෙක්, උගතෙක් නැතෙයි කියා මෙයා හිතේ තියාගෙන සිටී. මෙයා මහා කුලවතෙක් යයි සිතා අන් අය තුට්ටු දෙකක් නොවටිනා අය හැටියට සිතයි. මෙයා පොත පතට ගරහයි. වෙන එකක් තබා මෙයාගේ ලෝකය කොයි තරම් පුංචි ද කියාවත් මෙයා දන්නේ නැත. මෙයා අනුන්ට ගරහා සතුටු වෙයි. වාද කරනවා මිසක් අනුන්ට කන් ...
වෙන්දේසියක් -ඕනෑ කරන අයෙක් වේ නම් නොමිලේ වුවත් දෙන්නම් Sumanadasa Samarasinghe මෙතෙක් කල් ඉතා ආදරයෙන් ආරක්ෂා කරමින් රැක බලාගත් අනුන්ගේ කුලමල භේද තොගයකි. එක මිටියකට බැඳ තැන්පත් කර තිබේ. නෑයින්ගේ වැරදි, උස් මිටිකම්, ඇද පළුදු, අල්මාරියකින් එකක් පමණ (ඉතා සුරක්ෂිතව තිබූ නිසා) අළුත්ම තත්වයේ ඇත. අහළ පහළ උදවියගේ සිත රිදවීම සඳහා උපයෝගී කරගත් ඇනුම්පද (කැසට් කළාට වඩා හොඳින් නැවුම් තත්වයක) තිබේ. හිතවතුන් දියුණුවනවාට බියෙන් උඩින් හොඳ මුහුණ පෙන්වා යටින් අදින ලද ...
ද්වේෂය හඳුනාගන්න, ඉන්පසු එයට බැටදීම පහසුය Sumanadasa Samarasinghe වායුව, ජලය, ගින්න, විදුලි බලය ආදී බලවේගයන් ක්‍රියා කරන්නේ ඒවාට අයත් නීති රීති වලට යටත්වය. රටින් රටට ගෙන ගිය පලියට හෝ දුප්පත් අය පරිහරණය කරද්දී හෝ ධනවත් අය පරිහරණය කරද්දී හෝ කියා ඒවායේ නීති වෙනස් නොවේ. නීතිය ක්‍රියාත්මක කිරීමේ යෙදී සිටින නිලධාරියෙකුට යම් ගතමනාවක් දී නීතිය සැහැල්ලු කිරීමට හෝ වෙනස් කිරීමට හැකි වුනත් ලෝක සම්මත නීති එසේ බලපෑම් වලට, පගාවට, ...
ආත්මඅනුකම්පාව නැතිකර ගන්න Sumanadasa Samarasinghe අපි වැඩි දෙනෙක් අනික් අයගේ අනුකම්පාවත් සැලකිල්ලත් බලාපොරොත්තු වෙන වේලාවල් බොහෝ ඇත. එය සාමාන්‍යයෙන් කා තුලත් ඇතිවෙන පොදු ආශාවකි. එහෙත් මේ ආශාව හරියට පාලනය නොකළහොත් සිදුවන්නේ විශාල හානියකි. මේ අනුකම්පාව ලබාගැනීමේ ආශාව දිගින් දිගට පැවතුනහොත් එය ආත්මානුකම්පාව නැතහොත් තමා ගැනම දුක්වීමේ පුරුද්දක් බවට පත්වේ. හිතක උපදින එඩිතරකම, උනන්දුව දුර්වල කරමින් මිනිසා එකතැනම වැතිරගන්නේ මේ ආත්මානුකම්පාව බලවත් වූ විටයි. මෙය පලවා ...
ජීවිතය යනු තිත්ත කසායක් නොවේ Sumanadasa Samarasinghe උසස් මනසක් ඇතිව උපන් මිනිසාට ඕනෑම ගැටළුවක් විසඳා ගැනීමේ සහජ හැකියාව ඇත. ජීවිතය ගැන විවිධ දෘශ්ටි කෝණ වලින් බලන මනෝවිද්‍යාඥයන්, චින්තකයන්, ආගමික නායකයන්, විද්‍යාඥයන් එදත් අදත් ලොව පහළ වී ඇත. සමහර අයට ජීවිතය එකම එක රස ගුලාවකි. මී විතකි. සුර ලොවකි. සමහර අයට එම ජීවිතයම තිත්ත කසායකි. මෙලොව අපායකි. එකම පුද්ගලයා වුව ද ජීවිතය ගැන දරන මතය වරින් වර වෙනස්කර ...
දුක් විඳීම යනු සැප ලැබීමට අවශ්‍ය සුදුසුකමක් නොවේ Sumanadasa Samarasinghe දුක් විඳීමේ පරමාර්ථයක් තිබිය යුතුය. පරමාර්ථයක් නැත්නම් පරමාර්ථයක් ඇතිකර ගත යුතුය. නොකා නොබී ඉතිරි කළාට කම් නැත. ඉතිරි කළ දෙයින් පසු කලෙක ප්‍රයෝජනයක් ගත යුතුය. හරියට කන්න අඳින්නවත් නැතිව දුක් විඳිමින් ඉස්කෝලේ ගිය පමණින් විභාග වලින් සමත්වෙනවා ද? අනෙකුත් සෑම දුක් විඳීමක් ලෙසින්ම විභාගයෙන් සමත් වීම අරමුණු කරගෙන ඊට සූදානම් විය යුතුය. අප බොහෝ දෙනාගේ නිගමනය වී ඇත්තේ දුක් විඳීම ...
බිත්තරයක් කතා කරයි Sumanadasa Samarasinghe මම බිත්තරයක් වෙමි. කවුරුත් එය රකිනවාට මම කැමති නොවෙමි. අනිත් බිත්තර වලින් නම් පුළුන් ගුලි වැනි පැටවුන් එළියට එති. උන්ට තැනින් තැන යෑමට ද හැකිය. මට ඕනෑ දිගටම බිත්තරයක් මෙන් සිටීමටය. ගිය අවුරුද්දේ පටන් එක තැනක ලැග සිටි බිත්තරයක් තිබුණි. එය රවුමට සිනිඳුවට තිබුනා. පසුව එයින් ගඳක් ආවා. එය ඇතුලේ මරණයක් වෙන්න ඇති. මට බියක් දැනේ. මේ කටුව තුලින් එළියට ...
මා අනුගමනය කර හරි මාවතේ යන්න Sumanadasa Samarasinghe මම රියැදුරෙක්මි. මා පදවන වාහනය පණ ගන්වා ඉදිරියට තල්ලුවන විට මගේ සිත ඉදිරිපසින් ඇති මහා මාර්ගය දෙසටම එල්ල වී තිබේ. මට යන්නට ඇති මාර්ගය පුරා රෝස මල් අතුරා නැත. තැනින් තැන ගල්මුල්ය. ඇතැම් විට මාරක වංගු හමුවේ. කඳු මෙන්ම පල්ලම් ද එමටය. ගලක හැපෙන සුක්කානම පසෙකට හැරේ. දුක් කරදර නැමති ගල්මුල් හා වල ගොඩැලි වලට රෝද වැටෙන විට මම මහා ...
නීති දමා සිත පිරිසිදු කිරීමට බැරිය Sumanadasa Samarasinghe රටක, සමාජයක හොඳකම හෝ නරකකම ඒ රටේ, සමාජයේ ජනයාගේ සිතුම් පැතුම් අනුව නිශ්චය කළ යුතුය. මිනිසාගේ සිතුම් පැතුම් හොඳ නම් එය රටක් නොව සුරපුරයකි. එහි වැසියෝ දෙවියෝය. ඔවුන්ගේ ඕනෑ එපාකම් වැඩි වෙහෙස මහන්සියක් නැතිව ඉටුවේ. ඔවුන්ගේ කාලය යහපත් සිතුම් පැතුම් සඳහාම වැය කළ හැකිය. මිනිසාගේ සිතුම් පැතුම් නරක නම් එය රටක් නොව අපායකි. එහි වැසියෝ යමපල්ලන් ඇතුළු පව්කාරයන්ය. ඔවුන්ගේ ඕනෑ ...
අන්තෝ ජඨා බහිජඨා Sumanadasa Samarasinghe අභ්‍යන්තර වශයෙන් සිත තුල අවුල් හා බාහිර වශයෙන් ජීවිතය අවුල් කරගෙන කෙළවරක් නැති අවුල් වියවුල් වලින් පීඩිත වූ ජනයාගෙන් ලංකාවට අඩුවක් පාඩුවක් නැත. ඉතා හොඳින් සැපසේ ජීවත්වීමට හැකි මිනිස්සු අනුන් සමඟ ආරවුලක් ඇතිකරගෙනය. එසේ නැත්නම් තමන් ගැන වැරදි අදහස් ඇතිකරගෙන දුක්වෙති. අභ්‍යන්තර අවුල් නැතිව බාහිර අවුල් අඩු කරගෙන ජීවත්වන්නේ ඉතා ටික දෙනෙකි. ඒ අය දිවා රාත්‍රී දැනුම, ඥානය හා දියුණුව ...
BMICH හි දී සුමනදාස සමරසිංහ රචිත පොත් මිල දී ගත හැකියි Sumanadasa Samarasinghe BMICH හි දී සැප්තැම්බර් 14 සිට 22 දක්වා පහත වෙළඳ කුටි වල දී මිනිස් සිතේ හාස්කම් ඇතුළු සුමනදාස සමරසිංහ විසින් රචිත පොත් මිල දී ගත හැකියි. සමයවර්ධන පොත්හල A35, D 119/120/129, H 350/351 නිකොලි පොත්හල J 408 සමාධි පොත්හල D 216/217 සරසවි පොත්හල එම්. ඩී. ගුණසේන ...
පරිහාණී ධර්ම Sumanadasa Samarasinghe බාල කාලයේ විඳින්නට සිදු වූ දුක් කම් කටොළු ගැන තවමත් තැවෙන මෝඩයා දියුණුවක් නොලබයි. ආගමක් නැති, ධර්මයක් නැති, කිසිම දෙයක් කෙරෙහි විශ්වාසයක් නැති අධමයා දුක් ජීවිතයක් ගත කරමින් සිට මිය යන්නෙකි. උත්සාහයෙන් ලබාගත් ධනය තමන්ගේ සැපවත් ජීවිතයට බාධාවක් කරගෙන සිටින අඥාන ධනවත්තු මත්පැන් වලට වහලුන් වී සිහි මඳව මිය යන්නෝය. ප්‍රශ්න සහ අසහන තේරුම් ගැනීමට වෑයම් නොකර දුක් විඳින හා ...
ඊලාම්, විප්ලවය හා සමාජවාදය Sumanadasa Samarasinghe මෝඩකම නිසා රටෙන් කොටසක් බදා ගැනීමට අදහස් කරති. රටෙන් කොටසක් දුනහොත්, දෙන්නා ද, ලබාගන්නා හෝ උදුරාගන්නා ද සදාකල් සටන් කරමින් සටන් භූමියක ජීවත්වෙන්නෙකු වෙයි. සාමය ප්‍රිය කරන කිසිවෙකු ඊලාම් වලට පක්ෂ මෝඩයෙකු වන්නේ නැත. **** විප්ලවය කාල් මාක්ස් විසූ සමයේ සර්වජන චන්ද ක්‍රමයක් ලෝකයේ නොතිබුණි. ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රම ගැන ඔහු දැන සිටියේ නැත. එමනිසා වහල් ජීවිත ගත කළ කම්කරුවාට තත්වය ...
ඉන්න තැන කියන්න බැරි දේ නැති තැන දී කියන්න එපා Sumanadasa Samarasinghe පණ්ඩිතයා පමණ දැන කතා කරයි. පදම වැඩි වෙන්නට පෙර කතාව නැවැත්වීම හෝ අන් අතකට යොමු කිරීම නුවණ ඇති අයගේ සිරිත ය. අනුන්ගේ වැරදි ගැන කතා කරන අයගෙන් ප්‍රවේශම් වන්න. එවැනි අයට තමන්ගේ කට නතර කරගෙන ඉන්නට බැරි ය. එම නිසා අනුන් ගැන ඔබ සමඟ කියන විදියටම ඔබ ගැන ඔව්හු අනුන්ට ද කියති. කේලාම් කීම හා ඇසීම හීනමානයේ ලක්ෂණයකි. සිඟාලයා මේ ...
ඔය තරමට තරහ ගන්න එපා Sumanadasa Samarasinghe ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සෑහෙන කොටසක් අපි කාහටත් පොදුවේ ටික ටිකවත් බලපවත්වන තරහ යෑම වෙනුවෙන් වැය වේ යැයි කිවහොත් එය ඔබ එකවිටම පිළිගනීවි දැයි දන්නෙ නැහැ. ඒත් බලන්න ටිකක් විමසිල්ලෙන්. අපරාධ මර්ධන උදෙසා පොලීසි උසාවි වලටත් හදිසි පහරදීම් වලට ලක්වන අයට බෙහෙත් කරන්න රෝහල් වලටත් රජය කීයක් වියදම් කරනව ද? ඕවයින් එක සිද්ධියක් මුලටම විමසල බැලුවොත් හේතුව තරහ යෑමක් බව ...
ජීවමාන දෙවියෙකු වන්නේ කෙසේද? Sumanadasa Samarasinghe අපේ සිත පාලනය කිරීමට අප නොදන්නා නිසා අපේ සිත විසින් අප පාලනය කරනු ලබයි. අප සිත, ගත හ වචනය පාලනය කිරීමට නම් යටිසිත පාලනය කළ යුතුය. යටිසිත පාලනය කිරීමෙන් උඩුසිත පාලනය වේ. සිත පිරිසිදු වූ තරමට එහි පාලනය ඉතා පහසුය. අපි අපගේ හැඟීම් වලට පමණක් නොව අන් අයගේ හැඟීම් අනුව ද වහලුන් වී සිටිමු. මිනිසෙකු මිනීමරුවෙකු වන්නේ මිනීමරැවෙකු වීමේ ආශාවකින් ...