Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
සිංහලයනි අවදිවන්න, බුද්ධිය බේරාගන්න Sumanadasa Samarasinghe මෝහනයෙන් මුලා වී සිටින ජනයා එයින් මුදා ගැනීම “සියළු දානයන් පරදවා ධර්ම දානය ජය ගනී,” යන බුදු වදනට එකඟ වූ ක්‍රියාවකි. පටන් ගත් යමක් අතරමග දී අත්හැර දමන සෝඩා බෝතල් ප්‍රතිපත්ති රකින කුසීත ජාතියක් හැටියට සිංහලයා ලබා සිටින අවනම්බු නාමය පළමු කොට මිථ්‍යාවක් බව ඔප්පු කරමු. ඒ සඳහා ප්‍රතිඵල ලබමින් ඉදිරියට යනවා මිස බාධක ඉදිරියේ පසු බා නොයෑමට දිරිමත් වෙමු. ...
නීති දමා සිත පිරිසිදු කිරීමට බැරිය Sumanadasa Samarasinghe මිනිසාගේ සිතුම් පැතුම් හොඳ නම් එවැනි මිනිසුන් වාසය කරන එය රටක් නොව සුර පුරයකි. එහි වැසියෝ දෙවියෝය. ඔවුන්ගේ ඕනෑ එපාකම් වැඩි වෙහෙස මහන්සියක් නැතිව ඉටුවේ. ඔවුන්ගේ කාලය යහපත් සිතුම් පැතුම් සඳහාම වැය කළ හැකිවේ. මිනිසාගේ සිතුම් පැතුම් නරක නම් එවැනි මිනිසුන් වාසය කරන එය රටක් නොව අපායකි. එහි වැසියෝ යම පල්ලන් ඇතුළු පව්කාරයන්ය. ඔවුන්ගේ ඕනෑ එපාකම් කොයි තරම් වෙහෙස මහන්සි ...
මිනිසෙකු වීමට වුවමනා නම් … Sumanadasa Samarasinghe චරිතය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මානසික ඉරියව් හා ක්‍රියාවන් අතර ඇති සම්බන්ධතාවයන් ය. උසස් පරමාර්ථයක් ඇතිව ඒකායන බලාපොරොත්තුවෙන් හා විශ්වාසයෙන් යුතුව අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීම උසස් චරිතයක් නිර්මාණය කර ගැනීමට හේතු වන්නේ ය. පළමුව ඔබ රූපයෙන් ලස්සන වීමට නම් සුන්දර සිතිවිලි හා ප්‍රබෝධමත් සිතක් ඇතිකර ගත යුතුය. හීනමානයෙන් හා ලාමක පහත් සිතිවිලි වලින් සම්පූර්ණයෙන් මිදීම, දුක් සහිත සිතිවිලි, පරාජිත ...
එදා සහ අද Sumanadasa Samarasinghe මිනිහෙක් ඌරෙක් මරා ගැනීම සඳහා ඌ පසුපස එළවාගෙන ආවේය. ඌරා පන්සල් භූමියකට වැදී ආරාමයේ වැඩි සිටි රහතන් වහන්සේලා මැදින් දුවගෙන ගොස් පිටුපස කැලයට වැදුණි. ඌරා පසුපස පැමිණි දඩයම්කරු පන්සල තුලට ඇතුල් වී මෙතැනින් ඌරෙක් ගියා දැයි රහතන්වහන්සේලා ගෙන් විමසීය. ඇත්ත කීවොත් මිනිසා ඌරා මරා දමා ප්‍රාණඝාත අකුසලය සිදුකර ගනී. තමන් වහන්සේලා ද සත්‍යය කීම නිසා එයට ආධාර අනුබල දුන්නා වන්නේය. ...
වැඩගත හැකි සිතක් ඔබට ඇත Sumanadasa Samarasinghe මිනිසත් බව ලබා උපදින්නවුන් මිනිසත් බවේ ශ්‍රේෂ්ඨතම අවස්ථාවන් කරා ගමන් කිරීමට ගන්නා මහන්සිය ඉමහත් ය. ලොවේ සිටින සියළුම සත්වයන් අතරින් මිනිස් වර්ගයාට අග්‍ර ස්ථානයක් හිමිවන්නේ හරි හැටි පාලනය කරගත හැකි මැඬගත හැකි සිතක් ඇති නිසාවෙනි. ආදී කාලීන යුගයේ සිට මිනිසා සිතුවිලි අනුගමනය කරමින් දිනෙන් දින දියුණුව කරා ගමන් කර ඇති බව පැහැදිලිය. ගල් යුගයේ සිට ක්‍රමයෙන් බුද්ධිමත් බව ඇති කරමින් ...
බුද්ධි විකාශය අහුරන මිථ්‍යා විශ්වාස Sumanadasa Samarasinghe සත්‍යයෙන් තොර යමක් හරි යැයි විශ්වාස කිරීම මිථ්‍යා විශ්වාසයක් ලෙස හැඳින්විය හැකිය. යමක සත්‍ය තත්වය අවබෝධ කරගත නොහැකි වීම හා යම් යම් දේවල් වලට බිය වීම නිසා මිථ්‍යා විශ්වාස බිහි වී තිබේ. බමුණන් විසින් හෝ පැරැන්නන් විසින් පුස්කොළ පොත්වල ලියා තබන සියළුම දේ සත්‍ය යයි විශ්වාස කිරීමට බොහෝ අඥාන මිනිස්සු පෙළඹෙති. යම් ගමනක් ගිය අයෙකුට ඒ ගමන අසාර්ථක වූවා යයි ...
අඥානකම දුකට හේතුවේ Sumanadasa Samarasinghe දැඩි අඥානකම නිසා මිනිසා තුල පහළ වී ඇති ලෝබය මුල් කරගෙන වංචාව, මුලා කිරීම, බොරුව හා නොයෙකුත් ප්රයෝගකාරී ක්‍රියා බිහිවන්නේය. එහි ප්‍රතිවිපාක වශයෙන් ශිෂ්ඨ සම්පන්න දියුණු සමාජයක් ඇතිවීම වැළකී යයි. ඉතා නොදියුණු ම්ලේච්ඡ ජාතීන් අතර බොරුව හා වංචාව නැත. එහෙත් ඊට වඩා ඉක්මණින් පලදෙන කෝපය, අනුකම්පා විරහිත බව හා අඥානකම බහුලය. වනාචාරී යුගයෙන් තරමක් ඉදිරියට පා තබන මිනිසා එයිනුත් ඉදිරියට ...
ඔබ කොයිතරම් සංසුන් ද? Sumanadasa Samarasinghe සංසුන් ගති ඇති පුද්ගලයා ආත්ම විශ්වාසය අධික පුද්ගලයෙකි. මහජනයා අතර ගැටී ඕනෑම පුද්ගලයෙකු ඇසුරු කරන අන්දම ගැන ඔවුනට අත්දැකීම් තිබේ. ඔබ තමන් ගැනම හිතන අයෙකුට වඩා අනුන් කෙරෙහි ද සැලකිලිමත් වන අයෙකු වේ නම් ඔබ ළඟ මනා සංසුන්කමක් ඇති වේ. වගකීම් බාරගැනීමට සූදානම් පුද්ගලයා මහජන කටයුතු වලින් අධික විනෝදයක් ලබයි නම් සියල්ලෝම ඔහු වටා රොක්වීමට වහා සූදානම් වෙති. අනුන්ගේ අවධානය ...
වාසනාවේ දොර ඇර ගැනීමට මෙන්න යතුරක් Sumanadasa Samarasinghe අප කෙනෙකු ගෙන් නිතරම අසන්නේ ඔහුගේ ජීවිතය සාර්ථක වීමට හේතු වූ කරුණු මොනවා ද කියාය. ජීවිතය අසාර්ථක කරගත් කාලකණ්ණි අයෙකු ගෙන් ඔහුගේ ජීවිතය අසාර්ථක වීමට හේතු වූයේ මොනවා දැයි අසන්නේ කලාතුරකින් අයෙකි. ජීවිතයක් අසාර්ථක වීමට හේතු මෙන්න මේවා යැයි කීමට නොදන්නා අයෙකු නැත. එහෙත් වැඩිදෙනා ජීවිතයක් සාර්ථක වීමට හේතුවන කරුණු ගැන දරන්නේ මිථ්‍යා විශ්වාසයන් ය. සාර්ථක ජීවිතයකට දොර විවෘත කර ...
ලොක්කන්ට ආරූඪ වෙන්න පුළුවන් භූතයෙකු ඕනෑ! Sumanadasa Samarasinghe මහජනතාවගේ පින්පෙත් ලබන තිස්තුන් කෝටියක් දෙවිවරුනි! රටපුරා අහිංසක මෝඩ කාන්තාවන්ට හා බුද්ධි හීන පිරිමින්ට වැහෙන භුතයනි! අපේ පාලක පක්ෂයකට ආරූඪ වී රටේ දියුණුවට පේන කියා නොපෙනෙන ධන සම්පත් ඛණිජ තෙල් උල්පත් මතුකර දීමට ඉදිරිපත් වන්න. එයට කාලය දැන් පැමිණ ඇත. සාමාන්‍ය මිනිසුන්ට වඩා දුර පෙනෙන දිවැස් ඇති දෙවිවරුනි! අපි දෙන පින්පෙත් ලබමින් අප ගැන නොසලකා සිටීම වැරදි බව දැන්වත් තේරුම් ...
පන්සිල් ගන්නවාට වඩා පන්සිල් රැකීම උතුම් Sumanadasa Samarasinghe “පන්සිල් ගන්නවාට වඩා පන්සිල් රැකීම උතුම්. නිතර නිතර පන්සිල් සිහි කිරීම නිසා කෙනෙකුගේ චරිත ශුද්ධිය ඇති වේ,” යැයි 1978 අප්‍රේල් 23 වැනි දා පානදුර රංකොත් විහාර දහම් පාසැලේ දී “මිනිස් සිත” මැයෙන් දේශනයක් පැවැත් වූ සුමනදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. පන්සිල් වල ඇති මනෝවිද්‍යාත්මක වටිනාකම ඔහු තව දුරටත් මෙසේ විස්තර කරන ලදි. කෙනෙකු සතුන් නොමරමි යැයි අවංකව සිතට එකඟව නිතර ...
ඔබ මත් වී සිටින්නෙකි Sumanadasa Samarasinghe කෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමට පෙර වෙනත් විදියකින් මත්වන්නේය. මත්ද්‍රව්‍ය ගෙන මත්වීමට පත්වන්නේ මේ විදියට ඊට කලින් මත් වූ මිනිසුන්ය. එම නිසා මත් ද්‍රව්‍ය වලට වඩා භයානක වන්නේ මත්ද්‍රව්‍ය වලට මිනිසා පොළඹවන මෙම මානසික දුබලතාවයයි. අප අතර ජීවත්වන ජනයා ගෙන් වැඩි දෙනෙක් අහංකාරකමෙන් මත් වී සිටිති. සමහරු අහංකාරකම උත්සන්න වීම නිසා උමතු වී සිටිති. කෙනෙකු සිහි විකල වූවෙකු ලෙස ...
ඔබ ගැන ඔබ දරණ මතය හරි ද? Sumanadasa Samarasinghe ඔබ ගැන ඔබ දරණ මතය හරි ද? එසේ නම් ඔබ දියුණු වන්නෙකි. කිසිම දියුණුවක් නැත්තේ වැරදි මත දරා සිටින අයටයි. අනිකුත් බොහෝ පුරුදු මෙන් ප්‍රශ්න වලින් පලා යෑමට පුරුදු වීම ද කෙනෙකුගේ ජීවිතය අසාර්ථක වීමට ප්‍රබල හේතුවකි. විසඳීමට අපහසු ප්‍රශ්න මතු වූ විට අපි ඒවාට මුහුණ දෙන්නේ කෙසේ ද? අපේ ජීවිත හැඩ ගැසෙන්නේ අප ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය අනුව ...
ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි? Sumanadasa Samarasinghe ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි? මිනිසා ආගම හා ධර්මය අවබෝධ කරගන්නවා වෙනුවට බදාගෙන සිටීම නිසාය. ආගම් බදාගෙන, වැළඳගෙන මත් වූ ජනයා ආගම හා ධර්මය වෙනුවෙන් මිනී මරති. මුලාවීමට කැමති ජනයා අතර මෝඩයන්ට විශේෂ තැනක් ලැබේ. මෝඩයා යනු කල්පනා කිරීමට නොදන්නා කෙනෙකුට කියන වචනයකි. ඕනෑකමින් කල්පනා කර බලන තුරු අක්‍රිය වී පවතින මිනිස් මොළය එසේම අක්‍රිය වී තිබෙන්නට හරින ...
ධනයට ගැරහූ අයෙකු හමුවිය Sumanadasa Samarasinghe මා කුඩා කල පටන් නමින් අසා තිබුනු සුප්‍රසිද්ධ කෙනෙක් මෑත කාලයක දී මට හමුවිය. මෙම උතුම් මනුෂ්‍යයා එදා මෙන්ම අදත් ධනයට ගරහමින් කතා කරන කෙනෙකි. එම නිසාම ඔහු අද සිටින්නේ තමන්ට ය කියා ඉන්නට ගෙයක් හෝ බිම් අඟලක් හෝ නැති කෙනෙකු වශයෙනි. මහළු වයසේ දී අවශ්‍ය පහසුකම් නැතිව ඉතා දුකසේ ඔහු ජීවත්වෙයි. තරුණ කාලයේ ධනයට ගරහන ඕනෑම කෙනෙකුට මහළු වයසට ...
රටට වැඩ කරන්නට සිතමු Sumanadasa Samarasinghe ධනවාදය භංග කිරීමට හා අධිරාජ්‍යවාදය තුරන් කර දැමීමට සටන් කරන්නට සිතීමට වඩා සැල්වීනියා වඳ කර දැමීමට හා මදුරුවා විනාශ කර දැමීමට වෙහෙසීම රටට ප්රයෝජනවත්ය. * රටට වැඩ කරන්නට හිතන අවංක අය රටේ වැඩ කඩාකප්පලක් කර දමන්නේ නැත. * ඇමෙරිකාව හා යුරෝපය උදාහරණ වලට ගන්නේ ඒවායේ ධනවත් අය සිටින නිසාය. ධනයට විරැද්ධ හිඟන රටවල් ගැන කීමට ඇත්තේ ඒවායේ මිනිසුන් ඉඩක් ලැබුණු ...
මෝඩයා Sumanadasa Samarasinghe තමන්ට නොවැටහෙන දෙයට වහල් වෙයි. එසේ නැත්නම් සිනාසෙයි. තමන්ට නොවැටහෙන දෙයට බියවෙයි. එසේ නැත්නම් විශ්මයට පත්වෙයි. තමන්ට ඉගෙන ගන්නට බැරි දෙයට පුද සත්කාර කරයි. එසේ නැත්නම් එය අවඥාවට ලක් කරයි. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 අගෝස්තු 15 ...
වහා කලබල වීම මහා දුබලකමකි Sumanadasa Samarasinghe දෙවන ලෝක යුද්ධය සමයේ දී (1942) දිනක් හිමිදිරි පාන්දර අහසේ අපුරු දර්ශනයක් විය. එනම් අහස්යානා වලින් වෙඩි නිකුත් කිරීමයි. මේ අතර පොළවේ සිට කාල තුවක්කු වලින් අහස් යානා වලට වෙඩි තබන ලදි. ඒ වෙඩි පිපිරූ තැන දුම් ගුලියක් සැදුනි. එකල පාසැල් යන වයසේ සිටි අපට ජපනා බෝම්බ දැමුවොත් නාලාවක් පිඹ අනතුරු අඟවන අයුරු කියා දෙන ලදි. එම නලා හඬ ඇසුන ...
රටේ ප්‍රශ්න සහ ඔබේ ප්‍රශ්න Sumanadasa Samarasinghe රටේ ප්‍රශ්න ගැන කතා කරමින් කාලය කා දමන මිනිස්සු නිසා රටේ ප්‍රශ්න වැඩිවන්නේය. තම තමන්ට අයත් වැඩපල කලට වේලාවට ඉටු කරන මිනිසුන් නිසා රටේ ප්‍රශ්න විසඳී යන්නේය. ඔබේ ප්‍රශ්න විසඳා ගන්න. එවිට රටේ ප්‍රශ්නයක් ඉතුරු නොවේ. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1 ...
අපේ දුබලකම් Sumanadasa Samarasinghe අපට කුමන වැඩක් හෝ අවසානයක් දකින තුරු එකා මෙන් සහයෝගෙයන් කිරීමට පුළුවන් කමක් නැත. අපි ටික දෙනෙකුට එකතු වුනොත් කරන්නේ කරන්නට බැරි දෙයක් ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් ලෙස කතා කිරීමයි. කාගේ හෝ හොඳ වැඩක් ගැන නරක හා අඩුපාඩු පෙන්වා දෙමින් නැති අඩුපාඩු හා වැරදි මවා පාමින් කතා කිරීමට අපි ගජ හපන්නුය. සිතට විරුද්ධ කතා කිරීමට අපට ඇත්තේ බලවත් ආශාවකි. ...