‘සොක්කන් ලොක්කන් වූ වගයි’ – දෙවන කොටස: පූර්ව – වැවිලි කර්මාන්ත ආර්ථිකය තුළ වෙළඳාම සහ ධන සමුච්චය බව මේ ලිපියෙහි දැක්වෙන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියේ දෙවන කොටස යි. සංක්ෂිප්ත වශයෙන්, එම කෘතියේ දැක්වෙන්නේ යටත්විජිත සමය තුළ වර්ධනය වූ නව දේශීය ධනේශ්වර පන්තියේ කතාවයි. කෘතියේ මූලික තිසීසය සාරාංශ කිරීම අපහසු නැත: අද ‘ලොක්කන්’ වී සිටිනා බොහෝ දෙනෙක් පරම්පරා කීපයකට පෙර ‘සොක්කන්ය’. අද ‘ප්‍රභූන්’ බවට පත්ව තිබෙනා බොහෝ දෙනා පරම්පරා කීපයකට ‘නෝබොඩීස්ලා’ වේ. ...
ඊළාම් අයිතිය බව පහතින් පලවන්නේ නලින් ද සිල්වා විසින් ‘යථාර්ථ’ සඟරාවට 80 දශකයේ දී ලියූ ලිපියකි. කලකට පෙර නිර්මාල් රංජිත් දේවසිරි විසින් ලියන කරන ලද ‘දෙමළාගේ ප්රශ්නය’ යන ලිපි මාලාවේ සමාරම්භක නිමිත්ත ලෙස ඉදිරිපත් වූයේ මෙම ලිපියයි. එම නිසා එම මුල් අවස්ථාවේ දී ඒ සඳහා නිර්මාල් විසින් සම්පාදනය කළ කෙටි හැඳින්වීම ද මෙහි තිබේ. මෙය නැවත මෙහි පළ කිරීමේ මුඛ්‍ය හේතුව වන්නේ ...
ආගමික විශ්වාස ප්‍රශ්න කිරීමේ අයිතිය බව Image: Tissa Ranasinghe, “The Awakened One”, (image reproduced in Gananath Obeyesekere’s “The Awakened Ones: Phenomenology of Visionary Experience”) පහතින් තිබෙන්නේ මෙයට වසර 40 ට පමණ පෙර කාලෝ ෆොන්සේකා විසින් සිදු කළ ජනප්‍රිය මහජන අත්හදාබැලීම් වල කොටසක් දැක්වෙන කුඩා වීඩියෝවකි. වීඩියෝව දැක්වෙන්නේ දෙවියන්ගේ නාමයෙන් ගිනි පෑගීම සඳහා අධි-මානුෂික බලයක සහයෝගය අවශ්‍ය නොවන බව කාලෝ ෆොන්සේකා ඇතුළු කණ්ඩායම පෙන්වා දෙන ආකාරයයි. ...
මහින්දාගමන කථාව මිත්‍යා ප්රබන්ධයකි බව Image: Supun Cooray, “RE-ASSEMBLED PAST”, #ASSEMBLAGE 2#, Mix media, 11.5”x15.5”, (2020) මහින්දාගමන කථාව දෙස බැලූ විට පෙනී යන්නේ එය මහා විහාරය ස්ථාපිත ආයතනයක් ලෙස අනුරාධපුර රජුන්ගේ අනුග්‍රහය යටතේ තහවුරු වූවාට පසු ඒ සම්බන්ධව ගොඩනැගුණු සම්භවය පිළිබඳ මිත්‍යා ප්‍රබන්ධයක් (origin myth) බවයි. එය ගොඩනංවා ඇත්තේ එවකට ස්ථාපිතව පැවති කතා පුවත් හා තොරතුරු යළි සුසම්බන්ධ (re-articulation) කිරීමෙනි. මෙම සරල කථාව මගින් ...
‘නතාෂා එදිරිසූරිය’ – ‘දොස්තර සාෆී’ චිත්‍රපටියේ දෙවන කොටස බව ඡායාරූපය: 1954 වසරේ ජූලි මස දලයි ලාමා සහ මාවෝ සේතුං අතර ඓතිහාසික හමුව නතාෂා එදිරිසූරිය සම්බන්ධ ප්රශ්නය *දේශපාලනිකව* කියවා ගැනීම මේ මොහොතේ දේශපාලනය ගැන බැරෑරුම් ලෙස සිතනා සියලු දෙනාට අතිශය වැදගත් බව අපි සිතමු. මෙහිදී කේන්ද්‍රීය ප්රශ්නය වන්නේ මෙය ප්‍රශ්නයක් ලෙස අප ඉදිරියට පැමිණියේ කෙසේද යන්නමයි. මෙහි අපට නොපැහැදිලි බොහෝ දේ තිබෙනා බව පහසුවෙන් හඳුනා ගත හැක. අප්‍රේල් පළමු ...
විමල්ගේ පොත ගැන ‘ඇකඩමික් නොවන’ විචාරයක් බව සාරාංශ වශයෙන් ගත්විට විමල් වීරවංශ ගේ “නවය: සැඟවුණු කතාව” පොතේ කියන්නේ මෙවැනි අදහසකි. ගාලු මුවදොර අරගලය ඇමරිකානු තානාපතිනිය ගේ සැලසුමකි. එහි ‘පිටපත’ සකස් වන්නේ 2014 වසරේ යුක්රේනයේ මයිදාන් “කුමන්ත්‍රණයට” අනුවයි. එහි අරමුණ වන්නේ ලංකාවේ දුර්වල අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කොට, මෙරට රාජ්‍යය අකර්මන්‍ය කර, ඇමරිකාවට වුවමනා ලෙස මෙරට පාලනය කිරීමයි. අන්තර්කාලීන ආණ්ඩුව පත්කිරීම අසාර්ථක වුවත් එහි දෙවැනි පියවර වශයෙන් රනිල් පත් ...
ගල්කන්දේ හිමිගේ හුදෙකලාව – නලින් ද සිල්වාට පසු වල්පොළ රාහුල හිමි ගේ ‘උරුමය’ බව මෙම රචනය තුළ උත්සාහ කරන්නේ ගල්කන්දේ ධම්මානන්ද හිමි ගේ සමාජ භූමිකාව පිළිබඳව අප විසින් ගොඩනගමින් සිටිනා පොදු න්‍යායික ස්ථාවරයක් ඔස්සේ පැහැදිළි කිරීමක් කිරීමටයි. එහිදී ගල්කන්දේ හිමි (‘ගල්කන්දේ ධම්මානන්ද හිමි’ යන්න කෙටියෙන් ලියන විට ‘ධම්මානන්ද හිමි’ කියා ලිවීම සම්මතය වුවත් වුවත් ‘ගල්කන්දේ හිමි’ යනුවෙන් මෙය ලියන්නේ උන්වහන්සේ ගේ ව්‍යවහාරයේ ඇති වෙනස වඩාත් හොඳින් ලකුණු කිරීමටයි) ගේ සිතීම ගොඩ නැගී ඇති ...
සොක්කන් ලොක්කන් වූ වගයි – පළමු කොටස බව පහතින් ආරම්භ වන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියකි. මෙය සම්බන්ධ වන්නේ අප විසින් ගොඩ නගන්නට උත්සාහ කරන පොදු න්‍යායික ස්ථාවරයක් සමගයි. ඒ සඳහා අපේ රටේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනක් කිරීමේ අවශ්‍යතාව වෙත අපව යොමු කර තිබේ. බොහෝ දෙනා අපව තේරුම් ගන්නේ ‘දර්ශනය’ ඉගෙන ගන්නා පිරිසක් ලෙසයි. නමුත් සත්‍ය වශයෙන්ම අපට විෂයානුබද්ධ අර්ථයකින් ‘දර්ශනය’ ...
‘වලස් පවුල’ ළමා නාට්‍ය ගැන කියවීමක් බව පසුගියදා (අප්‍රේල් 07) සෝමලතා සුබසිංහ රචනා කළ චන්දන අලුත්ගේ අධ්‍යක්ෂණය කළ ‘වලස් පවුල‘ නාට්‍ය නැරඹීමට අවස්ථාවක් ලැබිණි. මෙරට ළමා නාට්‍ය සාහිත්‍ය මෙන්ම නිෂ්පාදන අතර ‘වලස් පවුල‘ නාට්‍යයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මෙය ළමා නාට්‍යයක් වුවත් දැවැන්ත නිෂ්පාදනයක් බව කිව යුතුය. සර්කස් කණ්ඩායමක්, ගස්වැල් සහ වනයේ වෙසෙන විවිධ සතුන් නිරූපණය කරන අතර දැකුම්කලු පසුතල කිහිපයකින්ද යුක්තය. වර්ණනා සහ පැසසිය හැකි ...
පීඩනයට එරෙහිව විසම්මුතික චින්තනය: ජනරඟ ප්‍රේක්ෂා වේදිකාව ඇසුරින් බව “විසම්මුතික චින්තනය” යනු පුද්ගලයා පවතින අධිපති සමාජ චින්තනවලට එරෙහි වීම, වෙනස් මතයක් හෝ මත දැරීම, වෙනස්ව සිතීම හෝ වෙනස් අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම සමාජ ව්‍යූහයන් තුළ මිනිසා පීඩාවට ලක්කරන යම් ප්රතෂ්තාපිත ‘සත්‍යන්ට‘ එරෙහිව වෙනස් චින්තන, අදහස් දැරීම හා ඒවා භාවිතයට ගැනීම යන්න අර්ත දැක්විය හැකිය. යම් යම් සමාජ සංස්ථා තුළ සංස්කෘතික සංදර්භ හෝ වෙනත් ජන කණ්ඩායම් තුළ පවතින අධිපතිවාදී ...
බටහිර රටවල මිනිස්සු තමන්ට නිදහසක් නොමැති බව පවා නොදනිති බව Getty Images / skynesher: https://www.rt.com/op-ed/542968-western-freedom-is-a-lie/?fbclid=IwAR2lRfVAHYUMsZeoIGFgaYIiv0bnRIs_Fe0m6-izx2YPxHuOUZRqDT19beA පහතින් තිබෙන්නේ දිනකට පැය 12ක් වැඩ කරන චෙන් සී නම් සංක්‍රමණික චීන කම්කරුවෙක් රිචඩ් පෝල්ගේ Heidegger: An Introduction” කෘතිය පරිවර්තනය කිරීම පිළිබඳ ස්ලැවෝයි ජිජැක් රචනා කළ ලිපියකි. *** 20 වැනි සියවසේ ජර්මානු දාර්ශනිකයෙකු වූ මාර්ටින් හෛඩගර් පිළිබඳ පොතක් ඉංග්‍රීසි භාෂාවෙන් මැන්ඩරින් භාෂාවට පරිවර්තනය කළ චීන සංක්‍රමණික සේවකයෙකුගේ කතාව පසුගි
‘My Sweet Rotten ‘Heritance’ පිළිබඳ සෞන්දර්යාත්මක කියවීමක් බව Image: https://20brm.nsd.gov.in/my-sweet-rotten-heritance/ ‘සංකල්පයකින් තොරව අපව සතුටු කරනා දෙය සුන්දරත්වය‘ ලෙස නූතන දර්ශනයේ සමාරම්භක දාර්ශනිකයා වන ඉමැනුවල් කාන්ට් අපට පෙන්වා දුන්නේය. මෙහිදී සතුට සහ සංකල්පයක් යනු කුමක්දැයි වටහා ගැනීමෙන් අපට මෙම ප්‍රකාශය වඩා හොඳින් තේරුම් ගත හැකිය. මෙරට සුන්දරත්වය නැතිනම් සෞන්දර්ය යන්න සමග නාට්‍ය හා රංග කලාව සම්බන්ධ වන්නේ ඉතාම අඩුවෙනි. මනමේ, සිංහබාහු නාට්‍යවල මේ සඳහා යම් යම් අඩංගු තිබුණද ...
දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ම ඇති ප්රශ්නය කුමක්ද යන්න ව්‍යාජ ප්‍රශ්නයක් වන්නේ ඇයි? බව Image: Francesca Woodman, “House #3”, Providence, Rhode Island, (1976) මෙම ප්රශ්නය මගින් යෝජනා කරන ආකාරයට දෙමළ ජාතික අරගලය පදනම් වන්නේ මෙවැනි තර්කයක් මතයි. පළමුවෙන් සිංහලයන් අතින් දෙමළ ජනතාවට අසාධාරණයන් සිදු වී තිබේ. ඉන් පසුව ඒවාට විරුද්ධව දෙමළ ජනතාව සටනක් ආරම්භ කරයි. නමුත් දෙමළ ජනතාවට එරෙහිව සිංහලයන් විසින් කර තිබෙන අසාධාරණයක් නොමැති වන්නේ නම්, දෙමළ ජනතාවගේ අරගලය මුළුමනින් අර්ථ විරහිත ...
‘ජාතික ජන බලවේගයට’ අප සහය දෙන්නේ ඇයි? බව සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියන්නේ නම් අප ‘ජේවීපී කාරයන්’ නොවේ. ඒ වුවත් මෙවර තිබෙන්නේ අතිශය ඓතිහාසික මැතිවරණයක් බවත්, ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මූලික කාර්යයක් කරන ජාතික ජනබලවේගයට අප කොන්දේසි විරහිතව සහය දිය යුතු බවත් අපි සිතමු. මෙයට හේතුව තේරුම් ගැනීම සඳහා අපේ රටේ දේශපාලනය දැන් තිබෙනා තත්වය කුමක්ද කියා අප පැහැදිළි කර ගත යුතුය. අප සිතනා ආකාරයට එය ...
මගේ ලෝකයේ කරුණුමයභාවය බව Image: detail from the cover image in Nalin de Silva’s “මගේ ලෝකය” by Shantha K. Herath මට දැන ගත හැක්කේ මට සාපේක්ෂ දේ පමණි. එම නිසා බාහිර ලෝකය, අනෙකුන්ගේ පැවැත්ම ආදිය මට සිතිය හැක්කේ මට සාපේක්ෂව පමණි. මම නැති නම් ‘ඒවා’ ලෙස නම් කළ හැකි කිසිවක් තිබෙන්නේ ද කියා හෝ මට කිව නොහැක. ‘මම’ යනුවෙන් නම් කරන්නේ කුමක්ද යන්න ...
මෙයසියානුවාදය – කෙටි හැඳින්වීමක් බව මෙයසියානුවාදය යනු – තවත් දේ අතර – විඥානවාදය නම් දාර්ශනික ස්ථාවරයට එරෙහිව භෞතිකවාදය වෙනුවෙන් පෙනී සිටීමට ගන්නා සමකාලීන දාර්ශනික උත්සාහයකි. විඥානවාදය විසින් ඉදිරිපත් කරන්නේ ඉතාම සරල අභියෝගයකි. ප්‍රශ්නයක ආකෘතියෙන් එය ලියුවහොත් එය මෙසේය: මනසින් තොරව යථාර්ථයක් තිබෙනවා යන්න මනසින් තොරව පෙන්වා දිය හැකි ද? විඥානවාදයේ තර්කයට අනුව එය කළ නොහැකි වන්නේ අප සිතනා සියල්ල මනස අභ්‍යන්තරයේ සිට පමණක් සිතනා ...
නිර්මාල්ගේ අවධානයට විවෘත සටහනක් බව Image: Jagath Weerasinghe, “Yantra Gala and the round pilgrimage”; installation comprising oil on canvas with collage, wood, resin, unfired clay, gold leaf, wheat, earth (1999) (1) ජාතිය සම්බන්ධ අදහස සම්බන්ධයෙන් අපේ රටේ සාමාජීය විද්‍යාවන් හී ආධිපත්‍යධාරී තිසීසය වන්නේ එය 19 වැනි සියවසේ ගොඩනැංවීමක් බවයි. මෙම ගොඩනැංවීම්වාදය 80 දශකයේ නැග ආ පශ්චාත්නූතනවාදයන් වල දාර්ශනික අර්ථකථය සම්බන්ධ තරමක් ඌණිත කියවීමක් මත ...
ලිබරල්වාදය සහ එහි ඓතිහාසික අපහසුව බව Image: Jeff Wall, ‘After “Invisible Man” by Ralph Ellison, the Prologue’, (1999-2000) ලිබරල්වාදය ඓතිහාසිකව ගොඩ නැගෙන්නේ වහල් සේවය යුක්තියුක්ත කරන ඓතිහාසික සන්දර්භයක සිටයි. ජෝන් ලොක්, ජෙරමි බෙන්තම්, ජෝන් ස්ටුවර්ට් මිල් ඇතුළු සකලවිධ ලිබරල්වාදී චින්තකයන් මේ ඓතිහාසික දෛවයෙන් ගැලවෙන්නේ නැත. නිදහස, ප්රජාතන්ත්රවාදය, රාජ්‍යයේ අධිකාරිවාදී බලයට එරෙහි වීම අවධාරණය කරන ලිබරල්වාදී චින්තකයන් ඒ සමගම වහල් සේවය, ඇදහිය නොහැකි ශ්‍රම කොන්දේසි යටතේ ...
කරුණුත්වයේ මූලධර්මය 2022 බව Images: Bandu Manamperi’s performance, at the “Theertha Performance Platform – 2022”. Photographed by Vasantha Wakkumbura කොන්ටෙන් මෙයසූ ගේ චින්තනය සම්බන්ධයෙන් අප ගොඩනගන්න උත්සාහ කළ ලාංකික සංවාදයේ පළමු පියවර අවසන් වූයේ අර්ධ සාර්ථකත්වයකිනි. එම පළමු පියවරේ දී නලින් ද සිල්වා ගේ සිතීම තුළ ‘නිවන’ යන වචනය මගින් ඉටු කරන භූමිකාවේ සීමාව පෙන්වා දීමට අපට හැකි විය. සංක්ෂිප්ත වශයෙන් අපට එය ...
‘නෝ’ නාට්‍ය පිළිබඳ, බුදුදහම තුළින් සාංදෘෂ්ටික සිතා බැලීමක් බව Masks displayed at the Kamakura Noh Theatre in the town of Kamakura, Japan Photo: AFP පෙරදිග රංග කලාවේ සුප්‍රසිද්ධ ජපන් නෝ රඟහල යනු නාට්‍ය ලෝකයේ ඉතාමත් උත්කෘෂ්ඨ සම්ප්රදායයන්ගෙන් එකකි. සරලව අර්ථ ගන්වන්නේ නම් නෝ නාට්‍යයන් හි සාරගර්භ අන්තර්ගතය සඳහා පසුබිම සකස් වන්නේ බුදු දහම මූලික වූ වපසරියක, පැවැත්ම පිළිබඳව ගොඩනැගෙන දාර්ශනික තර්කනය වස්තුබීජය කරගෙනය. එබැවින් මෙම නාට්‍ය කලාත්මක සහ ...