පාලන තන්ත්රයක මතවාදී බලය සකස් වන ආකාරයන් බව සටහන: මේ තිබෙන්නේ නිව්ටන් ගුණසිංහ ගේ “අන්තෝනිඕ ග්රාම්ස්චි කෙටි හැඳින්වීමක්” නම් කුඩා ග්‍රන්ථයේ අදස් ඇසුරින් ලියවෙන සාරාංශයකි. ‘බුද්ධිමතුන්’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද සහ එම වචනයෙන් නම් කරන අයට හිමි දේශපාලන භූමිකාවක් තිබෙන්නේ ද යන්න සඳහා ලංකාවේ ඓතිහාසිකව වැදගත් ලියවිල්ලක් ලෙස නිව්ටන් ගේ මෙම කෘතිය සැලකිය හැකිය. ‘බටහිර ඉවුරේ දර්ශනය’ විසින් කරන්න උත්සාහ කරන දේ තේරුම් ගැනීම සඳහා මෙම ඉතිහාසය ...
දර්ශනය සහ දේශපාලනය බව ප්‍රොටගෝරස් : ඇත්තටම දේශපාලනය කරන්න දර්ශනය අත්‍යවශ්‍ය ද? සොක්රටීස් : කිසිසේත් අත්‍යවශ්‍ය නැහැ. ප්‍රොටගෝරස් : දේශපාලනය කරන්න දැනුම අත්‍යවශ්‍ය ද? සොක්රටීස් : අනිවාර්යයෙන්. අපේ රටේ ණය ගෙවන්නේ කොහොමද? මේකට අපට තිබෙන ආදායම් මාර්ග මොනවද? අපිට තියෙන වියදම් අඩු කරගන්නේ කොහොමද? සිංහල දෙමළ ලෙස දෙකඩ වී ඇති වාර්ගික අනන්‍යතාවයන් ගැන සංවේදී වෙමින් ප්‍රජාවන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කොහොමද? හොරකම් කරන්නේ ...
“විමුක්තිගේ පැතලි යථාර්ථය” පොත ගැන කෙටි සටහනක් බව මේ තිබෙන්නේ දීප්ති කුමාර ගුණරත්න විසින් රචනා කරන ලද උක්ත කෘතිය පිළිබඳව විචාරයක් නොවේ. ඒ වෙනුවට මේ තිබෙන්නේ පොත කියවනු ලැබුවා කියා පිළිගැනීමක් සටහන් කිරීම සහ එය අන් අයට කියවන්න කියා සිදු කරන ආරාධනයකි. මේ පොතේ මා සම්බන්ධ මූලික විවේචන දෙකක් අඩංගු වනවා කියා සිතමි. එකක් වන්නේ X කණ්ඩායම බිඳ වැටීමෙන් පසුව ඇති වූ ගැටුමට බාහිර පුද්ගලයෙක් ලෙස මා ...
සියදිවි නසා ගැනීම බව කැමූ නිවැරදි ලෙස පෙන්වා දෙන කරුණක් මෙසේය: වැදගත්ම දාර්ශනික ප්රශ්නය වන්නේ අප සියදිවි නසා නොගන්නේ ඇයිද යන්නයි. සියදිවි නසා ගැනීම යනු සංකීර්ණ තීරණයකි. එයට ප්‍රධාන බාධාව වන්නේ භව තණ්හාවයි. මේ ජීවිතය අත්හැරීමට අප එතරම් කැමති වන්නේ නැත. එක්තරා අර්ථයකින් එය අප සතු වටිනාම දෙය කියා අපි දනිමු. එය අපේ ‘අප’ යන්නමයි. සියදිවි නසා ගැනීමට අප අකමැති නිසා අපට ජීවත් ...
සම්ප්‍රදායික නිරාගමිකවාදයට ප්‍රශ්නයක් බව [රූපය: Andy Warhol, “Jean-Michel Basquiat”; acrylic and silkscreen ink on canvas (1984)] මේ සියල්ල යටින් තිබෙනා දෙවි කෙනෙකුගේ පාලනයකින් සිදුවනවා යන්න අපට මේ ලෝකය පිළිබඳව ඒත්තු යන විග්‍රහයක් ලෙස කිසිසේත් පැහැදිළි වන්නේ නැත. මේ සටහන ලියවෙන්නේ මෙය දැනටමත් පිළිගන්නා (අප වැනි ‘දේශද්‍රෝහී’) අය වෙනුවෙනි. අපට සිතෙන්නේ මේ සියල්ල ස්වභාවිකව සිදුවනවා කියා ය. මින් අදහස් වන්නේ ලෝකය ස්වභාවිකව ඇති වී ...
විද්‍යාව සහ දර්ශනය අතර වෙනස ගැන බව අප මූලික වශයෙන් විරුද්ධ වන ස්ථාවර දෙකක් වන්නේ මෙයයි: 1. පළමුවැන්න අපට ‘යථානුභූතවාදය’ (‘positivism’) ලෙස නම් කළ හැකිය. එමගින් පෙනී සිටින්නේ දෙන ලද මොහොතක තිබෙනා විද්‍යා ප්‍රවාදයක් පරම සත්‍යය ලෙස සැලකීම වෙනුවෙනි. මෙය අතිශය දුර්වල ආස්ථානයක් බව විද්‍යාවේ ඉතිහාසය විසින්ම අපට කියා දෙයි. දැන් නිවැරදි වනවා කියා ගන්නා විද්‍යා ප්‍රවාදයක් අනාගතයේ දී වෙනස් වීමේ ඉඩ සෑම විටම විවෘත වෙයි. ...
ඇකඩමික් තෙස්පියන්ස් නාට්‍ය උළෙල – 2023 බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන්ස් නාට්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර හතරකට පසුවයි. පසුගිය වසර කිහිපය තුළ පැවති කොවිඩ් – 19 වසංගත තත්ත්වයත්, රටේ පැවති ආර්ථික දේශපාලන අස්ථාවරත්වයත් මූලිකව ඊට හේතු විය. ඉහත ගැටලු යම් මට්ටමකින් තවමත් ක්‍රියාත්මක වුවද මෙහිදී උත්සාහ කෙරෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මෙතෙක් පවත්වන දීර්ඝත ම නාට්‍ය උළෙල සංවිධානය කිරීමටයි. මෙම මස 22 වන දා සිට 28 ...
බෞද්ධයෙකු වීමේ ප්‍රායෝගික ආකෘති දෙක බව ආචාරධාර්මික සිතීමක් ලෙස ගත්විට බුදු දහමේ එන ‘මෛත්‍රිය’ සහ ‘කරුණාව’ වැනි අදහස් වල භූමිකාව කේන්ද්‍රීය වනවා කියා පෙනී ගිය ද එහි ආයතනගත ව්‍යවහාරය තිබෙන්නේ එයට මුළුමනින් එරෙහිව යන ආකාරයටයි. බොහෝ දෙනෙක් අතින් දශක ගණනක් පුරා ලකුණු වී ඇති මෙම ප්‍රකට පරස්පරයට අපට ලැකේනියානු-ජිජැකියානු මානයක් ද එකතු කළ හැක. බුදු දහමේ එන ‘මෛත්‍රිය’, ‘කරුණාව’ වැනි අදහස් සහ ආයතනගත බුදුදහම අතර ...
අප සිතනා ආකාරයට සිතා බැලිය යුතු න්‍යායික ගැටලුවක් බව අපට තිබෙනා ප්රශ්නය වන්නේ සමාජවාදය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා නිශ්චිතව අද පැහැදිළි නොවීමයි. ආණ්ඩු බලය ලබාගෙන වඩාත් සාධාරණ ලෙස සමාජ ධනය බෙදී යන ආර්ථික ක්‍රමයක් ඇති කළ යුතු බව පැහැදිළි වෙයි. ගැටලුව වන්නේ, එවැන්නක් කළ හැකිය කියා ගත්ත ද ඒ මගින් ගෝලීය ධනේශ්වරය වෙනස් වනවා කියා පූර්වකල්පනය කිරීමට අපහසු වීමයි. මෙහි පදනමේ තිබෙන්නේ පැරණි මාක්ස්වාදයේ සිදු කළ ලෙස ...
‘සොක්කන් ලොක්කන් වූ වගයි’ – දෙවන කොටස: පූර්ව – වැවිලි කර්මාන්ත ආර්ථිකය තුළ වෙළඳාම සහ ධන සමුච්චය බව මේ ලිපියෙහි දැක්වෙන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියේ දෙවන කොටස යි. සංක්ෂිප්ත වශයෙන්, එම කෘතියේ දැක්වෙන්නේ යටත්විජිත සමය තුළ වර්ධනය වූ නව දේශීය ධනේශ්වර පන්තියේ කතාවයි. කෘතියේ මූලික තිසීසය සාරාංශ කිරීම අපහසු නැත: අද ‘ලොක්කන්’ වී සිටිනා බොහෝ දෙනෙක් පරම්පරා කීපයකට පෙර ‘සොක්කන්ය’. අද ‘ප්‍රභූන්’ බවට පත්ව තිබෙනා බොහෝ දෙනා පරම්පරා කීපයකට ‘නෝබොඩීස්ලා’ වේ. ...
ඊළාම් අයිතිය බව පහතින් පලවන්නේ නලින් ද සිල්වා විසින් ‘යථාර්ථ’ සඟරාවට 80 දශකයේ දී ලියූ ලිපියකි. කලකට පෙර නිර්මාල් රංජිත් දේවසිරි විසින් ලියන කරන ලද ‘දෙමළාගේ ප්රශ්නය’ යන ලිපි මාලාවේ සමාරම්භක නිමිත්ත ලෙස ඉදිරිපත් වූයේ මෙම ලිපියයි. එම නිසා එම මුල් අවස්ථාවේ දී ඒ සඳහා නිර්මාල් විසින් සම්පාදනය කළ කෙටි හැඳින්වීම ද මෙහි තිබේ. මෙය නැවත මෙහි පළ කිරීමේ මුඛ්‍ය හේතුව වන්නේ ...
ආගමික විශ්වාස ප්‍රශ්න කිරීමේ අයිතිය බව Image: Tissa Ranasinghe, “The Awakened One”, (image reproduced in Gananath Obeyesekere’s “The Awakened Ones: Phenomenology of Visionary Experience”) පහතින් තිබෙන්නේ මෙයට වසර 40 ට පමණ පෙර කාලෝ ෆොන්සේකා විසින් සිදු කළ ජනප්‍රිය මහජන අත්හදාබැලීම් වල කොටසක් දැක්වෙන කුඩා වීඩියෝවකි. වීඩියෝව දැක්වෙන්නේ දෙවියන්ගේ නාමයෙන් ගිනි පෑගීම සඳහා අධි-මානුෂික බලයක සහයෝගය අවශ්‍ය නොවන බව කාලෝ ෆොන්සේකා ඇතුළු කණ්ඩායම පෙන්වා දෙන ආකාරයයි. ...
මහින්දාගමන කථාව මිත්‍යා ප්රබන්ධයකි බව Image: Supun Cooray, “RE-ASSEMBLED PAST”, #ASSEMBLAGE 2#, Mix media, 11.5”x15.5”, (2020) මහින්දාගමන කථාව දෙස බැලූ විට පෙනී යන්නේ එය මහා විහාරය ස්ථාපිත ආයතනයක් ලෙස අනුරාධපුර රජුන්ගේ අනුග්‍රහය යටතේ තහවුරු වූවාට පසු ඒ සම්බන්ධව ගොඩනැගුණු සම්භවය පිළිබඳ මිත්‍යා ප්‍රබන්ධයක් (origin myth) බවයි. එය ගොඩනංවා ඇත්තේ එවකට ස්ථාපිතව පැවති කතා පුවත් හා තොරතුරු යළි සුසම්බන්ධ (re-articulation) කිරීමෙනි. මෙම සරල කථාව මගින් ...
‘නතාෂා එදිරිසූරිය’ – ‘දොස්තර සාෆී’ චිත්‍රපටියේ දෙවන කොටස බව ඡායාරූපය: 1954 වසරේ ජූලි මස දලයි ලාමා සහ මාවෝ සේතුං අතර ඓතිහාසික හමුව නතාෂා එදිරිසූරිය සම්බන්ධ ප්රශ්නය *දේශපාලනිකව* කියවා ගැනීම මේ මොහොතේ දේශපාලනය ගැන බැරෑරුම් ලෙස සිතනා සියලු දෙනාට අතිශය වැදගත් බව අපි සිතමු. මෙහිදී කේන්ද්‍රීය ප්රශ්නය වන්නේ මෙය ප්‍රශ්නයක් ලෙස අප ඉදිරියට පැමිණියේ කෙසේද යන්නමයි. මෙහි අපට නොපැහැදිලි බොහෝ දේ තිබෙනා බව පහසුවෙන් හඳුනා ගත හැක. අප්‍රේල් පළමු ...
විමල්ගේ පොත ගැන ‘ඇකඩමික් නොවන’ විචාරයක් බව සාරාංශ වශයෙන් ගත්විට විමල් වීරවංශ ගේ “නවය: සැඟවුණු කතාව” පොතේ කියන්නේ මෙවැනි අදහසකි. ගාලු මුවදොර අරගලය ඇමරිකානු තානාපතිනිය ගේ සැලසුමකි. එහි ‘පිටපත’ සකස් වන්නේ 2014 වසරේ යුක්රේනයේ මයිදාන් “කුමන්ත්‍රණයට” අනුවයි. එහි අරමුණ වන්නේ ලංකාවේ දුර්වල අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කොට, මෙරට රාජ්‍යය අකර්මන්‍ය කර, ඇමරිකාවට වුවමනා ලෙස මෙරට පාලනය කිරීමයි. අන්තර්කාලීන ආණ්ඩුව පත්කිරීම අසාර්ථක වුවත් එහි දෙවැනි පියවර වශයෙන් රනිල් පත් ...
ගල්කන්දේ හිමිගේ හුදෙකලාව – නලින් ද සිල්වාට පසු වල්පොළ රාහුල හිමි ගේ ‘උරුමය’ බව මෙම රචනය තුළ උත්සාහ කරන්නේ ගල්කන්දේ ධම්මානන්ද හිමි ගේ සමාජ භූමිකාව පිළිබඳව අප විසින් ගොඩනගමින් සිටිනා පොදු න්‍යායික ස්ථාවරයක් ඔස්සේ පැහැදිළි කිරීමක් කිරීමටයි. එහිදී ගල්කන්දේ හිමි (‘ගල්කන්දේ ධම්මානන්ද හිමි’ යන්න කෙටියෙන් ලියන විට ‘ධම්මානන්ද හිමි’ කියා ලිවීම සම්මතය වුවත් වුවත් ‘ගල්කන්දේ හිමි’ යනුවෙන් මෙය ලියන්නේ උන්වහන්සේ ගේ ව්‍යවහාරයේ ඇති වෙනස වඩාත් හොඳින් ලකුණු කිරීමටයි) ගේ සිතීම ගොඩ නැගී ඇති ...
සොක්කන් ලොක්කන් වූ වගයි – පළමු කොටස බව පහතින් ආරම්භ වන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියකි. මෙය සම්බන්ධ වන්නේ අප විසින් ගොඩ නගන්නට උත්සාහ කරන පොදු න්‍යායික ස්ථාවරයක් සමගයි. ඒ සඳහා අපේ රටේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනක් කිරීමේ අවශ්‍යතාව වෙත අපව යොමු කර තිබේ. බොහෝ දෙනා අපව තේරුම් ගන්නේ ‘දර්ශනය’ ඉගෙන ගන්නා පිරිසක් ලෙසයි. නමුත් සත්‍ය වශයෙන්ම අපට විෂයානුබද්ධ අර්ථයකින් ‘දර්ශනය’ ...
‘වලස් පවුල’ ළමා නාට්‍ය ගැන කියවීමක් බව පසුගියදා (අප්‍රේල් 07) සෝමලතා සුබසිංහ රචනා කළ චන්දන අලුත්ගේ අධ්‍යක්ෂණය කළ ‘වලස් පවුල‘ නාට්‍ය නැරඹීමට අවස්ථාවක් ලැබිණි. මෙරට ළමා නාට්‍ය සාහිත්‍ය මෙන්ම නිෂ්පාදන අතර ‘වලස් පවුල‘ නාට්‍යයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. මෙය ළමා නාට්‍යයක් වුවත් දැවැන්ත නිෂ්පාදනයක් බව කිව යුතුය. සර්කස් කණ්ඩායමක්, ගස්වැල් සහ වනයේ වෙසෙන විවිධ සතුන් නිරූපණය කරන අතර දැකුම්කලු පසුතල කිහිපයකින්ද යුක්තය. වර්ණනා සහ පැසසිය හැකි ...
පීඩනයට එරෙහිව විසම්මුතික චින්තනය: ජනරඟ ප්‍රේක්ෂා වේදිකාව ඇසුරින් බව “විසම්මුතික චින්තනය” යනු පුද්ගලයා පවතින අධිපති සමාජ චින්තනවලට එරෙහි වීම, වෙනස් මතයක් හෝ මත දැරීම, වෙනස්ව සිතීම හෝ වෙනස් අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම සමාජ ව්‍යූහයන් තුළ මිනිසා පීඩාවට ලක්කරන යම් ප්රතෂ්තාපිත ‘සත්‍යන්ට‘ එරෙහිව වෙනස් චින්තන, අදහස් දැරීම හා ඒවා භාවිතයට ගැනීම යන්න අර්ත දැක්විය හැකිය. යම් යම් සමාජ සංස්ථා තුළ සංස්කෘතික සංදර්භ හෝ වෙනත් ජන කණ්ඩායම් තුළ පවතින අධිපතිවාදී ...
බටහිර රටවල මිනිස්සු තමන්ට නිදහසක් නොමැති බව පවා නොදනිති බව Getty Images / skynesher: https://www.rt.com/op-ed/542968-western-freedom-is-a-lie/?fbclid=IwAR2lRfVAHYUMsZeoIGFgaYIiv0bnRIs_Fe0m6-izx2YPxHuOUZRqDT19beA පහතින් තිබෙන්නේ දිනකට පැය 12ක් වැඩ කරන චෙන් සී නම් සංක්‍රමණික චීන කම්කරුවෙක් රිචඩ් පෝල්ගේ Heidegger: An Introduction” කෘතිය පරිවර්තනය කිරීම පිළිබඳ ස්ලැවෝයි ජිජැක් රචනා කළ ලිපියකි. *** 20 වැනි සියවසේ ජර්මානු දාර්ශනිකයෙකු වූ මාර්ටින් හෛඩගර් පිළිබඳ පොතක් ඉංග්‍රීසි භාෂාවෙන් මැන්ඩරින් භාෂාවට පරිවර්තනය කළ චීන සංක්‍රමණික සේවකයෙකුගේ කතාව පසුගි