‘My Sweet Rotten ‘Heritance’ පිළිබඳ සෞන්දර්යාත්මක කියවීමක් බව Image: https://20brm.nsd.gov.in/my-sweet-rotten-heritance/ ‘සංකල්පයකින් තොරව අපව සතුටු කරනා දෙය සුන්දරත්වය‘ ලෙස නූතන දර්ශනයේ සමාරම්භක දාර්ශනිකයා වන ඉමැනුවල් කාන්ට් අපට පෙන්වා දුන්නේය. මෙහිදී සතුට සහ සංකල්පයක් යනු කුමක්දැයි වටහා ගැනීමෙන් අපට මෙම ප්‍රකාශය වඩා හොඳින් තේරුම් ගත හැකිය. මෙරට සුන්දරත්වය නැතිනම් සෞන්දර්ය යන්න සමග නාට්‍ය හා රංග කලාව සම්බන්ධ වන්නේ ඉතාම අඩුවෙනි. මනමේ, සිංහබාහු නාට්‍යවල මේ සඳහා යම් යම් අඩංගු තිබුණද ...
දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ම ඇති ප්රශ්නය කුමක්ද යන්න ව්‍යාජ ප්‍රශ්නයක් වන්නේ ඇයි? බව Image: Francesca Woodman, “House #3”, Providence, Rhode Island, (1976) මෙම ප්රශ්නය මගින් යෝජනා කරන ආකාරයට දෙමළ ජාතික අරගලය පදනම් වන්නේ මෙවැනි තර්කයක් මතයි. පළමුවෙන් සිංහලයන් අතින් දෙමළ ජනතාවට අසාධාරණයන් සිදු වී තිබේ. ඉන් පසුව ඒවාට විරුද්ධව දෙමළ ජනතාව සටනක් ආරම්භ කරයි. නමුත් දෙමළ ජනතාවට එරෙහිව සිංහලයන් විසින් කර තිබෙන අසාධාරණයක් නොමැති වන්නේ නම්, දෙමළ ජනතාවගේ අරගලය මුළුමනින් අර්ථ විරහිත ...
‘ජාතික ජන බලවේගයට’ අප සහය දෙන්නේ ඇයි? බව සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියන්නේ නම් අප ‘ජේවීපී කාරයන්’ නොවේ. ඒ වුවත් මෙවර තිබෙන්නේ අතිශය ඓතිහාසික මැතිවරණයක් බවත්, ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මූලික කාර්යයක් කරන ජාතික ජනබලවේගයට අප කොන්දේසි විරහිතව සහය දිය යුතු බවත් අපි සිතමු. මෙයට හේතුව තේරුම් ගැනීම සඳහා අපේ රටේ දේශපාලනය දැන් තිබෙනා තත්වය කුමක්ද කියා අප පැහැදිළි කර ගත යුතුය. අප සිතනා ආකාරයට එය ...
මගේ ලෝකයේ කරුණුමයභාවය බව Image: detail from the cover image in Nalin de Silva’s “මගේ ලෝකය” by Shantha K. Herath මට දැන ගත හැක්කේ මට සාපේක්ෂ දේ පමණි. එම නිසා බාහිර ලෝකය, අනෙකුන්ගේ පැවැත්ම ආදිය මට සිතිය හැක්කේ මට සාපේක්ෂව පමණි. මම නැති නම් ‘ඒවා’ ලෙස නම් කළ හැකි කිසිවක් තිබෙන්නේ ද කියා හෝ මට කිව නොහැක. ‘මම’ යනුවෙන් නම් කරන්නේ කුමක්ද යන්න ...
මෙයසියානුවාදය – කෙටි හැඳින්වීමක් බව මෙයසියානුවාදය යනු – තවත් දේ අතර – විඥානවාදය නම් දාර්ශනික ස්ථාවරයට එරෙහිව භෞතිකවාදය වෙනුවෙන් පෙනී සිටීමට ගන්නා සමකාලීන දාර්ශනික උත්සාහයකි. විඥානවාදය විසින් ඉදිරිපත් කරන්නේ ඉතාම සරල අභියෝගයකි. ප්‍රශ්නයක ආකෘතියෙන් එය ලියුවහොත් එය මෙසේය: මනසින් තොරව යථාර්ථයක් තිබෙනවා යන්න මනසින් තොරව පෙන්වා දිය හැකි ද? විඥානවාදයේ තර්කයට අනුව එය කළ නොහැකි වන්නේ අප සිතනා සියල්ල මනස අභ්‍යන්තරයේ සිට පමණක් සිතනා ...
නිර්මාල්ගේ අවධානයට විවෘත සටහනක් බව Image: Jagath Weerasinghe, “Yantra Gala and the round pilgrimage”; installation comprising oil on canvas with collage, wood, resin, unfired clay, gold leaf, wheat, earth (1999) (1) ජාතිය සම්බන්ධ අදහස සම්බන්ධයෙන් අපේ රටේ සාමාජීය විද්‍යාවන් හී ආධිපත්‍යධාරී තිසීසය වන්නේ එය 19 වැනි සියවසේ ගොඩනැංවීමක් බවයි. මෙම ගොඩනැංවීම්වාදය 80 දශකයේ නැග ආ පශ්චාත්නූතනවාදයන් වල දාර්ශනික අර්ථකථය සම්බන්ධ තරමක් ඌණිත කියවීමක් මත ...
ලිබරල්වාදය සහ එහි ඓතිහාසික අපහසුව බව Image: Jeff Wall, ‘After “Invisible Man” by Ralph Ellison, the Prologue’, (1999-2000) ලිබරල්වාදය ඓතිහාසිකව ගොඩ නැගෙන්නේ වහල් සේවය යුක්තියුක්ත කරන ඓතිහාසික සන්දර්භයක සිටයි. ජෝන් ලොක්, ජෙරමි බෙන්තම්, ජෝන් ස්ටුවර්ට් මිල් ඇතුළු සකලවිධ ලිබරල්වාදී චින්තකයන් මේ ඓතිහාසික දෛවයෙන් ගැලවෙන්නේ නැත. නිදහස, ප්රජාතන්ත්රවාදය, රාජ්‍යයේ අධිකාරිවාදී බලයට එරෙහි වීම අවධාරණය කරන ලිබරල්වාදී චින්තකයන් ඒ සමගම වහල් සේවය, ඇදහිය නොහැකි ශ්‍රම කොන්දේසි යටතේ ...
කරුණුත්වයේ මූලධර්මය 2022 බව Images: Bandu Manamperi’s performance, at the “Theertha Performance Platform – 2022”. Photographed by Vasantha Wakkumbura කොන්ටෙන් මෙයසූ ගේ චින්තනය සම්බන්ධයෙන් අප ගොඩනගන්න උත්සාහ කළ ලාංකික සංවාදයේ පළමු පියවර අවසන් වූයේ අර්ධ සාර්ථකත්වයකිනි. එම පළමු පියවරේ දී නලින් ද සිල්වා ගේ සිතීම තුළ ‘නිවන’ යන වචනය මගින් ඉටු කරන භූමිකාවේ සීමාව පෙන්වා දීමට අපට හැකි විය. සංක්ෂිප්ත වශයෙන් අපට එය ...
‘නෝ’ නාට්‍ය පිළිබඳ, බුදුදහම තුළින් සාංදෘෂ්ටික සිතා බැලීමක් බව Masks displayed at the Kamakura Noh Theatre in the town of Kamakura, Japan Photo: AFP පෙරදිග රංග කලාවේ සුප්‍රසිද්ධ ජපන් නෝ රඟහල යනු නාට්‍ය ලෝකයේ ඉතාමත් උත්කෘෂ්ඨ සම්ප්රදායයන්ගෙන් එකකි. සරලව අර්ථ ගන්වන්නේ නම් නෝ නාට්‍යයන් හි සාරගර්භ අන්තර්ගතය සඳහා පසුබිම සකස් වන්නේ බුදු දහම මූලික වූ වපසරියක, පැවැත්ම පිළිබඳව ගොඩනැගෙන දාර්ශනික තර්කනය වස්තුබීජය කරගෙනය. එබැවින් මෙම නාට්‍ය කලාත්මක සහ ...
අයවැය, වම සහ දර්ශනය බව Image: Marcel Duchamp, “Stripped Down Cigarette Tobacco”; gelatin silver print [1936] මෙවර අයවැය සම්බන්ධයෙන් වාමවාදී ආර්ථික විශ්ලේෂකයන් ඉදිරිපත් කරන නිරීක්ෂණ සහ නිගමන සාරාංශ වශයෙන් ගත් විට මෙසේය. * මෙවර කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදල වන රුපියල් බිලියන 115 යනු 17% ක අඩු කිරීමකි. ධීවර අමාත්‍යාංශයට බිලියන 6.5 ක මුදල පසුගිය වසරේ තිබූ ප්‍රමාණයම වේ. මේ අනුව මෙරට ආහාර ...
මාලි අල්මේදාගේ සඳ පෑයූ රාත්‍රීන් හත බව ෂෙහාන් කරුණාතිලක ගේ ‘The Seven Moons of Maali Almeida’ නවකතාව දෙස අපේ රැඩිකල් හිතවතුන් සැකයෙන් බලන්නේ නම් එය එතරම් අසාධාරණ නොවේ. ‘බුකර් සම්මානය’ නමැති දරා ගැනීමට අපහසු උරචක්‍ර මාලයේ බරින් පීඩාවට පත්ව ඇති මෙවැනි කෘතියක් කියවීම යනුම අප ‘දෙන ලද දෙය’ වෙත යටත් වූවා යන්න නිවේදනය කරන සංඥාවක් නොවේද? සැකයකින් තොරවම මේ නවකතාවේ ප්‍රධාන චරිතය වන මාලි අල්මේදා මේ ...
‘‘හත්පෙති මල’’ නාට්‍ය උළෙල පිළිබඳ විමසුමක් බව පර්යේෂණ මූලික නාට්‍ය උළෙලක් ලෙසින් ‘හත්පෙති මල‘ නාට්‍ය උළෙල රංගගත කිරීමට චාමික හත්ලහවත්ත ඇතුළු අනෙකුත් ළමා නාට්‍ය කරුවන් හට පසුගිය ඔක්තෝම්බර් 28 දින ලයනල් වෙන්ඩ් රගහලේදී අවකාශය උදාවිය. මෙරට ළමා නාට්‍ය කලාව පර්යේෂණාත්මකව, ළමා මනස හඳුනා ගනිමින්, විවිධ රංග අභ්‍යාස උපයෝගී කරගනිමින් පැවතගෙන ආ අතර එය විධිමත් පර්යේෂණාත්මක ආකෘතියකට හසුකරගැනීමට හත්පෙතිමල නාට්‍ය උළෙලේ සංකල්පය මගින් චාමික හත්ලහවත්ත උත්සාහ ගෙන ...
දේශපාලනයේ සුර-අසුරවාදයට එරෙහිව බව Edvard Munch, “Inheritance”; oil on canvas (1897/99) ජවිපෙ සහ පෙසප ගෝරිය දෙස බලා සිටිනා බොහෝ දෙනෙක් ගේ පොදු අදහසක් වන්නේ මෙය අතිශය අවාසනාවන්ත තත්වයක් බවත් ‘සැබැවින්ම විය යුත්තේ’ මේ පක්ෂ දෙක එකතු වී ‘සැබෑ සතුරාට’ එරෙහිව සටන් කිරීම බවත් ය. එක්තරා අර්ථයකින් අප මුළුමනින්ම විරුද්ධ වන දේශපාලන ස්ථාවරය වන්නේ මෙයයි කියා සිතමු. මේ ස්ථාවරය අවසානයේ දී පදනම් වන්නේ ප්‍රමාණවත් ...
‘ජීවිතේ අර්ථය’ සහ ‘සෙල්ලම්’ බව Image taken from the internet ‘සෙල්ලම්’ කියන්නේ සාමාන්‍යයෙන් බැරෑරුම් දේවල් වල ප්රතිපක්ෂය කියල අපි තේරුම් ගන්නේ. මේ ඓතිහාසික බෙදීම අඩුම තරමේ ඇරිස්ටෝටල් දක්වා යනවා. නමුත් ඇරිස්ටෝටල් දැකපු දෙයක් තමයි සෙල්ලම් සහ බැරෑරුම් දේවල් අතර තියෙන පුදුමාකාර සමානත්වය. මේ සමානත්වය පදනම් වෙන්නේ ‘සතුට’ කියන අදහස මත. ජීවිතේ සතුටක් තියෙන්නේ අපි අත්දකින දේවල් වලම නෙමෙයි. අපි ආස කරන දේවල් ලැබෙන එකෙන් ...
නිර්මාල්වාදය – මෙයසියානු කියවීමක් බව [Image: Ron Mueck “Chicken / Man”; mixed media, collection of Christchurch Art Gallery Te Puna o Waiwhetū (2019)] දේශපාලනික යථාර්ථය පදනම් වන පරමත්වය ‘ප්රජාතන්ත්රවාදය’ ලෙස නම් කරයි. එමගින් නියෝජනය කරන්නේ වෙනස් වී යා නොහැකි අනිවාර්යයතාවයයි. ‘ප්රජාතන්ත්රවාදය’ අධිකාරීවාදී පාලනයක් මගින් යටපත් කිරීමේ උත්සාහයන් තිබිය හැකිය. නමුත් එවැනි අධිකාරීවාදී සැකැස්මක් සෑම විටම පවතිනු ඇත්තේ ප්රජාතන්ත්රවාදයේ ආපසු පැමිණීමේ ‘අනතුරට’ යටත්වයි. මෙයට හේතුව ...
බටහිර මාක්ස්වාදය ගැන ජිජැක් ගේ කියවීම – සටහන් බව Image: Nicolas Baier, “Astérisme II”; steel, acrylic (2017) පහතින් තිබෙන්නේ බටහිර මාක්ස්වාදයේ ගමන්පථය සම්බන්ධයෙන් ජිජැක් ගේ අර්ථකථනයක් අපගේ සාමූහික අධ්‍යයනයන් වෙනුවෙන් සාරාංශ කළ සටහනකි. ෆේස්බුක් එකෙන් ‘දැනුම ලබා දීමේ’ අදේශපාලනික ඔට්ටු ඇල්ලීම අප අත්හැර තිබෙන්නේ වුවත් (සැබෑ ප්‍රශ්න හමුවේ ෆේස්බුක් ලෝකයේ හමුවන සුන්දර මිනිසුන් හැසිරෙන්නේ කෙසේද කියා අප ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබේ), මේ සටහන් මෙතනත් බෙදා ගත යුතුය ...
ගැලවුම්කරුවා එනකං: ගොඩෝ සහ දියසේන සංකල්පයන් පිළිබඳ විමසීමක් බව Retrieved from https://www.pinterest.com/pin/454511787363951356/ රට දැය සමය වැනසීමට ලක්වේ නම් ඊට පුනර්ජීවනයක් ලබාදීමට පහල වන ගැලවුම්කරුවකු පිළිබඳ ගුප්ත විශ්වාසයක් අප ජන සමාජයේ මුල් බැසගෙන තිබේ. ජන සම්මතයට අනුව ඔහු හැඳින්වෙනුයේ ‘දියසේන කුමාරයා’ යනුවෙනි. විශේෂයෙන් බුදු සසුනේ පිරිහීම් ලක්ෂණ දුටු විට, රට තුල යුධමය තත්වයන්, සාගින්න, ජනවාර්ගික අර්බුධ, වසංගත හා ආර්ථික කඩා වැටීම් ආදී තත්ත්වයන් හේතුවෙන් රට ආරාජික වූ විට රට ...
ගණිතමය සිතීමක හෛඩෙගරියානු විපරම බව Image: T. P. G. Amarajeewa, “Don’t Measure Me” ගණිතමය සිතීම බොහෝ විට අප හඳුනාගන්නේ වියුක්ත සංකල්ප රාශියක් සමග කරන තර්කානුකූල ගනුදෙනුවක් ලෙසටය. නමුත් අප විශේෂයෙන් ගණිතය පිළිබඳව න්‍යායාත්මක ගනුදෙනුවක නොසිටින අවස්ථාවකත්, ගණිතය ගැන නොගැඹුරු සංවාද වල යෙදෙනවිටත් අප සිටින්නේ මෙම උක්ත තර්කානුකූල ගනුදෙනුව තුලමද? එවැනි න්‍යායාත්මක ප්රවේශයන්ගෙන් වෙන්ව බලන අවස්ථා සියල්ලකම පාහේ ගණිතය ලෙස අපට සම්මුඛ වන්නේ ගණිතය තුලින්ම ...
සිදුවීම සහ සත්‍යය බව ඇලේන් බදියු ගේ දර්ශනයේ ප්‍රකටම සංකල්පය වන්නේ ‘සිදුවීම’ (‘event’) යන්නයි. මෙම සංකල්පයේ ඉතාම සරල අර්ථය වන්නේ දෙන ලද ඓතිහාසික අවස්ථාවක වියහැකිභාවයක් ලෙස පූර්වයෙන් හඳුනා ගත නොහැකි යමක් උත්පාද වීමයි (බදියුට අනුව මෙවැනි සිදුවීම් ඇතිවිය හැක්කේ ‘ඓතිහාසික අවස්ථාවන්’ වල මිස ‘ස්වභාවික අවස්ථාවන්’ වල නොවේ – මෙය බදියු සහ මෙයසූ අතර තීරණාත්මක වෙනසක් බව මෙහිදී සටහන් කිරීම අපට වැදගත් වෙයි). තාක්ෂණික ...
හේගල් ගේ දිගු උපුටනයක් බව අපට අවශ්‍ය වන්නේ ඉතිහාසය පිළිබඳව චිත්‍රය බෙහෙවින් සංකීර්ණ කිරීමටයි. අපේ දේශපාලන අනාගතය සඳහා මෙය අත්‍යවශ්‍ය වනවා කියා අපි කියමු (ඒ සඳහා අවශ්‍ය එකම දේ මෙය කියා අප මින් අදහස් නොකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ). මේ සඳහා අපි පළමුවෙන් හේගල් ගේ ගේ “Lectures on the Philosophy of History” පොතෙන් තරමක දිගු උපුටනයක් සලකා බලමු. ස්ලැවෝයි ජිජැක් ගේ ජනප්‍රිය දර්ශනය ...