“Metaphysics” යනු කුමක්ද? බව ඡායාරූපය නලින් ද සිල්වා මහතා ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී ‘පාරභෞතික විද්‍යාව’ ලෙස සිංහලට දැමිය හැකි metaphysics යන වචනය ලංකාවේ බොහෝ දෙනෙක් වැරදියට තේරුම් ගන්නා වචනයකි. මේ සඳහා තිබුණු ඉතාම නරක ආකාරයේ පරිවර්තනයක් වූයේ මෙය ‘මනස්ගාත’ වනවා යන්නයි. එයට අනුව භෞතික ලෝකය (physical world) ගැන මනසින් සිතා ගන්නා දේ පාරභෞතිකවේදය (metaphysics) වෙයි. නමුත් metaphysics යන්න සඳහා තිබෙනා මේ ...
රනිල්ගේ ජාතිය බව Image: NV, Night Vater, 2019; performance, video, photographs, installation. Directed by Paul McCarthy and Damon McCarthy. Photo: Alex Stevens පාර්ලිමේන්තුවේ නව සභාවාරය විවෘත කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජාතික රූපවාහිනී විකාශය පුරා ‘පාර්ලිමේන්තු සම්ප්‍රදායන්’ පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා කියා පෙනී යයි. ඒ අතරතුර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදු කළ පැරණි වාර්තා වැඩසටහනක් ද විකාශය කෙරිණි. එනිසා මේ තිබෙන්නේ එම සජීවී ...
දේශපාලනයේ නිෂ්ටාව ආදරය කියා සිතීම අනතුරුදායක වේ! බව අප සිතනා ආකාරයට මෙය 90 දශකයේ රොහානියානු සහ X දේශපාලන කතිකාවේ හානිකර උරුමයකි. ‘ආදරය’ මිනිසාගේ පැවැත්ම සම්බන්ධයෙන් අතිශයින් කේන්ද්‍රීය ප්රපංචයක් කියා පිළිගැනීමේ කිසිදු අපහසුවක් නොමැති වුවත් එය දේශපාලනය සම්බන්ධයෙන් අදාළ වන ප්රවර්ගයක් නොවේ. එහිදී, සැකයකින් තොරවම, කේන්ද්‍රීය වන්නේ ‘යුක්තිය’ යන ප්‍රවර්ගයයි. අපට අවශ්‍ය වන්නේ හැමෝටම ආදරය කරන ලෝකයක් නොවේ. සත්‍ය වශයෙන්ම මේ ලෝකයේ සෑම කෙනෙකුටම ආදරය කරනවා යනු විකාර ...
ඉතිහාසය ප්‍රගතිය වෙත යන්නේ ද? බව Image: Maurizio Cattelan. “All”, 9 sculptures, white Carrara marble “P”, 29.8 x 100.3 x 198.1 cm. (2008) ‘ඉතිහාසය’ පිළිබඳව ප්රශ්නය අදාළ වන්නේ අපේ අනාගතය කුමක් විය යුතු ද කියා තීරණය කිරීමේ දී ය. තරමක් සරල ලෙස අපට එය මෙවැනි ප්‍රශ්නයක ආකෘතියෙන් ලියා තැබිය හැක: ඉතිහාසය ප්‍රගතිය වෙත යන්නේ ද? නිදර්ශනයක් ලෙස ලංකාවේ අනාගතය යහපත් විය හැකිද යන ප්‍රශ්නයට පිළිතුරක් ...
හේගල්ගේ ඉතිහාසය සහ අපේ අනාගතය බව හෙට ජනාධිපති වන්නේ කවුද කියා අප දන්නේ නැත. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය අවකාශය තුළ හඬ නැගීමෙන් සිදුවන බලපෑම එතරම් තීරණාත්මක වනවා කියා අපට සිතෙන්නේ ද නැත. මෙය තීරණය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ මිනිසුන් කවුරුන් වුවත් මෝඩයන් නොවනවා කියා පිළිගැනීමට අපට සිදු වෙයි. ඉතාම වරප්රසාදිත පවුලකින් එන කෙනෙක් නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වීම සඳහා හොඳ ‘ගේමක් ගැසීමට’ හැකියාවක් තිබිය ...
ජවිපෙ/ පෙසප බෙදීම පසුබිමේ තබා ලියූ සටහනක් බව Image: Brice Marden, “Cold Mountain 3”, (1989/91) පෙසපය සහ ජවිපෙ අතර තිබෙනා බෙදීම විවෘතව සාකච්ඡා කළ යුතු වන්නේ එය මේ වන විටත් අප සියලු දෙනාගේ පොදු ප්‍රතිවාදියා විසින් ඉතා හොඳින් යොදා ගැනෙමින් තිබෙනා නිසාය. එසේ යොදා ගැනීම සම්බන්ධයෙන් ජවිපෙ සහ පෙසප සවිඥානික වනවා ද යන්න එතරම් වැදගත් වනවා කියා අප සිතන්නේ නැත. වැදගත් වන්නේ, එය යොදා ගැනෙමින් තිබෙනවා යන ...
විප්ලවය දා රැය පහන් වන අතර බව යුද්ධය නිමා වුන දිනය මට මතක් වේ. මහමඟ පිපුරුණ කන් දෙදරුම් කන රතිඥ්ඥා හඬ මට මතක් වේ. කිරිබත් කා ඔල්වරසන් දුන් ජනයා මට මතක් වේ. මහින්ද රාජපක්ෂ දුටුගැමුණු කිව්, ඔහුට මහරජාණනි කිව් ජනයා මට මතක් වේ. යුද්ධය අවසන් වීමෙන් පසු මහින්ද රාජපක්ෂගේ යෝධ බල යෝධ සංවර්ධනය ගැන උදම් ඇනූ ජනයා මට මතක් වේ. හයිවේ,එයාපෝට් විවෘත කරන විට ඔල්වරසන් දුන් ...
තෙල් පෝලීමේ සිට අමරසේකර කියවීම බව Image: Lissa Rivera “Green Corridor” (2017) 1988 වසරේ පල වූ ගුණදාස අමරසේකර ගේ ‘ගල් පිළිමය සහ බොල් පිළිමය’ කෙටි කතාවේ කේන්ද්‍රීය උපමාව තේරුම් ගැනීමට අපහසු එකක් නොවේ. පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමය අසලින්, ඒ ආකෘතියට තැනවූ නව පිළිමයක් තැන්පත් කිරීම වටා මේ කෙටි කතාව දිව යයි. නව පිළිමය මුල් පිළිමයේ අනුරුවක් වුවත් – එසේත් නැතිනම්, එය අනුරුවක් වන ...
කර්මය සහ ආර්ථික අර්බුධය බව Image: Jagath Weerasinghe, “Long Necked Man”; Acrylic on Paper (1992) ජීවිතයට උරුම වන දුකක් තිබෙනවා කියා පිළිගැනීම අපහසු නොවේ. අප ආදරය කරන මිනිසුන් මිය යයි, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙයි, වෙනත් මිනිසුන් සමග එක්ව සිදු කරන වැඩ අසාර්ථක වෙයි, මිත්‍රත්වයන් පාවා දීමට ලක් වෙයි. නමුත් තවත් අතකට මේ ජීවිතයේ තෘප්තියක් ද තිබේ. අප සතුටු වෙන, විනෝද වෙන, විඳින මොහොතවල් ද ...
අරගලයේ ආත්මය බව [ඡායාරූපය ගෝඨාගෝගම පරිශ්‍රයේ මුල්ලිවයික්කාල් සැමරුමේ මොහොතකි – ෆේස්බුක් හී පල වී තිබුණි.] මෙවැනි දේ දැන් පවත්නා දේශපාලන සාකච්ඡාව සඳහා ඍජුව අදාළ වනවා කියා එක්වරම නොපෙනී ගිය ද සමහර සරල කරුණු මෙවැනි සන්දර්භයක සටහන් කර තිබීම වැදගත් වෙයි. දැවැන්ත දේශපාලන මොහොතක් අප පසුකරමින් සිටිනා නිසා මෙවැනි අවස්ථාවන් වලින් පසුවා මේවා දෙස පසුවිපරමක් කිරීමට සමහර මූලික සංකල්ප වැදගත් වෙයි. ආත්මය යන ...
සමාජවාදය සහ පශ්චාත්නූතනවාදය බව පැරණි මාක්ස්වාදයේ තිබු කේන්ද්‍රීය අදහසක් වන්නේ ඉතිහාසය යම් යම් ‘අවධි’ (‘stages’) පසුකරමින් යනවා යන අදහසයි. මෙම අදහසේ දාර්ශනික මූලය තිබෙන්නේ සවිඥානිකත්වය අනුභූතික දැනුමේ සිට විවිධ අවධි පසුකරමින් පරම දැනුම වෙත ගමන් කරනවා යන හේගලියානු ප්රවාදයයි. මින් අදහස් වන්නේ මාක්ස් සහ හේගල් අතර සම්බන්ධය මෙවැනි ව්‍යුහාත්මක සමානකමක් වෙත ඌණනය කළ හැකි බව නොවේ. සැකයකින් තොරවම මාක්ස් හේගලියානු දර්ශනයෙන් කණ්ඩනය වීම ...
මළවුන්ට යුක්තිය බව කණාගාටුවෙන් වුවද ජෙහාන් අප්පුහාමිගේ අව්‍යාජ අභිවහන ක්‍රියාවලියේ අවසානය සනිටුහන් කරන මොහොතේ එම ස්ථානයේ සිටීමට නොහැකි වීම අරගලය තුළ ලැබිය හැකි අත්දැකීම් අතරින් ඉතාම වටිනා කොටසක් අහිමි වීමකි. අපගේ ජීවිතවල සිතිජය අර්ථවිරහිතත්වය වන විට මෙවැනි ආකාරයේ අභිවහන ක්‍රියා මගින් එදිනෙදා ජීවිතයේ බොළඳ කතාවෙන් වැසී පවතින මෙම සිතිජිය අපට නිරාවරණය කරයි. එම අර්ථයෙන් ජෙහාන්ගේ මෙම වෑයම අතිශය ආකර්ෂණීය වන වා සේම ...
අරගලයේ ප්රපංචවේදය බව පහතින් තිබෙන්නේ ඇලේන් බදියු ගේ ‘The Rebirth of History’ පොතේ උපුටා ගැනීමක සිංහල පරිවර්තනයකි. මෙය මෙහි දමන්නේ ගෝල්ෆේස් උද්ඝෝෂණයට ‘කොමියුනිස්ට්වාදී’ ලේබල් එකක් ඇලවීම වෙනුවෙන් නොවේ. කොහොමත්, බදියු මෙහි ‘කොමියුනිස්ට්වාදය’ ලෙස නම් කරන්නේ තරමක් තාක්ෂණික අදහසකි – එය මිනිසා ගේ පැවැත්ම සත්භාවවේදී ලෙස ප්රකාශමාන වෙන මොහොත පිළිබඳව බදියානු පාරභෞතික විද්‍යාව ඇසුරින් තේරුම් ගත යුතුය. නමුත් මේ මොහොතේ දී වැදගත් වන්නේ ...
කරුණු කීපයක් සහ ඉක්මන් සමපේක්ෂණයක් බව ඇති වී තිබෙන්නේ තවදුරටත් ආණ්ඩුවට – සත්‍යය වශයෙන්ම රාජ්‍යයට – පාලනය කළ නොහැකි නවීනත්වයක් බව පැහැදිළි වේ. මෙහි එක් නායකයෙක් නැත. මෙය එක මූලාශ්‍රයකින් උත්පාද නොවේ. වාම පක්ෂ සහ සංවිධාන මෙහි සංවිධාන මට්ටමින් සම්බන්ධ බව පැහැදිළි වුවත් මෙහි රැඩිකල් ස්වේච්ඡාවාදයක් තිබේ. මෙහි සිටිනා බොහෝ දෙනා සම්බන්ධ වී සිටින්නේ සිය කැමැත්තෙන් සිදුකරන ක්‍රියාකාරී මැදිහත්වීමක් ඔස්සේ අත්පත් කරගත හැකි දේශපාලන පරිවර්තනයක් ...
යුද්ධය සහ ඡායාරූප කලාව බව Dmitri Baltermants, ‘Grief’,1942 යථාර්ථය කරුණුමය වේ යන්නෙහි එක් අර්ථයක් වන්නේ තිබෙනවා කියා අපට කුමන හෝ ආකාරයකට ගත හැක්කේ අපට පොදුවේ එකඟතාවයක් ඇති කරගත හැකි දේ පමණි යන්නයි. එම නිසා. නිදර්ශනයක් ලෙස, ‘නාථ දෙවියන්’ පිළිබඳව පොදු කතිකාවේ එකඟතාවයට අනුව ඒ කරුණුමය පැවැත්මක් කියා අප පිළිගැනීමට පැකිලිය යුතු නැත. මින් අදහස් වන්නේ යම් යම් නිශ්චිත චාරිත්‍ර, පුද පූජා ආදී දේ සිදුවන ...
බුදු දහම ගැන දැන ගැනීමට ඇති ඓතිහාසික මූලාශ්‍ර බව Image: Stephen Prina, “As He Remembered It”; acrylic enamel on PU coating on popular plywood, linen and metal, (2011) බුද්ධාගම සඳහා අපිට තියෙන මූලාශ්‍ර මොනවාද? කාටහරි බුද්ධාගම ගැන දැනගන්න ඕන නම් කොහොමද දැන ගන්නේ? මේක බරපතළ, වැදගත් ප්‍රශ්නයක්. රිචඩ් ගොම්රිච් බුද්ධාගමට පක්ෂපාතී තැනක ඉන්න ඉතිහාසඥයෙක්. මුල් බුදු සමය පිළිබඳ ප්‍රාථමික මූලාශ්‍ර ලෙස අශෝක අධිරාජ්‍යයාගෙන් පස්සේ හමුවන ශිලා ලේඛන ගන්න ...
ඉතිහාසය දර්ශනයේ අභ්‍යන්තර ගැටලුවක් ලෙස බව අප සිටින්නේ ඉතිහාසය පිළිබඳව නව සිතීමක් මුවදොරේ කියා තේරුම් ගැනීම අපහසු නොවේ. සැකයකින් තොරව ‘ඉතිහාසය’ යනු පරම වූ සබුද්ධිකත්වයේ ප්රකාශමාන වීම යන හේගලියානු ස්ථාවරය වෙනුවෙන් දාර්ශනිකව පෙනී සිටීමට අපට තවදුරටත් නොහැක. එවිට අපට ඉතිරි වන්නේ අපේ අනාගතය අවසන් වීමට නියමිත පරිමිතත්වයක් ලෙස පිළිගෙන එම සීමිත අනාගතය ගත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අපට තිබෙනා ඓතිහාසික උරුමය සමග විවෘතව අනන්‍ය වීම ...
බුදු දහම සහ ජෛන ආගම – ඓතිහාසික සබඳතා ගැන බව Rodney Graham, Rheinmetall-Victoria 8, 2003, 35mm film (color, silent; 10.50 min.) and Cinemeccanica Victoria 8 film projector බුද්ධාගම යනු එක් ආකාරයට ජෛන ආගම අනෙකා කරගෙන ඊට එරෙහිව එල්ල කළ ප්‍රතිචාරයක අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස දක්වන්න පුළුවන්. අවසාන විග්රහයේදී බුදුන් විසින් ජෛන ආගමේ එන සංසාරය, කර්මය සහ අහිංසා පිළිබඳ අදහස් තවදුරටත් වර්ධනය කරමින් බුද්ධාගම ගොඩණැංවූ බව පැහැදිලි වෙනවා. කර්ම සඳහා ක්‍රියාව ...
ආගමිකයා, නිරාගමිකයා සහ දාර්ශනිකයා බව Image: Hanna and Klara Liden, Untitled (Sisters); digital c-print, (2006) ආගමිකයා යෝජනා කරන්නේ අපේ ජීවිතය ගැන වඩාත් සාර්ථක පැහැදිළි කිරීම වන්නේ එය කර්මය නම් වූ ක්‍රියාවලියක් නිසා අකණ්ඩව, විවිධ ආත්ම භවයන් වලට මාරු වෙමින්, අනවතර ඉපදීමක් සහ මරණයක් ලෙස දුක් විඳිනා චක්රයක සිරවී තිබෙනා ‘සිතුවිලි පරම්පරාවක්’ වන බවයි. නිරාගමිකයා යෝජනා කරන්නේ මෙවැනි නැවත ඉපදීමක් අපට අනුභූතිකව තහවුරු කර දිය ...
‘කර්මය’ පිළිබඳව අදහසේ ඓතිහාසික සන්දර්භය බව Image: Rebecca Belmore, ‘untitled #2 (como in cielo cosi in terra)’, 2006 (two digital prints mounted on omegabond) “කර්මය” කියන වචනය එන්නේ මූලික වශයෙන් “ආත්මය” (Ātman – self, soul) කියන වචනයත් එක්ක. ඓතිහාසික කතිකාවේ අපට මෙය මුලින්ම හමුවන්නේ පූර්ව බෞද්ධ, බ්‍රාහ්මණ යුගයේ බ්රිහඩ්-ආරඣ්ඣක උපනිෂද් (Brihadaranyaka Upanishad ක්‍රි.පූ. 7 – 6 සියවස) තුළයි. එහි අර්ථභාග නම් ප්‍රශ්න විචාරකයාගේ ප්‍රශ්නයට පිළිතුරු ...