දර්ශනය සහ නිරාගමිකවාදය බව රූපය: Jean-François Millet, “The Angelus” (1857-1859) දර්ශනය පිළිබඳව සංවාදයක් ආරම්භ කිරීමේ තීරණාත්මක අභියෝගයක් වන්නේ මෙය ‘නිරාගමිකවාදයෙන්’ වෙනස් වන්නක් බව පෙන්වා දීමයි. අපගේ මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්ද යන ප්‍රශ්නයට *දාර්ශනිකයන් ලෙස* අපට සත්‍ය වශයෙන්ම පිළිතුරැ දිය නොහැක. සැකයකින් තොරවම, මේ සම්බන්ධයෙන් අප සැමට විවිධ මත (opinions) තිබේ. අපගේ සියලු අදහස් දාර්ශනික නිගමන නොවේ. නිදර්ශනයක් ලෙස ‘බටහිර ඉවුරේ දර්ශනය’ ව්‍යාපෘතියට සම්බන්ධ ...
දර්ශනයේ භූමිකාව ගැන සටහනක් බව Image: Uditha Chirantha, untitled, from the Facebook album ‘pictures from the old world’, (2024) දර්ශනය යනු ආගම සහ නිරාගමිකවාදය යන ඓතිහාසික විවාදයේ පාර්ශව දෙකෙන් එකක් තෝරා ගැනීම ප්‍රතික්ෂේප කරන තුන්වැනි තෝරා ගැනීමකි. ආගම සහ නිරාගමිකත්වය අතර මරණයෙන් පසු සිදුවන දෙය පිළිබඳව විවාදය අවසන් වන එකක් නොවේ. මෙයට හේතුව වන්නේ ඔවුන්ගේ ගේ සිතීමේ වස්තුව සිතීමෙන් අනේකත්වයක් වීමයි. එම නිසා දර්ශනය ...
සියදිවි නසා ගැනීම බව ඇල්බෙයා කැමූ ප්‍රකට ලෙස පෙන්වා දෙන කරුණක් මෙසේය: වැදගත්ම දාර්ශනික ප්රශ්නය වන්නේ අප සියදිවි නසා නොගන්නේ ඇයිද යන්නයි. සියදිවි නසා ගැනීම යනු සංකීර්ණ තීරණයකි. එයට ප්‍රධාන බාධාව වන්නේ මිනිසත් බවේ ඇති අත්‍යන්ත වටිනාකමයි. මිනිසත් බවේ වටිනාකම වටහා ගැනීමට කෙනෙක් දාර්ශනිකයෙක් විය යුතු නොවේ. එක්තරා අර්ථයකින් එය අප සතු වටිනාම දෙය කියා අපි දනිමු. එය අපේ ‘අප’ යන්නමයි. නමුත් දාර්ශනිකයන් ...
සිනමාව ගැන රොන්සියර්ගේ සිතීම බව පහතින් තිබෙන්නේ පසුගිය ඉරිදා බේලා ටාර් ගේ “Damnation” චිත්‍රපටිය ප්‍රදර්ශනයෙන් අනතුරුව ඒ පිළිබඳව සාකච්ඡාව සඳහා අප සකස් කළ සටහනයි. මෙයට පාදක කර ගන්නේ ජාක් රොන්සියර් ගේ “Bela Tarr, Time After” නම් කෘතියයි. සිනමාව ගැන තරමක් ගැඹුරින් අධ්‍යයනය කිරීමට කැමති සියලු දෙනාට මෙය කියවීමට සහ මෙයට අදාළ වීඩියෝව නැරඹීමට ආරාධනා කරමු. එන ඉරිදා මෙම සාකච්ඡාවේ මීළඟ පියවර පැවැත්වෙයි. එහිදී බේලා ...
යුක්තිය බව යුක්තිය යන සංකල්පය පශ්චාත්නූතනවාදී දර්ශනවාදයන් තුළ ප්‍රතික්ෂේප වන්නේ, අන් සෑම දෙයක් හා සම ලෙස, යුක්තිය යන්න ද සාපේක්ෂ වනවා යන තර්කයෙනි. එක්කෙනුකට යුක්තිය වන දේ තවත් කෙනෙකුට අයුක්තිය විය හැක. එවිට යුක්තිය යනු කුමක්ද කියා තීරණය කරන පරම පදනමක් අපට නැත කියා පශ්චාත්නූතනවාදියා කියයි. නමුත් මෙය යුක්තිය පිළිබඳව සිතීමේ වැරදි ප්රවේශයකි. පළමුවෙන් අප කිව යුත්තේ යුක්තිය යනු ඥානවිභාගාත්මක ගැටලුවක් ...
ආර්ථිකවාදයට එරෙහිව බව ‘යහපත’ යන අදහසේ ඓතිහාසික ගැටලුව වන්නේ එය පොදු සමාජ සම්මුතියක් පමණක් ද යන්නයි. ආගමික විශ්වාසයන් තුළ මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැත. එහිදී යහපත ලෙස ගැනෙනා අවසානය (ස්වර්ගය, නිවන) කිසිදා සමාජ සම්මුතියක් කියා සැලකෙන්නේ නැත. ඒ වෙනුවට එය සත්භාවවේදී සත්‍යයකි. එය මේ ලෝකයේ අවසාන සුවයයි. නමුත් මෙවැනි ආගමික විශ්වාසයකින් බාහිරව සිටින කෙනෙක් සඳහා ‘යහපත’ සත්භාවවේදී සත්‍යයක් ලෙස ගත හැකිද? දර්ශනයේ ...
මිත්‍රත්වය බව මිතුරා යනු සංකීර්ණ භූමිකාවකි. මෙයට හේතුව වන්නේ එහි අර්ථය පැහැදිළි නොවීමයි. එම නිසාම මිත්‍රත්වයේ නෛසර්ගික රැඩිකල් බවක් තිබේ. එය තිබෙන්නේ අධිකාරිත්වයට, රාජ්‍යයට, පවුලට බාහිරවයි. එනිසාම අධික මිතුරු ඇසුර දෙස එවැනි තැන් වලින් බලන්නේ සැකයෙනි. නෑදෑයන් යනු අපට උපතින් සම්බන්ධ වන මිනිසුන්ය. එසේත් නැතිනම් නෑදෑයන් යනු අපට විවාහ සම්බන්ධකම් නිසා උරුම වන මිනිසුන්ය. ඒ සම්බන්ධයෙන් අපට තෝරා ගැනීමක් නැත. නමුත් ...
අශුභවාදය දේශපාලන ගැටලුවක් ලෙස බව අපට ඇති තියුණුම අභියෝගයක් වන්නේ “ලෝකය වෙනස් කළ හැකිය, ලෝකය වෙනස් කළ යුතුය” යන ඉපැරණි අදහස නැවත විශ්වාස කිරීමයි. මෙය බැරෑරුම් යථාර්ථයක් ලෙස පිළිගන්නා අය ඉතාම අල්ප වේ. ජාතික ජන බලවේගය වැනි විකල්ප දේශපාලන ව්‍යාපාරයක් බලයට පැමිණීමට එරෙහි වන බොහෝ දෙනෙක් මෙම අශුභාවාදයෙන් පෙළෙයි. මේ අශුභවාදය වැළඳී ඇති සියලු දෙනා පවත්නා දේශපාලනයට පක්ෂපාතී අය ද නොවේ. මේ දේශපාලන තන්ත්රය ...
ප්‍රභූ තන්ත්රයට සමාන්තර නිර්-ප්‍රභූ තන්ත්රයක පැන නැගීම බව රූපය: කෞශල්‍යා ප්‍රනාන්දු, “දියකැට පහණ” ටෙලි මාලාවේ (අධ්‍යක්ෂණය අශෝක හඳගම) පහතින් තිබෙන්නේ කුමාරි ජයවර්ධන ගේ “සොක්කන් ලොක්කන් වූ වගයි” කෘතිය සාරාංශ කරමින් අප පල කරන සටහන් මාලාවක නවතම සටහනයි. මෙය සටහන් මාලාවක් වුවත් අප උත්සාහ කරන්නේ තනි තනි සටහන් ලෙස වුවත් කියවිය හැකි ලෙස ඒවා සකස් කිරීමටයි. එම නිසා මුල් සටහන් කියවීම මෙය තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය නොවේ. අපේ පුළුල් ...
ජෙහාන් අප්පුහාමිගේ ‘Blood Shadows’ – කියවීමක් බව පසුගියදා (ජූලි 10) ජෙහාන් අප්පුහාමිගේ Blood Shadows නාට්‍ය නැරඹීමේ හැකියාවක් ලැබිණි. සමකාලීන වේදිකාව පිළිබඳ සංවාදයක් ඇති කිරීමේ විභවයක් ජෙහාන්ගේ මෙම නිර්මාණයෙහි පවතින බව පෙන්වා දීම මෙම රචනයෙහි මූලික අධ්‍යාශයකි. ඊට ප්‍රථම නාට්‍ය පිළිබඳ සංවාදයේදී වැදගත් වන්නේ කතාන්දරය (මුල සිට අගට සිදු වූයේ කුමක්ද යන්න) හොඳින් ග්‍රහණය කරගැනීමයි. නමුත් අප සිතනා ආකාරයට මෙහිදී වඩාත් තීරණාත්මක වන්නේ මේ කතාන්දරය අතරතුර සිදු ...
ජාජබය වෙනුවෙන් පෙනී සිටීමේ දාර්ශනික පදනම බව මේ තිබෙන්නේ අප පෙනී සිටිනා අතිශය ආන්දෝලනාත්මක මූලික ස්ථාවරය සම්බන්ධ කෙටි පැහැදිළි කිරීමකි. මෙය සිදු කරන්නේ ජාතික ජන බලවේගය වෙනුවෙන් අප සම්බන්ධ වන්නේ ඇයිද යන්න පැහැදිළි කිරීම වෙනුවෙනි. අපගේ මේ පෙනී සිටීම අප සම්බන්ධයෙන් සාධනීයව බලන සමහර හිතවතුන්ට ප්‍රශ්නයක් වී තිබේ. එම නිසා අපි කවුද යන ප්‍රශ්නයට දිය හැකි මූලිකම පැහැදිලි කිරීම ලබා දීම මෙතැනදී ප්‍රයෝජනවත් කියා අපි සිතමු. ...
බුදුදහම සහ සමාජ යුක්තිය බව යුක්තිය පිළිබඳව සිතීමේ දී සම්ප්‍රදායික ඒකදේවවාදය සහ සාම්ප්‍රදායික අදේවවාදය එක ලෙස අසාර්ථක වන බව පහසුවෙන් පෙන්වා දිය හැක. සර්වබලධාරී දෙවි කෙනෙක් සිටින්නේ නම් මේ ලෝකයේ සිදුවන බිහිසුණු අසාධාරණයන් සියල්ල සිදුවන්නේ එම දෙවියන්ගේ කැමැත්ත ලෙසයි. එවිට අපට ඒවා ‘අසාධාරණයන්’ ලෙස තේරුම් ගැනීමේ හැකියාවක් නැත. නමුත් ඒවා සාධාරණයන් ලෙස අපට අර්ථකථනය කිරීමට හැකියාවක් නොමැති වන නිසා අපට ඉතිරි වන්නේ ‘සාධාරණත්වය’ යන ...
බලාපොරොත්තුව අහිමි වූ සමාජයකට එරෙහිව බව රූපය: Meg Webster, “Volume for Lying Flat”, 2016, peat moss, green moss, soil, galvanized steel wire mesh දේශපාලන අනාගතය යහපත් වනවා දැකීමට අපට ඇති අපහසුව සම්බන්ධයෙන් ෆ්රෙඩ්රික් ජේම්සන් ගේ ප්‍රකට අදහසක් තිබේ. එයට අනුව අපට ධනවාදයේ අවසානය පරිකල්පනය කිරීමට වඩා ලෝක අවසානය පරිකල්පනය කිරීම දැන් පහසු වෙයි. 1970 දශකයේ අවසානය දක්වා දේශපාලන විවාදය තිබුනේ අපේ අනාගතය ජාතිකවාදී විය යුතු ...
ලිවීම නම් සිතීම බව ලිවීම යනු සුවිශේෂ සිතීමේ මාදිලියකි. එය යමක් ගැන මනසින් සිතා බැලීමට වඩා බොහෝ වෙනස් වෙයි. මෙහි ප්‍රධානම වෙනස වන්නේ ලිවීමේ දී අප භාෂාවේ පිළිවෙලට වැඩියෙන් යටත් වීමයි. සෑම අව්‍යාජ ලිවීමකදීම ‘සිතීම් දෙකක්’ ක්‍රියාත්මක වනවා කියා අපට සිතෙන්නේ මේ නිසාය. එක අතකින් ලිවීම සිදු කරන පුද්ගලයාගේ මානසික සිතීම තිබේ. අනෙක් අතින් භාෂාව නම් නීති රීති පද්ධතියේ විධානයන් තිබේ. අප නිකන් ...
අඩු නපුර, පොදු නපුර සහ අසම්පූර්ණ යහපත බව සම්ප්‍රදායිකව ජාතික මැතිවරණ වලදී වාමාංශික දේශපාලනය නියෝජනය කළ අය අතර විවාදය තිබෙන්නේ ‘අඩු නපුර’ (‘lesser evil’) තෝරා ගන්නවා ද ‘වමේ අපේක්ෂකයෙක්’ තෝරා ගන්නවාද යන්න සම්බන්ධයෙනි. නිදර්ශනයක් ලෙස 2019 දී අහිලන් කදිරගාමර් වැනි වාමාංශිකයන් සිටියේ සජිත් ප්‍රේමදාස නම් එම මොහොතේ ‘අඩු නපුර’ තෝරා ගත යුතු වනවා යන ස්ථාවරයේ ය. අප සිටියේ ජාජබ අපේක්ෂකයා වෙනුවෙනි. මේ සෑම තෝරා ගැනීමකම වාසි සහ ...
සිනමාව සහ මෙයසියානුවාදය බව Image from Pedro Costa’s “Horse Money” ව්‍යවහාරයක් වශයෙන් මෙයසියානුවාදය මූලික වශයෙන් අපට යෝජනා කරන්නේ මෙවැනි පුහුණුවීමකි. මෙය පුහුණුවීමක් නිසා මේ තලයේ දී අපි සත්භාවවේදය තුළ සාකච්ඡා කරන ඥානවිභාගාත්මක ප්‍රශ්න සලකන්නේ නැත. ඒ වෙනුවට මේ ලෝකය අප දැන් බොළඳ යථාර්ථවාදියෙක් ලෙස හඳුනා ගනියි (ඒ සම්බන්ධ ඥාන විභාගාත්මක ප්‍රශ්න තිබෙනා අයට අප දැන් පිළිතුරු දී ඇති නිසා මෙය ප්‍රශ්නයක් නොවේ). ඒ ...
සිනමාවට ප්‍රායෝගික මග පෙන්වීමක් බව සිනමාව තේරෙන්නේ නැති අය විසින් සිනමාව සම්බන්ධයෙන් – සහ පොදුවේ කලාව සම්බන්ධයෙන් – ලියන විකාර අදහස් ෆේස්බුක් එකේ පසුගිය කාලයේ තරමක් ජනප්‍රිය විය. මෙහි හානිය වන්නේ සිනමාව අභිමුඛ වීමේ විභවාත්මක හැකියාවක් තිබෙන කෙනෙක් මේ නන් දෙඩවිලි නිසා සිනමාව පරීක්ෂා කර බැලීමට අධෛර්යයට පත් විය හැකි වීමයි. එම නිසා මෙවැනි නන් දෙඩවිලි වලින් සිනමාව ආරක්ෂා කරගත යුතුය. සිනමාව වැනි කලා ...
ලිබරල්වාදයේ නිරුක්තිය බව Viviane Sassen ‘Ayuvel’, from the photobook “In and Out of Fashion” (2010) හර්ෂ ද සිල්වා මහතා ‘ලිබරල්වාදය’ යන වචනය පළමුවෙන් සඟවන්න උත්සාහ කර, පසුව එය නිවාරණය වී ඇති නිසා දැන් එම වචනයේ නිරුක්ති අර්ථය තුළ සැඟවීමට උත්සාහයක් ගෙන තිබේ. එතුමාගේ අවාසනාවට මෙය අසාර්ථක සහ ස්වයන්-විනාශකාරී ක්‍රියාවකි. මෙය පැහැදිළි කර ගැනීම සඳහා අපි එමීල් බෙන්වනීස්ට් (Émile Benveniste) නම් කේන්ද්‍රීය ප්‍රංශ ...
දාර්ශනිකයෙක් කියන්නේ කවුද? බව ‘දාර්ශනිකයා’ යන භූමිකාව සඳහා තිබෙන සෞත්‍රික විවරණය ලෙස ප්ලේටෝ ගේ “මධුසාදය” (“Symposium”) සංවාදයයේ එන සොක්රටීස් පිළිබඳව අතිශයෝක්තියට නංවන ලද නාටකීය විස්තරය සැලකිය හැකිය. සාහිත්‍යමය වටිනාකමේ දෘෂ්ඨිකෝණයෙන් ගත්විට ප්ලේටෝ ගේ විශිෂ්ඨතම ලියවිල්ල ලෙස ගත හැකි මෙය කතන්දරයක් ලෙස එකට ගෙතී ඇති මානයන් ගණනකින් දාර්ශනිකයා නම් චරිතය අපට විවරණය කරයි. සොක්රටීස් ගේ හැසිරීමේ සුවිශේෂ ලක්ෂණ වල සිට, ඔහුගේ චරිතය පිළිබඳව තෙවැනි ...
‘වත්තේ මහත්තයාගේ’ ඓතිහාසිකත්වය: ‘සොක්කන් ලොක්කන් වූ වගයි‘ – පස්වන පරිච්ඡේදය බව රූපයේ රජ කෙනෙකුගේ ඇඳුම් වලින් සැරසී සිටින්නේ චාල්ස් කැමරන් ය. ඔහුගේ බිරිඳ ජූලියා මාගරට් විසින් මෙය කැමරාවට නගන්නේ රජ කතාවක රූප පෙළක් වෙනුවෙනි – Julia Margaret Cameron, ‘Vivien and Merlin’; albumen silver print from glass negative (1874) *** කුමාරි ජයවර්ධන ගේ “සොක්කන් ලොක්කන් වූ වගයි” කෘතියේ දැක්වෙන්නේ යටත් විජිත සමයේ අපේ රටේ නැගී ආ නව ධනේශ්වර පන්තියේ කතාන්දරයයි. අදටත් ...