භාතියා හොට්මේල් සංකල්පයට ඩොලර් බිලියන බාගයක් ඉල්ලයි! මල්කැකුළු එකුන් විසි වියේ දී ඉන්දියාවෙන් ඇමරිකාවට ආ සබීර් භාතියා පරිගණක විද්‍යාව හදාරා නව ජීවන ගමනකට මුල පිරූ හැටි ඊයේ අපි ඔබට කීවා. සිලිකන් නිම්නයට එන භාරතී පුත්‍රයන් විශාල පිරිසක් සිලිකන් නිම්නයේ දී සිය හැකියාව පෙන්වමින් ලෝකයට නව කවුළු විවර කර දෙමින් විශාල ධනවතුන් බවට පත් වී ඇති බවත් කීවා. ඒ අය ඇසුරු කරත්ම භාතියාටත් ආපසු සිය රටට යාමට සිත් දුන්නේ ...
භාරතයෙන් ගිය භාතියා ලෝකයේ ලියුම් හුවමාරුවේ කළ පෙරළිය! මල්කැකුළු ඇමරිකාවේ සිලිකන් නිම්නයට (Silicon Valley) එන දිළින්දන් එක රැයෙන් දෙකෙන් ලෝකයේ මහා ධනකුවේරයන් බවට පත්වන හැටි කියැවෙන විස්මිත කතා රැසක් ලොව පුරා ප්‍රසිද්ධව තියෙනවා. ඒ නිසා මේ නිම්නයට එන්නට සිහින දකින අය ලොව පුරා සිටින බව පළ වෙනවා. මේ එවැනි එක් කතාවක්. සබීර් භාතියා ව්‍යවසායකයකු ලෙස.සබීර් භාතියා (Sabeer Bhatia) කියා ඉන්දියානු තරුණයෙක් 1988 සැප්තැම්බර් 23 වැනිදා සවස හයට ඇමරිකාවේ ලොස් ...
බිර්බාල් අග බිසවගේ මාල හොරා ඇල්ලූ හැටි! මල්කැකුළු බිර්බාල් දවසක් අක්බාර් අධිරාජයාගේ රාජ සභාවට යන විට රාජ සභාවේ ලොකු කලබලයක් පැවතුනා. ඒ අක්බාර් අධිරාජයා ඔහුගේ අග බිසවට අලුතින් ම මිල දී ගෙන තෑගි කර තිබුණු අධික වටිනාකමක් ඇති අනර්ඝ දියමන්ති මාලය හොරු අරන්. දියමන්ති මාලය විතරක් නෙවෙයි, තවත් රත්තරන් බඩු ගොඩකුත් අතුරුදන් වෙලා. ඒ බව දැන ගත්තේ මාලය නැති වෙලා ඒක ගැන හොයන්න ගියාමයි. අක්බාර් අධිරාජයාත් ඒ ගැන ...
අද වැනි මැදින් පුන් පෝ දිනය බොදුනුවන්ට වැදගත් වන්නේ ඇයි? මල්කැකුළු අද නවම් පුර පසළොස්වක පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන සුවිශේෂ මංගල දිනයක්. භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන්සුව අත් කර දෙනු පිණිස, රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම කරවීම ඇරඹුවේ අද වැනි මැදින් පුන් පොහෝ දිනයකයි. බුදුරජාණන් වහන්සේගේ කිතුගොස දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරුණා. ...
යුද්ධයට, සාමයට, ජීවිතයට, ලෝකයට සිනාසුණු විස්මිත මිනිසා! මල්කැකුළු ජේම්ස් ග්‍රෝවර් තර්බර් (James Grover Thurber) උපන්නේ, 1894 දෙසැම්බර් 8 වැනිදා ඇමරිකාවේ ඔහියෝ ජනපදයේ කොලම්බස්වලයි. ඒ, චාල්ස් එල්. තර්බර් හා මේරි ඇග්නස් (විවාහයට පෙර) ෆිෂර් තර්බර් දෙමහල්ලන්ගේ දරුවකු ලෙසයි. ඔහු තියුණු උපහාසයෙන් යුත් දරුවෙක්. ඔහු ලෝකය තුළ දකින හැම දෙයකට ම සිනාසුණා. යුද්ධයට, සාමයට, ජීවිතයට, ලෝකයට, නිර්මාණවලට සිනාසුණු විස්මිත මිනිසෙක්. ඔහුගේ සියුම් උපහාසයට හසුනොවූ දෙයක් නැති තරම්. ජේම්ස් ග්‍රෝවර් තර්බර්ඔහුගේ ...
පෘථිවිය අභ්‍යන්තරයේ නව ද්‍රව පාෂාණ තට්ටුවක් සොයා ගනියි! මල්කැකුළු අපේ පොළොව යටින් අලුත් සොයා ගැනීමක් වාර්තා වෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන විධියට එය ද්‍රව ස්තරයක්. ද්‍රව බවට බත් වූ පාෂාණ ස්තරයක්. එය අඩු තරමින් කිලෝමීටර් 160ක් (සැතැපුම් 100ක්) තරම් පොළොව යටට වෙන්නයි පිහිටලා තියෙන්නේ. ඔවුන් කියනවා, මේ ද්‍රව පාෂාණ තට්ටුව අපේ පොළොවින් සියයට 44ක කොටසක් ආවරණය වෙනවා ඇති කියලා. ශිලාගෝලයෙන් පහළ පෘථිවියේ කබොල්ල වූ අධෝගෝලයේ (asthenosphere) කොටසක් වූ මෙය පිහිටා ...
නස්රුදින්ගෙන් පාන් පෙත්තටත් තර්කයක්! මල්කැකුළු දවසක් දාර්ශනිකයෙක් නස්රුදින් එක්ක කතාබහක යෙදිලා හිටියා. ඒ කතාවෙදි දාර්ශනිකයා නස්රුදින්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. "ඔහෙට කියන්න පුලුවන් ද බටර් ගාපු පාන් පෙත්තක් උඩට විසිකළොත් බටර් ගාපු පැත්ත බිම අතට වැටෙන්නෙ ඇයි ?” කියලා දාර්ශනිකයා ඇහුවා. නස්රුදින්ට ඕනෙ වුනා, ඒ වෙලාවෙම ඒක ඇත්තද බලන්න. එයා පාන් පෙත්තක් බටර් ගාලා ගෙනල්ලා උඩට විසි කළා. ඒ පාන් පෙත්ත වැටුණේ බටර් නොගාපු පැත්ත බිම ...
රතු හිසකෙස් ඇති විස්මිත 'ලව්ලොක්' යෝධයෝ මල්කැකුළු ඒ, 1911 වසරයි. ලව්ලොක් ලෙන ඇත්තේ, ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ, පෙර්ෂිංග් ප්‍රාන්තයේ මිනිස් වාසයෙන් තොර හුදෙකලා ශුෂ්ක ප්රදේශයකය. එදා 1911 වසරේ, පතල්කරුවන් දෙදෙනකු මෙම ලෙනට රිංගුවේ පොහොර ලෙස භාවිතයට ගත හැකි වවුල් වසුරු (ගුවානෝ) සොයමිනි. ගුප්ත, අඳුරු ලෙන පතුළට පය තබද්දී, පතල්කරුවන්ට බලාපොරොත්තු නොවූ දෙයක් හමුවිය. ඔවුන්ට හමුවූයේ මිනිස් අස්ථි කොටස්ය. අස්ථි කොටස් 40 ක් පමණ ලෙන තුළ දකින්න ලැබුණි. ඒත්, ...
වසර 8,300කට පෙර විසූ විස්ටෙගට්න් දැක ගන්න දැන් පුළුවන්! මල්කැකුළු කවුද මේ විස්ටෙගට්න් (Vistegutten) කියන්නේ? ඔහු නෝර්වේ රටේ විසූ ලෙන් ළමයෙක්, මීට අවුරුදු 8,300කට ඉස්සර. බටහිර නෝර්වේවල රැන්ඩර්බර්ග් ප්‍රදේශයේ පිහිටි ගල් යුගයට අයත් ගල්ලෙනක තිබී ඔහුගේ ඇටසැකිල්ලක් හමු වුණා, 1907දි. නවීන තාක්ෂණය යොදා ගෙන වෝහාරික විද්‍යාඥයෙක් ඔහුගේ හිස්කබලේ ත්‍රිමාන පිටපතක් හදලා ඒ අනුව ඔහුගේ මුහුණ නිර්මාණය කළා. විස්ටෙගට්න් ළමයා විද්‍යාඥයන් විසින් ප්‍රති නිර්මාණය කළ පසු.මීසෝලිතික යුගයෙන් පසු ඒ යුගයේ විසූ ...
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්නා සැඟවුණු ග්‍රහයා සොයා ගනියිද? මල්කැකුළු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා යන ග්‍රහයන් අට දෙනෙක් ඉන්නවා. ඒවා නම් සූර්යයාගේ සිට පිළිවෙළින් බුද, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයන් අට දෙනයි. කලින් නවයක් හිටියා. ඒ නෙප්චූන්ට එහායින් පිහිටි ප්ලූටෝත් එක්කයි. දැන් තාරකා විද්‍යාඥයන් ප්ලූටෝ ග්‍රහ තත්වයෙන් ඉවත් කරලා ක්ෂුද්‍ර ග්‍රහයකු ලෙස නම් කරලා තියෙනවා. ඒ වෙනුවට විද්‍යාඥයන් දැන් කියනවා තවත් ග්‍රහයකු සෞරග්‍රහ මණ්ඩලයේ ...
වළල්ලක් ඇති විස්මිත කුරු ග්‍රහයෙක් - 'ක්වාවා’ මල්කැකුළු මුලින් අපි කුරු ග්‍රහයන් හෙවත් වාමන ග්‍රහයන් ගැන කතා කරමු. කුරු ග්‍රහයකු (Dwarf Planet) යනු ගෝලාකාර හැඩයක් ගත්තත්, ග්‍රහලෝකයක් (Planet) ලෙස අර්ථ නිරූපණය නො කෙරෙන, හිරු වටා ගියත්, ග්‍රහලෝක මෙන් නොව, නිශ්චිත කක්ෂයක ගමන් නො කරන ග්‍රහ වස්තූන්ය. අප සෞරග්‍රහ මණ්ඩලයේ වාමන ග්‍රහයන් ලෙස නම් කෙරෙන ග්‍රහ වස්තූන් 9 කි. අප කවුරුත් හොඳින් දන්නා වාමන ග්‍රහයා ප්ලූටෝ ය. අනෙකා ‘සීරිස්’ ...
මිනිස් පාලනයක් නැති අහසින් එන මාරක අවි! මල්කැකුළු අමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව වු පෙන්ටගනය මහා විනාශයක් කළ හැකි යුද උපක්‍රමයක් නිර්මාණය කර තිබෙනවා. ඒ දහස් ගණන් ඩ්‍රෝන යානා යොදාගෙන සතුරු හමුදාවලට පහර එල්ල කරන ක්‍රමයක්. ඒත් විශේෂඥයන් කියන්නේ ඒ ක්‍රමය මිනිසාගේ පාලනයෙන් ගිලිහි යා හැකි මහා භයානක එකක් කියලයි. ඩ්‍රෝන යානා දහස් ගණනක් යොදා ගෙන සතුරන්ට පහර දෙන ව්‍යාපෘතියක් ඇමරිකාව අත්හදා බලනවා.මේ සඳහා යොදා ගැනෙන්නේ ස්වයංක්‍රීය බහුක්ෂේත්ර අනුවර්තී ඩ්‍රෝන ...
හිරුගෙන් කෑල්ලක් කැඩී යන විස්මිත දසුනක්! මල්කැකුළු පසුගියදා හිරුගෙන් කෑල්ලක් කැඩිලා වෙන්වුණා. ඒක දැකලා තියෙන්නේ අහම්බෙන් කැමරාවට නැඟුනු රූප අතර තිබිලයි. ඒ වීඩියෝවෙන් පේනවා ඒ කැඩිලා වෙන්වුණු කොටස පලාස්මා රැහැනක් වගේ සූර්යයාගේ උත්තර ධ්‍රැවයට ඉහලින් ටෝනේඩෝවක හැඩයෙන් දැන් කැරකෙමින් තියෙනවා. නාසා ආයතනයේ විද්‍යාඥයන් විස්මයටත්, ව්‍යාකූලත්වයටත් පත්වෙලා තියෙනවා, ඒ පින්තූර දැකලා. සූර්යයාගෙන් කොටසක් කැඩී ඉහළ අවකාශයේ රැඳෙමින් පුනීලයක ආකාරයෙන් කැරකෙනවා.අභ්‍යවකාශ කාලගුණ විද්‍යාඥවරියක වන ටමිතා ස්කෝව් කියන්නේ මේ වීඩියෝ ...
බෘහස්පතී ග්‍රහයා සෙනසුරු ග්‍රහයා පරාජය කළ හැටි! මල්කැකුළු අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළ සිටින ග්‍රහයන් අතරින් සෙනසුරු ග්‍රහයා තමයි, මේ වන තෙක් වැඩි ම පරිවාර චන්ද්‍රයන් සංඛ්‍යාවක් ඇතැයි සලකනු ලැබුවේ. ඒ චන්ද්‍රයන් ගණන 83ක්. දැන් ඒ තැන අරන් තියෙන්නේ බෘහස්පතී හෙවත් ගුරු ග්‍රහයායි. තාරකා විද්‍යාඥයන් දැන් සොයා ගෙන තියෙනවා, පරිවාර චන්ද්‍රයන් වැඩි ම ගණනක් ඇත්තේ බෘහස්පතී ග්‍රහයාට බව. ඔවුන් විසින් අලුතින් සොයා ගනු ලැබූ චන්ද්‍රයන් 12 දෙනාත් සමග සම්පූර්ණ ...
මිනීමරු ගිගුරුමෙන් බේරුණු විස්මිත දරුවෝ! මල්කැකුළු තුර්කිය හා සිරියාව යන රටවලට පසුගියදා පෙබරවාරි 6 වැනිදා දරුණු භූකම්පන දෙකකට හා පසුකම්පන 120කට පමණ මුහුණ දෙන්නට සිදුවුණා. මෙයින් රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයක් ඇති පළමු භූකම්පනය සිදුවූයේ පාන්දර 4.17ටයි. එවේලේ ඒ නගරවල බොහෝ දෙනා සිටියේ නින්දේයි. දැවැන්ත. තට්ටු ගොඩනැඟිලි, නිවාස සංකීර්ණ බිමට කඩා හැළුණේ ඒවා තුළ සිටි අය සුන්බුන් අතර සිරකරමින්. ඒ මහා කම්පනයෙන් පසු ආ පසුකම්පන මාලාව නිසා ...
අගමැතිවරයකු බලහත්කාරයෙන් උත්සවයකට කැඳවාගෙන ගිය හැටි! මල්කැකුළු ඊයේට මගේ වයස 78යි. එයින් වසර හැටක් ම කැප කළේ පුවත්පත් කලාව සඳහාය. අතින් අකුරු ඇමුණූ යුගයේ සිට පරිගණකයේ ඩෙස්ක් ටොප් පබ්ලිෂිං දක්වා යුග ගණනාවක අත්දැකීම් ලැබීමට තරම් මම වාසනාවන්ත වීමි. ඒ කාලය තුළ මට ලේඛකයන්, කවීන්, සාහිත්‍යධරයන්, විචාරකයන්, පඬිවරයන්, පත්රකලාවේදීන්, කලාකරුවන්, විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන්, රසික රසිකාවියන් සිය දහස් ගණනක් ඇසුරු කිරීමට මට අවස්ථාව සැලසුණේය. ඔවුන්ගෙන් මගේ ජීවිතයට එක්කර ගත් ...
නිදහස ලබා වසර 75 යි. මීට වසර 75කට පෙර ශ්‍රී ලංකාවට මොකද වුණේ? මල්කැකුළු 1815 සිට ඉංග්රීසින්ගේ යටත් විජිතයක් තිබූ ලංකාව (එකල හැඳින්වූයේ ‘සිලෝන්’ කියාය) දෙවන ලෝක සංග්රාමයෙන් පසු යටත් විජිත තත්වයෙන් මිදෙන්නට හැකි වෙතැයි විශ්වාසය පළ විය. 1948 ජනවාරි මාසයේ සිට ඩොමිනියන් රාජ්‍ය තත්වය ලැබෙතැයි අපේක්ෂා කළ නිසා එවකට සිටි අපේ නායකයෝ එය පිළිගැනීම සඳහා සූදානම් වූහ. මේ පිළිබඳ උළෙල පෙබරවාරියේ පවත්වන්නට ලංකාවටත් ලන්ඩන් නුවර පිරිසයි. ඊට හේතු වූයේ බුරුමය (වර්තමාන මියන්මාරය) නිදහස ...
ඔබේ සුරතලාගේ ඇසින් ඔබ දෙස බලන්න! මල්කැකුළු ඔබේ සුනඛ සුරතලාට ඔබව පෙනෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට අපූරු උත්තරයක් දෙන්නට පරිගණක විශේෂඥයන් සමත් වෙලා තියෙනවා. ඒ පරිගණකයෙන් ක්‍රියාවට නැංවිය හැකි නවතම අන්තර්ක්‍රියාකාරී මෙවලමක් නිර්මාණය කරමින්. මේ මෙවලම මගින් ඔබේ ඕනෑම ඡායාරූපයක් ඔබේ සුනඛ සුරතලා දකින ආකාරයට පරිවර්තනය කර ගැනීමට ඔබට පුලුවන්. බල්ලන්ට, බළලුන්ට මිනිසුන්ට මෙන් වර්ණ විශාල ප්‍රමාණයක් පෙනෙන්නේ නැහැ.මෙය ඔබේ සුනඛ සුරතලාට පමණක් නොව ඔබ ඇසුරු කරන ඕනෑ ...
ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලැබුණු සක්වළ විස්මිත දසුන්! මල්කැකුළු මීට අවුරුදු දෙකකට පෙර අභ්‍යවකාශයට යැවූ ජේම්ස් වෙබ් දුරේක්ෂය (JWST) අප වෙත අපූරු දසුන් රැසක් එවා තියෙනවා. 2021 නත්තල් දා යැවූ මේ ජේම්ස් වෙබ් දුරේක්ෂය ඩොලර් බිලියන 10ක් වැය කොට උඩු ගුවන් ගත කළේ අපේ අභ්‍යවකාශයේ ඉමේ සිට සක්වළ දෙස බලා අපට මෙතෙක් නුදුටු දසුන් එවන්නයි. අද ඒ රාජකාරිය එම දුරේක්ෂය නොපිරිහෙළා ඉටු කරනවා. මෙම දුරේක්ෂය යවද්දී නාසා ආයතනය අපට ...
තවත් දුර්ලභ ශාකයක් යළි උපදියි! මල්කැකුළු ස්වභාවික පරිසරයෙන් වඳවී ඇතැයි මෙතෙක් සලකනු ලැබූ ශ්‍රී ලංකාවට ආවේණික තවත් ශාක විශේෂයක් ශාක පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනය කරන පරිසර ගවේශකයකු වන පේශල පසන් කරුණාරත්න සහ ශාක විශේෂයන්හි පරාග පිළිබඳව අධ්‍යයනයක නිරතව සිටින දිලුම් ප්‍රභාත් සමරසිංහ ඇතුළු පිරිසක් කළුතර, පාලින්දනුවර කෙලින්කන්ද ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණයක දී හමුවී තියෙනවා. මේ ශාකය පොදු වහරේ හැඳින්වෙන්නේ ‘පිණි බෙරලිය’ ...