HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත ඇස්බැන්දුම් ගැටළුවක්!

හිතූ ගණන නොදැක කියන්න! 


අද වයි. පෙරල්මාන්ගේ ගණිත විනෝදයෙන් තවත් ගැටළුවක් ඉදිරිපත් කරන්නයි, මේ සූදානම. මේ ගැටළුවත් ඔබට ඉදිරිපත් කරන්නේ මූලාස‍නයේ ඉන්නා අයයි. 

“මම හදන්නේ වෙනස් විදියේ අංක ගණිතමය ඇස්බැඳුමක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. එහි රහස හැකි නම් සොයා ගන්න. ඔබගෙන් කවුරුන් හෝ මට නො පෙනෙන ලෙස ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ලියන්න.” 

“අංකය තුළ බින්දුව තිබිය හැකිද?” සභාවෙන් පැනයක් නැඟුණා. 

“කිසිම සීමාවක් නැහැ. කැමතිම ඉලක්කම් තුනක සංඛ්‍යාවක් ලියන්න.” 

“ලිව්වා. ඊළඟට මොකද කරන්නේ?” 

“එම සංඛ්‍යාවම එය ළඟින් එක පේළියට ලියන්න. දැන් ඉලක්කම් හයක සංඛ්‍යාවක් ඔබට ලැබෙනවා.” 

“හරි! ඊළඟට?” 

“දැන් ඒ කඩදාසිය ඔබ අසල වාඩි වී සිටින්නාට දෙන්න. එයා එම සංඛ්‍යාව හතෙන් බෙදපුදෙන්.” 

“කියන්න නම් අමාරුවක් නැහැ. සමහර විට එම සංඛ්‍යාව හතෙන් නොබෙදෙනවා වෙන්න පුළුවන්.” 

“කරදර වෙන්න එපා! ඒ සංඛ්‍යාව ඉතිරි නැතිව හතෙන් බෙදෙනවා.” 

“ලියාපු සංඛ්‍යාව දන්නෙත් නැහැ. එහෙත් බෙදෙන බව කියනවා.” 

“ඉස්සරවෙලා බෙදන්න. පස්සේ කතා කරමු.”‍ 

“ඔබේ වාසනාවට ඉතිරි නැතිව බෙදෙනවා.” 

“උත්තරය මට දන්වන්නේ නැතිව ඔබ අසල සිටින තැනැත්තාට දෙන්න. ඔහු එය 11න් බෙදපුදෙන්.” 

“නැවතත් ඉතිරි නැතිව බෙදෙයි කියා හිතනවද?” 

“බෙදන්න. ඉතිරි වෙන්නේ නැහැ.” 

“ඇත්තට ම ඉතිරි නැතිව බෙදුනා! දැන් මොකද කරන්න ඕනෑ?” 

“ප්‍රතිඵල ඊළඟ අයට දෙන්න. දැන් අපි එය .. ආ.. 13න් බෙදමු.” 

“තෝරාගන්නා හැටි හොඳ මදි. සංඛ්‍යා සුළු ගණනයි 13න් ඉතිරි නැතිව බෙදෙන්නේ. ආහ්! නැහැ. නැහැ. ඉතිරි නැතිව බෙදෙනවා. ඔබේ වාසනාව!” 

“දැන් උත්තරයත් සමග කඩදාසිය මා අතට දෙන්න. සංඛ්‍යාව මට නොපෙනෙන්න කඩදාසිය හොඳට නමන්න.” 

කඩදාසි දිග නොහැරම ඇස්බැ‍‍‍ඳුම්කරුවා එය මූලාසනයට දුන්නේ ය. 

“ඔබ හිතපු සංඛ්‍යාව ලබා ගන්න අවසර දෙන්න. හරි ද?” 

“හරියට ම හරි!” කඩදාසිය දෙස බැලූ ඔහු පුදුමයෙන් උත්තර දුන්නේ ය. 

“මම හිතපු සංඛ්‍යාව තමා මේ!” 

ඔබේ විසඳුම කුමක් ද? 

අපේ විසඳුම හෙට.

Post a Comment

0 Comments