HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඉන්දියාව දිනූ තරඟයේ මුළු කීර්තිය දිනූ ‘වෙල්ලා’ ‘තරඟයේ වීරයා’ වෙයි.

 පසුගියදා කොළඹ කෙත්තාරාමයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අපට අමුතු දසුනක් දක්නට ලැබුණු අතර එය මෙතෙක් කිසි තැනක දැක ගත හැකි නොවූ දසුනක් විය. රටවල් දෙකක් තරග කරන විට සාමාන්‍ය සිරිත ප්‍රේක්ෂක පිරිස දෙපස බෙදී දෙපිලට ඔල්වරසන් දීමය. එහෙත් මෙහ‍ිදී සිදු වූයේ අනෙකකි. ඉන්දියානු හා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් දෙපාර්ශ්වය ම එක් වී ඒ මොහොතේ පිටියේ වීරයා වූ දුනිත් වෙල්ලාලගේට ඔල්වරසන් දීමය. ‘වෙල්ලා, වෙල්ලා, වෙල්ලා’ යනුවෙන් පිටිය සිසාරා ගිගුම් දුන්නේ ය. ක්‍රීඩා තරඟයක දී ක්‍රීඩාංගනයේ සිටි මුළු ප්‍රේක්ෂක පිරිස ම එක්වන් ව එක ම ක්‍රීඩකයකු වෙනුවෙන් ඔල්වරසන් දුන් පළමු වන වතාව එය විය හැකියි. 

දුනිත් වෙල්ලාලගේ සිය වමත් දඟපන්දුවෙන්, පළමුව පහරදීමට පිවිසි ඉන්දියාවේ 
මුල් පෙළේ පිතිකරුවන් පස් දෙනකු දවා ගැනීමට සමත් වූ අවස්ථාව

සමහර විට ඒ නම ඔබ කලින් අසා නැතුවා වන්නට පුලුවන. සමහර විට ඔබ තාක්ෂණය හා දත්ත අතර සිසාරන උනන්දුවෙන් පිරුණු පුහුණුකරුවකු වන්නට පුලුවන. ඔබ දෙදෙනා ම ඒ අවස්ථාවට එකසේ ඇදී යනවා නිසැකය. ඔහු මේ සියවසට උපන් කොල්ලෙකි. මාස කීපයකට පෙර ඔහු 19 පහළ ශ්‍රී ලංකා පිලේ නායකයාව සිට දැක‍්වූ සුවිශේෂ දස්කම් නිසා ය. ඒ නිසා ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සංචිතයට නම් කරනු ලැබූ ඔහු අත්දැකීම් ලබමින් මාස කීපයක් ඒ ක්‍රීඩකයන් සමග ඔවුන්ට සහ‍යවෙමින් ඔවුන්ගේ කතාබහට කන් දෙමින් ගත කළේය. ඔහු කියන විධියට ඔහුට බොහෝ දේ ඉගෙන ගන්නට අවස්ථාව සැලැසුණේය. අන්තිමේ දී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ආබාධයට පත් වීම නිසා ඔහුට ඒ අවස්ථාව ඉක්මනින් ම පෑදුණේය. 

ඒ පසුගිය 2023 සැප්. 12 වැනිදාය. ඒ ඉන්දියාවත් ශ්‍රී ලංකා‍වත් අතර තරඟයේ දිය. එදා දුනිත් වෙල්ලාලගේගේ පන්දුව ඉතා තියුණු ලෙස දඟ කැවුණේය; එදා කෙත්තාරාම තණතිල්ල වෙන කවරදාටත් වඩා දඟ කැවුණේය. පිත්ත ඔහුගේ හදවතින්ම කථා කළේ ය; කුඩා අශ්ව පෝතකයකුගේ ජවයෙන් ඔහු පිටිය පුරා දිව ගියේය. විස්මිත ලෙස උඩ පන්දු රැක ගත්තේ ය. නරඹන්නන්ට එය සිහිනයෙන් දකින්නක් බඳු විය. පිතිකරණයට පිවිසි සෑම පිතිකරුවකුට ම විශාල අභියෝගයක් එල්ල කළ කෙත්තාරාම තණතිල්ල හොඳින්ම සහයෝගය දුන්නේ වමතින් දඟ පන්දු යවන, වමතින් පිත්ත හසුරුවන, තවමත් 20 වි‍යේ පසුවන දුනිත් වෙල්ලාලගේටය. මේ ඔහු ජ්‍යෙෂ්ඨයන් සමග කරට කර තරඟ කළ පළමු තරඟයයි. ඒ තරඟයෙන් ම ක්‍රීඩාගාරයේ සියලු ප්‍රේක්ෂකයන්ගේ සිත් එකවිට පැහැර ගන්නට දුනිත් සමත් විය.‍ 

ඉන්දියාවත් සමග පැවති තරඟයේ දී දුනිත් වෙල්ලාලගේ සිය වමත් දඟපන්දුවෙන්, පළමුව පහරදීමට පිවිසි ඉන්දියාවේ මුල් පෙළේ පිතිකරුවන් පස් දෙනකු දවා ගැනීමට සමත් විය. ඔවුන් අතර ඉන්දීය පිළේ නායක රෝහිත් ෂර්මා ද විය. විරාත් කෝලි, කේ. එල්. රාහුල්, ෂුබ්මන් ගිල්, හාඩික් පාණ්ඩියා යන අඉන්දය අනෙක් හතර දෙනා අතරට අයත් විය. හදිසියේ කළ ප්‍රාතිහාර්යය නිසයි, ‘වෙල්ලා’ එදින ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනා ගත්තේ. ඒ නිසා ඉන්දියාව ලකුණු 213කට සීමා විය. ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට ගියත් අපේ මුල් පිලේ පිතිකරුවන්ටත් ජයග්‍රාහී ලකුණු මට්ටමට ශ්‍රී ලංකාව ගෙන යාමට හැකි වුණේ නැහැ. අන්තිමේ දී හත් වැනි පිතිකරු ලෙස පිටියට ආ දුනිත් වෙල්ලාලගේ පන්දු 46කට නො දැවී ලකුණු 42ක් ලබා ගත්තේ ය. අනිත් පැත්තේ පිතිකරුවන් දැවී යාම නිසා එදා ඉන්දියාවට ජය ලබා ගැනීමට ඉඩ දීමට සිදු වුවත් ඔහුට එදා හිමි වූ තරගයේ වීරයා සම්මානය උදුරා ගැනීමට ඉන්දියානු ක්‍රීඩකයන්ට හැකි වුණේ නැහැ. හෙට පැවැත්වෙන අවසන් තරඟයේ දීත් දස්කම් දක්වන්නට දුනිත් වෙල්ලාලගේටත්, අපේ නායකයා දසුන් චානකටත් ඔහුගේ කණ්ඩායමටත් දරියි හා සවිය ලැබීමෙන් ආසියානු කුසලාන ගියවර මෙන්ම අපට දිනා ගැනීමට හැකි වේවායි සුබ පතමු.

Post a Comment

0 Comments