විශ්වයේ විස්මිත ලග්රෑන්ජ් ලක්ෂ්‍යය කියන්නේ කුමකටද? මල්කැකුළු විශ්වය පුරා පවතින විස්මිත ශක්තියක් වන්නේ ගුරුත්වයයි. සෞරග්‍රහ මණ්ඩලයේ සෑම දෙයක්ම පවතින්නේ ගුරුත්වය නිසයි. මේ ගුරුත්වය ග්‍රහ වස්තූන්ගේ විශාලත්වය හා ස්කන්ධයෙහි ස්වභාවය අනුව විවිධ වෙයි; අඩු වැඩි වෙයි. විශ්වය තුළ ඇති ග්‍රහ වස්තු සියල්ල ම රඳා පවතින්නේ ගුරුත්වය මතයි. හැම දෙයක් ම බිමට වැටෙන්නේත්, ඔබට පොළොව මත පය ගසා සිටින්නට ඉඩ සලසා දෙන්නේත් ගුරුත්වාකර්ෂණයයි. ගුරුත්වාකර්ෂණය අඩු ම තැනක් ශ්‍රී ලංකාවෙහිත් ...
එදා ජනාධිපති ධජය නිර්මාණ කළ විස්කම්කරු දිවියෙන් සමු ගනියි. මල්කැකුළු පළමු විධායක ජනාධිපති ලෙස පත් වූ ජේ. ආර්. වරක් පැවසුවේ තමාට කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියෙක් කිරීමටත් පිරිමියෙක් ගැහැනියක් කිරීමටත් පමණක් බවය. එහෙත් ජේ. ආර්.ටත් කළ නොහැකි දේවල් කළ හැක්කෙක් ලෙස පසුගිය ජූලි 6 වැනිදා අභාවප්ප්‍රාප්ත වූ කලාසූරී පියරත්න හේවාබැට්ටගේ හැඳින්විය හැකිය. ඉන් එකක් වන්නේ චීන කොඩි ජේ. ආර්. කොඩි බවට පත් කිරීමය. කලාසූරී පියරත්න හේවාබැට්ටගේජනාධිපති ජේ. ආර්. එදා ප්රකටව සිටියේ ...
කෲඩියා සිලනිකා:ආන්දෝලනාත්මක ඉපැරණි ගස අතුරුදහන්! මල්කැකුළු ලෝකයෙන්ම තුරන්වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික වූ කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය එම ස්ථානයෙන් උගුල්ලා ඉවත් කර තිබේ. ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි වන ලැහැබකින් 2019 වසරේ දී මෙම ශාකය හමුවු අතර මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදි කිරීම සඳහා අදාළ ශාකය පිහිටි ...
පෑන නිසා උපන් බිම අහිමි කර ගත් මිලාන් කුන්දේරා මල්කැකුළු මිලාන් කුන්දේරා, චෙකොස්ලොවැකියාවට එරෙහි සෝවියට් ආක්රමණයේ දැඩි විවේචකයෙකු වුණා. ඔහුගේ කෘති වසර ගණනාවක් එරට තුළ තහනම් කර තිබුණා. මෑත දශක කිහිපය තුළ යුරෝපීය සාහිත්‍යයේ දැවැන්ත චරිත අතරින් අයෙකු වූ 94 හැවිරිදි මිලාන් කුන්දේරා, 2023 ජූලි 11 වැනිදා පැරිස්හිදී අභාවප්‍රාප්ත වී තියෙනවා. ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකෙන්නේ, 1984 වසරේදී ප්‍රකාශිත The Unbearable Lightness of Being නවකතාවයි. මිලාන් කුන්දේරාචෙක් ජනරජයේ ඔහුගේ උපන් ...
මහාවංසයේ ඓතිහාසික හා කාලීන වැදගත්කම මල්කැකුළු මහාවංසය යනු දැනුදු ලියැවෙමින් පවතින කෘතියකි. එහෙත් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ‘මහාවංසය’ට අයත් වන්නේ එහි මුල් කොටසයි. එනම් 1 වන පරිච්ඡේදයේ සිට 37 වන පරිච්ඡේදයේ 50 වන ගාථාව තෙක් වන කොටසයි. කාලාවකවානු අනුව දක්වනවා නම් එහි ආරම්භය සිදුවූ ක්‍රිස්තු පූර්ව 6 වන සියවස පමණ තෙක් සිට මහසෙන් රජු ගේ රාජ්‍ය කාලයේ අවසානය (ක්‍රි.ව. 274- 301) දක්වා වූ ...
දැනට ලොව තිදෙනකු පමණක් කතා කරන අභාවයට යන භාෂාවක් මල්කැකුළු මානවයාගේ විශිෂ්ටතම නිර්මාණය කුමක්දැයි ඔබ මගෙන් ඇසුවොත් මා එක්වරම දෙන පිළිතුර ‘භාෂාව’ යන්නයි. මානවයා අද සිටින තත්වයට පත් වූයේ ඔහුගේ මේ අපූරු මෙවලම නිසයි. මිනිසා ශිෂ්ට සම්පන්න කර, හික්මවා, සංස්කෘතික මිනිසෙක් කළේ භාෂාවයි. ඒ වාගේ ම මිනිසා ලොව දිනූ ජාත්යන්තරයෙක් කළේත් භාෂාවයි. ගණනින් දැක්විය නොහැකි භාෂා ප්‍රමාණයක් ලොව පුරා තිබුණා. ඒවා කතා කරන භාෂායි. ලියන්නට අකාරාදිය තිබුණේ ටිකයි. ඒ අකාරාදිය ...
මහාවංශය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! මල්කැකුළු යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තියෙනවා. යුනෙස්කෝ සංවිධානය 2023 වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක වාර්තාමය ජාත්‍යන්තර ලේඛනයෙහි ඇති නව ලේඛන උරුම 64ට මහාවංශයත් ඇතුළත් කර තියෙනවා. ශ්‍රී ලංකාවේ වසර 2500කට අධික අඛණ්ඩ ඉතිහාසය පිළිබඳ තොරතුරු රැගත් මහාවංශයක්රිස්තු පූර්ව 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්රමිකව ඉදිරිපත් කරන ලොව ...
වයසට නොයන අපේ පත්තර සිත්තරා - තලන්ගමට අදට 88යි! මල්කැකුළු මගේ ජීවිතයේ 78 වසරක කාලය තුළ මා පත්රකලාවේදීන් ලෙස කර්තෘවරුන්, වාර්තාකරුවන්, ලේඛකයන්, ඡායාරූප ශිල්පීන්, පත්තර සිත්තරුන් සිය ගණනක් ඇසුරු කර තියෙනවා. ඒත් සැබෑවටම පත්‍රකලාවට ආදරය කළ, ජනතාවට ඉටු කළ යුතු මෙහෙවර සත්‍යවාදීව, අවංකව ඉටු කළ අය ඇත්තේ දෑතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. ඒ අය අතරත් කොන්ද කෙළින් තියා ගෙන වැඩ කළ අය ඇත්තේ ද ඊටත් අඩු ගණනකි. තලන්ගමට හිමි වන්නේ ...
හෙළ කවියට, ගීයට හද ගැස්ම එක්කළ මානවසිංහ මල්කැකුළු මීට වසර 110කට පෙර ආසියාවට නොබෙල් සම්මානය ලැබිණි. ඒ ඉන්දියාවේ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ‘ගීතාංජලිය’ට ය. ඒ වසරේදීම අපට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලැබුණේ ය. ඒ දකුණු ලක ගිරුවාපත්තුවේ පුවක්දණ්ඩාවේදී ය. සමස්ත ලෝකයම සාමය ශාන්තිය සහ භක්ත්‍යාදරය ආදී මානුෂීය ගුණාංග පිළිබඳව සරල නිරවුල් වංග භාෂාවේ මහිමය පාමින් තාගෝර්තුමන් නිර්මාණය කළ නිර්මාණ සුගන්ධය ලොව දස දෙස පැතිර ගියේය. මානවසිංහයන්ගේ නිර්මාණ සුගන්ධයද අද ...
නස්රුදින්ගේ කතා ඇතුළත් පස් වැනි පොත නිකුත්වෙයි! මල්කැකුළු මගේ නස්රුදින් කතා පොත් පෙළේ පස් වැන්න දැන් නිකුත් වෙලා තියෙනවා. ප්රකාශනය දොරට වැඩියේ කොළඹ සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සමාගමේ අනුග්‍රහයෙන්. මීට වසර පනහකට විතර ඉස්සර ලේක්හවුසියෙන් පළ කළ ‘නවයුගය’ සඟරාවට නවමුහුණුවරක් දෙන්න විවිධ විශේෂාංග රැසක් එක් කරන්න අපට සිදුවුණා. ඒකාලේ ‘නවයුගය’ කර්තෘ පදවිය දැරුවේ දිවංගත විමලසිරි පෙරේරා සූරීන්. එතුමා තමයි අපට මෙතෙක් හඳුන්වා නොදුන් විශේෂාංග ගෙන්න කියලා අපට කීවේ. ...
'දන්නෝ බුදුන්ගේ' ගීතය ගැන නොකී කතාවක්! මල්කැකුළු වසර 120ක් තිස්සේ ලක්දිව පුරා එකසේ ජනප්‍රියව පැවතුණු "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයත් සමග එම ගීතය පිළිබඳ අලුත් කතාබහක් මතුවී තියෙනවා. 1903 වර්ෂයේදී වේදිකා ගත වූ නීතිඥ ජෝන් ද සිල්වා ශුරින්ගේ ‘සිරිසඟබෝ’ නාට්‍යය සමග ජනතාව අතරට ආ මේ ගීතය තාමත් එදා මෙන්ම ජනප්‍රියයි. මෙතරම් ජනප්‍රිය ගීයක් මේ තරම් කාලයක් ජන ...
තුතන්කාමන් අධිරාජයා ගැන කළ විස්මිත හෙළිදරවුව! මල්කැකුළු මීට වසර 3,350කට පෙර විසූ මිසර පාරාවෝ අධිරාජයකු පිළිබඳ අපූරු හෙළිදරවුවක් පසුගියදා අපට දැන ගන්න ලැබුණා. ඒ අන් කිසිවකු නොව ක්‍රි. පූ. 1335-1323ත් අතර විසුවේ යැයි සැලකෙන 18 වන මිසර පාරාවෝ රාජ වංශයට අයත් තුතන්කාමන් අධිරාජයා ගැනයි. මිසරවේදිනියක වන සොෆියා අසීස් තමයි, මේ හෙළිදරවුව කළේ. ඇය කියන්නේ මේ ගැටවර වියේ අධිරාජයකු වූ තුතන්කාමන් මිය ගියේ අධික ලෙස බීමත්ව රිය පැදවීමට ...
මවගේ නමට උපහාර ලෙස පිදෙන ග්‍රේෂන් සාහිත්‍ය සම්මානය මල්කැකුළු ඔහු මයිකල් ඔන්ඩච්චි, ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු කවියෙකි; ලේඛකයෙකි; සාහිත්‍ය නිර්මාණකරුවෙකි; නවකතාකරුවෙකි; සංස්කාරකවරයෙකි; චිත්‍රපට නිෂ්පාදකයෙකි. ඔහු සිය ධනය කැප කර ග්‍රේෂන් සාහිත්‍ය සම්මානය ආරම්භ කළේ, ඉංග්‍රීසි බසින් නිර්මාණ කරණයේ යෙදෙන ශ්‍රී ලාංකික කතුවරයින් හඳුනා ගැනීමටයි. වසරේ හොඳම සාහිත්‍ය නිර්මාණය සඳහා පැවැත්වෙන ග්‍රේෂන් සම්මානය පිරිනැමෙන්නේ, 1992 වසරේදී මයිකල් ඔන්ඩච්චි විසින් ආරම්භ කරන ලද The Gratiaen Trust භාරය මගිනුයි.මයිකල් ඔන්ඩච්චිඔහු රචනා කළ ...
2023 ග්‍රේෂන් සාහිත්‍ය සම්මානය තරුණ ලේඛක දෙපළකට. මල්කැකුළු ඉංග්‍රීසි බසින් රචනා කරන ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන්ට සම්මාන පිරි නැමෙන විශිෂ්ටතම සම්මානයක් සේ සැලකෙන ග්‍රේෂන් සම්මාන උළෙල මෙවර පැවත්වුණේ 30 වන වරටයි. මෙවර ග්‍රේෂන් සම්මාන උළෙලේදී 2023 වසරේ ලද විශිෂ්ටතම සාහිත්‍ය කෘතියට හිමි සම්මානය කෙටිකතා සංග්‍රහයකට හා නවකතාවකට වශයෙන් කෘති දෙකකට හිමි වුණා. මෙසේ සම්මානයට පාත්‍ර වූයේ තරුණ දන්ත වෛද්‍යවරියක් හා තරුණ පරිගණක ඉංජිනේරුවෙක්. සම්මානයට පාත්‍ර වූ තරුණ දන්ත ...
පොසිලයකින් මතු වී ලොව හෙල්ලූ සීලාකාන්ත් මල්කැකුළු “ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගැනීමට හැකි වී තිබුණේ කුල්මන් අවට මුහුදෙන්. මාළුවාගේ සිරුර පුරාම ඝන කොරපොතු තියෙනවා. ඒක හරියට සන්නාහයකින් සැරසිලා වගෙයි. වරල් ගාත්රා වගෙයි. වරල් වගේ නොවේ” - මේ ලිපිය ලිව්වේ, 1938 වසරේ දෙසැම්බර් 23 වැනිදා, එවකට දකුණු අප්‍රිකාවේ ස්ථාපිත කර තිබුණු නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයට අයත් ශාඛාවේ, සේවය කළ එකම ...
මන්දාකිනියේ මැදින් අමුතු සංඥා නිකුත් වීමක් සිදු වෙනවා! මල්කැකුළු දැන් හදිසියේ ම ක්ෂීරපථයේ හෙවත් මන්දාකිනියේ මැද සිට නැවත නැවතත් අමුතු සංඥා නිකුත් වෙන්නට පටන් අරන් තියෙනවා. ඒවා පිටසක්වළ ජීවීන්ගෙන් ලැබෙන ඒවා විය හැකියැයි, විද්‍යාඥයන් පිරිසක් ඔවුන්ගේ අධ්‍යයනයකින් කියනවා. ඔවුන් එයින් කියන්නේ මෙය සක්වළ ජීවීන්ගෙන් අපට ලැබෙන ‘ආයුබෝවන්’ පණිවිඩයක් විය හැකි බවයි. අපේ මන්දාකිනියේ කේන්ද්‍රය දෙසට මෙසේ අපේ විද්‍යාඥයන් යොමු වුණේ ඉන් හදිසියේ ම නිකුත් වෙන්නට පටන් ගත් විස්මිත සංඥා ...
අඩ සිය වසක් තිස්සේ ගීතයෙන් විස්කම් පාන ‘රත්න ශ්‍රී’ මල්කැකුළු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 70 වැනි ජන්ම දිනය හා 50 වසරක නිර්මාණ දිවියත් නිමිති කොට ගෙන ඇගැයුම් උළෙලක් කොළඹ පදනම් ආයතනයේ පැවැත්විණ. ඒ අරමුණු කොට ගෙන ඔහුගේ ගීත නිර්මාණ භාවිතය ගැන විශේෂ ලිපියක් 2023 ජූනි 6 වැනි දා ලංකාදීප’ පත්‍රයේ වීමංසා සංග්‍රහයේ පළ විය. මහේෂ් ක්‍රිෂාන්ත ලියූ ඒ ලිපිය ඉතා ප්රශස්ත එකකි. ඒ නිසා ‘මල් කැකුළු’ පාඨකයන් වෙනුවෙන් එය මෙසේ උපුටා ...
සෙනසුරු සෞර ග්රහමණ්ඩලයේ රජ වෙයි! මල්කැකුළු සෞර ග්රහමණ්ඩලයේ ග්‍රහයන් අතර යෝධ ග්‍රහයා ලෙස සැලකුණු බෘහස්පතී හෙවත් ගුරු ග්‍රහයා පරදවා පරිවාර ග්‍රහයන් අතරින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා පසුගියදා අංක එකට පත් වුණා. මෙතෙක් වැඩිම චන්ද්‍රයන් පිරිසක්, එනම් පරිවාර චන්ද්‍රයන් 95ක්, සමග පිරිවරා ගෙන පසුගිය පෙබරවාරිය තෙක් රජ කරමින් සිටි ගුරු දෙවැනි තැනට පත් වුණා. ඒ සෙනසුරුට පරිවාර චන්ද්‍රයන් 117ක් සිටින බව අන්තර්ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් ප්‍රකාශයට පත් ...
විස්මිත දළ හතරේ ඇතුන්ගේ සොහොනක් ඇමරිකාවෙන් ! මල්කැකුළු සත්ව ලෝකයේ සද්දන්තයන් දෙදෙනාම එකවර සොබා දහම තුළ දැක හැකි එකම රට ශ්‍රී ලංකාවයි. ඒ මිරිස්ස මුහුදු වෙරළේ දැක ගත හැකි මුහුදේ දැවැන්තයා වූ තල්මහත්, යාල ජාතික වනෝද්‍යානයේ දී දැක ගත හැකි අලියාත් බව අමුතුවෙන් කිවයුතු නොවේ. වනාන්තරයේ සද්දන්තයා අලි ඇතුන්ය. ලෝකයේ සෑම සත්ව උද්‍යානයකම පාහේ අලි ඇතුන් දකින්න ලැබුණත්, සොබාදහම තුළ ඔවුන් දිවි ගෙවන අයුරු දැක ගන්නට ලැබෙන්නේ ආසියාවේ ...
ඇමරිකාවෙන් ඇත් සොහොනක් හමු වෙයි! මල්කැකුළු වනාන්තරයේ සද්දන්තයා අලි ඇතුන්ය. ලෝකයේ සෑම සත්ව උද්‍යානයකම පාහේ අලි ඇතුන් දකින්න ලැබුණත්, වන අලි ඇතුන් දකින්න ලැබෙන්නේ රටවල් කීපයක පමණයි. වර්තමානයේ අලි ඇතුන් වර්ග ප්‍රධාන දෙකක් ඉන්නවා. ලොකු කන් සහ ලොකු සිරුරක් ඇත්තේ අප්‍රිකානු අලි ඇතුන්ටයි. අප්‍රිකානු අලි ඇතුන් ජීවත් වන්නේ අප්‍රිකා මහද්වීපයට අයත් රටවල වනාන්තරවලයි. ආසියානු අලි ඇතුන් ජීවත් වන්නේ ආසියානු රටවලයි. සෙසු මහද්වීපවලට අයත් රටවල වනාන්තරවල අලි ...