HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විශ්ව‍යේ විස්මිත ලග්රෑන්ජ් ලක්ෂ්‍යය කියන්නේ කුමකටද?

විශ්වය පුරා පවතින විස්මිත ශක්තියක් වන්නේ ගුරුත්වයයි. සෞරග්‍රහ මණ්ඩලයේ සෑම දෙයක්ම පවතින්නේ ගුරුත්වය නිසයි. මේ ගුරුත්වය ග්‍රහ වස්තූන්ගේ විශාලත්වය හා ස්කන්ධයෙහි ස්වභාවය අනුව විවිධ වෙයි; අඩු වැඩි වෙයි. විශ්වය තුළ ඇති ග්‍රහ වස්තු සියල්ල ම රඳා පවතින්නේ ගුරුත්වය මතයි. හැම දෙයක් ම බිමට වැටෙන්නේත්, ඔබට පොළොව මත පය ගසා සිටින්නට ඉඩ සලසා දෙන්නේත් ගුරුත්වාකර්ෂණයයි. ගුරුත්වාකර්ෂණය අඩු ම තැනක් ශ්‍රී ලංකාවෙහිත් ඇති බව පසුගියදා නාසා ආයතනය හෙළිදරවු කළා ඔබට මතක ඇති. ගුරුත්වය අඩු තැන ඔබේ බරත් අඩුවෙන් තමයි පෙන්වන්නේ.

ජෝශප් ලුයී ලග්රෑන්ජ් විද්‍යාඥයා

අපි සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට සක්වළ ඈතට අභ්‍යවකාශ චන්ද්‍රිකා යවන්නේ ඒ ඒ ග්‍රහයන්ගේ ගුරුත්වය උපයෝගී කර ගෙනයි. ඈත එපිට සක්වළ පිරික්සන්නට තනා ඇති අලුත් ම දුරේක්ෂය රඳවා ඇත්තේ සූර්යයාගේත් පෘථිවියේත් ගුරුත්වාකර්ෂණවල විෂමතාවක් ඇති තැනකයි. එය හැඳින්වෙන්නේ ලග්රෑන්ජ් ලක්ෂ්‍යය (Lagrange point) කියායි. එතැන් සිට පෘථිවියට පණිවිඩ එවීම පහසුවෙන් කළ හැකියි. ඒ වාගේම සූර්යයාත්, පෘථිවියත්, චන්ද්‍රයාත්, අභ්‍යවකාශ යානය පසුපසින් පිහිටන නිසා ඒවායේ ආලෝකයන් ගෙන් එහි ඇති දුරේක්ෂයෙහි දෘෂ්ටියට බාධාවක් නොවෙයි. ඈත එපිට සක්වළෙහි සෑම දෙයක් ගැන ඉතා පැහැදිලි දසුන් ලබා දෙයි. 

මේ ලග්රෑන්ජ් ලක්ෂ්‍යයන් ලෙස හැඳින්වෙන්නේ සූර්යයා හා පෘථිවිය වැනි ග්‍රහ වස්තු පද්ධති දෙකක ගුරුත්වාකර්ෂණයන්ගේ බලපෑමෙන් ආකර්ෂණයත් විකර්ෂණයත් දෙකම එක විට ඇති කරන තැන් වලටයි. ඒ කලාප අභ්‍යවකාශයේ ‘රථ ගාල්’ ලෙස හැඳින්වෙනවා. එවැනි තැනක රැ‍ඳ‍ෙන ග්‍රහ වස්තුවක් හෝ රඳවන අභ්‍යවකාශ යානයක් හෝ වැඩි ආයාසයක් නොගෙන සූර්යයා දෙසට හෝ පෘථිවිය දෙසට හෝ ඇදී යාමක් නැතිව, කක්ෂයෙහි වෙනස් වීමක් නැතිව ස්ථාන ගත කළ හැකියි. යම් ග්‍රහ වස්තුවක් ඒ ස්ථානයට මඳක් සූර්යයා දෙසට බර වුවහොත් සුර්යයා දෙසට ඇදී ගොස් එහි කක්ෂයක සූර්යයා වටා යන්නට පටන් ගන්නවා. එසේ නොවී පෘථිවිය දෙසට වැඩියෙන් බර වී ගියොත් පෘථිවි ගුරුත්වාකර්ෂණයට අසුවී පෘථිවිය දෙසට ඇදී ගොස් එය පෘථිවි කක්ෂයක නතරව අපේ හඳ මෙන් කක්ෂයක පෘථිවිය වටා යන්නට ඉඩ තියෙනවා. 

මේ ස්ථානවලින් මුලින් ම හඳුනාගනු ලැබුවේ L1 ලෙස හැඳින්වෙන ලග්රෑන්ජ් ලක්ෂ්‍යයයි. එය පිහිටා ඇත්තේ පෘථිවියත් සූර්යයාත් අතර පෘථිවියේ සිට කිලෝමීටර ලක්ෂ 15ක් (සැතැපුම් මිලියනයක්) දුරින් වූ කක්ෂයකය. මේවා ලග්රෑන්ජ් ලක්ෂ්‍යයන් ලෙස නම් කර ඇත්තේ ඒවා සොයා ගත් ජෝශප් ලුයී ලග්රෑන්ජ් (Joseph Louis Lagrange) නම් කීර්තිමත් ඉතාලි-ප්‍රංශ ජාතික ගණිතඥයාගේ නමිනුනි. . L2 ලග්රෑන්ජ් ලක්ෂ්‍යය පිහිටා ඇත්තේ ඒ කක්ෂය මත හරියටම පෘථිවියට ප්‍රතිවිරුද්ධ දිසාවහෙිය. වෙබ් දුරේක්ෂය ස්ථාපිත කර ඇත්තේ මේ ස්ථාන‍යෙහිය. එය හැම විටම පෘථිවියට මුවා වී පවතින නිසා හිරු එළියෙන් එහි කටයුතුවලට බාධාවක් සිදු නොවෙයි. 

මේ ජෝශප් ලුයී ලග්රෑන්ජ් විද්‍යාඥයා ප්‍රංශ ජාතිකයකු වූ පියා අනුව යමින් තමන් ඒ නමින් හැඳින්වුවද ඔහු උපතේ දී හැඳින්වූයේ මවගේ ඉතාලි සම්භවයෙන් යුත් නම වූ ගියුසෙපි ලුයිගී ලග්රෑන්ජ් නමිනුයි. ඔහු මේ ලග්රෑන්ජ් නව ලක්ෂ්‍යයන් සොයා ගැනීම හෙළිදරවු කළේ 1788 වසරේදියි. 


Post a Comment

0 Comments