HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක අලි දිනය අදයි! ඉන්නේ 6000ක් පමණයි! දවසකට අලියෙක් බැගින් මිය යනවා!

දිනයක් වෙන්කර සැමරුණත් බොහෝ වන අලි මෙන්ම හීලෑ අලි ද මේ වනවිට දිවි ගෙවන්නේ ජීවිත තර්ජන ද සමඟිනි. ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ සහිතව සෑම වසරකම අගෝස්තු 12 වනදා ලෝක අලි දිනය ලෙස නම් කර ඇත. 

වන අලි රංචුවක් සීරුවෙන් පාර හරහා මාරු වන අයුරු

සියවස් ගණනක් මුළුල්ලේ වන අලින්ගේ නිජ බිමක් වන ශ්‍රී ලංකාවට මෙය ඉතා වැදගත් දිනයක් වන්නේ, පෙරට වඩා අලින්ගේ සුරක්ෂිතතාව පිළිබඳ අවධානයට යොමුකළ යුතු කාලවකවානුවක අප පසු වීම හේතුවෙනි. 

සමීක්ෂණවලට අනුව මෙරට අලි ගහනය 6,000කට ආසන්න වේ. එම වන අලි ගහනයෙන් 55.9%ක් වැඩිහිටි අලින් ලෙස ද 25.3%ක් තරුණ වැඩිහිටි අලින් ලෙස ද 12.4%ක් පැටවුන් ලෙස ද 6.4%ක් ළදරු අලි පැටවුන් ලෙස ද ගණන් බලා තිබේ. 

මෙරට භූමි සීමාවෙන් වැඩිම වන අලින් ප්‍රමාණයක් ගැවසෙන භූමිය මහවැලි වනජීවි කලාපය වන අතර, එහි ජීවත් වන අලින් සංඛ්‍යාව 2,000කට ආසන්නය. 

නමුත් අවාසනාවන්ත තත්ත්වය නම්, සෑම වසරකම පාහේ තවමත් විසඳුමක් නොමැති අලි මිනිස් ගැටුම හේතුවෙන් අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත ද විශාල ප්‍රමාණයක් අහිමි වීමයි. 

පසුගිය වසර තුළ පමණක් අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 433 දෙනෙකු මිය ගොස් ඇති අතර, මිනිස් ජීවිත 125ක් ද වන අලින් විසින් බිලි ගෙන තිබේ. 

එහි ආසන්තම සිදුවීම වාර්තා වුණේ, අද (12) පෙරවරුවේ කහටගස්දිගිලිය ප්‍රදේශයෙනි. එහි දී වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව 58 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය. එමෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජීවිත තර්ජනයට ලක්වූ වන අලි ද ආසන්න දිනවල දී වැඩි වශයෙන් අසන්නට ලැබිණි. 

බඳින තුවක්කුවකට හසුවීමෙන් අසාධ්‍යව සිටින අග්බෝ, යකඩ මද්දකට හසු වීමෙන් දැඩි ලෙස හොඩවැල තුවාල වී සිටින ගිරාඳුරුකෝට්ටේ වන අලියා, වෙඩි වැදී දින ගණනක් අසාධ්‍යව සිට මියගිය තිරප්පනේ ගැබ්බර ඇතින්න මෙන්ම කිසිවෙකුගේ ඇස නොගැටී මියගිය ගල්ගමුවේ තේක්ක රාජා ද ඊට හොඳම නිදසුන්ය. 

තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිව වසර විසිදෙකක් මෙරට රැඳී සිටි මුතුරාජා හස්තියා විඳි පීඩාව මෙරට හීලෑ අලි කෙරෙහි ඇති අවදානම පිළිබඳව ද නිදසුන්ය.

එබැවින් පෙරට වඩා වැඩි අවධානයක් වන අලි සහ හීලෑ අලි ඇතුන් කෙරෙහි යොමුකර, එම සම්පත සුරැකීමේ තිරසාර වැඩපිළිවෙළකට යොමු වීමට දැන් කාලය එළැඹ තිබේ.

Post a Comment

0 Comments