පොත්වලට වසන්තය උදා කළ ප්‍රේම්ගේ විස්මිත අතීත විත්ති මල්කැකුළු අගනුවර තුළ පිහිටි ගම් අතරින් මගේ සිත් තදින් ඇද ගත් ගම්මානයක් වෙයි. ඒ තලංගමයි. තලංගම මට සුවිශේෂී වූයේ මගේ යුගයේ පත්රකලාවේදීන් තිදෙනකු ම ඒ නම තම නමට ඈඳා ගැනීමයි. ඒ, තලංගම ප්‍රේමදාස, තලංගම ප්‍රේමරත්න හා තලංගම ජයසිංහ ය. ඒ අතරින් තලන්ගම ජයසිංහ මා සමඟ ලේක්හවුසියේ වසර ගණනාවක් එකට සේවය කළේය. ඔහු චිත්රශිල්පියකු ලෙසට සේවයට බැඳුණ ද නිර්මාණශීලී කවියකු, උපහාස රචකයකු, ...
නව වසර මුලින් ම පිළිගන්න විස්මිත රට කිරිබස් මෙන්න! මල්කැකුළු තවත් නව වසරක් උදා විය. සෑම විටම, නව වසර පළමුවෙන් ම පිළි ගන්නේ ලෝකයේ තියෙන පුංචි, ඒ වගේ ම විස්මිත රටක්. ඒ තමා ‘කිරිබස්’ ජනරජය. උදා වන නව වසර පිළිගැනීමට වාසනාව හිමි කර ගත්තේ ඒ කිරිබස් ජනරජයයි; එහි ජීවත්වන ජනතාවයි. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දෙසැම්බර් 31 වැනිදා 3.30 වන විට ලොව අනික් කිසිම රටකට වඩා ඉදිරියෙන් ඉන්නේ ‘කිරිබස්’ ජනරජයයි. එසේ වන්නේ ...
ඇස් කන්නාඩියේ විස්මිත කතාව මල්කැකුළු ඇස් කන්නාඩියට උපැස් යුවළ කියා ද හැඳින්වේ. මෙයින් අදහස් කෙරෙන්නේ ඇස්වල පෙනීම නිවැරදි කිරීම සඳහා හෝ ඇස් ආරක්ෂා කිරීමට ඇස් ඉදිරියෙන් පලඳින උපකරණයකි. ඇස් කන්නාඩියකට කන්වල සහ නැහැය මත රැඳවිය හැකි ලෙස රාමුවකට සවි කළ කාච දෙකක් ඇතුළත් වෙයි. මේ හැරෙන්නට ඇස් කන්නාඩි වෙනුවට ඇසේ පෙනීම නිවැරදි කිරීමට සිවි කාච (contact lenses) ද පැලඳිය හැකිය. ඒවායේ කාච ඇස් කන්නාඩිවල කාචවලට ...
ගජමෑන් මැවූ ‘සුපර්මෑන්’ අපෙන් සමුගෙන ස්වර්ගස්ථ වෙයි! මල්කැකුළු “ආර්ථික අහේනිය, දේශපාලන විවේචන, එසැණින් පිට කිරීමට මෙකල මෙන් සමාජ මාධ්‍ය නොතිබූ ඒ යුගයේ ජනතාව වෙනුවෙන් එක් කුඩා මිනිසකු නොබියව ඒ කාර්යය සියතට ගත්තේය. විවේචනයට වඩා උපහාසය සියදහස් ගුණයකින් ප්‍රබල බව ඔහු සියලු බලවතුන්ට ඔප්පු කර පෙන්වීය. “කසීසළුවලින් වසාගත් පුහුමානයෙන් ඔද්දල්ව සිටි පැළැන්තිය දෙකේ කොළයට ඇද දැමීමට සේකරගේ කවිවලට නොදෙවැනිව, ඔහුගේ පින්සල් පහර සමත් විය. හැත්තෑව, අසූව, අනූව දසකවල මහල්ලාගේ ...
අද උපහාර ලබන, ‘ලංකාදීපය’ට යළි ජීවය දුන් ප්‍රධාන කතුවර - සිරි රණසිංහ මල්කැකුළු 1965 වසරේ අග හරියේ දිනක උදේ පුංචි බොරැල්ලෙන් බසයෙන් බසින විට ලේක්හවුසියට අලුතින් එක් වූ තරුණ පත්රකලාවේදීන් සිව් දෙනකු එහි බස් නැවතුමෙහි සිටිනු දුටු හැටි මට අද වගේ මතකය. එතැන සිටියේ දෙල්තොට චන්ද්‍රපාල, තිස්ස එදිරිසිංහ, බිනෝයි සුරේන්ද්‍ර හා සිරි රණසිංහ යන අයයි. ඉන් අඩසියවසකට පසු දෙල්තොට චන්ද්‍රපාලට හා තිස්ස එදිරිසිංහට ‘දිනමිණ’ කතු පදවිය හොබවන්නට හැකි විය. බිනෝයි ‘දිනමිණ’ සම කතු ...
නවයුගය, මිහිර හා තරුණි නිර්මාතෘ ගැන තොරතුරු එවන්න! මල්කැකුළු මා මේ සටහන ‘මල්කැකුළු’ පාඨකයන් වෙනුවෙන් ලියන්නේ විශේෂ ඉල්ලීමක් කරන්නයි. සිළුමිණ පත්‍රයේ තුන්වැනි කතුවරයා වූ ලියනගේ මහතා ගැන පොතක් ලියන්නට එතුමාගේ මීමුනුපුරකු ඉදිරිපත් වී සිටිනවා. මින් 60 වසරකට පෙර ශ්‍රී ලාල් හික්කඩුවේ ලියනගේ මහතා ආරම්භ කළ ‘නවයුගය’ සඟරාවේ පසු කලෙක අනුප්‍රාප්තික සංස්කාරකවරයකු වශයෙන් කටයුතු කළ නිසා මේ සද්කාර්යයට උපකාර කිරීම මගේ යුතුකමක් ලෙස සලකනවා. ඒ නිසයි, මේ ඉල්ලීම කරන්නේ. ශ්‍රී ...
විස්මිත මහා සාගර සම්පතකට මැදි වුණු ශ්‍රී ලංකාව මල්කැකුළු “ලෝකෙන් උතුම් රට ලංකාවයි...” කියා ගීයක් ලක් ළමුන් අතර දේශානුරාගය වඩවන අටියෙන් අඩ සියවසකට පෙර අධ්‍යාපන ඇමතිවරයකුව සිටි ප්‍රකට ලේඛකයකු වූ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන් විසින් රචනා කර දීපව්‍යාප්තව පාසල් අතර තරඟයක් පවා පැවැත්වූවා අපට මතකය. එතුමා එ් ගීතය රචනා කළේ හුදෙක් දේශමාමක හැඟීමකින් යුතුව, ළමුන් තුළ සියරට ගැන අභිමානයක් ඇති කිරීමට මිස, පෘථිවියෙහි ශ්‍රී ලංකාවේ පිහිටීම ගැන ...
විස්මිත පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනියි. මල්කැකුළු විවිධ ප්‍රමාණවලින් යුත් අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහිකිරීමේ දී මෙන් ප්රචණ්ඩ හැලහැප්පීම් නැතිව, අවුල් ජාලයක් නොවී, බිහිවූ ‘අපූරු සෞරග්‍රහ මණ්ඩලයක්’ සොයා ගැනීමට විද්‍යා පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ආලෝක වර්ෂ 100ක් ඈතින් පිහිටා ඇති මෙය ‘පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයක්’ ලෙසයිථ ඔවුන් විසින් හඳුන්වා දි ඇත්තේ. මෙයට එකම ප්‍රමාණයේ ග්‍රහලෝක හයක් අයත් වෙනවා. වසර බිලියන 12කට පෙර එය බිහි වූ අවස්ථාවේ තිබූ ආකාරයට ...
මෙවර ලෝක කුසලානෙදි අපේ පිලට මොකද වුණේ? මල්කැකුළු මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද වුණේ? පසුගිය දා සිරස නාලිකාවේ වසන්ත ප්‍රදීප් මාසිංහගේ ‘ප්‍රශ්න 10’ (10 Questions) නම් වැඩ සටහනට සහභාගිවුණු අරවින්ද ද සිල්වා අපූරු කතාවක් අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන කීවේය. ‘මට පේන විදියට නම් ලෝක කුසලානට ගිය අපේ පිලේ සංයුතිය ඒක දිනපු ඕස්ට්‍රේලියාවේ පිලේ සංයුතියට වඩා හොඳයි. පිට ඉඳලා ඒ ගැන කියන්න අමාරුයි. පිටිය මැදට ...
නවසීලන්තයට ආ මිනිසුන් අතර සිටි අපූරුම මිනිසා - රාමා මල්කැකුළු නවසීලන්තයට පැමිණි මිනිසුන් අතර අපූරුම මිනිසෙකි රාමා. ඔහු මට වඩා වයසින් වැඩි නිසා ඇසුරු කරද්දී මම ඔහුට සැලකුවේ මගේ වැඩිමල් සහෝදරයකුට මෙන් ඉතා ගෞරවයෙනි. අපගේ පවුල් දෙකම නවසීලන්තයට පැමිණියේ 1990 මැද භාගයේදී යි. කරුණු කාරණා කිහිපයක් නිසා අප පවුල් අතර කිට්ටු සබඳතාවක් හා ලැදියාවක් ගොඩ නැගුණි. බොහෝ දිනවල කාර්යාල වේලාවෙන් පසු සැන්ඩින්ග්හැම් වල තිබූ අප නිවසට පැමිණ කතා බහ කර ...
උපත් පාලනය - නම අලුත් වුනත් වසර 3500ක් පැරණි දෙයක්! මල්කැකුළු උපත් පාලනය (Birth control) යනු මානව ප්‍රජනනය සීමා කිරීම යි; අත් හිටුවීමයි. ලෝක ජනගහනය ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගැනීමත් සමඟ උපත් පාලනයේ වැදගත් කම මිනිසාට අවබෝධ වන්නට වුණා. මිනිසාට කලින් මේ උපත් පාලනය පටන් ගත්තේ සතුන් අතරයි. ප්‍රමාණවත් තරම් ආහාර නොමැති කාලවල ඇතුන් සිංහයන් හා කොටියන් පැටවු බිහි කළේ නැහැ. එය ඔවුන් සිදු කළේ ගැහැනු සතුන් හා පිරිමි සතුන් එක් ...
පණ්ඩිත් අමරදේවයන් අන්තිම මොහොතේ පිච්ච මල් තුනක් ඉල්ලයි! මල්කැකුළු දෙදහස් දහසයේ නොවැම්බර් දෙවැනිදා නින්දට ගිය අමරදේවයන් පුදුම ඉල්ලීමක් කළේ හරියටම රෑ දොළහටය. වෙනදා නම් නින්ද අතරමැදදී අවදි නොවන ඔහු නොවැම්බර් දෙවැනිදා හරියටම රෑ දොළහට සිටියේ අවදිවය. එසේ අවදිවූ අමරදේවයන් සිය දයාබර බිරිඳ විමලාවන් ද අවදි කර වූවේය. මහ රෑ අවදි කළ විමලාගෙන් අමරදේවයන් ඉල්ලුවේ සුදු මල් තුනකි. ආචාර්ය අමරදේව“මහ රෑ දොළහට තාත්තා සුදු මල් තුනක් ඉල්ලුවාම අම්මා තරමක් තිගැස්සිලා ...
බොරුවක වෙනස? මල්කැකුළු දවසක් නස්රුදින් හම්බවෙන්න යාළුවෙක් ආවා. ඇවිත් ඉල්ලීමක් කළා. නඩුවක එයා වෙනුවෙන් සාක්කියක් දෙන්න කියලා. ඔහෙට කරන්න තියෙන්නෙ මෙච්චරයි. නඩුකාරයා අහයි ඔහෙගෙන්, “මේ මිනිහා ඔක්කොම රන් කාසි ටික දෙනවා යුෂ්මතා දැක්කද?” කියලා. ඔහෙට තියෙන්නෙ “ඔව්” කියන්න විතරයි. ඔවුන් උසාවියට ගියා. නඩුකාරයා ඉදිරියේ සාක්කි දෙමින් නස්රුදින් කිව්වා, “ඒ මිනිහා ඔක්කොම රිදී කාසි ටික දෙනවා තමා දක්කා” කියලා. නඩුකාරයා ඒ කතාව පිළිගෙන නඩුව ...
ඇමරිකාව සුපිරි න්‍යෂ්ටික බෝම්බයක් තනන්න යයි මල්කැකුළු පසුගියදා චීනය සිය න්‍යෂ්ටික යුද අවි තැන්පතුව විශාල කරන්නට අදහස් කර සිටින පළ කිරීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයත් මෙතෙක් සැලසුම් කර ඇති සුපිරි න්‍යෂ්ටික බෝම්බයක් තනන බව පෙන්ටගනය ප්‍රකාශ කර ඇත. ඔවුන් තනන්නට යන න්‍යෂ්ටික බෝම්බය ජපානයේ හිරෝෂිමට දැමූ පරමාණු බෝම්බය මෙන් 24 ගුණයක් බලවත් එකක් බවයි, ඔවුන් කියන්නේ. නව බෝම්බය තැනෙන්නේ B61-7 යුදශීර්ෂයට B6-12 බෝම්බයේ නව ආරක්ෂක වැස්මක් යොදවමිනි.මේ ...
අභිරහස් බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ තතු හෙළිවෙයි. මල්කැකුළු පසුගිය වසර 100 තුළ නැව් 50 ගණනක්, ගුවන්යානා 20ක්, අඩු තරමින් මිනිස් ජීවිත 1000ක්වත් බිලි ගන්නට ඇතැයි සැලකෙන බර්මියුඩා ත්‍රිකෝණය (Bermuda Traingle) පිහිටි ප්‍රදේශය ලොව ඇති අතිශය ගුප්ත තැනක්. උතුරු ඇමෙරිකාවේ මියාමි වෙරළත්, දකුණු ඇමෙරිකාවේ පුවර්ටෝ රිකෝ හා බර්මියුඩා දූපතත් අතර වර්ග කිලෝමීටර් 500,000 වන ප්රදේශයයි, අභිරහස් බර්මියුඩා ත්‍රිකෝණයට අයත් වන්නේ. බර්මියුඩා ත්‍රිකෝණය වර්ග කිලෝමීටර් 500,000 වන ප්‍රදේශයක් පුරා පැතිර ...
ඉතාලියේ තවත් ඇලවුණු කුලුනක් අනතුරේ! මල්කැකුළු ඉතාලියේ පීසාහී ඇලවුණු කුලුන ගැන ඔබ දන්නවා නේද? ඒ වගේ තවත් ඇලවුණු කුලුනක් තියෙනවා, කඩා වැටීමේ අවදානමට ලක්වුණු. ඒ ඉතාලියේ බොලොඤ්ඤාවේ ගැරිසෙන්ඩා කුලුනයි. වසර 900ක් පැරණි මේ කුලුන දැනටමත් අංශක හතරක් ඇල වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ පීසා හී ඇලවුණු කුලුනට වඩා අංශකයක් අඩුවෙනුයි. බොලොඤ්ඤාවේ වඩාත් උස කුලුන වූ අඩි 318ක් වූ ඇසිනෙලි කුලුන නිසා ගැරිසෙන්ඩා කුලුනෙහි උස (අඩි 157ක්) පෙනෙන්නේ ...
'ලොව අටවන මහාද්වීපය' මතුවෙයි! මෙන්න ඒ විස්මිත සිතියම! මල්කැකුළු ඇරිස්ටෝටල්, එරතොස්තනීස් සහ ටොලමි මේ සම්බන්ධයෙන් මීට පෙර විස්තර කොට තිබුණි. සිතියම් විද්‍යාඥයන් විසින් Terra Australis Incognita (ලතින් භාෂාවෙන් "දකුණේ නොදන්නා දේශය") යන වෙනත් නම්වලින් එය හැඳින්විය. එවකට එය මනඃකල්පිත මහාද්වීපයකි. සීලැන්ඩියාවේ මතුපිට විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන පහකි.පුරාණ ග්‍රීක ජනයා විශ්වාස කළේ, ජ්‍යාමිතික සමමිතිය අනුව, එය ලොව අනෙක් පස පිහිටිය යුතු බව ය. 1642 වසරේ නව භූමියක් එනම්, අප දැන් ...
නොබෙල් සම්මානයේ කීර්තිය කෙලෙසූ කළු පැල්ලම් මල්කැකුළු ලෝකයේ ඉතාමත් ගෞරවාන්විත සම්මානයන්ගෙන් එකක් ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගයේ තවත් වටයක් පසුගියදා නිමාවට පත් වුණා. ස්වීඩන් ජාතික විද්‍යාඥයකු, ව්‍යාපාරිකයකු, සහ මහා දානපතියකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් සිය ධන පරිත්‍යාගයෙන් ආරම්භ කෙරුණු මේ කීර්තිමත් සම්මානය පසුගිය සියවස තිස්සේ ම ලොව පුරා විද්‍යාඥයන්, සාහිත්‍යධරයන් හා සාම ක්‍රියාකාරීන් සැම ප්‍රබෝධමත් කළ බව නොරහසක්. ඒ වුණත් ඒ කීර්තිමත් සම්මානයට කළු පැල්ලම් එක් කළ අවස්ථාත් තිබුණා. ...
2023 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හඬක් නැති අයට හඬක් දුන් නෝර්වීජියානු යූන් ෆෞසේට මල්කැකුළු 2023 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනමා ඇත්තේ නෝර්වීජියානු ලේඛකයකු, නාට්‍ය රචකයකු සහ කවියකු වන යූන් ෆෞසේ (Jon Fosse) ටයි. ඔහුට මේ සම්මානය පිරිනැමෙන්නේ ඔහුගේ සමස්ත නිර්මාණාවලියටමයි. ලෝක ප්‍රකට නෝවේජියානු නාට්‍ය රචක හෙන්රික් ඉබ්සන්ගෙන් පසු එරට පහළ වූ ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයා ලෙස ද ඔහු සැලකේ. නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක සහ කවියකු වන යූන් ෆෞසේ.ස්වීඩන් ඇකඩමිය සම්මානය පිරිනමන බව ප්‍රකාශ කළ අවස්ථාවේ දී ...
ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව තැබූ විස්මිත වාර්තා! මල්කැකුළු ක්‍රිකට් ලෝලීන් සෑම දෙනකුගේම අවධානය යොමුව ඇත්තේ දැන් පැවැත්වෙන 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙතයි. 1996 දී පාකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පාකිස්ථාන අගමැති බෙනාසීර් භූතෝ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංගට ජය සංකේතය පිරිනැමූ මොහොත. ටෙස්ට් වරම් ලත් රටක් වුවත් ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් වීම සඳහා සිම්බාබ්වේහි පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කර සුදුසුකම් ලැබීමට ...