HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අභිරහස් බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ තතු හෙළිවෙයි.

පසුගිය වසර 100 තුළ නැව් 50 ගණනක්, ගුවන්යානා 20ක්, අඩු තරමින් මිනිස් ජීවිත 1000ක්වත් බිලි ගන්නට ඇතැයි සැලකෙන බර්මියුඩා ත්‍රිකෝණය (Bermuda Traingle) පිහිටි ප්‍රදේශය ලොව ඇති අතිශය ගුප්ත තැනක්. උතුරු ඇමෙරිකාවේ මියාමි වෙරළත්, දකුණු ඇමෙරිකාවේ පුවර්ටෝ රිකෝ හා බර්මියුඩා දූපතත් අතර වර්ග කිලෝමීටර් 500,000 වන ප්‍රදේශයයි, අභිරහස් බර්මියුඩා ත්‍රිකෝණයට අයත් වන්නේ. 


බර්මියුඩා ත්‍රිකෝණය වර්ග කිලෝමීටර් 500,000 වන 
ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා.

ඇමෙරිකාවේ කොලරාඩෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ චන්ද්‍රිකා කාලගුණ විද්‍යාඥ ආචාර්ය ඩේවිඩ් මිලර් කියන්නේ වලාකුළු අතර සෑදෙන පියවි ඇසින් දැක ගත නොහැකි, සය පැති වලාකුළු තුළ පැ.හැ. 170ක් තරම් වේගවත් සුළි කුණාටු ඇති වෙනවා. සාගරවල නොවිසඳුණු සිය ගණනක් අභිරහස්වලට හේතු වන්නේ ඒ සුළි කුණාටුයි. ඒ කුණාටු කොතරම් ප්‍රබල ඒවාද යත් ඇසිල්ලකින් ගුවන්යානා හෝ නැව් හෝ ජලය තුළට කිඳා බස්සන්නට , ඒවාට පුලුවන්. ඒ වගේ ම බර්මියුඩා ත්‍රිකෝණය (Bermuda Traingle) පිහිටි ප්‍රදේශයේ සාගරය තුළ වරින්වර ප්‍රචණ්ඩ වීම වෙනත් සාගරවල ඇති වෙන ඒවාට සමානයි. සසඳා බැලීමේ දී එහි අස්වාභාවිකත්වයක් නැහැ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය සංගමය (NOAA) අවධාරණය කරනවා. 

බර්මියුඩා ත්‍රිකෝණයට අදාළ ව මුල් ම අතුරුදන් වීම වාර්තා වන්නේ 1945 දෙසැම්බර් 4 වැනිදායි. ඒ (Flight 19) පියසැරි 19 නමින් හැඳින්වුණු TBF ඇවැන්ජර් බෝම්බහාරක යානා 5ක් නැවියන් 14ක් සමග අතුරුදන් වීමෙන්. ඉන්පසු, එදින ම ඒ නැති වූ යානා සොයන්නට ගිය PBM මැරීනර් යානයත් නැවියන් 13ක් සමඟ අතුරුදන් වුණා. 

අවසාන වශයෙන් වාර්තා වූයේ 2017 මැයි 15 වැනිදා MU-2B නමින් යුත් පුද්ගලික ගුවන් යානයක් එහි අඩි 24,000ක් ඉහළ අහසේ දී සැණෙකින් අතුරුදන් වූ බවයි. ඇමරිකාවේ මියාමි ගුවන්ගමන් පාලකයන් තමයි, ආරංචිය ලබා දී ඇත්තේ. 

බ්‍රිටෑනිකා විශ්වකෝෂය කියන විධියට පසුගිය සියවසක් තරම් වූ මේ මුළු කාලය තුළ ම අනතුරට ලක්ව ඇත්තේ නැව් 50ක් හෝ ගුවන් යානා 20ක් තරම් සංඛ්‍යාවක් විතරයි. ඒ හැම එකක් ම අවසානය පැහැදිලි නැති ඒවායි. වසර 100ක තරම් කාලයක් තුළ ලක්ෂ ගණනක් යානා හා යාත්‍රා ඒ කලාපය හරහා යන විට කුමක් හෝ අනතුරක් සිදු විය හැකියි. එහි අස්වාභාවික අසාමාන්‍ය තත්වයක් ඇති විශේෂ තැනක් නැහැ. එය වර්ග කිලෝමීටර් 500,000ක් තරම් දුරට විහිදෙන ඉතා විශාල ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය පුරාම නැව් හා යාත්‍රා විශාල සංඛ්‍යාවක් දිනපතාම කිසිම අනතුරකට ලක් නොවී එහා මෙහා යනවා.

ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥ කාල් කෘස්ලෙනිස්කි (Karl Kruszelnicki) කියන්නේ අතීතයේ දී මේ බර්මියුඩා ත්‍රිකෝණයේ දී අතුරුදන් වූ නැව් හා ගුවන් යානා ගැන විමසිල්ල‍ෙන් බලන විට ඒවා එක පොදු සංසිද්ධියකට ගොනු කර දක්වන්න බැහැ කියලයි. ඒ කලාපය හරහා යන නැව් හා මුහුදු යාත්‍රා සංඛ්‍යාව අති විශාලයි. ඒ බොහොමයක් ම නිරුපද්‍රිතව ඒ චාරිකාවල ය‍ෙදනවා. කලාතුරකින් එකක් තමයි, අනතුරට ලක් වන්නේ. ඒ වගේ ම ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය සංගමය (NOAA)ත් ලන්ඩනයේ සාගර රක්ෂණ සමාගමක් වූ ලොයිඩ්ස් ආයතනයත් කාලයක් තිස්සේ මේ මතයම දරණවා. ඔවුන් කියන්නේ ‘අභිරහස් බර්මියුඩා ත්‍රිකෝණය’ යන්න හිතළුවක් කියායි. 

මේ ප්‍රදේශයේ ඉතිහාසයේ ඈතට ගියොත් 1609 දී ඉංග්‍රීසීන් 150 දෙනකු රැගත් ‘සී වෙන්චර්’ කියන නැව කුණාටුවකට හසු වී බර්මියුඩා දූපතට ගසාගෙන ගියා. ඒ කාලේ ඒ දුපතට නමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් ඒ දූපත් සමූහයටම ‘සෝමර්ස් දූපත්’ කියලා කිව්වා, ඔවුන්ගේ නායකයා වූ සර් ජෝර්ජ් සෝමර්ස්ගේ නම අනුව යමින්. ඒත් මේ දූපත් සිතියම් ගත කරද්දී ස්පාඤ්ඤ ජාතික නැවියකු වූ ජුවාන් ඩි බුමූඩෙස් මේ දූපත් බර්මුඩාස් කියා නම් කළා. මේ සිද්ධිය පසුව ශේක්ස්පියර් ලියූ ‘ද ටෙම්පස්ට්’ (The Tempest,1611–12) නාට්‍යයට පාදක කර ගනු ලැබුවා. ඒ නාට්‍යයේ එන ඒරියල් කියන මායාකාර චරිතය එක් තැනක ‘සදාකාලික කුණාටු සහිත බර්මියුඩා වැනි තැනක’ කියා සඳහනක් කරනවා. ඒ නැව කුණාටුවට හසු වීමෙන් දිවි ගලවා ගත් පිරිස බර්මියුඩා දූපතට ගොඩ වී එහි සිට යාත්‍රා දෙකක් තනා ගෙන තමන් යන්නට ගිය ගමනාන්තය වූ ජේම්ස්ටන් නගරයට සුරක්ෂිතව ගියා. එහිදීත් කිසිම අස්වාභාවිකත්වයක් ඇතැයි හෙළි වුණේ නැහැ. 

ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥ කාල් කෘස්ලෙනිස්කි කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණයට අදාළ අද්භූත කතාව මුලින් ම ලියා ඇත්තේ ‘ආගසි’ (Argosy) කියන ප්‍රබන්ධ කතා සඟරාවට වින්සන්ට් ගැඩිස් කියන ලේඛකයායි. ඊට පසුව චාල්ස් බර්ලිට්ස් නම් කතුවරයා පොතක් ලීවා ‘බර්මියුඩා ත්‍රිකෝණය’ කියලා. ඉන්පසු ලැරී කුෂේ, 1980 දී ඒ සිදු වූ සියලු කතා ව්‍යාජ ලෙස පෙන්වා දෙමින් පොතක් ලිව්වා. එහි දී, වෙරළාරක්ෂකයන්ගේ හා ලන්ඩනයේ ලොයිඩ්ස් රක්ෂණ සමාගමේ වාර්තා ආදියත් ඔහුගේ අවධානයට ලක්වුණා. කෘස්ලෙනිස්කි කියන්නේ මේ කරුණු සලකා බලන විට අප මෙතෙක් දකිමින් සිටියේ මායාවක් බව පැහැදිලියි කියායි. 

 - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments