HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රනින් බැබලවූ තරුෂි

චීනයේ හැංජෝ නුවර පැවැත්වෙන 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට තරුෂි කරුණාරත්න (2023 ඔක් 4 වැනිදා) සමත් වුණා. ඇය මේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුයේ මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්ව මිනිත්තු 2යි තත්පර 03 දශම 2.0 කින් නිමා කරමින්. 

තරුෂි කරුණාරත්න රනින් බැබලුණු මොහොත

තරුෂි කරුණාරත්න එදින පැවැති කාන්තා මීටර 400 ඉසව්වෙන් ද රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා. එහිදී ඇය එම පදක්කම හිමිකර ගත්තේ තත්පර 53.70කින් තරගය නිමා කරමිනි. 

ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මීට පෙර අවසන් වරට රන් පදක්කමක් ජයග්‍රහණය කළේ 2002 වසරේදීයි. 

ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව්වකින් වසර 21 කට පසුව රන් පදක්කමක් දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාවට සහ ලෝකඩ පදක්කම චීනයට හිමිවිය. කරුණාරත්නගේ කැපී පෙනෙන දස්කම් නිසා ඉන්දියාවේ බෙයින්ස් හර්මිලන් සහ චීනයේ වැන්ග් චුන්යූ ඇතුළු ප්‍රබල ප්‍රතිවාදීන් පරාජය කිරීමට ඇය සමත් වුණා.  

ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව අවසන් වරට රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුයේ 2014 වසරේදී. ඒ පිරිමි ක්‍රිකට් තරග ඉසව්වෙනි. ඒ අනුව වසර 9 කට පසුව පළමුවරට ශ්‍රී ලංකාවට නැවත ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් හිමිකර දීමට තරුෂි කරු ණාරත්න සමත් වුණා. 

තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්ව 
ජය ගත් මොහොත.

2004 වසරේ නොවැම්බර් මස 28 වෙනිදා කහටගස්දිගිලිය ප්‍රදේශයේ උපත ලැබූ තරුෂි කරුණාරත්න තවමත් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයයේ ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්. ඇය මීටර් 400 සහ මීටර් 800 ධාවන ඉසව් සඳහා තරග වැදෙන මලල ක්‍රීඩිකාවක්. 

ඇය 2019 වර්ෂයේ දී පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සහ මිටර් 800 ධාවන ඉසව්වලින් නව තරග වාර්තා තබමින් රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වී තියෙනවා. 

2019 ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේ මීටර් 800 ඉසව්වේ වාර්තාවට ද ඇය හිමිකම් කියන අතර, එම වසරේ මීටර් 400 සහ මීටර් 800 ඉසව් දෙකෙහිම රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වී තියෙනවා.  

2004 වසරේ නොවැම්බර් මස 28 වෙනිදා කහටගස්දිගිලිය ප්‍රදේශයේ උපත ලැබූ තරුෂි කරුණාරත්න වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයයේ ඉගෙනුම ලබනවා. ඇය මීටර් 400 සහ මීටර් 800 ධාවන ඉසව් සඳහා තරග වැදෙන මලල ක්‍රීඩිකාවක්. 

ඇය 2019 වර්ෂයේ දී පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සහ මීටර් 800 ධාවන ඉසව්වලින්ද නව තරග වාර්තා තබමින් රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වී තියෙනවා. 

2019 ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේ මීටර් 800 ඉසව්වේ වාර්තාවට ද ඇය හිමිකම් කියන අතර, එම වසරේ මීටර් 400 සහ මීටර් 800 ඉසව් දෙකෙහිම රන් පදක්කම හිමිකර ගැනීමට ඇය සමත් වුණා. 

තරුෂි 2019 වසරේ පැවති මධ්‍යම පළාත් තරගාවලියේදී අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන හිමිකර ගත්තේ ද ඇයයි. 

මෙවර රන් පදක්කමක් දිනා ගත් තරුෂි කරුණාරත්න වාර්තා පොත් අතරට එක්වන්නේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනා දුන් තෙවන ක්‍රීඩිකාව ලෙසයි. 

මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙල දෙකකදී පාසල් වියේ පසුවූ ක්‍රීඩිකාවන් දෙදෙනකු ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් වී තිබෙනවා. දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශයි. ඒ පිළිවෙළින් 1994 සහ 1998 වසරවලදීයි. 

Post a Comment

0 Comments