Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
නැති වැරදි හදා ගැනීම Sumanadasa Samarasinghe නොකළ හා නොසිතූ වැරදි ඉස්මතු කොට දු දරුවන්ට, අඹු සැමියන්ට හා හිතවතුන්ට බැන වදින අය සිටිති. සමහර කෝටිපති ව්‍යාපාරිකයින් පවා ලොකු පඩි ලබන සේවකයින් පන්නා ගැනීමට ඕනෑ වූ විට ඔවුන් කැඳවා නොකළ හා නොසිතූ වැරදි ඉස්මතු කරමින් දොස් නගනු ලැබේ. මෙසේ නොරිස්සුම් ගති පෙන්වන අය සැමියා නම් එයින් ඔහු අදහස් කරන්නේ වෙනත් දෙයකි. ඔහු එසේ හැසිරෙන්නේ ඇතැම් විට බිරිඳගේ සිත ...
හිඟන අදහස් දුරු කිරීමට උගන්වමු Sumanadasa Samarasinghe ඇමෙරිකාව, ජපානය ඇතුළු ලෝකයේ අනිකුත් දියුණු රටවල් මෙන් ලංකාව ද සරුසාර රටක් කිරීමට පුළුවන. ඒ සඳහා පළමුකොට රටේ ජනතාවගේ සිත් සතන් වලින් හිඟන අදහස් දුරු කිරීමට කටයුතු කළ යුතුය. අපේ රටේ බොහෝ අය සිතන්නේ ධනවත්වීම මහා අපරාධයක් කියාය. ධනවත් අයට ඉරිසියා කිරීම මිස ධනවත්වන අයුරු සොයා බලන අය නැත. තමන්ගේ දක්ෂකමින් හා අලසකමින් තොර වෑයමෙන් ධනවත් වී සිටින අයගේ ධනය ...
ඉරිසියාව, වාමාංශික අදහස්, එළවළු මිල හා ප්‍රමාදය Sumanadasa Samarasinghe ඉරිසියාව යනු තමන්ට වඩා අන් අයෙකු උසස් වේය, ධනවත් වේය, ප්‍රසිද්ධ වේය හෝ රූමත් වේය කියා දුර්වලයින්ගේ සිත්වල පහළ වන බියකි. තමන්ට ද අන් අයට මෙන් කැමති ඕනෑම දෙයක් ලබාගත හැකි බවට විශ්වාසයක් ඇති ශක්තිමත් පුද්ගලයා තුල ඉරිසියාව පහළ නොවේ. **** වාමාංශික අදහස් සිංහලයා තමන්ගේම මිනිසුන්ගේ පාලනයට පක්ෂ වන අයට ආණ්ඩුවට පන්දම් අල්ලනවා යයි කියති. එසේ කියන අය කවදාවත් දැක ...
ඔබ එකතැන කරකැවෙන්නේ ඇයි? Sumanadasa Samarasinghe වමට හැරී කොපමණ වේගයෙන් කැරකැවුනත් අන්තිමේ දී අඩියක් හෝ ඉදිරියට නොගොස් ඔබ එකම තැනක සිටින බව පෙනෙනු ඇත. දකුණට හැරී කොපමණ වේගයකින් කරකැවුනත් ඔබ කොහෙවත් ගිහින් නැත. එකම තැනක කරකැවී ඇත. ඉහත සඳහන් කළේ ඔබ අසා ඇති දේශපාලන පිල්වාදය ගැන නොවේ. මානසික නිරවුල්තාවය ගැන අවබෝධයක් දීමට වම හා දකුණ යන දිශා දෙක තෝරා ගැනීමකි. මනස නිරවුල් කරගැනීමට අවශ්‍ය පුද්ගලයා සියළුම ...
මිනිස් වෙස් ගත් යක්කු සොයා ගනී Sumanadasa Samarasinghe විජය රජු ලංකාවට ගොඩබසින්නට පෙර මෙහි සිටියේ යක්ෂ හා නාග යන ගෝත්‍ර දෙකට අයත් ජන කොටස් යැයි කියැවේ. අවුරුදු දෙදහස් පන්සියයකට පසු ද එම යක්ෂයින් ශීලාචාර මිනිසුන්ගේ වේශයෙන් අදත් අප අතර සිටින බව ඔප්පු කළ හැකි සාධක බොහෝය. ආචාර්ය කොවුර් අද ජීවත්ව සිටියා නම් මේ ගැන අප සමඟ එකඟ වනු නිසැකය. අතීතයේ විසූ වනාචාරී යක්කු මිනිස්සුන්ට හදි කළේ කැලෑවල සිට ...
නිර්මාණ බිහිකරන මාතාව ඕනෑකමයි Sumanadasa Samarasinghe ලෝකයට සෑම දෙයක්ම බිහි වී ඇත්තේ අධික ඕනෑකම නිසාය. මිනිසාට අහසින් යෑමේ ඕනෑකම දැනුනු නිසා අහස් යානයක් බිහිකරන්නට වෑයම් කළේය. ඕනෑකමක් නොතිබුණා නම් අපට අද අල්පෙනෙත්ත වැනි කුඩා දෙයක් හෝ නැත. අපට මෙපමණ කාලයක් ඕනෑකර තිබුනේ රට සංවර්ධනය කිරීමට නොවේ. බලයේ සිටින රජය පෙරළා දැමීමටය. එය අතින් පයින් බැරි වූ තැන කටින් කිරීමට තවමත් සමහරු වෑයම් කරති. එහෙත් වැඩි දෙනෙකුට ...
විනෝදාංශය ඔබේ චරිතය හෙළිකරයි Sumanadasa Samarasinghe උසස් රැකියාවක් සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමට නොබෝදා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයකට එක හා සමාන අධ්‍යාපන සුදුසුකම් වලින් යුත් කඩවසම් තරුණයින් තිදෙනෙක් ඉදිරිපත් වුනි. බාහිර දක්ෂතාවයන් හා පළපුරුදුකම් අතින් සමාන වූ මේ තුන්දෙනා ගෙන් අවසන් වටයේ පරීක්ෂණයෙන් පසු කවුරු තෝරාගන්න දැයි පරීක්ෂණ මණ්ඩලයට ද තරමක ගැටළුවක් විය. දවසක් මුළුල්ලේ පැවැත්වුනු මෙම සම්මුඛ පරීක්ෂණය අවසානයේ දී තනතුර දැරීමට සුදුස්සා තෝරාගනු ලැබීය. ඔහුගේ ජයග්‍රහණයේ ...
රැකියා නැති අයට සහන Sumanadasa Samarasinghe “තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා, උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා.” ඔබට රැකියාවක් නැතැයි කියා දුක්වන්න එපා. ඒ වෙනුවට ඔබේ දක්ෂකම් ඉස්මතු කරගෙන අලුත් ආදායම් මාර්ග මතු කරගන්න. එය කළ හැකි එකම පුද්ගලයා ඔබයි. තිරිසන් සතුන් උන්ගේ දක්ෂකම් ගැන දනිති. ඒ නිසා වලසෙක් කිසි කලෙක පියාසර කරන්නට කල්පනා කරන්නේ නැත. අශ්වයෙකු පනින පිම්මක් පැනීමට බූරුවෙකු වෑයම් නොකරයි. එහෙත් මන උස්සයා ...
කුඩා දරුවන් දඟ කරන්නේ ඇයි? Sumanadasa Samarasinghe ශාරීරික හා මානසික රෝගයකින් පෙලෙන්නේ නැති සෑම කුඩා දරුවෙක්ම දඟකාරයෙකි. ළමයි දඟ කරන්නේ වැඩෙන ශරීර ශක්තිය වැය කළ යුතු බැවිනි. කුඩා තිරිසන් සතුන් දෙස බලන්න. දඟ නොකළොත් ඔවුන්ගේ වැඩීමක් සිදු නොවේ. සිංහල ගෙවල් වල ළමයින් දඟ කරනවා දැකීම රුස්සන්නේ නැති අය සිටිති. එයට හේතුව ළමයින්ගේ හැසිරීම වැඩිහිටි අයට නොගැලපෙන බොළඳ ක්‍රියා නිසාය. දඟ කරන ළමයින් පසුපස පන්න පන්නා තලන හැඩි ...
උසිගන්නන තුරු බලා ඉන්න එපා Sumanadasa Samarasinghe වෙන කවුරුත් ඔබව උසිගන්නන තුරු බලා ඉන්න එපා. අරක කරන්න, මේක කරන්න, පාඩම් කරන්න, කෑම ටික කන්න, ආදී වශයෙන් නිතරම දෙමාපියන් කියන තුරු බලා සිටින දරුවෙක් වෙන්න එපා. ඔබේ ජීවිතය තිරිසන් සතුන්ගේ ජීවිතයට වඩා වටිනවා. ඔබට පුළුවන් තනියම හිතල වැඩ කරන්න. බල්ලාට හරකාට තනියම දෙයක් කරන්න බැහැ. ඒ නිසා නිතරම උසිගන්වන්න ඕන. ඔබ මිනිස් දරුවෙක්. ඔබට යමක් කියන තුරා බලා ...
එදිනෙදා ජීවිතයේ කරන මෝඩ වැඩ Sumanadasa Samarasinghe ඔබ කරන රැකියාව කුමක් වුවත් ඒ ගැන කලකිරී සිටින බව කිසිවෙකුට කියන්න එපා. අද බොහෝ තරුණ අය ඉතා සුළු සිත් අමනාපයවීමක දී කියන කතාව නම් “මම මේ ඔක්කොම හැර දා පිට යනවා,” කියාය. එසේ කරනවා මිස එසේ කිය කියා එතැනම වැඩ කිරීම ඉතා වැරදි වූ මෝඩ ක්‍රියාවකි. ඔබ වෙනත් රැකියාවකට හෝ ව්‍යාපාරයක් ඇරඹීමට යන බව ඔබේ ලොක්කාට හෝ අයිතිකරුට කී ...
උද්යෝගය තුල ඇති පුදුම බලය Sumanadasa Samarasinghe ඔබ අසා ඇති අනිකුත් සියළුම යෝග හා සංයෝග වලට වඩා උද්යෝගය තුල මහා පුදුම බලයක් ඇත. උද්යෝගය නොමැතිව කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් මෙතෙක් කිසිවකු ලබා නැත. උද්යෝගයෙන් කටයුතු කළ යුතුය යන වගන්තිය හා උපදේශය ඔබ කොතෙකුත් අසා ඇත. කියවා තිබෙන්නට ද පුළුවන. එහෙත් මිනිසා උසස් බවට, ධනවත් බවට, උගත් බවට හා කොටින් ම ශ්‍රේෂ්ඨ බවට පත් කරවීමට උද්යෝගය නැමති මානසික බලවේගයට පුළුවන් ...
බාධක මැදින් ජය ලබන්න Sumanadasa Samarasinghe බාධක මැදින් අදහස් ඉටුකර ගැනීමට හැකි අපූරු ශක්තියක් මිනිසා තුල තිබේ. මුතු බෙල්ලාගේ කට්ට තුලට බාධකයක් රිංගා ගැනීම නිසා එම බාධකය වටා අගනා මුතු ඇටයක් සෑදේ. ඔබේ ජීවිතය ඉදිරියට එන සෑම බාධකයක්ම වටිනා මුතු ඇටයක් කරගැනීමට ඔබටත් පුළුවන. මට බැහැයි කියා හෝ සිතා, යමක් පටන් ගන්නා වැඩක දී බාධාවක් ඉදිරිපත් වූ සැනින් පුද්ගලයා අධෛර්මත් වේ. ඊ ළඟට ඔහුගේ වේගය අඩුවේ. ...
අවබෝධය උතුම් ය Sumanadasa Samarasinghe අඳ බාල කමින් හා තමාට වඩා දැනුමැතියෙක් නැතැයි සිතාගෙන සිටීමෙන් බොහෝදෙනා දුකට පත් වී සිටිති. සමහරු තමා ළඟ ඇති ඉතා ස්වල්ප දැනීම නමැති මිම්ම අනුව ගැඹුරු දර්ශන මනින්නට වෑයම් කරනු පෙනේ. අප හැම දෙයක් ගැනම සිතන්නේ අපේ දැනීම අනුව බව ඇත්තකි. එසේ නමුත් වටහා ගත නොහැකි කරුණු වටහා ගැනීමට වෑයම් කරනවා මිස මනින්නට යෑම අඥානකමකි. චිත්ත ධර්ම විද්‍යා ප්‍රබල සිද්ධාන්තයක් ...
හැකියාව දියුණු නොකර ජීවත්වීම මානසික පරිනාමයට විරුද්ධය Sumanadasa Samarasinghe සමහරු අඟ හිඟකම් හා නොයෙකුත් කරදර මැද ජීවත්වෙමින් එම ජීවිතයට තමා කැමති බව කියති. එවැනි අය බොරුකාරයන් ලෙස අපට පෙනුනත් සත්‍යය නම් ඔව්හු නරක මානසික පුරුද්දකට ඇබ්බැහි වී සිටින්නෝ වෙති. ලද දෙයින් පමණක් සතුටු වී තම හැකියාවන් දියුණු කර ගැනීමට නොසිතා ජීවත්වීම මිනිසාගේ මානසික පරිනාමයට විරුද්ධ වූ ධර්මතාවයකි. එය අස්වාභාවිකය. මිනිසා පිළිබඳ ස්වභාවික සත්‍යය සිද්ධාන්තයක් නම් එක තැන පල් නොවී ...
නරක පුරුද්දක් ජයගන්න අවශ්‍ය වන්නේ ඊට දැඩි උවමනාවක් පමණි Sumanadasa Samarasinghe ආර්ථික වශයෙන් හා මානසික වශයෙන් දියුණු වී සිටින සෑම කෙනෙක් ම එම දියුණුව හා සාර්ථකත්වය ලබා සිටින්නේ තමන්ගේ සිතුවිලි හා සිතීමේ ක්‍රමය මනා ලෙස සංවිධානය කර ගැනීමෙනි. සෑම දක්ෂතාවයකම යම්කිසි ප්‍රමාණයක පුහුණුවක් අවශ්‍ය වේ. සිතීමේ ක්‍රමය සංවිධානය කරගත් පසු ඒ අනුව සිතුවිලි නිකුත් කිරීම සඳහා සුළු පුහුණුවක් අවශ්‍ය වේ. සාර්ථක ජීවිතයක් ගත කරන සෑම කෙනෙක් ම තම අවශ්‍යතාවයන්ට අනුව සිතුවිලි ...
අපි කෙසේ අත් පා දිග හරිමු ද? Sumanadasa Samarasinghe බොරු කීම, බොරු ලිවීම හා බොරු කිරීම නිසා අපේ රට, ජාතිය හා ආගම අඳුරු අගාධයකට ඇද වැටී තිබේ. මෙම ජාතික මහා දුබලකමෙන් ගොඩ ඒමට වහා කටයුතු කිරීම සඳහා අවංක හා කාරුණික උතුමන් පෙරමුණ ගත යුතුය. පැරණි උගතුන් ඒ කාලයේ ලිවීමේ සම්ප්රදාය හෝ ශෛලීය අනුව සිංහලේ උපත සිංහබාහු හා සිංහ සීවලී නිසා සිදු වූ බව ලියා තිබේ. සිංහයා යයි කියනු ලබන ...
මේ රජයේ වැඩ ගැන ඔබ මොකද කියන්නේ? Sumanadasa Samarasinghe කොයි රජයත් එක ය. කියන දේවල් කරන්නේ නැහැ. කරන දේවල් කියන්නේ ද නැහැ. මිනිසුන්ගේ වරද මිස රජයේ වරදක් මට පෙනෙන්නේ නැත. කාටත් ඕන තමන් හැදෙන්නට ය. රට හදන්න නොවේ. මේ රජය වෙනුවට වෙන කාව ද පත්කරගන්නේ කියා සිතීමට ද බැරි ය. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අප්‍රේල් 1 ...
වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම වැරදි වැඩකි Sumanadasa Samarasinghe වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම වැරදි වැඩකි. ඒ නිසා අපට වරදක් නොකරන අපේ සිතට අපි දඬුවම් නොදී සිටිමු. අපි කවුරුත් තෑගි ලැබීමට ආශා කරමු. එසේ නම් අපි තෑගි දීමට ද ආශා කළ යුතුය. තෑගි නොදී තෑගි ලැබීමට සිතීම එතරම් සාර්ථක නොවන සිතීමකි. බිළිඳු දරුවන්ට අපි ආදරය කරන්නේ ඔවුන් ගෙන් අපට ලැබෙන හුරතලයට නිසාය. කුඩා දරුවාට දීමට ඇති ලොකුම තෑග්ග හුරතලයයි. ...
දර්ශිකාගේ සටහන් වලින් Sumanadasa Samarasinghe * මිනිසාගේ සැප හෝ දුක යනු ඔහුගේ චේතනාවේ ප්රතිඵලයන් ය. * හතුරන් හා වැරදි කරන අය ගැන තැවෙන්න එපා. ඔවුන් සිතන පතන අන්දමට ඔවුන්ට වැඩ හෝ අවැඩ සිද්ධ වේ. * උතුමන්ට ගරහා තමා උතුමෙකු වූ අයෙකු නැත. * තමන් නොදන්නා බව නොදන්නා අය අනුන්ට නිර්නාමික ලිපි යවති. * දක්ෂයෙකුට ඊර්ෂ්‍යා කරන්නේ අදක්ෂයෙකි. * ඔබ විශ්වාස කරන බව කටින් කීවාට මදි. ...