ඉරිසියාව, වාමාංශික අදහස්, එළවළු මිල හා ප්‍රමාදය

ඉරිසියාව යනු තමන්ට වඩා අන් අයෙකු උසස් වේය, ධනවත් වේය, ප්‍රසිද්ධ වේය හෝ රූමත් වේය කියා දුර්වලයින්ගේ සිත්වල පහළ වන බියකි.

තමන්ට ද අන් අයට මෙන් කැමති ඕනෑම දෙයක් ලබාගත හැකි බවට විශ්වාසයක් ඇති ශක්තිමත් පුද්ගලයා තුල ඉරිසියාව පහළ නොවේ.

****

වාමාංශික අදහස්

සිංහලයා තමන්ගේම මිනිසුන්ගේ පාලනයට පක්ෂ වන අයට ආණ්ඩුවට පන්දම් අල්ලනවා යයි කියති. එසේ කියන අය කවදාවත් දැක නැති, කිසි උදව්වක් හෝ උපකාරයක් නොකර කලබල හා කඩාකප්පල් වැඩට උදව් කරන සෝවියට් පාලන ක්‍රමයට පන්දම් අල්ලති. ප්‍රශ්න කළහොත් තමන් නියම අමු සිංහලයන් බව ද කියති.

****

එළවළු මිල

එළවළු හා දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යෑම ගැන විරුද්ධ වන අය තම විරෝධය පළ කරන්නේ පාරිභෝගිකයා සතුටු කිරීමටය. අනිත් අතින් ඒ කටින් ම ඔව්හු නිෂ්පාදකයාට සාධාරණ මිලක් ලබාදිය යුතු යයි කියති. මෝඩ තරුණයන් මේ දෙකටම රැවටෙති.

****

ප්‍රමාදය

විප්ලවය ප්‍රමාද කරන්නේ ධනවාදීන් යයි හිඟනවාදීන් කියති. එහෙත් විප්ලවය කියා මිනිසුන් මරමින් හා දේපල විනාශ කරමින් මහජනයා විප්ලවයට බයකරන්නේ වාමාංශිකයින්මය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1