Sumanadasa Samarasinghe (http://sumanadasasamarasinghe.wordpress.com/) Latest Posts Most Popular Posts
සුමනදාස සමරසිංහයන්ගේ ජන්ම දිනය සමරමු! Sumanadasa Samarasinghe “චේතනාව තමන්ගේ කර්මය හා අනුන්ගේ කර්මය බව නොදන්නාකම ලෝකයේ සියළුම දුකට හේතුවයි,” යැයි ‘මිනිස් හිතේ හාස්කම්’ පොත් පෙළේ කර්තෘ සුමනදාස සමරසිංහ විසින් 1984 දී කීය. සිත පිළිබඳ අවබෝධයක් නොමැති කම සියළු ම දුකට හේතුවයි කියූ ඔහු තවත් ශතක දෙකකට ආසන්න කාලයක් පුරා සිත ගැන කියා දෙන්නට දිනපතා වෙහෙසියෙකි. සියළු දුකට හේතුව අවිද්‍යාව නොහොත් නොදන්නාකමයි. නොදන්නේ තමන්ගේ සිත්වල ඇති දුකට හේතු ...
හදිසි අනතුරු වලින් ලෙහෙසියෙන් මිදෙන්න Sumanadasa Samarasinghe ‘මිනිසා’ යනු ලේ මස් ඇට නහර යනාදියෙන් සැදුම් ලත් ශරීරය නොව ශරීර කූඩුවට අරක් ගත් ප්‍රාණය, ජීවය නොහොත් සිත බව චිත්ත ධර්ම විද්‍යානූකූලව තුලනාත්මකව ඔප්පු කළ හැකිය. කෙටියෙන් හා ඉතාම ලෙහෙසියෙන් මේ බව අවබෝධ කළ හැකි එක් සාධකයකි මිනිසෙකුගේ මරණය. මරණය යනු මේ ශරීරයෙන් මනස ඉවත්වීමයි. එසේ වූ මනසක් නැති ශරීරය ව්‍යවහාර “මළකඳ”, “මළමිනිය” යන නාම වෙයි. මිනිසා නොහොත් මනස ...
මොහු කවුද? Sumanadasa Samarasinghe චිත්ත ධර්ම විද්‍යාවට යමෙකු සමච්චල් කරනවා නම් ඔහු “මනෝ පුබ්බංගමා ධම්මා” යන බුදු වදනට අපහාස කරන්නෙකි. අජඨාකාශ යුගයේ විද්‍යාඥයින් කෙළකෝටි ගණන් ධනය වියදම් කර මතු කරගන්නා වූ විද්‍යානුකූල රහස් ගැන නොදන්නා අඥානයෙකි. ගතානුගතික මත වලට වහල් වූ මන්ද බුද්ධිකයෙකි. තමන්ගේ වංක හා දූෂණ කම් වසාගෙන කපටි කමින් නූගත් අය මුලා කොට බඩ වඩා ගැනීමට වෑයම් කරන්නෙකි. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම ...
ඔබ මෙයා අඳුනනවා ද? Sumanadasa Samarasinghe එයා හිතන විදියට ම අනිත් අයත් හිතන්න ඕනෑ. එයා කියන දේ අනිත් අය අනුමත කරන්න ඕනෑ. එහෙම නැත්නම් එයාගෙන් කාටවත් උදව්වක් ගන්න බැහැ. එයා ඕන කේලමක් අහනවා. කෙනෙක් තව කෙනෙක් ගැන කේලම් කියන්නේ ඊර්ෂ්‍යාවට බව මෙයා දන්නෙ නැහැ. එයා හරි කැමැතියි හැමෝම එයාව මුරැංගා අත්තේ තියලා කතා කරනවාට කැමැති නම්. එයා රටේ ලෝකෙ මිනිසුන්ට හරිම කරුණාවයි. ඒ වුනාට ගෙදර ඉන්නා ...
සිහිය Sumanadasa Samarasinghe සිහිය උපත ලබන්නේ සිහිකල හැකි යමක් මුල් කරගෙන ය. සිතිවිලි නිකුත් නොකර සිහිය උපදින්නේ නැත. සිතිවිලි නිකුත් වීමට ප්‍රාණයක් අවශ්‍ය වේ. පළමු කොට පණ තිබෙන දැනීම යනු සිහිය යැයි කිව යුතුය. සිහිය යනු දැනීමකි. කැත්තක් ගෙන එහි තලය ගලවා ඒ වෙනුවට මිටියක් සවි කල හැකිය. කැත්ත යනු ලී මිටක් හා එයට සවි කරන ලද කැති තලය යන දෙක එකට සම්බන්ධ ...
පසුබෑම තෝරාගන්නේ කවුද? Sumanadasa Samarasinghe අපිට විඳින්නට සිදුවන දුක් කරදර හා බාධාවන් අත්දැකීම් හැටියට සැලකීම වැරදි ය. අත්දැකීම් ලබන්නේ අපට මුහුණ දීමට සිදුවන අසහන වලට අපි දක්වන ප්රතිචාරයෙනි. ජීවිතයේ දී අපට මුහුණ දීමට සිදුවන දේවල් අපමණය. එවිට අප කරන්නේ යහපත් දේවල් වලින් සතුටු වීම ය. අයපහත් දේවලින් තැවීම ය. ප්‍රේම කරන්නට ලැබුණු විට ප්‍රේම කරන අපි එය නොලැබුණු විට වෛර කරමු. අත්දැකීමක් ලැබීමට නම් වෛර ...
වැදගත්කම සිතට ගන්න Sumanadasa Samarasinghe කැලිකසල ඉවත් කොට යම් ස්ථානයක් සුද්ධ පවිත්‍රව තැබීම වැදගත් කාර්යයක් බව සිතට ගත් තැනැත්තා එම ස්ථානය වාසයට සුදුසු දැකීමට ප්‍රිය උපදවන තැනක් බවට හරවයි. ඕනෑවට එපාවට කටයුතු කරන්නේ තමන් කරන්නේ සේවයක් බව නොදන්නා අයෙකි. සේවයක් නම් එය ඉතා වැදගත් කටයුත්තකි. කසල ශෝධකයන් වැඩ වර්ජනය කරන තුරු එම සේවයේ අගය අන් අයට වැටහෙන්නේ නැත. අන්තිම පහත් යැයි ඔබ සිතන සේවය අපට ...
පරමාර්ථය Sumanadasa Samarasinghe “සෑම මනුෂ්යෙකුම වටිනාකම මෙපමණ යැයි කියා කිව නොහැකි තරම් අගනා සත්වයෙකි. මගේ පරමාර්ථය වන්නේ සෑම සියළු මනුෂ්යෙකුටම තම අගය වටහා දීම, අසීමිත හැකියාවන් සහිත මිනිස් මොළයෙන් වැඩ ගැනීම සඳහා සිත මෙහෙයවන විද්‍යානුකූල ක්‍රමය වටහා දීම ය. ඔබේ අවශ්‍යතාවය අනුව මානසික, ආර්ථික, ශාරීරික හා අධ්‍යාත්මික සම්පත් ඔබට නොඅඩුව ළඟා කරගත හැකිය. පළමුව තමාගෙන් පටන් ගෙන අවට ලෝකයේ යහපත සඳහා මානසික වශයෙන් ...
ආයුබෝවන්! Sumanadasa Samarasinghe “මම පුංචි කාලෙ (මුලින් ම ලංකාවට බස් රථ ආපු කාලේ) බස් ඩ්‍රැයිවර් උන්නැහේට කවුරුත් සැලකුවේ ලොකු ගෞරවයකින්. මම හිතාගත්තා මම බස් ඩ්‍රැයිවර් කෙනෙක් වෙනවා කියල. අද මගේ මනෝවිද්‍යාත්මක “කථා බස්” එකට ගොඩ වී යන අය, ප්‍රවේසමෙන් ඔවුන්ගේ ඉලක්කය කරා මම ගෙන ගියා. මම අද ඉන් විශාල සතුටක් ලබනවා. තට්ටු ගෙයක් හදන තැනක ලොකු බාස් උන්නැහැ කියන විදියට, කම්කරුවන් පිළිපදිනවා මම ...