291. "මගේ පස්සෙන් එන්න" යැයි; ඈ ආරාධනා කරණ්නීය . . . ! THATTAYAGEKOLAMA වෙලාවකට ජීවිතයත් පොත් සාප්පුවක්ය!පොත් විවිධාකාරය.ගනං පොත්, සිංහල පොත්, ඉතිහාස පොත්, විද්‍යා පොත්, කෙටි කථා පොත්, නවකථා, කවි, චරිථ කතා, වීර කථා . . . !අප කුඩා කල තාත්තාගෙන් පොතක් පතක්, පැන්සලක් පෑනක් ඉල්ලූ විට ඔහු කියන්නේ "ලබන මාසේ මම හෙඩ්ඩොෆිස් ගියාම ඇම්. ඩී. ගුණසේණ එකෙන් අරං එන්නං!" කියාය. ඒ කියනා ආකාරයෙන්ම එය නොකෙරෙන වැඩක් යැයි අප හිත හදා ගත්තෝය.අප අවිස්සාවේල්ලේ ...
290. බබාට නමක් . . . ! THATTAYAGEKOLAMA සුනිල් විවාහ වුයේ ලතා සමඟය. ඔවුන් විවාහ වී වසර දෙකකට පමණ පසු වැඩිහිටියන්ගේ උවමනාවට ලතා ගැබ් ගත්තීය. කාලය ගෙවී ගොස් ගැබ මෝරා දරු ප්‍රසුතිය එළඹි කල ඒ සඳහා ඇය තෝරා ගත්තේ කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලය."වැඩිම දරු උපත් හා අඩුම ළදරු මරණ අනුපාතය කාසල් එකෙනෙ” සුනිල් සෑම විටෙකම එය සාධරණීකරණය කලේ එලේසය! කෙසේ හෝ ඔහුගේ හා ඇයගේ බලාපොරොත්තු මල් ඵල ...
88/89 . . . ! THATTAYAGEKOLAMA 88/89 කියන්නේ අදින් වසර 36 කට පෙර කථාවක්.අදටත් ජවිපෙට ඇති දරුණු සහ එකම චෝදනාව මෙය වීම තුල අනියමෙන් කියැවෙන්නේ ගතවූ වසර 36 තුල අප කිසිදු අපරාධයකට හවුල්වී නැති බවම නේද? මෙරට අනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත්; එම පවිත්‍රතාවයට අලගු තැබීමටවත් නොහැකි බව මා කීමට අනවශ්‍ය බව ලියා තබමි.1971 කැරැල්ලේ චූදිතයින් හට එල්ලවූ චෝදනාව වූයේ 'මහා බ්‍රිතාන්‍යයේ රැජිනට විරුද්ධව කටයුතු කිරීම' ...
288. අලෙවි කිරීම . . ! THATTAYAGEKOLAMA හේ තිලකරත්න නම් විය.වැඩ කල් දැමීම පිළිවෙලක් සැලැස්මක් නොමැති බව වගකීම් දැරිමට ඇති අකමැති බව යන කරුණු කාරණා අමතක කොට දැමු කල ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිනිසෙකි. දෙමාපිය විරෝධය මැද ඉතාමත් නිහඬ ලෙස විවාහ දිවියට පිළිපන් ඔහුට දරුවන් තිදෙනෙක් විය මැදි වියේ පසුවු ඔහුගේ බිරිඳ ඔහුගේ දුර්වලකම් මැනවින් වටහා ගනු අයෙකු විය.කෙසේ වෙතත් ඔහු මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවතක් ඇති සෙනෙහෙබර ...
287. හේමාවෝ අප අත හැර ගියාය . . ! THATTAYAGEKOLAMA මා මීට පෙර ලියන ලද "පිට කෝට්ටේ ඒ කාලේ 1" සහ "පිට කෝට්ටේ ඒකාලේ 2" යන ලිපි වලම දිගුවක් ලෙස මේ කථාවත්; ඔබ කියවාවි!මා පිටකෝට්ටෙට සේන්දු වෙන්නේ මාගේ හිතාදර මිතුරු ඒ. ආර්. කුලසිංහ නිසාම මයි. කුලේ මාත් එක්ක ඉස්කෝලේ 8 පන්තියේ සිටම එකට සිටි අයෙක්. ඔහු ගැන මම "සුගත්, කුලසිංහ සහ මම" යන ලිපියේ ලියා ඇත.පාසලේ; 8B පන්තියේ සිට 9E ...
225. Kapruka.com සහ අලින්ගෙ අපේ වැඩ! THATTAYAGEKOLAMA මේ දවස් වල එකසිය ගානට මුහුණු පොතේ ඔන් ලයින් බඩු විකිණීම නැගලා යන බිස්නස් එකක් වෙලා තියෙන බව පෙනේ! මෙය මේ වන විට සරුවට යන බිස්නස් එකක් වී අවසන්ය. එහෙත් මුහුණු පොතේ සහ වෙනත් සමාජ මාධ්‍යය වල මෙම වෙළෙඳ දැන්වීම් වලට "හොම්බට අනින්නාක්" මෙන්; "ඔන් ලයින් බිස්නස් වලට අහුවෙන්න එපා - ඉල්ලුව එක නෙවේ ලැබෙන්නේ!" කියා කෑ මොර දෙති.අපේ රටේ ...
224. තිස් වසරක රථ මතක (17) THATTAYAGEKOLAMA සතොසෙන් (සතොස මෝටර්ස් වෙතින්) ලක්ෂ දාසය හමාරකට ලැබුනු වන්ඩිය මගේ අතට ආවේ ලක්ෂ 18ක් ගෙවාය! ඒ මාගේ මාමණ්ඩියගේ වීරක්‍රියා හේතු කොටගෙන ලැබුනු ලාභයකි! කෙසේ හෝ වේවා එයින් ගිය යාපනය ගමන ඉතා සුන්දර එකක් විය. පැන්තරය බොහෝ සෙයින් සැප පහසු වාහනයකි. ප්‍රසිද්ධ ගායක සුනිල් එදිරිසිංහද පැන්තර ලෝලියෙකි. ඔහු ලඟ බොහෝ කලක් පැන්තරයෙක් රජකල බවක් මා අසා ඇත. එහෙත් එය මිළදී ගත් ...
224. A.J. Ajantha Kumara THATTAYAGEKOLAMA තිළිණයා ලියලා තියෙන කඩපුලි කොමෙන්ටුව දැක්කාම මේක මතක් උනේ!අපේ අම්මාගේ මරණයෙන් පසුව මමත් තාත්තාත් පමණක් හක්බෙල්ලාවක විසූ සමයක් විය. උසස් පෙළ අවසන් වී ගෙදර සිටි මා රැකියාවක් නොකල අතර තාත්තා මාහට යැපීම් දීමනාව ලබා දෙන්නට නොමසුරු විය.ඔය කියන කාලේ අපේ ගෙදර උයා පිහා දෙන්නට ආච්චියෙක් සිටි අතර පසු කාලෙකදී කෑවේ බිව්වේ හක්බෙල්ලාවකම අසල්වාසී ප්‍රියන්ත පියසේකරලාගේ ගෙදරිනි.එසේම; මාගේ මිතුරෙකුවූ තනකොළවත්තේ කිත්සිරිගේ ...
223. තිස් අවුරුදු රථ මතක . . . . (16) THATTAYAGEKOLAMA තිස් අවුරුදු රථ මතක . . . . (15)ISUZU PANTHER"ශනිදා දහයට" ලෙස අප පටන් ගත් බ්ලොග් ලිවීම මේ වන විටත් පන අදිමින් හෝ පැවතීම සතුටට කරුණකි. මෙම සංකල්පයට උර දීමක් ලෙස; කලින් සිට ලියාගෙන පැමිණි "පෝස්ටු වැල්" හෙවත් කොටස් අට දහයේ මෙගා නාට්ටි වැනි පෝස්ටු වෙනුවට: "සිත නිවන කථා" මොඩලයේ ඒකාංගික පෝස්ටු හත අටක් මා ලියාගෙන ආවේය.මේ නිසාම කලක සිට ...
239. ලක්ෂිත සමග මගේ මතක! THATTAYAGEKOLAMA පාසැලේ 8 පන්තියෙදී පමණ ඔහු ගැන මගේ හිතේ මතකයක් ඇත. අව්‍යාජ මෙන්ම ඉතා සුන්දර සිනහවක් ඔහුගේ මුහුණේ නොතිබූ මොහොතක් නොවීය!දණ හිස දක්වාම හෝ ඊටත් පහලට මෙන් දික්වූ බම්බු කොට කලිසමකින් සැරසී දිගු අඩි තබමින් ඔහු පාසලට පැමිණි අන්දම මට අද මෙන් මතකය. ඔහුගේ දිගු දෙපා වලින් ජිරාෆ් ගමනින් පාසලේ කොරිඩෝර දිගේ ඇවිද ගියේ සුපුරුදු සිනහවින් මුව සරසාගෙන නොව පුරවාගෙනය! ඔහු ...
බ්‍රෝකරයෝ සහ කේවලයෝ THATTAYAGEKOLAMA බ්‍රෝකරයෝ යනු කවුරුහුද කියා මා; අළුතින් නොකීවාට ඔබ තමුන්නැහැලා හොඳින්ම දන්නවා නොවැ. ඒ කියන්නේ බ්රොකර්ලාය. එතකොට කවුද මේ "කේවලයන්"? මේක හරියටම තේරෙන්න මම පොඩි කථාවක්ම කියන්නම් ඒකාලේ ඒ කියන්නේ අපි උසස් පෙල ලියපු කාලේ (විශ්වාස කරණ්නත් අමාරුයි නේ?) අපේ මිත්‍රයෙක් උන්නා රන්ති රොහාන් ගමගේ කියලා. උන්නැහැ හිටියේ රාවතාවත්තේ. රන්තිගේ තාත්තට තිබ්බා ලී බඩු වෙළඳ සැලක්. ලී මඩුවක්. වගේ සෑහෙන ලොකු ...
237. ඔව්! හොඳ මිනිසුන්ද සිටිති! THATTAYAGEKOLAMA මේක මේ පුංචිම පුංචි කථාවක් . . . . !(දැන් වේලාව සෙනසුරාදා රාත්‍රී 9.12 යි!) බලමු "ශනිදා දහයට" මේක ලියලා ඉවර කර ගන්න පුළුවන් වෙයිද කියලා . . . !?)මේ කථාවට සම්බන්ධ එක් චරිතයක් වන්නේ; මීට කලකට පෙර ලංකාවේ අංක එකේ ධනවතා. කථාව මට ලියන්නයි කියවන නෝනාවරු මහත්වරුන්ගේ පහසුවටයි මම් වැඩිය දිග නැති නමක් දාන්නම්. මොකකද හොඳ . . ...
236. සහතිකයක් සොයා! THATTAYAGEKOLAMA මා උසස් පෙල ලියා නිවසේ සිටින කාලයේ එක් දවසක; පියා; මා හමුව අලුත් අදහසක් සිතට එක් කලේය. "පුතේ! මොනවා හරි කෝස් එකක් එහෙම කරණවා නං හොයා ගන්න! මම සල්ලි දෙන්නං!"එකල මමත් තාත්තාත් පමනක් නිවසේ තනිව විසූ කාලය විය.අම්මා මිය ගොසින් ය. සොහොයුරාත් සොහොයුරියත් විවාහවී නිවසෙන් බැහැරවී ගොස්ය.තවත් සතියකින් පමණ; තාත්තාම සොයා දුන් පත්තර කෑල්ලක තිබුනු "ඩීසල් මොටර් කාර්මික ඩිප්ලෝමාව" ...
235. අරුත් සුන් අර්ථ කතන THATTAYAGEKOLAMA ලියන්නට පටන් ගත් ලිපි 20 කට වඩා තිබුනත් මේ ගැන ලියන්නට ඕනෑ කියා සිතුනි.මේ ලිපියේ බොහෝ කරුණු මට සාපේක්ෂ හා මට සිතෙන පරිදි විනා බොහෝ කාරණා කාරණා සඳහා මූලාශ්‍ර සොයා වෙහෙස නොවන මෙන් මෙයින් බය පක්ෂපාතව ඉල්ලා සිටිමි.මෙම පෝස්ටුව ලියන්නට මූල බීජ සැපයුනේ මහා බිරිතානියේ සිට බ්ලොග් ලියන අජිත් ධම්මගේ ආසන්නයේ ලියන ලද ලිපියකි. ඒ ලිපියෙන් සාක්ච්ඡාවූයේ; බිරිඳ විසින් සැමියා ...
234. කොන්ඩයා තට්ටයෙකු වූයේ කෙසේද? (ශනිදා දහයට ) THATTAYAGEKOLAMA "මිනිසා යෝධයෙකු වූයේ කෙසේද?" යන මැයෙන්; සෝවියට් පොතක් එකල පලවී තිබුනි. එහි සඳහන් වූයේ මිනිසාගේ පරිණාමය පිළිබඳ කථාන්දරය ය!නියැන්ඩර්තාල්, හෝමෝඉරෙක්ටස් සිට හෝමෝ සාපියන් දක්වා ගමන් ගත් අයුරු එහි දැක්වේ.මේ පෝස්ටුවෙන් කියැවෙන්නේ තරුණ අවධියේ කොණ්ඩයෙකුව සිටි අයෙකු; තට්ටයෙකු බවට පත්වීමේ ගමන් මග හා ඒ ආශ්රිත කයිවාරු කිහිපයකි.මීට වසර 10කට - 15කට පමණ පෙර මමද ඔබ වැනිම වූ කොන්ඩයෙකි. මාගේ සොහොයුරා විවාහවූ ...
233. Radio ඇඩ්ස් . . ! THATTAYAGEKOLAMA රේඩියෝ ගැන මම මේ ලියන දෙවෙනි පෝස්ටුව හෙවත් ගහන දෙවෙනි කයිවාරුව!පළමු එකට මෙතැනින් යන්න!ඒ පලවෙනි එක කියවපු මහතැන් කෙනෙක් හෝ නෝනා මහතැන් කෙනෙක් හට; එතැන ලියැවුනු දේවල් ඉඳ හිට මෙතැනත් තිබිලා අහුවෙලා විස්සෝප වෙන්න කාරියක් එහෙම නෑ ඔන්න! මොකද මේ ලියන්නෙත් ඒක ලියපු තට්ටයාමමයි. මේ ලියන්නෙත් ඒ ගුවන්විදුලි සංස්ථාවෙන් විකාශනය වූ කෙටි තරංග, දිගු තරංග මධ්‍යම තරංග ගැන විනා උපුල් ...
232. Face Book Market Place (ශනිදා දහයට) THATTAYAGEKOLAMA මම හැමදාම කිව්වා වාගේම අපි ගල් ලෑල්ලේ ගල්කූරෙන් ලිවීම ඇරඹූ පරපුරක් වූවෙමු. ඉතිං ඒ නිසාම අපි ලියන කථා පටං ගන්නේම දශක තුන හතරකට කලින් ඉඳන්!ඒ කාලේ පත්තරවල තිබුන ලුහුඩු දැන්වීම් කියලා පිටුවක් දෙකක්. දිනමිණේ පිටුවකට හමාරකට සීමා වුවත් සිළුමිණේ පිටු දෙක තුනක්ම තිබ්බා. "මනාලයෝ", "මනාලියෝ", "වතුපිටි ඉඩකඩම්", "ගව ආදී මහීෂාදී සතුන්", "තුවක්කු සහ පතරොම්" මේ ආදී වශයෙන් වෙනස් වෙනස් මාදිළියේ ...
231. හෙඩිං . . . ! THATTAYAGEKOLAMA පත්තර කලාවේ හෙඩිම යනු හෙඩ් ලයින් එක හෙවත් ප්‍රධාන මාතෘකාවට කියන නමකි. මේ පෝස්ටුව එවන් රසාලිප්ත මාතෘකා කිහිපයක් ගැනය. ඇත්තෙන්ම මේ ලියන්නේ හෙඩ් ලයින් ගැනම නොව පුවත් මාතෘකා ගැන කිව්වොත් නිවැරදිය. සිංහල පුවත් පත් කලාවේ පතාක යෝධයෙකු සේ අදද සැලකෙන බී. ඒ. සිරිවර්ධන සේවය කලේ "ඇත්ත" පුවත් පතේය. "ඇත්ත" යනු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත් පතයි. එය සෝවියට් දෙශයේ "ප්රව්දා" ...
230. දෙද්දූව නත්තල THATTAYAGEKOLAMA ජීවිතේ ආපසු හැරී බලන කොට අපේ ලොකු අම්මලාගේ ගෙදර සමග ගැට ගැහුනු මතක අමතක කරණ්නම බැරි තරම්!ලොකු අම්මලා හිටියේ බෙන්තොට - දෙද්දූව කියන ගමේ. ලොකු අම්මාගේ නම ලව්ලි සෙනෙවිරත්න. මගේ අම්මලාගේ වාසගම උනේ සෙනෙවිරත්න.ලොකුඅම්මා බැඳලා උන්නේ සිඩ්නි චාල්ස් ඩයස් බණ්ඩාරනායකව. ඒ කාලේ ඒ ගෙදරට කිව්වේ පුස්සැල්බොක්ක වලව්ව යනුවෙන්. ඒ ගෙදර නිමවා තිබුනේ ඉදිරි පස ලොකු කුළුණු දාලා පඩි නැගගෙන යන්න. ...
229. "අඥ්ඥා කොන්ඩඥ්ඥ!" (ශනිදා දහයට XI) THATTAYAGEKOLAMA අර මම දවසක් කිව්ව එම්බ්‍රොයිඩර් සීන් එක සිද්දවුනු ෆැක්ටේරියේම කථාවක් අද මම කියන්නේ.ඒකාලේ එහේ වැඩ කලා නිල්මිණි කියලා ටික වෙන්න ඇහැට කනට පේන ගෑනු පරාණයක්! නිල්මිණි වැඩ කලේ IE දෙපාර්තමේන්තුවේ (Industrial Engineering). ඒ කියන්නේ වැඩ අධ්‍යන (Work Study) අංශයේ. කොහොමත් ඔය අංශයේ හිටිය අය හිතාගෙන හිටියේ උන්ව මේලෝකෙට මහබ්‍රහ්මයා එයාගේ හිස්මුදුනෙන් මවපු එවුං ටිකක් කියලා. මෙයාට රැජිනගේ භාෂාව එහෙම ලෙසටම ...