Sunday, December 17, 2023

229. "අඤ්ඤා කොන්ඩඤ්ඤ!" (ශනිදා දහයට XI)


අර මම දවසක් කිව්ව එම්බ්‍රොයිඩර් සීන් එක සිද්දවුනු ෆැක්ටේරියේම කථාවක් අද මම කියන්නේ.

ඒකාලේ එහේ වැඩ කලා නිල්මිණි කියලා ටික වෙන්න ඇහැට කනට පේන ගෑනු පරාණයක්! 

නිල්මිණි වැඩ කලේ IE දෙපාර්තමේන්තුවේ (Industrial Engineering). ඒ කියන්නේ වැඩ අධ්‍යන  (Work Study) අංශයේ. කොහොමත් ඔය අංශයේ හිටිය අය හිතාගෙන හිටියේ උන්ව මේලෝකෙට මහබ්‍රහ්මයා එයාගේ හිස්මුදුනෙන් මවපු එවුං ටිකක් කියලා. 

මෙයාට රැජිනගේ භාෂාව එහෙම ලෙසටම පුළුවන් උනා වගේම ඊටත් වඩා එක ප්‍රදර්ශණ භාණඩයක් ලෙස අලෙවිකලා කියලා කිවොත් මම නිවැරදියි මං හිතන්නේ. එයාගේ භාෂාව එයා ළඟ අපේ භාෂාව අපි ලඟ වගේ අපි අපේ සියළු කථා බහ සාමාන්‍ය විදියට කලත් නිල්මිණි ඕනෑම තැනකදි බටහිර භාෂාව, ආගම, සිරිත් විරිත්, කලා ශිල්ප, චිත්‍රපට, සංගීතය, පොත් පත් වගේ ඕනෑම ගිණිපෙට්ටියක් ගත්තොත් මෙරට දේවල් වලට වඩා ඉහලින්; සුද්දගේ දේ ගැන කථා කරණ්න පුරුදු උනා. කොටින්ම  කටේ තිබුනේ රට දෙල්, රට කජු, රට පුවක්, රට හාල්, ඇමරිකන් පිටි වගේ දේවල් මිසක් කොස් දෙල් අල බතල නම් නොවේ.

සංගීතය නම් බිතෝවන්, චිත්‍රපටයක් නම් බර්ග්මාන්, චිත්‍රයක් නම් පැබ්ලෝ පිකාසෝ, නළුවෙක් නම් මාලන් බ්‍රැන්ඩෝ, නිළියක් නම් මර්ලීන් මොන්‍රෝ ඔන්න ඔය වගේ!එයා ආසාවට රවි ශංකර්, සත්‍යජිත් රායි, ලෙස්ටර් ජෙම්ස් පිරිස්, ලකී සේනානායක, සේමගේ, ජෝ අබේවික්‍රම, ස්වර්ණා මල්ලව ආරච්චි ගැන  කථාවක් තිබ්බේ නෑ!

මෙතන අපිට මල පැනපුම සීන් එක උනේ එයා ඉංග්‍රීසි භාෂාවට දැක්වූ ගැති හා භය පක්ෂ භාවය!

අපි ඒකාලේ දවල් ලන්ච් එක කාලා කැන්ටිමට වෙලා පොඩි වෙලාවක් ලකාර් එක ගහලා තමයි ආපහු වැඩට ඇතුලට ආවේ.

ඉතින් මේ වෙලාවට; කැන්ටිම තුල එක එක මේශ රාශිය වටා එක් රොක් උනේ; රාශී භූත වූවේත් කතා කලේත් එකිනෙකට වෙනස් වෙනස් මාතෘකා.

අපේ සෙට් එකේ හිටිය බොහෝ දෙනෙක් ටික වෙන්න කලාබර කස්ටිය!

ඉතිං ඒ හින්දාම අපේ මේසේ කථා උනේ පොඩි පහේ සාස්ත්‍රීය කථාවක්මයි. අනිත් එවුං එහෙම උනාම මටත් වවුලාගේ මගුල් ගෙදර ගියා වගේ ඒකට සෙට් වෙන්න උනා!

දවසක් මෙහෙම කථා කර කර ඉන්න වෙලාවක තමන්ට අදාල ගැන්සිය සේටමෝල් වෙලා හිටිය මේසෙට සෙට් වෙන්න ඉඩ කඩක් නැති බැවින් අපේ මේසෙට නිල්මිණියි එයාගේ තව IE පොරකුයි පොරියකුයි කඩා පාත් උනා!

එදා අපේ මෙසේ කථාවට මාතෘකාව උනේ; ඒ දවස් වල පත්තරේකට සතිපතා ලියැවුනු ලිපි පෙලක්. මේ ලිපි පෙල ලිව්වේ මහාචර්‍ය ජේ. බී. දිසානායක! ලිපි පෙල ලියැවුනේ "දොස් නොදොස් බස් වහර" යන හෙඩිම යටින්!

ඉතිං මේක ගැන කථා කර කර ඉන්නකොට නිල්මිණිට එයාගේ අදහස කියන්නට පොඩි පහේ පශ්චාත් භාගයේ අමාරුවක් එන්න ඇති. එයා මෙන්න මෙහෙම කතාවක් කිව්වා!

"ඔය English Language එක එක්ක ගත්තාම අපේ සිංහල හරිම poor! English වලින් කියන ගොඩාක් දේවල් සිංහලෙන් කියන්න් තියා හිතන්නවත් බෑ!"

මේ කාරණයේ ඇත්තක් තිබිය හැක. එය ඕනෑම භාෂාවකට පොදුවූ ධර්මතාවයකි! භාෂාවක් වටා බැඳුනු සංස්කෘථියක් ඇත. භාෂාව; එම සංස්කෘථියෙන් පෝෂණය වී තිබීම සාමාන්‍ය කරුණකි. එවන් සංකෘථිකමය කාරණයක්; ඊට අදාල භාෂාවෙන් විතර කිරීමේදී  යොදන්නාවූ; එම භාෂාවට හා සංස්කෘථියට ආවේනික වචනයකින් හෝ වැකියකින් පැවසෙන දෑ ලියන්නට වෙනත් භාෂාවක වචන සොයා ගැනීමට අපහසු විය හැක! 

ඉංග්‍රීසි යනු ජාත්‍යන්තරයේ තිබෙන පුළුල්ම තම භාෂාව බව අප අවිවාදයෙන්ම පිළිගත යුතුය. වෙනත් භාෂාවන්ගෙන් පෝෂණයවූ වෙනත් භාෂාවක් ලොව නැත්තේය. මා අසා ඇති පරිදි ලොව ඕනෑම ජාත්යන්තර ගුවන් සේවාවක ගුවන් නියමුවන් භාවිතා කලයුතු නිළ භාෂාව වන්නේ ඉංග්‍රීසිය! මෙරට සිටි අංක එකේ ඔක්ස්ෆර්ඩ් බුද්ධිමතා කල තකතීරු වැඩේ නොවන්නට අපේ රටේ සාමාන්‍ය මිනිසුන්; අද වන විට බොහෝ ඉදිරියෙන් සිටීමට ඉඩ තිබුනි.

මේ මොනවා උනත් මේ පිළිබඳව මෙසේ පොදු ප්‍රකාශයක් කිරීම සමගම අපේ ඉවසීමේ සීමාව උරගා බැලීමක් සේ මා හට දැනුනි!

"හරි හරි කවදාවත්ම ඉංග්‍රීසියෙන් කියන්න බැරි සිංහල වාක්‍යයත් තියෙන්නේ . . !" මට එසේ කියැවුනි. සත්තකින්ම එය එසේ පැවසුනේ කිසිදු වැටහීමකින් හො සොයා බැලීමකින් පසුව නොවේ!

"හරි English කියන්න බැරි ඕනම සිංහල වාක්කියක් ඔයා කියන්න! මම English ලින් කියනවා! මම English වලින් කියන වාක්කිය ඔයා ඊලඟට සිංහලට Translate කරලා කියන්නෝන. ok dear!?" නිල්මිණි එකෙන්ම මගෙන් ගේම ඉල්ලීය.

"හරී!" මම කිසිදු ලක ලෑස්තියක් නැතිව උනත් ඔහේ කීවෙමි!

"හ්ම්ම්! Tell you first!" නිල්මිණි මට අවස්ථාව දුන්නේය.

නිල්මිණිගේ IE පොරත් පොරියත් කට ඇරගෙනය! "අපේ නිල්මිණිගේ කඩු පාරට ගෙල සිඳගන්නා අහිංසකයා ජීවත්ව ඉන්නා අවසන් තත්පර කිහිපය හොඳින් බලා ගැනීමට ඔවුන් මුව අයාගෙනයැ! 

"හරි . . . . . 'මේ හැප්පුනු හැප්පිල්ල හරියට හැප්පුනා නං එහෙම; මාර හැප්පිල්ලක් තමයි හැප්පෙන්නේ!'  කියන එක කියමුකෝ බලන්න ඉංරීසියෙන්!" මගේ කටට කොහෙං ආවාදැයි අදටත් මට සිතා ගත නොහැක!

නිල්මිණි මොහොතක් සිවිලිම දිහා බලා සිට හිටි තැනිං නැගිට්ටාය. " . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . මට වැඩ තියෙනවා ඔයාලත් එක්ක කයිය ගගහ ඉන්න මට වෙලාවක් නෑ!"  නිල්මිණි සුරූස් ගා මාරුවිය!

"අම්මට සිරි යකෝ උඹ . . . . . . . !?" අපේ ගැණ්සියට හෙනම ආතල් එකක්ය! ඉන් පසුව සෑහෙන කාලයක් යන තුරු තවත් තැන් කිහිපයක මට එය කියා දක්වන්නට සිදුවිය! ආසන්නතමයේම මට එය නැවත කියන්නට සිදුවූයේ කැන්ගෞ දේශේ වසික ඇසූ විටෙකය! "ඌත් ඒහේ කාට හරි වාත වෙනවා ඇති!" මටම සිතුනි!


මේ වාගේම ආතල් සිද්ධියක් මටයි මේ ඉස්කෝලෙ කාලේ මිත්තරයෙකුවූ නලීන්ටයි සිද්ධ වුනා! ඉස්සෙල්ලා කථාවේ සටන් නලුවා මම උනාට මේ සිද්ධියේදී මමත් නිකංම නිකං කොමිට් නළුවෙකු ගානටයි වැටුනේ. සිද්ධිය මෙහෙමයි. ඔන්න දවසක් ෆ්‍රී පීරියඩ් එකකදී නලීන් එයාගේ කටුවැඩ පොත හරි නැතිනං අභ්‍යාස පොතේ අන්තිම පිටුව හරි පෙරළං හරි වේගෙන් මොන මොනවාදෝ ඉංග්‍රීසියෙන් කුරුටු ගානවා. නිකංම නෙවෙයි එක එකාගේ නම කිය කියා! එයා ටික වේලාවක් එහෙම ඉඳලා එක පාරටම නින්දෙන් නැගිට්ටා වගේ නැගිටලා අපි ඔක්කෝටම දුන්නා ඕපන් චැලෙන්ජ් එකක්!

"උඹලා ඔක්කෝටම වඩා මට ස්පීඩ් එකෙං ඕන නමක් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවං!" එතකොටයි වැඩේ තේරුණේ ! මෙච්චරවෙලා මුන්නැහැ කරලා තියෙන්නේ එක එකාගේ නම් ලියන්න ප්‍රැක්ටිස් පාරක් දාපු එක!

කවදත් ඔය වගේ වැඩකට නැති ඕනම කුන්ඩවාලියක් ඉල්ලලා ගන්න මම "මටත් පුළුවං!" කියලා චැලේන්ජ් එක රිවර්ස් කලා!

"හරි එහෙනං ලියමු! ඔන්න ඒකයි දෙකයි තුනයි 'ජයන්ත' . . . "

පොර මට කලින් ලිව්වා!

"හරි දැං උඹ නමක් ලියපං . . . . " නලීන් මට කිව්වා!

"සුසන්ත . . " මම කිව්වා! මම ලිව්වා!!

එතනදි මම එක!

මේ විදියට නම් කිහිපයක් නලීනුත් මමත් තම තමන් කියමින් ලියනා විට; කියනා අයට ඉක්මණින් ලියන්නට පුළුවන් වීම සිදුවිය. 

"ඕක හරියන්නෑ! ශාන්තයට කියන්න කියමු . . . . !" නලීන් යෝජනා කලේය. ශාන්ත යනු ආර් කේ ශාන්ත කුමාර හෙවත් "නිවහල් සිතුවිළි" රවී සහ රන්දිල් සමග එක ඩෙස්කුව දෙකට බෙදාගේන "සරසි කන්ස්ට්‍රක්ශන්" එකේ වැඩ කල බුවෙකි.

"හරි! ඒයි නසා!" මම ඊට එකඟව ශානතව ඇමතීමි. "නසා" යනු ශාන්තගේ කාඩ් එක විය! ශාන්තට සියළු කතා කියන්නට සිදු නොවීය. සියල්ල මුල සිට සිදුවෙද්දී ඌත් වැඩේ මීටරෙන් බලාගෙන!

"හරි කියපං ඉක්මනට!" මාත් අනලීනුත් පෑන් තදින් අල්ලාගෙන කොලේ උඩ තියාගෙන ගේමට සෙට් වෙලාය! ඊළඟ තත්පරේ ශාන්ත අප දෙදෙනාට; තරගයට  ඉංග්‍රීසියෙන් ලියන්නට පුද්ගල නාම පදයක් ශබ්ධ නගා කීවේය!


"අඤ්ඤා කොන්ඩඤ්ඤ!"


මේ දිනවල යටියන්තොට මාගේ පාරම්පරික නිවසේ අළුත් වැඩියා කටයුතු වල පුරා මාසයක් තිස්සේ සිදු කරමින් සිටිනා බැවින් විවේකය අඩුය! "Tarzen & The Mason  බාස්"  ලා හට අත්වැඩ දීමේ සිට තේ සිගරට් බුලත්විට ගෙන ඒම පමනක් නොව දවල්ට බතද සැපයීමට සිදුව ඇත්තේ ටිපීයේ ඔපරේශන් හබ් එක හෙවත් කන්ටේනර පෙට්ටියේ සිටය! ඩේටා නටබුන්වී ගොසිනි. ඒනිසාම  මෙනිසාම කලට ලිවීම, කමෙන්ට් දැමීම, රිප්ලයි කිරීම යන කාර්ණා කාරණා වලදී ඇති වන කල්ගතවීම් පිළිබඳව මෙවන් පමා වීම්; මුදිතා ගුණ භරිතව විඳ දරා ගනු ඇතැයි මා සිතමි. 



47 comments:

  1. කවුද මුදිතා?

    ReplyDelete
    Replies
    1. කරුණාගේ අක්කා නොවැ!

      Delete
  2. හැමදාම වගේ අදත් කතාව හරිම රසවත්.

    ReplyDelete
  3. Replies
    1. ලොකු ස'ගෙ වෙලාව හොඳයි.
      හිතන්නකො සජිබ්බේබි ඔතන හිටිය නං

      Delete
    2. සරත්ට: බොහොමත්ම ස්තූතියි
      හැට්ටර්ට: අම්මට සිරි සජිත් බේබි දෙයි මට ඇද වෙන්න!
      -තට්ටයා

      Delete
  4. රවි අයිය නිවහල් සිතුවිළි කියල එකකුත් ලියනවද? වහාම හොයල බලන්නෝන මට හොරෙන් එහෙම වැඩක් සිද්දවෙන්නෙ කොහොමද කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්නෝන! ඩාම් වෙනවා ඩූම් වෙනවා!
      Thattayagekolama.blogspot.com

      Delete
  5. හත්තික්කේ! නම ලියල තියෙන නිසාම හොඳයි. නැත්නම් සිංහලෙන් ලියන්න ගියත් වරද්දනවා.

    ReplyDelete
    Replies
    1. දැන් මට අපි දන්නා අඳුනන නෝනෙක් කිව්වා "උන්නැහැගේ" නම ලියන්නේ අනිත් අකුරෙන්ලු!
      මම හිංගලෙන් ලියලා තියෙනවා වැරදියි කියන්නේ!
      මේ ෆෝන් එකෙන් කොටන්නේ
      පරිඝනකයක් ලැබුනු ගමන් වරද හදන්නෝන!
      ස්තූතිය; මේ අත්තේ ලැග්ගාට!
      Thattayagekolama.blogspot.com

      Delete
  6. අපි නොදන්න චෙස් කිව්වා වගේ නේද?
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ! Thattayagekolama.blogspot.com

      Delete
  7. 'මේ හැප්පුනු හැප්පිල්ල හරියට හැප්පුනා නං එහෙම; මාර හැප්පිල්ලක් තමයි හැප්පෙන්නේ!' - Had this collison been a proper collision, it could have been a terrible collision (මගේ දැනුමේ හැටියට මෙහෙම ලියන්නනම් පුලුවන් හැබැයි ඉංග්‍රීසි මවුබස වෙන කෙනෙක්ට නියම අදහස ගන්න බැරිවෙයි. නියම අදහස එන්න නම් මෙහෙම ලියන්න වෙනවා. Had circumstances been different, this collision could have been more serious)

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට චමින්ද මහත්තයා එතන නොහිටියේ! .😁😁😁😁 Thattayagekolama.blogspot.com

      Delete
  8. ආහ්. එහෙම පිරිසක් තාම ඉන්නවා.
    මොනා වුනත් නිල්මිණිගෙ මූන මැවිලා පේනවා 😀
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දැන් මගෙන් දෙන්නෙක්ම විමසුවා නිල්මිණි කොහේදැයි කියා?
      හම්බුනොත් පොටෝ කෑල්ලක් එවන්නං 😂😂😂😂 Thattayagekolama.blogspot.com

      Delete
  9. ප්‍රඥාසේන මඤ්ඤං පාටට ඉඳලා
    කොම්පඤ්ඤවීදියෙදී සංඥා කරලා
    මඤ්ඤොක්කා ඉල්ලාලා මොර දීලා
    විස්කිරිඤ්ඤ කෑ හැටි බලමුද ලියලා?

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ ඉතිං මේවට කොහොමද උත්තර ලියන්නේ කියලා කියමුකෝ! 😂😂😂

      Delete
    2. Thattayagekolama.blogspot.com

      Delete
  10. මදෑ කන ගමං කියවන්ඩ ගත්තා!

    ReplyDelete
    Replies
    1. නාන ගමං කියවන්න තියෙන ඒව කන ගමං කියවන්න එපා යකෝ.

      Delete
    2. ඇයි අප්පිරියාවක්වත් ආවාද? 😂😂😂😂 Thattayagekolama.blogspot.com

      Delete
    3. මම මේ සිංහල එක ලියන්නේ කොහොමද කියල බලනව. ඉංග්‍රීසි එක පස්සේ බැරිය

      Delete
  11. Replies
    1. Tan- kew! Thattayagekolama.blogspot.com

      Delete
  12. " මෙරට සිටි අංක එකේ ඔක්ස්ෆර්ඩ් බුද්ධිමතා කල තකතීරු වැඩේ නොවන්නට අපේ රටේ සාමාන්‍ය මිනිසුන්; අද වන විට බොහෝ ඉදිරියෙන් සිටීමට ඉඩ තිබුනි. "
    දෙන එක නම් දීලා තියනවා , ඔලුව අතගාලා ටොක්ක, පැනි බේරෙන්න.

    ReplyDelete
    Replies
    1. මම රොශාන්

      Delete
    2. මම නෙවෙයි උන්දැගෙ ලොකු දෝනිත් MTV එකට ඇවිත් කියන්නේ!? Thattayagekolama.blogspot.com

      Delete
  13. අන්න හරි ශාන්ත...යස වැඩේ...දැන් ඉතින් ලියපු හැටිත් කියමුකෝ...😜

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා: අපි ඉතිං උගේ දෙමව්පියංව සිහි කරලා නිකං හිටියා!
      මදෑ බත් ටිකක් කන්න එන්න හැදුවා!
      Thattayagekolama.blogspot.com

      Delete
  14. ඔය නිල්මිණි දැන් ඉන්නේ එංගලන්තේ ද?

    ReplyDelete
    Replies
    1. ඉන්න නිල්මිණි අක්කට කියන්නම් 😁

      Delete
    2. එයා එහෙම නැහැ වෙන්න ඇති නේ?

      Delete
    3. මං දැනුවත්ව නම් නෑ! කිසිම සම්බන්ධයක් නම් නෑ!!
      හැබැයි ඒ කාලේ හිටිය හැටියට උන්දැ ලංකාවේනං ඉන්න විදියක් නෑ!
      Thattayagekolama.blogspot.com

      Delete
  15. පොඩි හාමුදුරුවෝ වැඩ්ඩා වැඩිල්ලක් සිවුර කැලේ.... Mayya

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣🤣
      Thattayagekolama.blogspot.com

      Delete
  16. කොහොමද අපේ බොස්! ඒ පාර තමයි නියම හැප්පිල්ල හැප්පිලා තියෙන්නේ 😁 නිවහල් සිතුවිලි ලියන රවී සහ රන්දිල් හඳුනා ගැනීමට උවමනායි 🙄

    ReplyDelete
    Replies
    1. අයියෝ; මම ඔයාගෙත් ලොකු අයියා වෙච්චි! ඉතිං මේ වයසට ඔය වගේ දේවල් වෙනවා ලමයෝ!
      ඩාම් වෙනවා ඩූම් වෙනවා!
      Thattayagekolama.blogspot.com

      Delete
  17. මොනවා වුණත් බොස් ඒ කාලේ ඉඳන් ම ධර්ම මාර්ගයේ ඉඳලා තියෙනවා. නැත්නම් මෙහෙම නමක් මතක් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ඒකනේ දැනුත් සිල් ගන්න රටේ අනිත් පැත්තට මන්දො කරණ්නේ! 😂😂😂 Thattayagekolama.blogspot.com

      Delete
  18. ඔය තියෙන්නෙ මම හිතුව මේ සතියෙ මොනවත් නැද්ද කියලා . නියමයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ! Thattayagekolama.blogspot.com

      Delete
  19. අර ඉන්ග්‍රිසියෙන් ලියන්න කියපු එක නමක්ද? අපේම වාසනාවකට ඒ වගේ නම් තියෙන යාලුවෝ අපිට නොහිටියෙ.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම! ඥානරත්න කියලා කෙනෙක්නම් ඉන්නවා!

      Delete
  20. මරැ මරැ 😁😁

    ලමයින්ට නම් දාද්දිත්, දැන් සමාර දෙමව්පියන්ට වගේ වගක් නැ. අනාගතේදී ලමයි නම් වෙනස් කරගන්නත් පුලුවනි

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...