Sunday, January 14, 2024

233. Radio ඇඩ්ස් . . !




රේඩියෝ ගැන මම මේ ලියන දෙවෙනි පෝස්ටුව හෙවත් ගහන දෙවෙනි කයිවාරුව!

පළමු එකට මෙතැනින් යන්න!

ඒ පලවෙනි එක කියවපු මහතැන් කෙනෙක් හෝ නෝනා මහතැන් කෙනෙක් හට; එතැන ලියැවුනු දේවල් ඉඳ හිට මෙතැනත් තිබිලා අහුවෙලා විස්සෝප වෙන්න කාරියක් එහෙම නෑ ඔන්න! මොකද මේ ලියන්නෙත් ඒක ලියපු තට්ටයාමමයි. මේ ලියන්නෙත් ඒ ගුවන්විදුලි සංස්ථාවෙන් විකාශනය වූ කෙටි තරංග, දිගු තරංග මධ්‍යම තරංග ගැන විනා උපුල් තරංග හෝ සාගර තරංගා ගැන නොවේ!

අනික ඒ පෝස්ටුවේ ලිව්වෙත් අපේ ගෙදර අහිංසකව වැඩ සිටි ෆිලිප්ස් රෙඩියෝ තඩියා ගැන ම බැවින්.

එහෙනම් කතා කරගෙනම පල්ලෙහාට යමු.

ඒකාලයේ රේඩියෝවේ සිංහල සේවේ වෙන් කරලා තිබුනා පළමු සේවය හා දෙවැනි සේවය යනුවෙන්. දැන් ස්වදේශීය සේවය කියන්නේ ඒකටම වෙන්ට ඕනෑය. (දැන් රේඩියෝ අහන එකක් යෑ!?)

ඉතිං සියළුම වෙළඳ දැන්වීම් සහ ජනප්‍රිය වැඩසටහන් විකාශණය වුනේ මේ දෙවෙනි සේවයෙන් හෙවත් වෙළඳ සේවයෙන්.

පාන්දර පන්සිල්,  ධර්ම චින්තාවෙන් සහ වෙනත් ආගමික උපදේශනයන් සමග  පටං ගන්නා රේඩියෝව නින්දට යන්නේ පොඩි පහේ අගමික මතක් කිරීමක් සමග සෙත් පිරිත් වලින්. ඒ කාලේ අද වාගේ වෛවාරණ ස්වර, තාල, සුරල් සමග ගැයුනු පිරිත් හා දේශනා කානිවල් සමග නොව (පිලිපැද්දත් නොපිලිපැද්දත්) ඔරිජිනල් දේශණා සමගය!

ඉන්පසු ගැඹුරු හඬින් කියැවෙන ප්‍රවෘථි ය! පිළිගන්න; සිරිල් රාජපක්ෂගේ ගැඹුරු හඬ මේ දැණුත් දෙසවන තුල නින්නාද දේ!

හැත්තෑවේ සමගි පෙරමුණු ආණ්ඩුව සමග ගුවන්විදුලියේ වැඩසටහන් පිඹුරු පත බොහෝ සෙයින් වෙනස් වී ගියේය. "දේශ අභිමාණී ගී" වැනිදෑ කරළියට ආවේ මේ සමගය. මේ සියල්ල සෙමෙන් ගෙවී ගොස දහවල උදා වෙද්දී වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය ඇරඹේ. 

මේවා එකින් එක ප්‍රචාරණය වූ වේලාවන් පිළිබඳව මා හට මතකයක් නැතත් මේ අක්‍රමවත් පෙළගැසීම කියවා බලා තම තමන්ගේ මතකයේ පමණින්  පහතින් එක් කරණු ඇතැයි බලාපොරොත්තු වන්නෙමි!

සිංහල ගීත සාහිත්‍යයේ නොමැකෙන සටහනක් සහ නොබිඳෙන වාර්ථාවක්  තැබූ කරුණාරත්න අබේසේකරයන් කියවා ඇත්තේ ඔහු විසින්ම ලියන ලද දැන්වීම් යැයි මා අසා ඇත. මෙහිදී ඔහුගේ සරළ සුගම හා පැහැදිළි; වදන්, වේගවත් බව හා ගලා යන ආකාරය පුදුම සහගතය.

එකල මරදානේ ශ්‍රී ලංකා දිස්පැන්සරිය පවත්වාගෙන ගිය පී ඩබ්ලිව් ඒ පෝල් මහතා පිළිබඳව එවන් වෙළෙඳ දැන්වීමක් ඇත! එය මෙසේය.

"ඇදුමට නොවරදින වෛද්‍යවරයා - පී ඩබ්ලිව් ඒ පෝල් මහතා ප්‍රථිකාර කරණු ලබන්නේ; කොළොඹ දහය - දෙවන මරදානේ ශ්‍රී ලංකා ඩිස්පැන්සරියේදී පමණි! වෙනත් ශාඛා නොමැත."

මෙන්න ඔහුගේම තවත් වෙඩි වගේ දැන්වීමක්:-

"ටයිප් රයිටර් - මිළදී ගැනීම -විකිණීම - මාරුකිරීම - අලුත්වැඩියාව; ප්‍රේමදාස කළුාරච්චි - බෞද්ධ මන්දීරය - පිටකොටුව!"

ගුවන් විදුලිය ආරම්භයේදීම ඒවායේ ප්‍රචාරණය කලයුතු දැන්වීම් පිළිබඳව කිසියම් නියාමනයක් තිබී ඇත. ඒ අනුව "මිනී පෙට්ටි සාප්පු" වල "ඇඩ්" නොදැමීමට එකඟත්වයක් තිබී ඇත. මේ "කඩුල්ලෙන්" පැනීමට; කරූ නිර්මාණය කලේ හරි අපූරු වැඩ සටහනකි. එය නමින් "පුෂ්පාංජලී" නම් විය . ඒ ජයරත්න මල් ශාලාව හෙවත් "ජයරත්න අවමංගල අධ්‍යක්ෂකවරුන් වෙනුවෙනි. 

ඒසේම ඒ වෙනුවෙන් ගුවනේ කියැවුනු වෙළෙඳ දැන්වීම මෙසේ විය:- 

"සොම්නස දොම්නස පවසන ගොළු බස"

"මල් නම් ජයරත්න! ජයරත්න නම් මල්!!"

කාලෙකට පෙර "ගොටුකොල කැඳ සෑදීමට "  නිපැදවූ G-Kola නමින් නිශ්පාදනයක් වෙළෙඳ පොලට හඳුන්වා දීමට ගුවන් විදුලිය මගින් සිදුවිය.

"කට්ට අව්වෙ පොලට ගිහිං

 ගොටු කොල මිටි දෙකක් අරං 

. . . . . . . . . . . . . . . . . . . . . . . "

අදටත් ගැයෙන වෝග් ජුවලර්ස් වෙළෙඳ දැන්වීම; අප පාසැල් යන කාලයේ (ඔව් අපි ඉස්කෝලේ ගියා!) පාසැල් බස් රියේ සිංදු කියන්නට පටන් ගන්නේද මෙම ගීතයෙනි! :-

"මංගල මුදු මාලවළලු

 රන් අභරණ ලබා ගන්න

විශ්වාසයි කල්පවතියි

වගකීමට බැඳී සිටියි


හිත පිරෙන්න රුව වඩන්න

අලංකාර මොස්තරත්

ඔබත් යන්න මනාළියනි

ඔබෙ මංගල මුදුව ගන්න

වෝග් ජුවලර්ස්! වෝග් ජුවර්ලර්ස්!! වෝග් ජුවලර්ස්!!!"

රූපා ඉන්දුමතී, ලතා සහ නීලා යන ගායන ශිල්පීන් තිදෙනාම Indunil Jayawardana 21/2/2019 ලංකා රේඩියෝ දැන්වීම් වත් පොත් සමූහයට පවසයි!

මේ තවත් එවන් වෙළෙඳ දැන්වීමක්.

"ලියන් මනාලියන් කරණ - අඟනන් සුරංගනාවන් කරණ; ස්වර්ණ වර්ණ රන් අභරණ - ජයලලිතා රන් අභරණ; නොම්මර 60 හෙට්ටිවීදිය කොළඹ"

එතරම්ම අතීතයක් නැතත් මෙයත් අසූව දශකයේ එකක් ලෙසයි; මට මතක! ජාතියේ මහා පහන් ටැඹ (මේවාද එළි දැක්කේ ගුවන් විදුලිය තුලිනි!) ලංකා බැංකුවෙන් ප්‍රචාරණය වූ "ආරාධනා" ස්වර දැහැනට එක් වරක් අමරසිරි පීරිස් එක්වූ විටෙක එහි සිටි ප්‍රේක්ෂකයින් කිහිප දෙනෙක් ඉල්ලා ඇත්තේ මෙම "ලංකෙම්" වෙළෙඳ දැන්වීම ගායනා කොට පෙන්වන ලෙසයි!

"ගොවියාගේ හිත මිතුරා - ලංකෙම්"

"සකස් කඩ - නොකීකට - උගේ කට - හුඹස් කට" කීවාසේ "බුල්ටෝවක්" නොකෑ කටක් එකළ සොයා ගැනීමට නොහැකිවිය. "මෝතා", "ඩෙල්ටා", "මෝල්ටීස්", "ඩොට්", "ස්ටාර්" වැනි ටොෆී සමග කරට කර සටන් කල බුල්ටෝ සඳහා "ටැග් ලයින්" එක වූවේ මෙයයි. මෙයට හඬ කවා තිබුනේ එකල ගුවන් විදුලුයේ "සිංහ සවරය" වූ ලලිත් එස් මෛත්‍රීපාලයන් විසින් යැයි මතකයක් ඇත!

"මහරගමින් රස කෑමක් - ගුණසිරි බුල්ටෝ!"

කෙතරම් මහන්සි උනත් "බ්‍රිස්ටල්" වෙළෙඳ දැන්වීම සම්පූර්ණයෙන්ම  මතකයට එන්නේ නැත. එය ගායනා කලේ කවුරුන්දැයි මතකයට එන්නේ නැතත් ක්ලැරන්ස් විජේවර්ධනයන්දැයි සැක සංකා මතුවේ! 

"නවලොව නවතම කාගෙත් සිත්ගත්

.............. බ්‍රිස්ටල්


හොඳ දුම් රැල්ලයි -සිත සැනසිල්ලයි

කවුරුත් ඉල්ලයි - බ්‍රිස්ටල්"


තවත් බ්‍රිස්ටල්  ඇඩ් එකක් මෙසේ ගැයුනි!

බ්‍රිස්ටල් දුම් රැල්ලෙන් ගෙන එන්නේ

රස හඳුනන්නෝ දල්වා ගන්නේ

ඒකයි බ්‍රිස්ටල් නාමේ . . . . 

අද ලෝකේ පුරා . . . . !


මෙසේ මතකයේ ඇති තවත් වෙළෙඳ දැන්වීම් රැසක් මෙසේ මතකයට එයි!


"ගොයමට හානි කරණ තුනැස්ස, තුන් හිරිය ගිරාපලා . . . "


"ඒ හඬ ඇසෙන්නේ මාළිගාවත්ත ලී මෝලෙන්!"


"මැණික් ලොව ඉහලින්ම පිහිටි නාමයක් ගුරුගේ මැණික් කහවත්ත!"


"ග්ලුකෝරස මාමේ - ග්ලුකෝරස මාමේ

කොච්චර කෑවත් මට මදි 

ග්ලුකෝරස කෝ"

දහවල් දොලහට "පොලීසියෙන්" වැඩසටහනට සමගාමීව හෝ එසේත් නැතිනම් රථ වාහන පොලීසිය මගින් මෙය ප්‍රචාරය විය. මාගේ මතකය නිවැරදි නම් මෙය ඒ කලයේ ගායනා කොට තිබුනේ සුජාතා අත්තනායක ගායිකාව විසිනි.

"අතට ගත් විට ඔබෙ රථේ - ඉගිලිලා නොයනු

සලකනු මග සලකුණු - නීති පිළිපදිනු

රියැදුරන්ගේ - නොසැල කිල්ලෙන්

බිහිසුණු අනතුරු වේ

අනුන් බේරා තමන් බේරී - ප්‍රවේශම මැනවි!" 

ඉරිදා දහවල් 1.00 කියන ගුවන් කාලය වෙන් වී තිබුනේ ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් වූ අතර එම කාල රාමුවට අරක් ගෙන තිබුනේ බණ්ඩාර කේ විජේතුංගයන්ය! මේ ඔහුගේ "ආදරණීය" හඳුන්වා දීම්!

"ඔවුන් දෙදෙන එක් කලේද සංගීතයයි - වෙන් කලේද සංගීතයයි! දෙවන අභිමාන්වත් මාසයේ අභිමාන්!"


"ළඳුනි මා ඔබට ද්‍රෝහී වූවා නොව! පියෙකු නැති දරුවෙකුට පියෙකු වූවා පමණි!"


"එක මලයි! බඹරු දෙන්නයි - එක් පුල් දෝ මාලි"

මේ "ඇඩ් සීන්" එකට "අමාරිස් අයියා" (සැමුවෙල් රොද්‍රිගු ) සහ "හාමු මහත්තයා" (ඇනර්ස්ලි ඩයස්) එක්වූ අවස්ථා කිහිපයක්ම ඇතත් මේ එක් මතකයක්:-

"මාමේ වාහන එළවන්න පුරුදු වෙන්න කොළඹ නේද හොඳ?

නැතුව පාළු පාරවල් වල වාහන එළවලා භය ඇරෙනවද?

එහෙනංඉගෙන ගන්න හොඳ තැනක් කියන්න!

චාරිකා ලර්නර්ස් පුංචි බොරැල්ල!"


නුගේගොඩ සව්සිරියෙන් පිරි - සව්සිරි (සවන් දෙන්න)


DSI පැරණි වෙළෙඳ දැන්වීම (සවන් දීලාම බලන්න )


ඩියුරෝල් වෙළෙඳ දැන්වීම:-

දිනෙක ආව මගේ සුපෙම්වතා

කල්පණාවෙනි නැතුව කතා

ඇහුවාම විමසලා මොකදැයි කියා

ඔහු කිව්වා

ඇඟට පන නෑ කියා

මා කීවා ගන්න

ඇඟපතට පන එන්න - ඩියුරෝල්

කඩිසරව ගැවසෙන්න - ඩියුරෝල්

යකඩ චෙරි රස ඇති - ඩියුරෝල්

මිහිරි විටමින් ටොනික් - ඩියුරෝල්


මෙයද ඉහත "ලංකා රේඩියෝ දැණ්වීම්" වත් පොත් සමූහයට රසික සූරියාඅරච්චි විසින් ලියා දක්වා තිබුනි.


ලංකා ගුවන් විදුලිය පිළිබඳ පැරණි රූගත කිරීමක්.


මෙය ලියා අවසන් කල හැකි පෝස්ටුවක් නොවේ! මෙය කියැවූ ඔබ තවත් රස බර මතක මෙය්යට එක් කරණු ඇතැයි බලාපොරොත්තු වෙමි. 

ජයවේවා!




46 comments:

  1. අසූව දශකයේ මැද හරියෙ අපි ඉස්කෝලේ යන මුල් කාලෙ නිතරම ඇහුන දැන්වීමක් තමයි " සිද්දාලේප වෙද මහතෙකි ඔබ ගෙදර " උදේට ඇහැරෙද්දිම ඇහෙන්නෙ ඒක නිසා ඒ නාමයත් එක්ක එදා තිබ්බෙ ලොකු තරහක්..😀
    ලස්සන සටහනක්.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. "සිද්ධාලේප වෙදමහත්තයා" කියන ටැග් ලයින් එක ලියලා තියෙන්නේ චින්තන ජයසේන!
      කොහොමත් මේවා අපේ මතකයේ තාම තියෙනවානේ!
      මොකද අපි කටපාඩම් කලායෑ?

      Delete
  2. අපුරු සටහනක්.... මට මතකයි

    බෙයාරින් නම් කෝයෝ ..
    කෝයෝ නම් බෙයාරින්

    කෝ...යෝ ... බෙයාරින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! තව ඇඩ් එකක් එක් කලාට. ජය වේවා!

      Delete
  3. දැන් රේඩියෝ අහනව වාහනේ.
    වෝග් ඇඩ් එක තාමත් තියන නිසා ලංකාවෙ වයස වැඩිම ඇඩ් එක වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා! මාත් හිතන්නේ පරණම ඇඩ් එක!

      Delete
  4. ගොඩක් ඒවා මතකයි. ගුණසිරි බුල්ටෝ මුදලාලි ගේ ලොකු පුතා අපිත් එක්ක රුසියාවේ හිටියේ, මගේ යාළුවෙක් . දැන් එංගලන්තේ ඉන්නේ. පොර කිව්වා විධිහට හදිසියේ ආපු අදහසක් අනුව ටින්කිරි ගොඩක් දාලා ලු එයාගේ තාත්තා ඒක හදල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔහු නාලන්දියයෙක්ද? මොකද බුල්ටෝ ෆැමිලියම වගේ නාලන්දියයෝ!

      Delete
    2. ඔව් නාලන්දේ. දැන් ඉන්නේ ඩාර්බි වල. ඔයාට (මට) වගේම තට්ටේ, මෙහෙ මාලිමාවේ සංවිධාකයෙක්. මගේ වැඩේ ඉතින් ඌව අවුස්සන එක. 😀. මල්ලි ඉන්නේ ජර්මනියේ.

      Delete
  5. Radio Ceylon ads -https://www.youtube.com/watch?v=u4O93Z3Q8Ao

    ReplyDelete
  6. මට මතක විදියට ස්වදේශීය/වෙළද වලට පස්සේ 1/2 සේවය නම ආවේ.
    11.45 ට කණ්ඩායම් ගී තිබුණා මතකයි
    විකසිත ආදරයේ තේමා ගීතය? (කියන්න බලන්න) බණ්ඩාර විජේතුංග ගේ හඬින්
    අනිත් වැඩ කොහොම උනත් ලංකාවේ රේඩියෝ/ට්වී ඇඩ් කලාව ඉතා දියුණු බව වෙන රට වල ඇඩ් දැක්කම පේනවා, ඒ කියන්න දෙන පණිවිඩය ඔලුවට වදිනවා
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විකසිත ආදරයේ තේමා ගීතය - ඊස්ට්මන් වර්ණ "ගීත්" නේද?

      Delete
    2. හරි නේ, මෙන්න ඔබටහිමි ත්‍යාගය ගුරුගේ මැණික් වෙතින්

      Delete
  7. මට මතක හැටියට නම් ගුණසිරි බුල්ටෝ විය යුතුයි. තිබ්බේ මහරගම හයිද්රාමනි එක ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ. දැන් රෝහිනී මල් ශාලාව තියෙන හරියට පිටුපසින්.
    බුල්ටෝ හදල හරි තරමට කෑලි කපනකොට ඉතිරි වෙන අන්කොන් කෑලි අරගන්න අපි යනවා ඒ දවස්වල ඉස්කෝලේ විවේක කාලයෙදී, 1968-1970 විතර කාලේ. එතකොට මහරගම විද්යාකර විද්‍යාලය මිශ්‍ර පාසලක්. පන්තියේ ළමයින් හැම කෙනාම සතේ දෙක විදිහට; පුළු-පුළුවන් විදිහට සල්ලි දාලත් සත විසිපහක් විතර එකතු වෙන්නේ එහෙමත් දවසක.
    සත විසිපහකට අරං එන බුල්ටෝ අන්කොන් කෑලි ටික මුළු පන්තියේ ළමයි සේරටම හිතේ හැටියට කන්න ඇති තරම්!

    ඒ වගේමයි- මහරගම ලයනල් හරිශ්චන්ද්‍ර මහත්තයාගේ 'සිංහරාජ වශී යන්ත්‍රය, දේවාලය හා තෛලය' ඒ ගැන වෙළෙඳ සේවයේ විනාඩි 45 ක වැඩ සටහනකුත් ගියා. ජින්ගල්ස් වලට අමතරව.
    ඒ තෛලය හදල තිබ්බේ O/L; සාපෙ විභාගයට වාඩිවෙන ළමුන්ට. ඒවා කෙරුණු
    පමුණුව පාරේ නිවාස පිහිටි තැන තමයි දැන් පමුණුවේ මහජන බැංකු ශාඛාව - JK Cabs, පියල් පිරිකර වගේ ආයතන පවත්වාගෙන යන ගොඩනැඟිල්ල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බණ්ඩාර කේ විජේතුංග මහතා හිටියෙත් පමුණුවේ වනාත පාරේ. ගුවන් විදුලි නිවේදිකා හා නාට්‍ය ශිල්පිනී නාලිනී පියසීලි ජයලත් මහත්මියත් පමුනුවේම කෙනෙක්.

      Delete
    2. ඔව් නිදි මහත්තයා! ඔය හරියේ තමයි ගුණසිරි බුල්ටෝ ෆැක්ටරිය තිබිලා තියෙන්නේ.
      ඔය 'බුල්ටො" ලාගේ පරම්පරාවෙන් කිහිප දෙනෙක් ආදී නාලන්දියයෝ. අනේ අපරාදේ කියන්න බෑ උන්ගේ පාටත් බුල්ටෝ පාටමයි. මා දන්නා අවසන් බුල්ටෝ ගේ පුතෙක් වසික එක්ක ක්‍රිකට් ගැහුවා.
      ඉතාමත් රස බර මතක!
      බොහොමත්ම ස්තූතියි මාගේ පෝඅස්ටුව ඔබගේ රසබර මතක වලින් පෝෂණය කලාට!
      "බණ්ඩාර කේ විජේතුංග" මගේ හිතේ අංක එකේ නිවේදක හඬ පෞර්ෂය!

      Delete
  8. මට තියෙන එකම ප්‍රශ්නේ ඔයැයි කොහොමෙයි මේවා මෙච්චර හොදට මතක තියන් ඉන්නේ.අන්න ඒකට සම්මානයක් දෙන්න වටිනවානේ

    ReplyDelete
    Replies
    1. මා; අනවශ්‍ය දත්ත ගබඩාවක් නොවැ! ස්තූතියි මගේ මල විකාර කියවන්නට ආවාට!

      Delete
  9. පැරනි රේඩියෝ දැන්වීම් පිලිබද ලිපිය හරිම පන්කාදුයි.ඒ වගේම රසවත්.ඒ දැන්වීම් සියල්ලම පාහේ මමත් අහල තියන ඒවා වුනත් අමතක වෙන්න ඔන්න මෙන්න තිබුනෙ.ඔබ ඒ මතකය නැවත අලුත් කලා.ඊටත් වඩා කරුනු පෙල ගස්වන්න ඔබ දක්වන දක්ශතාවය ඒවා තවත් රසවත් කරනවා.ඔබට ලැබෙන සමහර කමෙන්ට්සුත් හරිම අපූරුයි. කාල වකවානුව අමතක උනත් ,අම්බෝරම් ස්පෙශල්, මේ ඔබට අසෙන්නේ මාලිගාවත්තේ ලී මෝලේ හඩයි,වින්සන්ගේ ඒ.පී.සී. කවුද නොගන්නේ, ගුඩ් මෝනින් බ්ලේඩ් තලයෙන්,සිනිදුව රැවුල කැපෙන්නේ, වගේ කෑලිත් එහෙන් මෙහෙන් මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් මහත්තයා!

      Delete
  10. වෙළද සේවයේ සෙනසුරාදා 12.45 ට ප්‍රචාරණය උනා විනාඩි 15 බයිලා වැඩසටහනක්...මම නොවරදවාම වගේ අහපු එකක්...ඒ කාලේ ගුවන් විදුලියේ වේග රිද්ම සංගීත වැඩසටහනකට තිබ්බේ ඒක විතරයි...

    ඒවගේම ජිප්සීස්ලා සල්ලි ගෙවලා කරපු විනාඩි15 ක වැඩ සටහනක් තිබ්බා. ඒකෙනම් ගියේ ජිප්සීස්ලගෙ සින්දු වල කෑලි විතරයි...

    අම්බිගා ගීතයෙන් ගීතය....

    ලලිත් එස් මෛත්‍රීපාල මෙහෙයවපු ඔව් නෑ බෑ වැඩසටහන... එකල මගේ ප්‍රියතම වැඩසටහන්...

    ReplyDelete
    Replies
    1. මගේ මතකය නිවැරදි නම් බයිලා වැඩසටහන ගියේ දහවල් 12.00 ට හෝ 12.15ට පමණ. මොකද 12.45ට ගියේ දහවල් ප්‍රවෘථි වගේ තමයි මතක!
      ඔව්! නෑ!! බෑ!!! වැඩසටහන මෙහෙයූවේ ආරියදාස පීරිස් මහත්තයා නොවේද? (මටත් ශුවර් නෑ!) තව තිබුනා "පුළුවන්නම් දිනාගන්න!" කියලා වැඩසටහනකුත්. ඒත් සුපිරිම පැන විසඳුම් වැඩසටහන; සෙනසුරාදා හෝ ඉරිදා පෙරවරුවේ ප්‍රචාරය වූවා "ඕවල්ටීන් පැන පොඩි" කියලා වැඩ සටහනක්. මතකද?

      මෙවන් වැඩසටහන් පිළිබඳව ලොකු විස්තරයක් මගේ https://thattayagekolama.blogspot.com/2021/10/219.html පෝස්ටුවේ ලියා ඇත! ගිහින් බලන්න.
      ස්තූතියි!

      Delete
  11. රෙන්ඩු බෑන්ඩ් සිරුල් කදිර් සුසුකි රේඩියෝ
    සු.සූ ..කී ට්‍රාන්සිස්ටර් රේඩියෝ
    සිරුල් කදීර් කොම්පැනි
    කොලොම්බු පදිනෝරු
    ටිං ටුං!!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඉලංගෙයි ඔලිවරුට්ටු කූට්ටු තාවරම් - තාමච්චි වීරංගෙයි!
      නේරම් ඉරන්ඩිමනී.

      කාන මයිලාඩක් මදික කෝලි මදිග වප්පාර් වෙල්ලාරච්චිගෙයි කෙට්ට කවි වාග් උන්ඩාම්! තට්ටයා

      Delete
    2. ඉලංගෙයි ඔලිවරුට්ටු කූට්ටු තාවරම් - තාමච්චි වීරංගෙයි!
      නේරම් ඉරන්ඩිමනී.

      කාන මයිලාඩක් මදික කෝලි මදිග වප්පාර් වෙල්ලාරච්චිගෙයි කෙට්ට කවි වාග් උන්ඩාම්! තට්ටයා

      Delete
  12. බොහොමත්ම ස්තුතියි තට්ටයා මහත්තයෝ, ගිලිහිලා යන මතකය අලුත් කරනවාට.... මේ වෙලඳ දැන්වීම් වලට අමතරව, අධිකාරම් මහත්තයා කරපු වැඩසටහන්, නන්දදාස කෝදාගොඩ මහත්තයාගේ වෛද්‍ය වැඩසටහන් ප්‍රචාරය උනා මතකයි. තිබ්බොටුමුනුව මහත්තයාගේ කෘෂිකර්ම වැඩ සටහනකුත් ගියා. මේ වැඩසටහන් වල නම් ගැන මතක නැහැ. දහවල් දෙකට හින්දි ගී, අසන්නන්ගේ ඉල්ලීම් , නිවේදක තෝරයි...... මේවා මොන තරම් රස මතකයන්ද. අර චිත්‍රපටි කෑල්ලත් හරිම අපූරුයි. මිලිමීටර් 16 වාර්තා චිත්‍රපටයක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. - වීරසිරි බන්ඩාර -

      Delete
    2. ඔය පැරණි වැඩ සටහන් ගැන මම කලින් ලියලා තියෙනවා. පොඩිත්තක් ඒකටත් ගිහිං බලන්න වීරසිරි මහත්තයා මෙන්න මේකෙන්! https://thattayagekolama.blogspot.com/2021/10/219.html

      Delete
  13. අපි ඔය පරන ඒව දන්නෑ නොවැ. නවසිය අනූගනන් ඒවනම් ඔය ටිකක් මතකයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියමුකෝ දෙයියනේ ඔය මතක වලින් ටිකක් ගැන!

      Delete
  14. මම හිතන පරිදි ගුවන් විදුලියේ වැඩිම වෙළද දැන්විම් කළේ කටහඩ ගනනාවකින් කතාකරන්න පුලුවන් ගැමුණු විජේසුරිය වෙන්නැති.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ඔයා හරියට හරි වෙන්න ඕනි, අසංග.
      ගැමුණු විජේසූරිය මහත්තයා මුවන් පැලැස්සේ පිනා- වෙද මහත්තයා චරිත දෙක මැවූ අපූරුව! (වික්ටර් මිගෙල් මහත්තයත් එහෙමයි.)
      මට මතක හැටියට නම් 'ගීත කතන්දර' කියල විනාඩි 15ක වැඩ සටහනක් ගියා- වෙළෙඳ සේවයේ. ඒකෙ චරිත හය- හතක් එක එක හඬින් තනිවම ගයනා කළේ ගැමුණු!

      Delete
    2. මමත් හිතන්නේ අසංග නිවැරදියි කියලා.

      Delete
  15. 'මංගල මුදු මාල' ගීතය සෝනු නිගම් ඉන්දිය ගායකයක් නව ආරකට ගායනා කළා නෙව ලඟකදී.

    ReplyDelete
    Replies
    1. අනේ දන්නෑ මල්ලී ඒ සීන් එකනං!

      Delete
    2. රේඩියෝ ප්‍රසන්ටර්ස්ල වැටෙන්නෙ හඬ නලුවන් වරගයට නෙව.
      ඒත් මා බාල කාලෙ ඉඳන් මේ වෙනකම් අහම්බෙන් රේඩියොවෙන් ඇහෙන සමහරක් හඬවල් එක්ක හිතුනෙ... මුන්දලගෙ කටහඩ මට වැඩිය අන්ත වෙලත් කොහොම රේඩියෝවෙ ජොබ සෙට් කරගත්තද කියල හිටං 😁

      Delete
    3. අඩෝ ඒ උඹලගෙ කාලේ! ඒ කාලේ වික්ටර් මිගෙල්, ධර්මශ්‍රී මුණසිංහ, කරුණාරත්න අමරසිංහ, සමන් අතාවුදහෙට්ටි, පරාක්‍රම පෙරේරා, කරුණාරත්න හඳුවල, ගැමුණු විජේසූරිය, කුසුම් පීරිස්, විජේරත්න වරකාගොඩ, රම්‍යා වනිගසේකර, නීල් අලස්, මාලක මිහිර බණ්ඩාර, රෝහන සිරිවර්ධන, ලෙස්ලි රාමනායක, රත්නාවලී කැකුණවෙල, ආදී මෙකී නොකී කොතෙක් නම් හඬ පෞර්ෂ තිබුනාද?

      මේක නිමල් දිසානායක දැක්කානං උඹට හම්බෙයි මදි නොකියන්න!

      Delete
    4. දැක්කා දැක්කා!
      //මුන්දලගෙ කටහඩ මට වැඩිය අන්ත වෙලත්...//
      පැරැණි කියමනක් මතක් වුණා නමී ගොයියෝ. 'උනහපුලුවට උගේ පැටියා මැණිකක් වගේ!'

      Delete
  16. ආසාවෙන් කියෙව්වා . පැරණි රූපවාහිනී දැන්වීම් වගේම චිත්‍රපට කටවුට් ගැනත් ඉදිරියේදී ලියැවේවි කියල හිතනවා. ඔබ මතක අකුරු කරන විදිහ අපූරුයි. නොදැනීම අතීතයට යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අනුරුද්ධ එහෙම ලියන්න පුළුවන්නම් හොඳයි. ඔබ කීවා වාගේම චිත්‍රපට කටවුට්ස් හොඳ මාතෘකවක්. මට හිතෙනවා නිදි ඔය වැඩේට මට වඩා ඉහල හැකියාවක් ඇතැයි කියා. බලමු මේක දැකලා ලියයිද කියලා.
      බොහොමත්ම ස්තූතියි ආවාට; නැවතී දොඩමළු වූවාට!

      Delete
    2. අනේ තට්ටයා මහත්තයෝ, කටවුට් ගැන වැඩි දැනීමක් මට නැහැනෙ. කොටුව- පිටකොටුව- මරදාන- බොරැල්ල පැත්තේ මම වැඩියෙන් යැවුණේ 1966-70 අවුරුදු 4 විතරයිනෙ.

      Delete
    3. අවුලක් නෑ දන්න විදියට ලියන්න! අපිට බැරියෑ සපෝර්ට් එකක් දෙන්න!

      Delete
  17. ලංකා බැංකුවයි මේ ඔබේ
    වාසනා නිධානයයි ජාතියේ
    ලක් දනන්ගෙ පින් බලෙන් පහළ වූ
    කප් රුකයි සිත් දිනයි සුරබි දේනුවයි
    ජාතියේ මහ... දායාදයයි

    බජිරි ගොජිරි වෙල් මාරුක්
    බිලිගත්තා මගේ ගොයම

    පළිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේසමින් පරිහරණය කරන්න

    තව තිබුණා පළිබෝධනාශක ඇඩ් එකක්. ඒක මතක නැහැ. ලාදුරු ඇඩ් එකක්. ඒවා මතක නැහැ

    ReplyDelete
    Replies
    1. මට මිස් උනා ඒක! ඇයි "සුසිලා පාසැලට ගියේ අම්ම සේදු ඇඳුම් ඇඳන් . . "

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...