Monday, March 11, 2024

239. ලක්ෂිත සමග මගේ මතක!


පාසැලේ 8 පන්තියෙදී පමණ ඔහු ගැන මගේ හිතේ මතකයක් ඇත. අව්‍යාජ මෙන්ම ඉතා සුන්දර සිනහවක් ඔහුගේ මුහුණේ නොතිබූ මොහොතක් නොවීය!
දණ හිස දක්වාම හෝ ඊටත් පහලට මෙන් දික්වූ බම්බු කොට කලිසමකින් සැරසී දිගු අඩි තබමින් ඔහු පාසලට පැමිණි අන්දම මට අද මෙන් මතකය. ඔහුගේ දිගු දෙපා වලින් ජිරාෆ් ගමනින් පාසලේ කොරිඩෝර දිගේ ඇවිද ගියේ සුපුරුදු සිනහවින් මුව සරසාගෙන නොව පුරවාගෙනය! 

ඔහු පාසැලට ගෙන ආවේ; කාර්‍යාලවල CC මහත්වරු භාවිතා කල ආකාරයේ සම් මල්ලකි. බෑගයකි. එය කරේ එල්ලා ගත් එකක් නොව අතින් එල්ලා ගත් එකකි. ඔහු කිසිදා කිසිවෙකු සමග ගැටුමක් ඇති කරගත් අයෙකු නොවීය . ඔහු කිසිදා මට "මචං" කියා කතා කොට නොමැත. ඔහු අසභ්‍ය වදනක් කියනුද මා අසා නැත්තේ ඔහු මාගේ ළඟ මිතුරෙකු නොවූ නිසාද නැතිනම් ඔහු එසේ නොවුනු නිසාදැයි මා නොදනිමි. දැනට සිඩ්නි නුවර වෙසෙන ජෙහාන් පීරිස් මොඩලයේම එහෙත් ඔහුට වඩා මිත්‍රශීලී අයෙකු විය. 

පාසලේ අප; මම, නලීන්, SD, ශාන්ත ආදීන් මෙන් නොව ලක්ෂිතලා පාසැලට පැමිණියේ ඉගෙන ගැනීමටය! පාසැලෙන් ඉවත්වී වසර දහයකට පමණ පසුව ලක්ෂිතව මාහට හමුවන්නේ යුනයිටඩ් මෝටර්ස්; මාගේ රැකියා ස්ථානයේදීය. ඔහු ඒ වන විට විදුලිබල මණ්ඩලයේ සිරා පොරකි! ඔහුට එකල මණ්ඩලයෙන් ලබාදී තිබූ Mitsubishi Lancer EX රථයේ සුළු අළුත්වැඩියාවකට ඔහු පැමිණ සිටියේය! මම; ඔහු ලඟට ගොස් ඇමතූයෙමි! ලක්ෂිත සුපුරුදු සිනහවෙන් මා සමග බොහෝ වේලාවක් කථා කලේය.

දින දෙකකට පසුව ඔහුගෙන් මාහට වට්සැප් පණිවිඩයක් ලැබුනි. ඔහු ඉන්; අපගේ ආයතනයේ පාරිභෝගික සේවය ඒ තරම් ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම සඳහා අප; අපගේ සේවකයින් පුහුණුකල ආකාරය විමසා තිබුනි! 

තවත් වසර ගණනාවකට පසු; හක්බෙල්ලාවක මාගේ නෑදෑයකු කුඩා ව්‍යාපාරයක් පටන් ගන්නට ගොස් ඒ සඳහා විදුලිය ලභා ගැනීමට යාමේදී රුපියල් 69000 ක ඇස්තමේන්තුවක් ලැබී තිබුනි! එම ඇස්තමේන්තුව දෝෂ සහිත එකක් බව අපට වැටහුනි. මා ඒ පිළිබඳව ලක්ෂිතට දන්වා සහනයක් බලාපොරොත්තු උනෙමි. 

මේ ඔහුගෙන් මාහට විනාඩි කිහිපයකින් ලැබුණු පිළිතුරයි:-

 I phoned ES. He said he will again have a look and get back. I will keep you updated. 

ඔහු ඊට මොහොතකින් ක්‍රියාත්මක වී නැවත ඇස්තමේන්තුවක් සිදුකිරීමට අදාල ශාඛාව වන කරවනැල්ලෙන් පැමිණ නැවත තක්සේරුවක් සිදුකොට නැවුම් තක්සේරුවල් ලබා දීමට කටයුතු සැලසීය! නව තක්සේරුව රුපියල් 23000කි! 

එයට මා ස්තූති වන්ත වූ විට ඔහු ඊට පිළිතුරු දැක්වූයේ මෙලෙසය:- 

There will be a further clarification sought with his Area Engineer about whether CEB could bear costs for commercial customers (like your cousin) tomorrow. If it is domestic, it is very clear, CEB bear the cost. But since this is a commercial connection, there is a doubt. The previous practice of this Area has been this. But I am of the openion that for single phase, CEB still can bare cost. This will be further clarified tomorrow and they will let me know. Pls give me time. (I spoke to ES in the evening too). 

මෙයට මා ස්තූතිවන්ත වූ විට ඔහු ප්‍රථිචාර දැක්වූ හැටි බලන්න! :- 

Your matter has been resolved. I guess your cousin has been already informed. He only needs to pay a much lower estimate now. Apologise for the confusion from CEB end. 

ඔහුගේ සිනහවේ තිබූ අව්‍යාජත්වය, නිහතමාණී බව ඔහුගේ ක්‍රියාවන් තුලදීද දක්නට ලැබුණු බවට මීට වඩා තවත් නිදසුන් කුමටද? ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මහත්මයෙකු" විය! 

පසු කලෙක ඔහුගෙන් මාහට ඇමතුමක් ලැබුනේය! ඔහු ඉතාමත් බැගෑපත්ව මගෙන් උදව්වක් ඉල්ලීය! "මගේ මල්ලිලා; කෝට්ටේ පුරාවිද්‍යා වටිනාකම් අධ්‍යනය ගැන වැඩ වගයක් කරණවා. ඒකට එයාලට Blog එකක් හදාගෙන සමාජය දනුවත් කරණ්න ඕනලු! අනේ ඔයාට පුළුවන්ද පොඩ්ඩක් උදව් කරණ්න!" මට කියන්නට වදන් නොමැත! "ඔයාට උදව්වක් කරණ්න ලැබීමම මගෙ වාසනාවක්!" මමත් ලක්ෂිතගේ මල්ලීත් කතා බස් කොට බ්ලොගය සැකසුවෝය! මා ඔවුන් ගෙන් ලැබන විස්තර වලට අනුව බ්ලොගය ලියන්නට පටන් ගත්‍තේය. එය අදටත් අවකාශයේ ඇත; යාවත් කාලීන නොවුනත්! මෙන්න එය:- https://kottesandheshaya.blogspot.com/?m=1 

එහි නම කෝට්ටේ සන්දේශය විය. මෙතැනින් ගොඩවී බලන්න.

පසු කලෙක අවස්ථාවක හෝ දෙකකදී මා පාසලේ වට්සැප් සමූහයෙන් වට්සැප් සමූහයෙන් ඉවත්වූ විටෙක ඔහු ඒ පිළිබඳව මගෙන් විමසා සිටියේය! 

Manjula, why did you left? I enjoyed your posts very much.

 මම ඊට පිළිතුරු ලෙස ලියා යැව්වේ "එය අතපසුවීමක් ලෙසය!" ඔහු ඊට ප්‍රථිචාර දැක්වූයේ මෙසේය!

 May I ask Dabare to add you? 

සිසිර සමන්ත දාබරේ යනු අපගේ වට්සැප් සමූහයේ ඇඩ්මින් වරයාය.

ඔහු එතරම් ලෙංගතු මිතුරෙකුව සිටියේය! 

අවසාන වතාවට ඔහු මාවෙත් ලියා තිබූයේ පසුගිය වසරේ නොවැම්බර් 28 වෙනිදාය! 

එදින ඔහු මගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂී ඉදව්වකි! 

Do you have the contact number (email, WhatsApp) of Dr Shantha Jayarathna, former SLIDA officer who writes in Social Media? 

මෙයට පහලින් ඔහු අමුණා එවා තිබුනු ශාන්ත ජයරත්න විසින් ලියන ලද උදෘතයක පිංතූරයේ වූ වගන්තිය මා මෙහි ලියා දක්වන්නම්. (එය මෙයට ඒ සැටියෙන්ම ඇටුළු කිරීමට නොහැකි බැවින්!)

". . . . වැලිකඩ මහ උළු ගෙදර ගාල් කල යුතුය. ජනතාවගෙන් පැහැර ගත් සියළු වත්කම් නැවත ජනතාවට ලභාදිය යුතුය. ඒ සඳහා අවස්ථාවක් අපට නුදුරේම ලැබෙනු ඇත. එහිදී නිවැරදි තීරණයක් ගැනීමට අප අදිටන් කර ගනිමු.

ශාන්ත ජයරත්න 

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක. 

31.10.2013"

මා හැකි ඉක්මණින් ජගත් බණ්ඩාරගේ කණිෂ්ඨ සොහොයුරාගෙන්; ශාන්ත ජයරත්නගේ අංකය සොයාගෙන ඔහුට ලැබෙන්න සැලැස්සූවෙමි! ඔහු ඊට ස්තූතිවන්තවී තිබුනි! 

Thank you very much. One of the few guys who can see through the current issue. 

අපගේ ආදරණීය මාතෲ භූමිය කෙලෙසන එවුන් පිළිබඳ පැහැදිලි විරෝධයක් ඔහුට තිබෙන බව මා හට ඒත්තු ගියේ එවිටය! පාසැලේදී ඔහු පෙන්වූ අවංක මුහුණ ඔහුගේ හදවතින් තවමත් ගිලිහී නොතිනෙන බවත් මාහට වැටහුනි!

ඉන් පසුව ඔහු පිළිබඳව ආරංචියක් ලැබුනේ පෙරේදා එනම් 09/03/2024 දිනය! 

ඒ ලක්ෂිත සොයුරා හෘදයාබාදයක් කරණ කොටගෙන; පලමුව ආසිරි සර්ජිකල් රෝහලටත් දෙවනුව ජාතික රෝහලටත් තුලු කල බවය. 

ජාතික රෝහලේ හෘද රෝග අංශයේම සේවය කරන මාගේ නෑනාගෙන් මා ලක්ෂිත පිළිබඳව විමසූ අතර ඇ‍ය කියා සිටියේ එදිනම දහවල් 1.00 වන විට ඔහුව ශල්‍යකර්මයකට භාජනය කරණා බවයි.

ඔහුගේ ශල්‍ය වෛද්‍ය වරයා වන්නේද අපගේ ආදරණීය නාලන්දාවේ ආදී ශිෂ්‍යයෙකුම වන බවත් ය! 

ඔහු ලක්ෂිතගේ මවගේ ශිෂ්‍යයෙකු වීම ඊට සෘජු හේතුව වූ බවද සැල විය.

වට්සැප් සමූහයේ ඔහු පිළිබඳ පුවත පලවූ වහාම "මගේ රුධිර ඝනය O Negative!" යනුවෙන් ඊට ප්‍රථිචාර දැක්වූ අතර ඉන් පසුව බොහෝ සොහොයුරන් තම තමන්ගේ රුධිර ඝනයන් එහි දක්වා තිබුනු අතර එදිනම සවස ගංගාරාමයේ බෝධි පූජා පිංකමක් සහභාගී කොට තිබුනි.

09/03/2024 දින දවල් 1.00ට පටන් ගෙන තිබුනු ශල්‍යකර්මය අවසන්වී තිබුනේ පසුවව්දා එනම් 10/03/2024 පාන්දර 5.00 ට පමණ!

ඔහුගේ හෘදයේ සිට රුධිරය ශරීරය පුරා ගැලීම ඇරඹෙණ පුප්පුශීය ධමණියේ පැල්මක් තිබී එය සැකසූ බවක් අසන්නට ලැබුනි.

10/03/2024 දිනය පුරා අසන්නට ලැබුණු ආරංචි එතරම් සුභ ඒවා නොවීය!

එදින සවස තවත් බෝධි පූජාවක් බෙල්ලන්විල විහාරස්ථානයේ සිදුකිරීමට 85 සහෝදරත්වය කටයුතු යොදා තිබුනි. 

භෞතිකවාදියෙකු වූ මා ඊට සහභාගී නොවීමි!

ඒ වෙනුවට හවස් වරුවේ සිට ලක්ෂිත වෙත ලබා දීමට රට පුරා සොයමින් සිටි එන්නත් සොයා ගන්නට උපරිම වෙහෙසක් ගත්තෙමි.

මාගේ හිතාදර මිත්‍ර කඩවත පුරසඳ ෆාමසියේ සුසන්තගෙන් හා හෘදරෝග අංශයේම වෛද්‍යවරියකවූ; මා පෙර සඳහන් කල නෑනාගෙන්ද ඒ පිළිබඳව සොයා බැලූ අතර එය සොයා ගැනීමට අපහසු විය! (පසුව හෝ එම එන්නත සොයා ගත්තේදැයි මා මෙය ලියන මොහොතේ නොදනිමි!)

සෑම පැයකදීම අපට අසන්නට ලැබුනේ ලක්ෂිත පිළිබඳ බලාපොරොත්තු කඩවන ආරංචිම වීම කෙතරම් අභාග්‍යයක්ද?

සැත්කමට පසු ලක්ෂිතගේ රුධිර පීඩනය ප්‍රසස්ථ මට්ටමට නොපැමිණීම මීට හේතුව විය. එතැන් සිට සිදුවූ සියල්ල අප දනිමු! 

මා සැමදා පවසන ලෙසම "සිතුවිල්ලකට තණ පතක් හෝ සෙළවිය නොහැක!" යන්න ප්‍රථ්‍යක්ශ කරමින්; අප සමූහයේ (මා සහ තවත් අතලොස්සක් හැර) බොහෝ දෙනාගේ ප්‍රාර්ථනා සැහැල්ලු කරමින් ලක්ෂිත; 10/03/2024 දින එනම් ඊයේ රාත්‍රීයේ  අප අතරින් ඈත්විය. 

එම අවසනාවන්ත පුවත මා අපගේ සොයුරු සිසිර දාබරේට තහවුරු කරණ මොහොතේ මා සිටියේ බොරැල්ලේ ජයරත්න Respect හී තවත් අවස්ථාවකට සහභාගී වෙමින් ය. පණිවිඩය ලද සැණින් මා බිරිඳ සමග කඩවත ඒම පසෙකලා කොළඹ ජාතික රෝහල දෙසට වහනය ධාවනය කලෙමි!

"ඔයාට ගියා කියලා දැන් body එක බලන්න නම් වෙන එකක් නෑ!" බිරිඳ මා අමතා කීවාය. 

"මම ඒක දන්නවා! ඒත් මට එතැනින් යන්නෝන . . . . . !" බිරිඳ නිහඬ විය. 

මා බොරැල්ලේ සිට කින්සි පාර ඔස්සේ හෘද රෝග අංශය අසලින් සෙමෙන් ධාවනය කලෙමි. ඒවන විට රාත්‍රී 11.00 කණිසම අසල වූ අතර මුළු කින්සින් පාර ලක්ෂිතගේ වියෝවට නිහඬවී සිටියේය.  උස් තාල වර්ගයේ ගස් පෙල අතු නොසෙල්වා සිටියෝය!

මා එතැනින් ද සොයිසා කාන්තා රෝහල පසු කොට හෘදරෝග අංශය ඉදිරියේ සුළු පමාවකින් නැවත ගමන් ඇරඹීය!

අවසාන මොහොතේ මා සිසිර දාබරේ අමතා පැවසුවේත් ඔහු මා හා එකඟවූ කරුණකි "අපිට කරණ්න දෙයක් නෑනේ මචං! මොකද හෘදය වස්තුවක් දෙන්න කියලද?" 

එක එහෙම උනත් ලක්ෂිත; මේ මම ඔයාට පිලිගන්වන්නේ මගේ හෘදය! 

හෘද සාක්ෂිය!! 

ආයුබෝවන් මිත්‍රයා! 

අඩියෝස් අමීගෝ!! 


ලක්ෂිතට කරණා ගරු කිරීමක් ලෙසටවත් අප; අපගේ ජීවිත පිළිබඳව වඩාත් සැළකිලිමත් වෙමු! එය; රැල්ලට "නිවන් පැතීමට" වඩා අර්ථවත් දෙයක් වේවි!

මේ ලියන මොහොතේ මාගේ හිතාදර නාලන්දීය සොයුරු චින්තක කුඩලිගම කතා කලේය.

"මචං අපි ඒ කාලේ ඔය විජයබා කොල්ලය වගේ පොත් කියවන කොට ඕකා ඇවිත් ඔය ෆේමස් ෆයිව්, ඉනිඩ් බ්ලයිටන්ගේ පොත්  එහෙම දීලා 'මේවාත් කියවලා බලන්න' කියලා දුන්නු එකෙක්!"

"ඇත්තට මචං අපි එච්චර මූට ආදරේ කරලනේ!" ඔහු බිඳුණු ස්වරයෙන් පැවසීය.

"ඔව් බං අපි මූට මෙච්චරම ආදරේ කරලා!"


(මෙය අප පාසලේ වට්සැප් සමූහයට මා ලියනා ලද ලිපියක් වන අතර මෙහි සමහර කරුණු ඔබට තේරුම් ගැනීමට අපහසු විය හැකිය! සමාවී එය නොසලකා අරින්න.)

39 comments:

  1. ලක්ෂිත පිළිබඳ සැබෑ කියවීමක්. මගේ දැනීමේ හැටියට ඔහු තරම් බෞද්ධ දර්ශනය ගැන අවබෝධයක් තිබූ කෙනෙක් මගේ මිතුරන් අතර නැත.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිසිර සමන්ත දාබරේ මිත්‍රයා! - තට්ටයාගේ කොලම

      Delete
    2. සුබ ගමන් ලක්ෂිත,
      විජේබාහු

      Delete
    3. ස්තූතියි විජේභාහු මහත්තයා!

      Delete
  2. සංවේදී සටහනක්.
    ඔබගේ මිතුරාට සුබ ගමන් පතමි.

    ReplyDelete
  3. Very sad situation brother and Thanks for your update.

    ReplyDelete
  4. ගුන ගරුක ආචාරශීලී මිනිසුන් ඉතාම විරල අපේ රටේ ඔබේ මා කිසිදා මුන නොගැසුනු මිතුරාගේ වියෝව වෙනුවෙන් මගේ හර්දයන්ගම ශෝකය පිලිගන්න.දිනෙන් දින පිරිහෙන අප රටට සැබෑ මිනිසුන් වඩ වඩාත් අවශ්‍ය මොහොතක ඔහුගේ නික්ම යාම දරාගත නොහැකි පාඩුවක්.ඔබත් මමත් විශ්වාස කලත් නොකලත් යහපත් මිනිසුන් කොහේදී හෝ නැවත මුන ගැසෙන තැනක් තිබේ නම් නිසැකවම අපට ඔහු එහිදී මුන ගැසේවි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් මහත්තයා!

      Delete
  5. හිත හොද මිනිසුන් දුර්ලභයි....ඔබේ මිතුරා එවන් දුරලභ මතකයන් ඉතිරි කර යන අයෙක් කියලා හිතුනා..

    ReplyDelete
  6. +++++++++++++++💐
    ඔබගේ මිතුරාට සුබ ගමන්!

    ReplyDelete
  7. හොඳ මිනිසුන් දුර්ලභයි. එවන් අය දිගු කල් ජීවත්වීම ද දුර්ලභයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම!

      Delete
  8. ලක්ෂිත පාසැල් කාලයෙන් පසු ඔහු Ananda Vs Nalanda මහ තරගය බැලිමට වසර කිහිපයක්ම පැමිණියා , ඒ අවස්ථා වල අපේ 85 කණ්ඩායම මෙ ආකරයෙන් වෙනම කූටි සංවිධානය නොකරපු කාලයක්..
    ඒ කාලේ අපි දෙන්නා ලග වාඩිවෙලා තරගය ගැන වැඩි අවදානයෙන් බැලුවා, සාකච්ඡා කරා .......ඊට පසු ඔහු මාහට හමු වූනේ නෑ...
    සුභ ගමන් මචං

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නෑ මේ කවුද ලියන්නේ කියා! ඒත් අපේ ආදරණීය මිත්‍රයෙකු වෙන්නෝන!

      Delete
  9. හයියෝ, මිතුරාට නිවන්සුව ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්! අද 11/3/2004. වේලාව 16.25යි. දැන් මට ආවා පුරසඳ ෆාමසියේ සුසන්තගෙන් කෝල් එකක්.
      "අයියේ බෙහෙත තියෙනවා පන්දාස් ගානක් වෙන්නේ. බම්බලපිටියේ යුනි කෙමිස්ට් එකේ!"
      මොනවා කියන්නද බං ඉතිං!?

      Delete
    2. Kalin Bambalapitiye baluwe nadda?

      Delete
    3. එදා ඒක වහලා! ඉරිදා නිසා!

      Delete
  10. සමබර , හද සසල කරවන සටහනක් .

    ReplyDelete
  11. හොඳ මිනිස්සු ඉක්මනින් යනවා. ඒ මේ ලෝකය එයාලාට ඉන්න සුදුසු තැනක් නොවෙන නිසා වෙන්න ඇති. ඔබගේ හිතවතාට සුභ ගමනක් පතමි....
    - වීරසිරි බන්ඩාර -

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!ඔව් වීරසිරි මහත්තයා ඔහු හොඳ මිනිහෙක්!

      Delete
  12. ඔහුට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  13. සුඛාන්තයකින් ඉවර වෙන අදහසින් මුල් ටික ආසාවෙන් කියවන් ආවෙ. මොනා කරන්නද... දුක්බර අවසානයක්!

    ඔහුට සුබ ගමන් පතනව 🙏

    ReplyDelete
  14. ඒක නම් කියවලා ඉවර වෙද්දී ඇඬුනා. ඊට වඩා කියන්න දෙයක් අමාරුයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරිම හද සසල කල වෙන්වීමක්!

      Delete
  15. Emerald WijesingheMarch 15, 2024 at 1:19 PM

    Dear Lakshitha,

    I’m finding it hard to believe I’m writing this to you. There’s so much I wish I could say in person, so much I wish we could still share. Remember the time we played cricket in our back garden, It’s moments like those I find myself returning to, moments that remind me of the incredible friend and neighbour you’ve always been.

    You’ve left an indelible mark on my life, teaching me the true meaning of friendship and kindness. I’m so grateful for every second we shared, for every laugh, every adventure, and even every challenge we faced together. You’ve made me a better person, and I only hope I told you that enough.
    As I say goodbye, I want you to know how deeply you are missed and how fondly you are remembered. Though you’re no longer here with us, your spirit lives on in the hearts of everyone who had the privilege of knowing you.

    Rest in peace, my dear friend. Until we meet again.

    With all my love,

    Emerald Wijesinghe


    ReplyDelete
  16. නන්නාඳුනන මහතෙකුගේ වියෝගය
    සසල කළා හද - තාමත් සෝබරය
    හොඳ මිනිසුන්ගෙ ආයුෂ කොහොමත් කොටය
    ලක්ෂිත මැතිඳ, හිමි වේවා - අම සුවය!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...