Saturday, January 27, 2024

235. අරුත් සුන් අර්ථ කතන


ලියන්නට පටන් ගත් ලිපි 20 කට වඩා තිබුනත් මේ ගැන ලියන්නට ඕනෑ කියා සිතුනි.

මේ ලිපියේ බොහෝ කරුණු මට සාපේක්ෂ හා මට සිතෙන පරිදි විනා බොහෝ කාරණා කාරණා සඳහා මූලාශ්‍ර සොයා වෙහෙස නොවන මෙන් මෙයින් බය පක්ෂපාතව ඉල්ලා සිටිමි.

මෙම පෝස්ටුව ලියන්නට මූල බීජ සැපයුනේ මහා බිරිතානියේ සිට බ්ලොග් ලියන අජිත් ධම්මගේ ආසන්නයේ ලියන ලද ලිපියකි. ඒ ලිපියෙන් සාක්ච්ඡාවූයේ; බිරිඳ විසින් සැමියා හට කෑම බෙදා දිය යුතුද නැද්ද සහ ඒ පිළිබඳව කථිකාවක්ය. මේ පිළිබඳව සැපයෙන කමෙන්ටුද ලිපියද කියවා බැලූ විට මාහට සිතුනේ එවන් සිදුවීමක් කෙතරම් දුරකට සත්‍ය ලෙස හෝ ප්‍රබන්ධ නො එසේ නම් හිතළු සේ ගොඩ නැංවිය හැකිදැයි කියාය.

මේ ගැන හිතන විට මතක් වෙන සුපිරි කථාවක් වෙයි. එය හැකි පමණ සභ්‍ය ලෙස ලියන්නට මා උත්සාහ කරණ්නම්.

දිනක් කුඩා පාරක සිරිපාල හට වේලාව දැනගැනීමේ අවශ්‍යතාවයක් ඇති විය.

තමා අත ඔරලෝසුවක් නොමැති හෙයින් ඔරලෝසුවක් ඇති අයෙකු සොයමින් වට පිට බලනා කල අසල ගසක් යට තම බර කරත්තය නවත්වා ඒ යට එල්ලා ඇති ගෝනි පඩංගුවේ හාන්සිවී සිටිනා කරත්ත කරුවෙකු දුටුවේය.

"මේ මනුස්සයා ලඟවත් ඔරලෝසුවක් තිබේදෝ"යි සිතා ඔහු වෙත නැඹුරු වී "මේ ලොකු උන්නැහැ වෙලාව කීයද දන්නෑ!? නේද?" යි විමසීය.

"වෙලාවද?" ආපසු මදක් හැරුණු කරත්ත කරු තමා අසල වූ; ගොණුන් දක්කන කෙවිටෙන් එක් ගොණෙකුගේ වලිගය පැත්තකට කර "12.20 යි" කියා පැවසීය!

මේ කාරණය හොඳින් බලා එය ගණනකට නොගත් සිරිපාල තවත් පියවර කිහිපයක් ඉදිරියට යත්ම සයිකලයක් පැදගෙන ආ අයෙක් මුණ ගැසුනි.

වේලාව සැක හැර දැන ගැනීමට අවශ්‍ය වූ සිරිපාල ඔහුගෙන්ද වේලාව විමසීය.

"12.21 යි!" සයිකල් කරුවා පවසද්දී මගියාට තරු පෙණුනි.

"අප්පට සිරි අර යකා කොහොමද අර විදියට වෙලාව කිව්වේ!? අපේ ගෙදර ගොන්නු කීයක් නම් ඉන්නවාද? මේ සාස්තරේ දැන ගත්තොත්නං ආයේ ගෙදරට කවදාවත්ම වේලාව බලන්න ඔරලෝසුවක් නං ඕන වෙන්නේ නෑ!" යි සිතූ සිරිපාල තව කිලෝ මීටර භාගයක් පමණ ඉදිරියට ගමන් ගනිද්දී ඉදිරියට යාමේදී හමුවූයේ මෝටර් සයිකලයක් පැදගෙන ආ තමාගේ මිත්‍රයෙකි.

"මචං වෙලාව කීයද?" සයිකලය තමා අසල නවත්වනවා සමගම ඔහු ඇසීය!

"12.35 යි!"

"මචං මාව පොඩ්ඩක් උඹ යන පැත්තට දාපං කෝ!" කියා සයිකලයේ එල්ලුනු සිරිපාල නැවත කරත්තය නවතා ඇති තැනට පැමිණියේය!

"මචං වෙලාව කියපංකෝ පොඩ්ඩක්! ඔහු සයිකලයෙන් බසින ගමන් මිත්‍රයාගෙන් ඇසීය!"

"ඇයි බං මං ඉස්සෙල්ලා කිව්වේ! 12.42 යි!"

"හරි! උඹ පලයං මම එන්නං!" කී මගියා නැවත කරත්ත කරුට ළඟා වී "ලොකු උන්නැහැ වෙලාව පොඩ්ඩක් බලලා කිව්වානං!" කීවේය.

නැවතත් පෙර පරිදීම කෙවිටෙන් ගොනුගේ වලිගය පැත්තකට කල ගැල් කරු 12.43යි!" කියා ටක්කෙටම වේලාව කිව්වේය.

සිරිපාල මහත් පුදුමයට පත්ව ගැල් කරු ළඟ ඇන තබාගෙන කථාව පටන් ගත්තේය!

"අනේ ලොකු උන්නැහැ අපේ පරම් පරා ගනනාවක්ම ගෙදර හරක් හිටියා! හොඳ පට්ටි ගොන්නු, එළදෙන්නු, කිරි හරක්, මීහරක්, නාම්බෝ නොහිටිය එකෙක් නෑ! අපේ අත්ත මුත්තාගේ ඉන්නදන්ම ගේ වටේම හරක්! ඒත් අපි කවුරුවත් දන්නෑ නොවැ; ලොකු උන්නැහැ වගේ ගොන්නුන්ගේ වලිගය එහා මෙහා කොරලා වෙලාව කියන්න!"

"මොන පිස්සුද ඕයි! එහෙම සෑස්තරයක් නෑ. අර ඈත පේන ඔරලෝසු කනුව මේකගෙ මේ වලිගෙන් වැහිලා නොවැ තියෙන්නේ! මම කෙවිටෙන්  වලිගෙ මෙහා කොරන්නේ කනුව පෙනෙන්න!" ගැල් කරු පහදා දුන්නේය!

කථාවට තවත් ලුණු ඇඹුල් ඕනෑ අයට; ගොනාගේ වලිගය වෙනුවට; වෙනත්  ඕනෑම සරීරාංගයක් යොදාගෙන රහ බැලුවාට අපේ තරහක් නොමැත. (මම කිව්වේ ඇත්ත කථාව!)

මේ විදියට කොහේ හෝ කවුරුන් හෝ කවදා හෝ කරණු කියනු ලැබූ දේකට විවිධ අර්ථ කතන දීමට අපි බොහෝ දස්සය. ඒ තමාගේ වටහා ගැණීමේ ශක්ති ප්‍රමාණයෙන්ය.

"සඳකඩපහනක කැටයම් ඔපලා!" යනු; ලාංකීය ගීත සාහිත්‍යයේ සුවිශේෂී ගීතයකි. මෙම ගීතය කුළුඳුලේ  සෑදූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගෙ "මාතර ආච්චි" චිත්‍රපටයේ ගීතයකි. මෙහි සංගීතය වික්ටර් රත්නායකගේ වන අතර ඒ ඔහුගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් සංගීතය වනාතරතුර සුනිල් එදිරිසිංහගේ ප්‍රථම චිත්‍රපට ගීතය හා එය රචනා කල වොලී නානායක්කාරගේ ප්‍රථම හා එකම ගී පද නිර්මාණයයි!

චිත්‍රපට කථාව තුල බලවතකු තම හැකියාව යොදවා තරුණියක් තම වසඟයට ගැනීමට උත්සාහ කිරීම හා ඇයට සැබෑ ලෙසම ආදරය කරණා තරුණයා ඒ පිළිබඳව දුකින් පසුවීමේ පුවත ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේශණය කිරීම සඳහා මෙම ගීතය යොදා ගනී. 

සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී


දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කලුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ
තවකෙක් ඈ වෙත හද රැන්දූ


සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී


හද විල ඉපැදුනු කැකුලක් නොතලති නටුවෙන් ගලවා දුරට යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක් සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා
පොපියන හදවත සිටී බලා සිටී බලා

විප්‍රයෝගය පිළිබඳව ගැයෙන මේ ගීතය අපගේ ගීත සාහිත්‍යයේ කිසියම් කඩයිම් ලකුණක් ලෙස ගත හැක. ඒ මන්ද එතෙක් සරල ශාස්ත්‍රීය ගී යැයූ අමරදේව කුලකයේ ගායකයෙකු ලෙස සුනිල්ගේ කළ එළි මංගල්‍යය ලෙස මේ ගීතය ගත හැකි වනු නිසාය. 

එහෙත් මෑතකදී මෙම ගීතයට නව අර්ථ කථනයක් සපයන අයෙකු; මෙම ගීතය "අභිසරු ලියක" විසින් ඇයගේ චර්යාවන් හා විඳින ගැහැට පිළිබඳව ගැයෙන ගීතයක් ලෙස යූ ටියුබය තුලින් ප්‍රකාශ කර සිටියි.

තමාගේ යූ ටියුබ් නාලිකාවේ නැරඹුම් ගණන වැඩි කර ගැනීම සඳහා ඕනෑම තක්කඩි වැඩක් කිරී මට මැලි නොවන මෙවන් තක්කඩීන්ගේ අදහස් හිස මුදුණින් පිළිගන්නා හා එය තව තවත් සමාජ ගත කිරීමට; සිතා හෝ නොසිතා උල්පන්දම් දෙන අය ගැන කල හැක්කක් නොමැත!

මේ ගීතය සම්බන්ධයෙන් දී ඇති සැබෑ විචාරය. මෙතැනින් රස විඳින්න. 

ගීතයක සැබෑ අරුත නමින් බ්ලොග් අඩවියක් පවතී. එයට ලිපියක් සපයන; කොට්ටාවේ සමිත නම් වූ යතිවරයෙක් මෙම ගීතයේ අර්ථය; චිත්‍රපටයේ කථාවට සමගාමීව ගලා යන ආකාරය දක්වයි.

එම පෝස්ටුවට යටින් කමෙන් වැලකි. ඔබම කියවා බලන්න! චිත්‍රපටයකට පසුබිම් ගීතයක් ගැයෙන්නේ එහි රූප රාමුවලට යානොහැකි ඉමකට ප්‍රෙක්ෂකයා ගෙන යාමට වුවත් එය චිත්‍රපටයේ අන්තර්ගතයට එකඟව ඊට සමාන්ත්‍රව ගලා යා යුතුමය. මෙම බ්ලොග් අඩවියට ගොඩ වී බලන්න. යූ ටියුබ් තක්කඩින් විසින් ජන මනස කෙතරම් දුරකට විනාශ කොට ඇත්දැයි ඔබටම සිතා ගත හැක.

ගීතයක සැබෑ අරුත බ්ලොග් අඩවියට මෙතැනින් පිවිසෙන්න.

වරක් මා මේ ගීතයත් අමරදේවයන්ගේ "වක්කඩ ළඟ දිය වැටෙන තාලයට" ගීතය පිළිබඳවත් ප්‍රවීන ගීත රචක සහ ගීත විචාරක ධම්මික බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ; වොලී නානායක්කාර අවසන් කාලයේ ජීවත්වූ නිකවැරටියේ නිවසට ගොස් ඔහුව තමා මුණ ගැසී ඇති බවත් එහිදීද වොලී තම ගීතයේ අන්තර්ගත අර්ථය චිත්‍රපටයේ කථාවට සමාන්තරව දිවෙනසේ පබැදූ බව ප්‍රකාශ කල බව ය!

ඊනියා විචාරක තක්කඩීන් විනාස කරණ ඊළඟ ගීතය අමරදේවයන්ගේ "වක්කඩ ළඟ දිය වැටෙන තාලයට" ගීතයයි. මහගම සේකරයින්ගේ මිහිරි ගී පදමාලාවට මේ විචාරකයින් නවා කරකවා තබන්නේ ගායකයාගේ බිරිඳගේ ආර්ථව චක්‍රය මතයි!

පෙර කී ලෙස ධම්මික බණ්ඩාර මහතාගෙන් මේ ගීතය පිළිබඳව මාකල විමසීමේදී ඔහු පැවසුවේ සේකරගේ කිසිදු ගී පබැදුමක එවන් අදහසක් හෝ ඊට ආසන්න නැඹුරු තාවයක් දක්වන නිර්මාණයක් දක්නට නොලැබෙන බවයය.

එසේම ඔහු වැඩිදුරටත් පැවසූවේ

 "පුංචි බලු රාලේ - මම ගෙදර නැති වේලේ

කවුද මගෙ බෝලේ - පෙරල පෙරලා හිටියෙ මිදුලේ" 

කවියටත්; හිමි ගෙදර නොමැති වේලාවක අනියම් සැමියාගේ නිවසට පැමිණීම පිළිබඳව ලියැවුනු එකක්  ලෙස අලුත් අර්ථ කතනයක් දිය හැකි බවයි!

ඒ ගීත විචාරය පිළිබඳවයි. ගීත පමණක් නොව ඕනෑම කලා කෘථියක් සම්බන්ධයෙන් මෙවැනි අරුත් සැපයීම් දැකිය හැක. ජෝර්ජ් බර්නාඩ් ෂෝ ලක්දිවට පැමිණි මොහොතේ එක් හිමිදිරි උදෑසනක ඔහු හමුවීමට ගිය පුවත් පත් වාර්ථා කරුවෙකු ෂෝ ගෙන් මෙසේ ඇසීය.

"ඔබ තුමා මේ මොහොතේ කල්පණා කරමින් ඉන්නේ කුමක් ගැනද?"

"උදෙ කෑමට බිත්තරයක් තම්බලා නකවද බැදලා කනවද කියලා!" ෂෝ ගත් කටටම පැවසීය.

බොහෝ කලා කෘථීන් හෝ වේවා වෙනයම් පාරම්පරික සිරිත් විරිත්, හුරු පුරුදු කම් වල මූලාශ්‍රය ඉතා සරළ එකක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති අතර ඒවාට දැන් සැපයෙන අර්ථ කතන දුටු විට පුදුම සහගතය!

කලක සිට; ශුභ කටයුත්තක් කිරීමට පෙර කිරි ඉතිරවීමේ පුරුද්දක් ඇත. මේ සඳහා අප්පා මුත්තා කාලේ සිට භාවිතා කලේ "එළ කිරි" ය. මෙම කිරි ඉතිරවීමේ පුරුද්ද මෙන්ම ඒ සඳහා එළ කිරි යොදා ගැනීම යන කාරණාව; අනෙක් බොහෝ පුරුදු සිරිත් පැමිණි ලෙසම ඉන්දියාවෙන් ලැබුනු එකක් විය යුතුය!

මීට කලකට පෙර මෙරට පණ්ඩිතයින් මීට වෙනත් අර්ථ කථනයක් සැපයීය. 

"කිරි කියන්නේ ලේ! කිරි ඉතිර වීම යනු ලේ ඉතිරවීමක්ය! මේ නිසා කිරි උතුරවන්නේ නම් ඒ සඳහා උපයෝගී කරගත යුත්තේ පොල් කිරි මිස එළ කිරි නොවේ!" ඔවුන් මතයක් සමාජ ගත කලෝය!

සමාජය තුල හෝ පවුල් සංස්ථාව තුල ස්ථාපිත වී ඇති බොහෝ කාරණා සඳහා මහා විශාල අර්ථ කතන නොමැත. එසේම කලා කෘථියක් ගත්තද එය එසේම මය. සියවස් ගනනාවක් පුරා අපේ ගෙවල් වල ඉදුනු "මල බත" සඳහා එකතු කර ගන්නා සාම්ප්‍රදායික දේවල් වලට මෙකල විවිධ අර්ථ කතන සපයනු දක්නට ලැබේ.

ලේන්සුව හතරැස් වීමට තුඩු දුන් හේතුවක් ඇතත් මේ ලෝකයේ තිබෙන සෑම සියළු දේ සඳහාම "මහා විශාල" හේතුවක් නොමැත! සමහර සිරිත් විරිත් ගති පැවතුම් සමාජගත කිරීමට කුමක් හෝ "සාධාරණය කරණ ලද" හේතුවක්ද සමග ඉදිරි පත් වේ.

"තමාගේ ගිණි අවිය සැමදා පිරිසිදුව තබා ගත යුතුයි! තමාගේ ගිණි අවියේ අංකය තමාට මතක නැති නම් සමහර විට; තමාගේ ගිණි අවිය යැයි පිරිසිදු කරණ්නේ අනුන්ගේ ගිණි අවියක් විය හැක!

අනුන්ගේ ගිණි අවියක් තමන් පිරිසිදු කරණ්නේ මන්ද?

එබැවින් තමාගේ ගිණි අවිය හඳුනා ගැනීමට නම් තමාගේ ගිණි අවියේ අංකය මතක තබා ගත යුතුය!" 

මේ එවන් අවස්ථාවකි!

මීට කලකට පෙර "නවයුගය" පුවත් පතේ පලවූ කෙටි විකට පොකට් කාටූන් එකක දැක්වූයේ මොනාලීසාගේ ආලේඛ්‍ය චිත්‍රය අඳින ලියනාඩො ඩා වින්සි ගේ චිත්‍රයකි. 

එක් වරම ඩාවින්සි මොනාලීසාගෙන් ප්‍රශ්ණයක් අසයි!

"මොකද ඔයා අමුතු විදියට හිනාවෙන්නේ?"

"ඩාවින්සි! ඔයාගේ නහය උඩ තීන්ත බින්දුවක්!"

අද අප මොනාලීසාගේ සිනහව පිළිබඳව කෙස් පැලෙන තර්ක නගති! බොහෝ අය සිතන්නේ සෑම සියළු දේටම හේතුවක් තිබිය යුතුයි කියාය!

40 comments:

  1. වෙලාව බලන කතාවෙ නම් ඔබ කිව්ව වගෙම අපි අහලා තිබුනේ වලිගය වෙනුවට වෙනත් ශරිඋර අංගයක් තමයි... 😀
    ඊට පස්සෙ ලියලා තියෙන සටහනනම් බලන්න තරම් පැහැදිලි නැත ඇසටද අපහසුය.
    ජයවේවා අයියේ...

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික දෝෂය නිවැරදි කලා!

      බොහොම ස්තූතියි, ජය වේවා!!

      Delete
  2. අපුරු ලියමනක්. හොඳම හරිය බලධාරියා විසින් කපා හරින ලදී. එත් ඇත ඇරියෙ නෑ. සුපුරුදු සාස්තරේ උපයෝගි කරගෙන කොහොම හරි කියෙව්වා. මම කොහොමත් ආසයි ආසම නොපෙනෙන දේවල් කියවලා රස විඳින්න. අපි අහුවෙයි ඕවට. හ්ම් ..

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික දෝෂය නිවැරදි කලා!
      කාන්තා පාර්ශ්වය කොහොමත් සැඟවුනු දේ ගොඩ දාගන්න දක්ශයි නොවැ! හඃ හඃ හා!
      බොහොම ස්තූතියි, ජය වේවා!!

      Delete
  3. අන්තිම හරිය නම් කියවා ගත්තේ බොහොම අමාරුවෙන්...

    ඔය කතාවම පාදක කරගෙන පොඩි ෆේස් බුක් වීඩියෝ කෑල්ලක් මං දැකලා තියෙනවා...

    එකම සිද්ධිය එක එක්කෙනාට දැනෙන හැගෙන විදිහ වෙනස් නේ...සමහර අය මහප්‍රාණ විදිහට සමහර අය සිම්පල් විදිහට..

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික දෝෂය නිවැරදි කලා!

      තමා දැන හෝ නොදැන සමාජ ගත කරණ වැරදි අදහස් වලින් මොන තරම් නම් භයානක දේවල් වෙන්න පුළුවන්ද?
      "වඳ කොත්තු", "වඳ බ්‍රෙෂියර්", "වඳ සැත්කම්" මේවාත් ඒ වාගේම අර්ථ කතන තමයි!

      Delete
    2. වැරදි අදහස් කියලා විනිශ්චයක් දෙන්නේ කවුද? දැන් නම් ආන්ඩ්ව ඒ වගකීම අතට අරං මර්ධනයට ලක ලැස්ති වෙනවා.


      හරි හෝ වැරදී මතයක් ඉදිරිපත් කිරීමට තියෙන නිදහස ට බාධාකිරීම අවම වෙන්න ඕනේ කියලා තමයි මගෙ නම් අදහස. ඒ වැරදි අදහස් වල වැරදි බව හරියට පෙන්වල දෙන්න උගත් බුද්ධිමත් සමාජ කතිකාවතක් ඕනේ... ප්‍රධාන මාධ්‍ය දාරවේ ඉදිරිපත් කරන ආන්තික වැරදි අදහස් ලේසියෙන පැල කරනවා..ඊට විරුද්ධව ඒ නිවැරදි තර්කය ගෙන එන්නෙ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම්...දැන් ඒක ඉතා නරක විදිහට නියාමනය කිරීමට ආන්ඩුව සැරසෙනවා.

      Delete
    3. මයියාගෙ අදහසට මාත් එකඟයි. තමන්ගෙ අදහස ඉදිරිපත් කරලා, හරි වැරැද්ද තෝරගන්න එක පාඨකයාට තියන එක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ඒත් ඒ නිදහස කෝවිඩ් කාලෙවත් තිබ්බෙ නෑ. යූටියුබ් එකේ පවා, එන්නත් ගැන විවේචන මර්දනය කලා. ලෝකෙ වැඩිහරියක් රජ කරන්නෙ බොරුව තමයි. ඒ නිසාම තමයි, අපේ මතයට විරුද්ධවීමේ අයිතියට ගරු කරන්න ඕනෙ.

      Delete
  4. තට්ටයා මහතා: සඳකඩපහණ සිංදුව පටන් ගැත්ත තැන ඉඳලා පහලට කොටස් ටික කියවගන්න අමාරුයිනෙ. හයිලයිට් කරාම විතරයි අකුරු පේන්නෙ.

    හැමෝම තමන්ගෙ world view එක අනුවනෙ එක එක දේවල් interpret කරගන්නෙ. ධර්මයෙත් කියලා තියෙනවා නේද හැම දේම ලෝක ධර්මතා, ඒවා neutral; අපි තමයි ඒ දේවල් දුක සැප විදිහට අර්ථකථනය කරගන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික දෝෂය නිවැරදි කලා!

      ඔව් මම ඒක පිළිගන්නවා! ඔබ හිතන්න; යුදෙව් ජාතිකයින් පිළිබඳව; කිසිවෙකුහෝ සමාජ ගත කල වැරදි අදහසක් කෙතරම් විපතක් කලාදැයි කියා.
      මේවා සියල්ල ඒ "බොරුව" සමාජ ගත කල එකාට සාපෙක්ෂ කයිවාරු තමයි නේද?

      Delete
  5. ඇට්ට, නැට්ට දාදු දමයි දිවි සටන් බිමේ
    නැට්ට මතින් ඇට්ට නැගී සිටී අන්තිමේ
    කවුරුද හරි

    හැමදේම සාපේක්ෂයි, සෑර්!
    +++++++++++++

    ReplyDelete
    Replies
    1. ඔව් සාපේක්ෂයි කියන දේ මම නොපිළිගන්නවා නොවෙයි. ඒත් නිරපේක්ෂ ඇගැයීමකුත් නැත්තේම නෑ.
      අනෙක ඔවුන් ඔවුන්ගේ සාපේක්ෂ කියැවීම සමාජ ගත කරණ්නේ එය "සාපේක්ෂ කියැවීමක්" ලෙස නොවීමයි ලොකුම අවුල!

      Delete
    2. //හැමදේම සාපේක්ෂයි, සෑර්!// අනෙ අම්මප. තට්ටක් කඩල විසික්ක කරානං කියයි ද... මේ කල වැඩෙත් හරි වැරදි බැලීම සාපේක්සයි කියල හිටං 🙈

      Delete
    3. දැන් බලාපං නමී, අර ලෝකෙ සාමකාමීම ආගමේ කස්ටිය අබරංගෙ පුත්තුන්ගෙ වත්තට පැනලා ගැහැව්වා. දැන් අබරංගෙ පුත්තු උන්ගෙ ඉඩමට පැනලා ගහන කොට අඞනවා. අබරගෙ යාලුවොන්ට පස්පඩන්ගුවෙ බයිනවා. ආධාර නැවැත්තුවම පොලොවෙ පස් කකා අඞනවා. ඒ ආධාර වලින්ලු මෙච්චරකල් කෑවෙ බිව්වෙ. අබරගෙ සහෝදරයො දුන්න සල්ලි ඕනෙලු අහස්ගුණ්ඩු ගන්න. හා දැන් ඕකට "නිරපේක්ෂ ඇගැයීමකුත් නැත්තේම නෑ" සාධකය ආදේශ කරලා බලාපංකො.🤭

      Delete
  6. මේ කතාව වෙනස් කරලා ලිවේ අපිට අනුකම්පා කරලා වෙන්නැති, අපි නොදන්න චෙස් ?

    අපේ පාසල් කාලයේ ගීත වලට ඉතා මිහිරි අරුත් සැපයු මිතුරන් සිටියා, එත් අපි අපේ වින්ඤ්නයේ හැටිය අරුත හදා ගත්තා.

    හැමදේකටම අර්ථයක් හෙවීම නිෂ්පල දෙයක් බව ඇත්ත, එත් හැමදේකටම හේතුවක් තියෙනවා නේද?

    දුමින්ද කිව්වා වගේ සින්දුවෙන් පහලට අකුරු/පාට අබිලික්. හයිලයිට් කරලා බැලුවා

    විජේබාහු

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික දෝෂය නිවැරදි කලා! කියවන්න.ඔව් ඔබ තුමන්ලා නරක් වෙයි කියලා පොඩිත්තක් සැර බාල කලා සෝඩා ටිකක් දාලා!

      Delete
  7. හිස් ඉඩ මැද මෙතැනින් කියන ඒවා නම් බැලුවේ නෑ. ඒත් ඔබ කියන පරිදි සඳකඩ පහණ ගීතයට ලියැවුන අර්ථ කථන අපමණයි. ඒ කිසිවෙක් සිනමා පටයේ පසුබිම ගැන හිතලා නෑ.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික දෝෂය නිවැරදි කලා! කියවන්න. තමන්ගේ සිතට නැගෙන ඕනෑම කුණු ගොඩක් සමාජ ගත කිරීමයි වී ඇත්තේ!

      Delete
  8. ලස්සන ලියැවිල්ලක් . ආසාවෙන් කියෙව්වා. මේ ඉතාලි වෙලාව බැලිල්ල බූරුවෙක් එක්කයි . වීඩියෝව බලන්න https://www.youtube.com/watch?v=21mLECfpv3M. සින්දු වලට සමහරු දෙන අර්ථ කථන නම් පට්ටපල් බොරු .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ!

      Delete
  9. ඒ පෝස්ටුවෙයි මේ පෝස්ටුවෙයි සම්භන්ධයක් තියේද කියල කම්පනා කරන මම...

    ReplyDelete
    Replies
    1. මොනවද ලතා මේ කතා? ඕක ඔච්චර කල්පනා කරන්න දෙයක්ද? හස්බන්ඩට කියල බත් එක බෙදා ගන්නවද, ලමයින්ට කියල වන්දව ගන්නවද? එහෙනං ඉතින් ඌයි තමයි.🤣

      Delete
    2. නෑ! ලොකු සීන් එකක් නෑ. පොඩි පොඩි සීන් වලට අර්ථ කතන සැපයීම ගැන මේ ලිව්වේ!

      Delete
  10. මමත් වරක් ඔය වෙලාව බලන විද්‍යාව ගැන කතාවක් අහල තිබුනෙත් වල්ගය අවට වෙනත් අවයවයක් භාවිතයෙන් තමයි.ඒ උනාට කතාව රස කාරක දාල ලියල තියන අපූරුවට, කලින් බලපු බවක් හැගුනෙ නැහැ.
    ගීත විචාරයේ ඉතාම රසවත් ඉතාම වැදගත් කරුනු අන්තර්ගතයි.ඔබේ අදහසට මමත් මුලුමනින්ම එකග වෙනවා.මමත් බොහෝ අව්ස්තා වලදි දැකල තියනව, සමහර ඉතාමත් අරුත්බර ගීත ඉතාම පටු මානයකට ගෙනල්ල ඒවා අවතක්සේරු කරනව,තමන්ගෙ පාන්ඩිත්වය පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් මහත්තයා!

      Delete
  11. කොයි සූරයා මොන මොන විදිහට ලිව්වත්
    බුකියේ ටියුබයේ එක එක වැඩ දැම්මත්
    එව්වට පදනමක් හරයක් නොතිබුණහොත්
    පැවතීමක් නැහැනෙ- කෙතරම් පිම්බුණ මුත්

    ReplyDelete
    Replies
    1. බලාන ගියාම එහෙම හිතලා සතුටු වෙන්න තමයි තියෙන්නේ!

      Delete

  12. මයෙ සත දෙක මෙහෙම සටහං කරනවනම් හිට..
    කෑම බෙදා ගැනීම හෝ බෙදා දීම සිරිතක්, කැමැත්තක්, ආදරයක් හෝ වෙන කාරණයක් වෙන්ට පුලුවනි. ඒත් ඉට පහු අජිත් අයිය කියල තියෙන දේ ගැන නොසලකා ඉන්ට නොහැකි.
    අපේ වමේ ඈයොගෙ සමහර ආකල්ප, අදහස් තාර්කික හෝ දැන් සමාජෙට වලංගුද. තාම ඒකමතික අදහසක් නෑ ප්‍රයිවට් යුනිවසිටි ගැන පවා. ඒ නිසානෙ මාක්ස්වාදය හෙමත්, නවතාවයෙන් අදහස් වෙනස් වෙමින් එන්නෙ.
    ස්ත්‍රිය සහ පරණ වම, මාක්ස්වාදය වෙනස්විය යුතු තැන් ගැන Chantal Mouffe ඇතුලු සමහරැ කතා කලෙ මේ නිසායි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා මම හිතන්නේ සහ මම මේ පෝස්ටුවෙන් කියන්නට උත්සාහ කලේ සමහර කුඩා කුඩා කාරණා පිළිබඳව මහ පලල් අර්ථ කතන වලට යෑමට පෙර ඇත්ත ඇති සැටියෙන්; ඒ ඒ අයගේ සපත්තු වලට බැහැලා බලන්න ඕන කියලා!

      Delete
  13. පෝස්ටුවේ කතාවට සම්පූර්ණ එකඟයි. ගීතවල අදහස විකෘති කරන එකත්, තමුන්ට හිතෙන ඕනම මතයක් ඒවට ඔබ්බන එකත් සාපයක්.
    ඔය ගැන මේ වගේ කතාවකුත් තියෙ.

    ඔන්න පොඩි ලමයෙක් චිත්‍ර ප්‍රදර්ශනයකට පවුලේ චිත්‍රයක් ඇඳන් ගිහිං තිබ්බ... තනිකර රතු පාටින්. ප්‍රදර්ශනයට ආපු මනෝවිද්‍යාඥයො, සමාජ පර්යේ්‍යකයො ඇතුලු විද්වත්තු මේ ගැන ගැඹුරින් කතා කලා. මේ වර්ණ භාවිතය ගෙදර අයගෙ... මානසික ස්වභාවය ගැන, ආදරයේ බැඳීමේ තරම ගැන විදහා දැක්වෙන විදියට ඇඳලය කියල හිටං.
    ඒත් පොඩි එකාගෙන් විස්තර ඇහුවම කිව්ව තිබ්බෙ රතුපාට විතරයි ඒක නිසයි මුලු චිත්‍රෙම ඒ පාටන් පාට කරා කියල කිව්ව 😁

    ReplyDelete
    Replies
    1. ඔව් නමියා! පණ්ඩිතයින්ගේ විවරණ වලට යටින් දිවෙන සත්‍ය කථාවකුත් තියෙනවා!

      Delete
  14. මට හිතෙනවා තට්ටයා මහතා මම නිකං කොහේ හරි දෙයක් අහල වැඩි කරල ලියල කියල හිතනවා කියල. සාමාන්‍යයෙන් තමන් ලියන දේවල් හගිස්සන්න අවශ්‍ය නැති වුනත් ඔයාගේ සැකය හරින්න ලියන්නම් - ඔය මගේ බිරිඳ කෑම බෙදපු කතාව අපි වේල්ස් වල නිවාඩුවට ගිය වෙලේ ඇත්තට සිද්ධ වුනු දෙයක්. තව සිංහල පවුල් හතරක් එක්ක. ඉන් දෙදෙනෙක් සහ ඔයකතාව කියපු සිංහල ලේඩි මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මෙහෙ ගුරුවරියක්. දෙවෙනි එක තමයි මම සමාජවාදියෙක් කියල ලිව්වහම ඒ හැම වෙලේම ජෙප්පෙක් හෝ මාලිමාවේ කෙනෙක් ගැන නෙමේ ලියන්නේ. ඔය බිරිඳට බත් බෙදන්න දීපන් බන් ඒක විතරයි ඉහිරී කියල කිවේ සුදත් ලියනගේ කියන පෙරටුගාමී සමාජවාදී පක්ෂේ යාළුවෙක් ලන්ඩන් වල. හරිම සුන්දර යාළුවෙක්. එයාගේ බිරිඳ රමණි තම එහෙම කරන්නේ ආදරේට කියල කීවේ. ඒ කතාවයි මගේ බිරිඳ කීව ටිකයි ඔක්කොම ඇත්ත. ඊලඟ සැරේ ඇවිල්ල හම්බවුනොත් ඔයාටම අහන්න පුලුවන්. සුදත් ගෙදර ඕන වැඩක් කරන එකෙක්. හැබැයි අපි ඕක ඒ වෙලේ ඇද්දේ වෙනත් කෙනෙකුට කින්ඩියට . බිරිඳ බත් එක බෙදල අතට දෙනකන් ඌ කන්නේ නැහැ. අපේ සමාජවාදී යාළුවෙක්. හැබැයි උනුයි මායි අතර හැබෑවට යන වලියක් තියනව. නමිය කීව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාන නොදාන එක. මේ ලඟදි ඔයාගේ යාලුව නන්දන එක්කත් ඒ වලියම ගියා. තමන්ගේ ළමයි මෙහෙ ගෙවන විශ්ව විද්‍යාල වලට දාල ඒකට හේතුව ලෙස කියන්නේ අපි ඉන්නේ ධනවාදී සමාජේ නේ නොකර බැහැ කියල. එහෙමනම් ඇයි ලංකාවේ ඉන්න දෙමාපියෝ ඒක කරන කොට විරුද්ධ වෙන්නේ. ඒක තමා මගේ තර්කය. දැන් ඔයා ළමයි ඕස්ට්‍රේලියාවේ උගන්වන්න ඇරලා වෙන කෙනෙකුට විරුද්ධ වෙනවනම් ඒක හරි වෙන්න බැහැනේ. (ඔයා එහෙම කරනවා කියල නෙමේ කිව්වේ. උදාහරනෙකට ) මම සටන් කරන්නේ සැබෑ මිනිසුන්ට එරෙහිව නෙමේ. දෙබිඩි කමට එරෙහිව. සමාජවාදීන් ගැහැනුන් ට සම තැන දෙන්න කතා කරනවනම් ඒක ක්‍රියාවෙනුත් පෙන්වන්න ඕනේ. මගේම මව මුණුපුරාට බත් කවනවා. මිනීපිරිට කවන්නේ නැතිව. මම දැකල බැනල තියෙනවා. එතකොට එයා කිව්වේ මට පුතෙක් නැති නිසා ඉරිසියාව කියල. සෑහෙන අසාධාරණ කතාවක් . මොකද මට කවදාවත් එහෙම දැනිල නැහැ. හැබැයි දැන් එයා ඕව කියන්නේ නැහැ. හැදිලා. මොකද එයාට සලකන්නේ මිණිපිරී ලා වැඩියෙන්ම. මේවා මේ මම ඇහින් දැකපු දේවල්.

    ReplyDelete
  15. අර සඳකඩපහන ගීතය ගැන විචාරය මම කියවල තියනව. අබිෂරිකාවක් ගැන. මට නම් ඒක මාර ලස්සනයි. සංවේදියි, අර සමිත හාමුදුරුවෝ ලියල තියන එක - ඒ වචන පැහදිලි කරලා ලිඔයල. සින්දුවේ වචනම. අබිසරිකාව ගැන ලියපු ලිවිල්ල පට්ට් නිර්මාණයක්. හාමුදුරුවෝ එයාගේ භාෂාවෙන් විචාරයක් ලියල සින්දුව පහදලා දෙන්න හදල. නිර්මාණ වලට තහංචි දාන්න කාටවත් බැහැ . සමාජ සත්තා යථාතර්තවාදය කියල මගුලක් ගෙනල්ල ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂේ ගුණදාස ලියනගේ හෙම නිර්මාණ මැරුව. මට මතක විධිහට විජේවීරත් ඒකට විරුද්ධ වුනා. සෝවියට් දේශයේ බොරිස් පැ ස්ටර්නක් ල, සොල්ෂ්නිට්සින් ල ලියපුව තහනම් කළා . ඒවා අද ලෝක නිර්මාණ.

    ReplyDelete
  16. කොහෙන් කොහෙන් හරි කථාව නියම තැනටම ආවා!
    මෙච්චර වෙලා ආවේ ගියේ මල් බයිසිකල්!
    දැනුයි සධාතක කරඬුව රැගත් ඔරිජිනල් පෙර හැර වංගුවෙන් මතු උනේ.
    1. මම හිතන්නේ ඔය කෑම එකක් බෙදව ගන්න එකක්, වැඩට යන්න කමිසයක්, කලිසමක්, ටයි පටියක්, අමුඩයක් හොයලා දෙන එකක්, නලලට උම්මා එකක් දෙන එකක්, ටිකක් වැඩිපුර බොන කොට "ඔයාට දැන් වැඩියි වගේ . . !" කියන දේවල් වලට මහා විශාල හේතුවක් නෑ කියලයි. ඕක "අධිරාජ්‍යවාදීකම", "වික්ටෝරියානු සම්ප්‍රදාය", "පුරුෂෝත්තම පවුල", "කාන්තා හිංසනය", "ස්ත්‍රී චිකිත්සාව", "ප්‍රභාසංස්ලේශනය", "උත්ස්වේදන චූශනය" වැනි බරසාර ලේබල් ගහන්න තරම් දෙයක් නෑ කියන එක කියලයි.
    "මෙයාගෙන් නම් තියෙන්නේ පුදුම වදයක් තමයි" කියලා කීවත් ඊකෙ පොඩි ආතල් එකක් ගන්න එක තමයි ඔය හැම පාර්ශවයම බොහෝ විට කියන්නේ.
    මේ ළඟදි මම ඇහුවා ධම්මික බණ්ඩාරගේ පොඩි පහේ කයිවාරුවකට ඇවිත් කියනවා; ගීද මෝප සාංගේ; ටෙලිෆෝනය කියලා කෙටි කථාවක් ගැන!
    ඒක හොයා ගෙන කියවන්න. නමුත් වඩාත්ම මම දකින වරද තමයි ඔය හැම දේට බ්‍රන්ත අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීම හා ඒවා දේශපාලන ටොපිකොලය තුලින් බැලීම.
    2.මම ජනතා විමුක්ති පෙරමුණේ හිතවතෙකු විනා පාක්ෂිකයෙකු නොවෙමි. ඒ හිතෛශීභාවය ඇතිවී තිබෙන්නේද ජේ වී පිය ගැන නොව ජා ජ බය සමගය! අද පවතින වඳපීදුනු පක්ෂ හා ගත් කල යම් ඉදිරි මාරගයක් පෙන්නුම් කරණ්නේ ජාතික ජන බලවේගයයි! බ්ලොගය තුල මා දේශපාලනය කථා කරණ්නේ අල්ප වශයෙනි. එය හුදෙක් පරිස්සම් වීමක් කියා නොසිතන්න. මගේ ජීවිතයේ ලියා තැබිය යුතු කරුණු කාරණා එමට බැවින් ඒ මතක ලියා තැබීමයි මා කරණ්නේ. ඒ කෙසේ වෙතත් පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳව; මීට කලකට පෙර ජේවීපිය දැරූ මතය සමග මා නිබඳව ගැටුනෙමි. අද වුවද ඔබ හෝ වෙනත් අයෙකු සිතනවානම් ජාතික ජනබල වේගයේ රජයක් ටිලින් ලංකාව නොම්මර එකේ සමාජවාදී රාජ්‍යයක් වනු ඇතැයි කියා ඒක නොම්මර එකේම මුලාවකි. එය එසේ නම් මමද මෙතැන නැත!
    මා ස්ටැලින් වාදියෙකු නොවුනත් "අවධි දෙකේ විප්ලවය" පිළිබඳව යම් යම් තැන් වලදී එකඟ වෙමි.
    අපට අවශ්‍ය වන්නේ සමාජවාදී රාජ්‍යයකට වඩා ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ය! ඔබත් නන්දනත් එංගලන්තයේ සතිටින් සිටින්නේද මම මගේ දරුවන් (හිඟා කා හෝ) ඕස්ත්‍රේලියාවට යවන්නේද; ධනවාදී ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක ආශ්චර්‍යය නිසාය. (මෙයට ත්වත් හා වෙනත් ඌණ පූර්ණයන් ඇති! ඒවා මොහොතකට අමතක කරණ්න!)
    3. ඕක මාර කථාවක්. ඔබ කවියක් ලියනවා සීගිරි ගල ගැන! මම පැත්තක ඉඳන් කියනවා ඔබ ලිව්වේ ගැහැනියකගේ කලව ගැන කියලා! පෘතග්ජනයෝ විදියට ගැහැනියකගේ කල්වේ වර්ණනාව ලස්සනයි සුන්දරයි ශෘංගාරාත්මකයි කියලා කාටවත් කියන්න තහනමක් නෑ!
    ඒත් ඔබ සීගිරිය පිළිබඳ ලියන කවිය එසේ වරනගන්න වෙනත් අයෙකුට හැකිද?
    අනෙක ඔහුට හෝ ඇයට හැකියි; "මෙම කලා කෘථිය පිළිබඳ මෙවන්වූ කියැවීමක්ද ඇත!' කියන උදෘතය සහිතව තමන්ගේ හිත්ළුව කියන්න! ඔවුන් එසේ සාධාරණ වනවාද? විශේෂයෙන් චිත්‍රපට ගීතයක එම කථාවේ අන්තර්ගතය ඔප් නැංවෙන්න ලියැවෙන ගීතයක්; එම චිත්‍ර පටයේ තබා එම චිත්‍රපටිය පෙන්නපු ෆිල්ම් හෝල් එකේ ඊට කලින් පෙන්නපු චිත්‍රපටියටවත් නොගැලපෙන අර්ථ කතනයක්; "මේක තමයි හරි එක!" කියලා පතබාන විචාරයක්; "අනේ මේක නං මරේ මරු!" කියා බදා ගන්නවා නම් මා හට කියන්න ඇත්තේ "අනේ පව්!" කියා පමණි!

    "දහසක් මල් පිපේවා - දහසක් මත ගැටේවා!"

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒ කොමෙන්ටුවේ දිග. බ්ලොග් ලිපියක් කල හැකි. අංක තුනෙන් පටන් ගමු. මං හිතන්නේ අපි දෙන්න ඕනේ රසික භවතුන්ට අර අභිසරිකාවක් ගැන ලියපු නිර්මාණය මොකද්ද කියල කියවල බලන්න. මට හිතනවා තට්ටය පොඩ්ඩක් සදාචාරය පැත්තට බර වෙලා කියන්නේ කියල. අනික//බොහෝ අය සිතන්නේ සෑම සියළු දේටම හේතුවක් තිබිය යුතුයි කියාය!// හැම දේටම මොකක් හරි හේතුවක් තියනවා. උදාහරනයක් වශයෙන් මම සමහර බ්ලොග් පෝස්ට් ලියන්නේ ෆන් එකට. ඉඳ හිට සීරියස් ඒවත් ලියනවා. ඒත් හැම එකටම පොඩි හරි හේතුවක් සැඟවිලා තියනව ඉතින්. සමහර ඇක්සිඩන්ට් වෙනවා හේතුවක් නැතිව වගේ. කවුද දන්නේ. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අර සඳකඩ පහනක ලිපිය. අමාරුවෙන් හොයාගෙන මෙතැන දැම්ම.
      සඳකඩ පහණක කැටයම් ඔපලා

      Delete
    2. අංක දෙක ගැන කියනවනම් - තට්ටයා වැනි මහතුන් ජාජබයේ බොහෝ වේවා කියල ප්‍රර්ථනා කරන්න තමා තියෙන්නේ. මොකද මම කතාකරන කට්ටියගෙන් එක කොටසක් හිතන් ඉන්නේ බලයට ආවහම ඒ ගොල්ලෝ කියන එක ප්‍රධාන නායකයන් අහන්න ඕනේ වගේ දෙයක්. ඊයේ පෙරේද එක්කනෙක් මට කීව පිටරට ඉඳන් ජවිපෙ විවේචනය කරන එක්කෙනෙකුටවත් එන්න දෙන්න හොඳ නැහැ. අපේ අය කවුද කියල අපි දන්නවා කියල. මම ඇහුව මටත් එහෙමද කියල. මෑන් කියනව ඔයාට වුනත් වෙනසක් නැහැ. කවදාවත් අපට පක්ෂව මුකුත් ලියන්නේ නැහැනේ කියල. හේ හේ 😀 මම කිව්වා ඉතින් ඔයා ඔහොම කීවට පක්ෂයේ නායකයෝ වෙනස් විධිහට හිතන්නේ දැන් කියල. මෑන් පට්ට් සිරාවට කියනව - අපි ඒවා එදාට බලා ගන්නවලු. විහිළුවට කීව වෙන්නත් පුළුවන්. හිනා වෙනවනම් ඇහුනේ නැහැ.මම මේ හොයන්නේ සාමාන්‍ය සාමාජිකයන්ට වෙන කතාවක් කියනවද කියල. එහෙම එකක් පෙනෙන්නේ නම් නැහැ බැලූ බැල්මට. හැබැයි වෙනත් විරුද්ධ වාදී පක්ෂ වල අය මිනිස්සුන්ව මඩවල බොරු ප්‍රචාර ගෙනියන්න අර විධිහට හැසිරෙන්න ඉඩකඩත් තියනව.

      Delete
    3. පළමුවෙනි එක ගැන කියනවනම් තට්ටයා මගේ ලිපියේ එහෙම එකක් නැහැ තමයි. ඒක පොඩ්ඩක් ෆන් එකට ලියපු එකක්. 😄ආපහු ගිහින් කියවල බලන්න. ඔයාට ටිපර් වෙන්න ඇත්තේ අර හරිනි ගැන ලීව ටික වෙන්න ඇති. ඒක ඇත්ත හැබැයි. ලෝකයේ හුඟක් දේශපාලන නායිකාවෝ ඇවිත් තියෙන්නේ වාමාංශික පක්ෂ වලින් නෙමේ. ඉතින් මම හොඳක් කියල තියෙන්නේ. තේරුන් අරන් තියෙන්නේ වැරදියට. ලෝටස් ගේ කොමෙන්ට් එක බැලුවනම් තේරෙයි මම මටත් බැනගෙන තියනව කියල. 😄
      හැබැයි මචං ඔයා ඔය සැහැල්ලුවට රැගෙන ලියන ටයි කතා වලට එහා ගිය කතාවක් තියනව. මම ටිකක් සීරියස් ලීවොත් - උදේට දවල්ට රෑට වෙනම උයල කන්න ඕන පිරිමි ඉන්නවා. ඉව්වේ නැත්නම් වලි. සල්ලි තියනවනම් හොඳයි කුස්සි අම්මල ගෙන්න ගන්න. ඒත් මාර වදයක්නෙ. මේක මම පෞද්ගලිකව දන්නා දෙයක් නිසා නැහැයි කියන්න බැහැ ඔයාලට. මම හුඟක් වෙලාවට ලංකාවට ආවහම ඒ ගෙවල් මග අරිනවා. අනික අර නිලමේ ඇඳුන් ඇඳගෙන මනාලිට කියල හතර ගාතෙන් වන්ද ගන්න එක ෂූටින් කියලද ඔයාල හිතන්නේ. ගිය සැරේට එපිට සැරේ ලංකාවට ආපු වෙලාවක ඔය විධිහට වඳින සීන් එකක් වුනා එක ගෙදරක. මට ලැජ්ජාවට පොළොව පලාගෙන යන්න හිතුන. මේක අලුත් සිරිතක්ද පරන එකක්ද මම දන්නේ නැහැ. මේ අන්තිම කතාව නම් මේ මෙහෙ වෙච්චි එකක්. අපි බාබෙකිව් දානකොට මස් ජාති තුනක් විතර හදනව ලැම්බ්, චිකන්, බිෆ් සහ මාළු එක්ක. (මාළු කනඅයට) පැස්ට සහ පි(ට්)ට බ්‍රෙඩ් තමා කන්න තියන්නේ. එක පාරක් දෙපාරක් එහෙම පාටි එකකට ආපු ලංකාවේ ලේඩි කෙනක් වයිෆ් ට කියල තියනව බත් උයල කරි එකකුත් හදන්න කියල. එයා අහල තියනව මෙච්චර කෑම තියෙද්දී ඒවා මොකටද කියල. ඒ මනුස්සය කියල රෑ එකට ගෙදර ගියත් බත් උයල දෙන්න ඕනෙලු මහන්සිය පැත්තක තියල නැත්නම් නින්ද යන්නේ නැහැ කියනවලු. ඕකේ හොඳම එක තමයි ළමයි ඇහැරවල බත් කවනවා කිව්ව එක. ඒ මනුස්සය මාර වදයක් විඳින්නේ කියල අපට තේරුනා. අපි ඉතින් දැන් ඒ පවුල් දෙක තුනට එන්න කීවොත් අනිවාර්යයෙන්ම කරි ඇන්ඩ් රයිස් හදනව. පව්නේ නැත්නම් . එහෙම නැත්නම් ඉන්වයිට් නොකර ඉන්නව අපට වෙලාවක් නැත්නම්. මේ පුරුදු කොහොමද ආවේ? ඔයා, මම , බ්ලොග් ලියන අය එහෙම කරන්නේ නැතිව ඇති. ඒත් එහෙම අය ඉන්නව.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...