Sunday, December 31, 2023

231. හෙඩිං . . . !

පත්තර කලාවේ හෙඩිම යනු හෙඩ් ලයින් එක හෙවත් ප්‍රධාන මාතෘකාවට කියන නමකි. මේ පෝස්ටුව එවන් රසාලිප්ත මාතෘකා කිහිපයක් ගැනය. ඇත්තෙන්ම මේ ලියන්නේ හෙඩ් ලයින් ගැනම නොව පුවත් මාතෘකා ගැන කිව්වොත් නිවැරදිය. 

සිංහල පුවත් පත් කලාවේ පතාක යෝධයෙකු සේ අදද සැලකෙන බී. ඒ. සිරිවර්ධන සේවය කලේ "ඇත්ත" පුවත් පතේය. "ඇත්ත" යනු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ  නිල පුවත් පතයි. එය සෝවියට් දෙශයේ "ප්‍රව්දා" පුවත් පතේ නම සමග එකට පෑහුනි.

එහි ආරම්භක සංස්කාරක වරයා බී. ඒ. සිරිවර්ධනය. එතෙක් පුවත් පත් වල මැද පිටුවේ දැක්වුනු, කියැවීමට අලස හා පාඨකයින්ගේ අවම ජනප්‍රිය තාවයට පත්ව තිබුනු "කතු වැකිය" මැද පිටුවෙන් මුල් පිටුවට ගෙනැවිත් පාඨකයාගේ රස මනස කුළුගැන්වෙන ලෙසත් ප්‍රබුද්ධ ලෙසත් ඉදිරිපත් කලේ බී. ඒ. සිරිවර්ධනයන් ය! එකල බොහෝ පාඨකයින් "ඇත්ත" ගත්තේ "සිරාගේ  වැකිය" කියැවීමටය!

වරක් සිරා තම වැකියේ කථාවට ගත්තේ "ඒඩ්ස්" ව්‍යාප්තිය ගැනය! අප වැනි බොහෝ රටවලට ඒඩ්ස් බෝ වී ඇත්තේ විදේශීය සංචාරකයින්ගෙන් යැයි විශ්වාස කලද තවත් සමහර රට වලට ඒඩ්ස් පැමිණ ඇත්තේ එරට සිට විදේශගතවී නැවත සිය රට පැමිණි අයගෙන් ය. මේ කාරණය මතු කරණ සිරා; අප රටෙන් විදේශ සංචාරයන් හට සහභාගී වී නැවත පැමිණෙන අය කටුනායකදී "ඒඩ්ස් පරීක්ෂාවක්" කිරීමේ වැදගත් කම මතු කරයි!

එදින විදේශ සංචාරයකින් පසු ජේ. ආර්. ජයවර්ධන සහ ආර්යාව නැවත මෙරටට ගොඩ බසින බව; පිටුවේ කුඩා කොටුවක ප්‍රවෘථියක් සේ දැක්වේ!

මෙවැනි සුර විරු කම් පෑ සිරා 1979දී Skylab කඩා වැටීම පිළිබඳව සුපිරි හෙඩිමක් යැව්වේය!

"අහස් ලබ්බ කඩා වැටේ!" 

***********************************************************************

ඇල්ඩෝ මෝරෝ යනු ඉතාලියානු දෙශපාලඥ්ඥයෙකි. ඔහු 1978 වසරේ දිනකදී ඔහුව පැහැරගෙන ගොස් මරා දැමුනි. මේ පිළිබඳව නවයුගය පත්‍රයේ මැද පිටුවේ ලිපියක් පලවිය. පරිඝනක, ගූගල්, විකිපීඩියා අහලකවත් නැති එකල නවයුගය යනු දැනුම ගෙන ආ විශ්ව කෝෂයක් වන් පුවත් පතකි. මාගේ මතකය නිවැරදිනම් එකල එහි සංස්කාරක වරයා එඩ්වින් ආරියදාස විය යුතුය. එඩ්වින් ආරියදාස, ධනපාල බෝධිනායක, තුසිත මලලසේකර, පර්සි ජයමාන්න, ජෙ.බී. දිසානායක වැනි අය එහි නිතර ලිපි පිවීය. "පුංචි ලිඳේ වතුර රසයි", "ලොවින් ඇසෙන පුවත්", "දුහුනන් මැවුම් සඳහා", "නවමගක් ගත් කතාවක්", "ලෝක ශ්‍රේෂ්ඨ කෙටි කතා", "අනේ ඌ නොහිටියා නම්!", "සිනා මනා!", "අද එතැන් සිට!"  වැනි මාතෘකා යටතේ එහි පිටු හා කොලම වෙන් කොට තිබුනි. 

මම මේ කියනා ඇල්ඩෝ මොරෝ පැහැරගෙන මරා දැමුනු සිද්ධිය පිළිබඳ ලිපිය පල කොට තිබුනේ අපූරු නිර්මාණාත්මක හෙඩිමක් සහිතවය.  "මියෙන සංගීත කරුවන්ගේ අමරණීය තනු!" ලෙස අපූරු කියමනක් හිංදි සංගීත ලෝකයේ  ඇත.  එලෙසිම;  මෙය ලිව්වේ කවුරුන්දැයි මා හට මේ මොහොතේ මතක නැති උනත් ඒ අපූරු ලෙස රයිම් වන හෙඩිම මතකය. 

"මෝරෝ මැරූ මැරයෝ"

********************************************************************

උතුරේ තරුණ නැගිටීම් මත ගොඩ නැගුනු; තිස් වසරක් තිස්සේ මෙරට ඇදී ගිය යුධමය තත්වය හා 1988 - 89 දකුණේ තරුණ නැගිටීම් එවක පාලකයින් මර්ධනය කලේත් රට පාලනය කලේත් හදිසි නීතිය, ත්‍රස්ත විරෝධී පනත වැනි නීතිමය රාමුවක සිටය. මෙකල රටේ සෑම තැනකම පාහේ අවි ගත් මිල්ටේරි සෙබලුන් හා පොලීසිය දක්නට ලැබුනි. එසේම මුර කපොලු හා සෝදිසි කිරීමේ ස්ථාන මාර්ග වල දක්නට ලැබුනි. මෙම කාල වකවානුවේ කොළඹ සිට ත්‍රීකුණාමළය දක්වා ගමන් ගන්නා බස් මගියෙකු හට ස්ථාන දෙක කදී පමණ (අවම වශයෙන් එක් ස්ථාකයකදී වත් - හතරැස් කොටුව, ගල් ඔය හංදිය); තමාගේ සියළු අඩුම කුඩුම රැගෙන බසයෙන් එළියට බැසීමටත් සියළු පෞද්ගලික මළු විවෘථ කර පෙන්වීමටත් තමාගේ යට ඇඳුමේ සිට සියළු දේ පරීක්ෂා කර බැලීමට සෙබලුන්ට හෝ සෙබලියන්ට ඉඩ දීමටත් ඔවුන්ට තමන්ගේ ගෙලේ සිට කකුලේ වළලු කර තෙක් මිරිකා බැලීමට ඉඩ ලබා දීමටත් සිදුවේ. මේ කාරිය කිරීමට වාගේම; අහඹු නියැදි පරීක්ෂාවට;  නගරයන්හී  තැනින් තැන සෙබලුන් හා පොලිස් නිළධරුවන් සීරුවෙන් සිටියෝය! මේ පිළිබඳව පුවත් පතක පාඨක අදහස් සඳහා වෙන් කොට තිබුනු තීරුවක අපූරු හෙඩිමක් විය. එය ලිපිය ලියන ලද  අයගේම් නිර්මාණයක්ද නො එසේ නම් එම පිටුවේ සකසුගේ නිර්මාණයක්දැයි නොදනිමි. කෙසේ වෙතත් එය අතිශයින්ම නිර්මාණශීලී විය. එය මෙසේ විය:-

"ඔවුන් සීරුවෙන්, අප අසීරුවෙන්!"

*********************************************************************

අපරටේ  තරුණ නැගිටීම් වලදී මෙරට "වික්ටර් හාරාගේ" කාර්ය භාරය ඉටු කිරීම සඳහා කලා කරුවන් කිහිප දෙනෙක් පෙල ගැසී සිටියහ. නන්දා මාලනී, සුනිල් ආරියරත්න, ගුණදාස කපුගේ, කේමදාස, (තව කැපී පෙනුනු නමක් අමතකයි! මතක් උනොත් ලියන්නම්) මේ අතරින් ප්‍රමුඛස්ථානයක් ගත්තෝය. "කම්පන" සහ "පවන" බිහිවන්නේ මේ හා සමගාමීවය.  "පවන" හි ගීත සියල්ල ලියා තිබුනේ සුනිල් ආරියරත්නයන් විසින් වනාතර තුර සංගීතය සපයා තිබුනේ  එකල මෙරට සිටි දක්ෂ  ශිල්පීන් හා සංගීත අධ්‍යක්ශක වරුන් විසිනි. මෙම "පවන" ගීත සමුච්ඡය පිළිබඳ විවිධ මත එකල පලවිය. ඒවා අගැයීම් මෙන්ම විවේචනයන් විය. "පවන" පිළිබඳව ඒය නැරඹූ රසිකයෙකු පුවත් පතකට ලිපියක් ලියා තිබුනේ මේ අපූරු හෙඩිම සමගිනි. 

 " 'පවන' පවනක් නොව වාතයකි!" 

ශනිදා දහයට ලියා ගැනීමට නොහැකි තරම් සතිය කලබල වූවා. සතිය  ගෙවුනේ අතිශය ගැටුම් කාරී බවක් සමග! ඒ කෙසේ වෙතත් ඉරුදින උදයේ නැගිට මතකයෙන් ලියූ මේ ලිපිය රස විඳින්න! (වැරදි ඇතොත් සමාවන්න - අපි කැමතියි හදා ගන්න)

ඔබ සැමට බදු ගෙවන, සුභ නව වසරක් වේවා! 

44 comments:

  1. 1977 සමගි පෙරමුණු රජය බිඳ වැටී එ.ජා.ප. ය 5/6 බලයක් ලබාගත් පසු ඇත්ත පුවත්පතේ හෙඩිම වූයේ "ජනතාව හිසරදයට කොට්ට මාරු කරයි." යනුවෙනි. ජේ.ආර්. ජනාධිපති වූ පසු රාජ්‍ය මාධ්‍ය ඔහු හැඳින්වූයේ "අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේ" යනුවෙනි. එහෙත් ඇත්ත පුවත්පත යෙදුවේ "වහන්සේ" යනුවෙන් පමණකි. ටිකදවසකින් "උතුමාණන් වහන්සේ" යෙදුම අතුරුදන් විය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      ඔව් ඒවා නිහඬ විප්ලව! සමාජයේ සෑම ජන කොටසකටම අයත් කාර්ය භාරයක් තියෙනවා සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන්. ජන මාධ්‍ය වේදියා සතු වගකීම අති මහත් එකක්!
      අපි උනත් ලියන දේ සම්බන්ධව වඩාත් වගකීමකින් යුක්තව කටයුතු කරණ්න ඕන ඒ නිසාමයි!
      ස්තූතියි!

      Delete
  2. මෙව්වයෑ හෙඩිං ...මේ කාලේ එව්වනෙ හෙඩිං ටීවී වල එහෙම යන්නේ මරු හෙඩිං 😜😜

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ! මේ වෙන කොට රට දියුණුයි කියන්නේ කොන්ක්‍රීට් වලින්!

      Delete
  3. කෙටි උනාට හරිම රසවත් ලිපිය.aththa පත්තරයත්, එහි කතු වැකියත් බී.ඒ.සිරිවර්දනත් ගහට පොත්ත වගේ උනා. කවදත් සාමාන්‍ය මිනිස්සු අතිශයින් අගය කල, ගරු කල කාටවත්ම හිස නොනැමූ, නිර්භය කතුවරයෙක්. මේ ගැන කියද්දි නොකියාම බැරි නමක් හා අයිතමයක් තමයි යූනුස් හා ඔහුගෙ බුලට් එකක් වගේ කාටූනය. ඉහලම රාජ්‍ය මැර ප්‍රහාරයකින් අනූනමයෙන් ජීවිතය බේරගත්ත ඔහු යාන්තමට සුවය ලැබුනු ගමන්ම කලේ වෙනදටත් වඩා සැර කාටූනයක් අදින එකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් මහත්තයා යූනූස්වත් අප අමතක නොකල යුතු හා අමතක කල නොහැකි චරිතයක්ම තමා.

      Delete
  4. ලිපිය අගෙයි, මේ ලියන ඒවා ලිපියට අදාල නැත.
    අපේ කාලේ නවුයුගය වගේම දෙසතිය කියලා සගරාවක් තිබුණා මතකයි.
    ඉස්රයලයට අයත් එල් අල් ගුවන් ගමන් බැග් පරික්ෂාවට අපේ හමුදාව පරාදයි, ලොකු මේසයකට සියලුමදේ හලා කෑල්ලෙන් කැල්ල නැවත බග් එකට දාන්නේ ඒ හමුදාවයි.
    නන්දා මාලිනි සුනිල් කුරුවිටබණ්ඩාරට සින්න උනාට පස්සේ එයාගේ සින්දු ඉස්සර වගේ මිහිරි නෑ කියලයි මට හිතෙන්නේ.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. අදටත් ගුවන් ගමන් වලදී ඇඳුම් කැඩුම් ගලවා පරීක්ෂා කිරීම මට මහත් අප්‍රසන්න හැඟීමක්!

      "සුනිල් කුරුවිට බණ්ඩාර"! ඔව් ඒක තමයි නිවැරදි නම!

      Delete
  5. ඉහතින්ම තියෙන 'ඇත්ත' පත්තරේ හෙඩිම දැකපු ගමන්ම මට මතක් වුනේ ඒ වගේ හෙඩිමක් සකස් කරද්දී .ලී අකුරු ගැනත් දක්වපු සැලකිල්ල. ඒ ඒ හෙඩිමට අවශ්‍ය විදිහට ලී අකුරු කැප්පුවේ නෑ. තියෙන ඒවායින් පිරිමහගන්න වුනේ. ඉතින් හිතා ගන්නකො වැඩේ තරම......

    ReplyDelete
    Replies
    1. ඔව් නිදී මම උසස් පෙල කරනා කාලයේදී; ඔය වගේම දේශපාලන පුවත් පතක් වූ "හරය" අච්චු කන්තෝරුව සමග සම්බන්ධ කමක් පැවැත්වූවා. මට මට මතකයි "මැටරය" සකස් කිරීමේ "දුක" කොයි තරම්ද කියලා!

      Delete
  6. හොඳ මතකාවර්ජනයක්. නවයුගය පත්තරේ "වීර මූර්ති" නමින් ලිපියක් පලවුනා වගේ මතකයි. ගුවන් යානයක රෝදය තැන්පත් වන කුටීරයේ සැඟවී ගුවන් ගමනක යෙදුණු පුද්ගලයෙක් ගැන ලිපියක් පලවුනා යන්තම් මතකයි. අද වාගේ දැනුම බෙදාහරින (?) ක්‍රම නොතිබූ අතීතයේ නවයුගය පත්තරය කල මෙහෙවර අතිමහත්. ස්‍තුතියි මතකය අලුත් කලාට....
    - වීරසිරි බන්ඩාර -

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් "වීර මූර්ති" මටත් මතකයි. තව තිබුනා "චරිත හමුව", "ලොවෙන් ඇසෙන පුවත්", "ජීවිතේ මීවිතෙන්" වාගේ රස බර පිටු සහ කොලමයන් !

      Delete
  7. උඩම තියෙන හෙඩින් දෙක මතකයි. ඇත්ත පත්තරේ ඇත්තටම මරු

    ReplyDelete
    Replies
    1. එකම කාල වකවානුවක මිනිසුන් නොවැ අපි!

      Delete
  8. ඔය තියෙන්නේ හෙඩිං ඒක මරු.
    මට මතක් උනේම කොළඹ ට කිරි ගමට කැකිරි වගේ... එක්ද. අදත් ශෝයි ලියමන. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා! මේ දවස් වල්ල අධික අවිවේකය!!

      Delete
  9. හෙඩ් ඉන් ටිකනං මරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නයා!
      ඔය මතක මතක ටික පෙල ගැස්සුවේ!

      Delete
  10. හදිසියට මේම ලස්සනට පෝස්ට් එකක් දානවා කියන්නෙ සුපිරිම තමයි..සුභ 2024 ක්
    -Mayya

    ReplyDelete
  11. මදිම වුණත් වේලාවක් ලියන්න
    කදිම ලෙසට පෝස්ටුවකි පෙනෙන්න
    හෙඩිම කුමක් වූවත් ඇති බලන්න
    සුබම වසරකට එමි සුබ පතන්න...
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී!
      සුබ නව වසරක් වේවා!!!!

      Delete
  12. ඔස්ට්‍රේලියන් ටෙනිස් ක්‍රීඩක පැට් කෑෂ් විසින් චෙකොස්ලොවේකියානු ජාතික ඉවාන් ලෙන්ඩ්ල් පරාජය කිරීමේ නිවුස් හෙඩ්ලයින් එකක් තිබුනා ; -
    "Pat cashed the Czech"

    සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  13. ගොඩක් දේ සිහියට ආවා . මරු සටහනක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ! මතක් වුනු ඒවා ලියන්නකෝ!

      Delete
  14. මේ පෝස්ට් එකට මං කලින් දාපු කමෙන්ට් එක නෑ නේ....

    එකේ තිබ්බේ හදිසියට මෙහෙම් දවසින් මෙච්ච්ර දිග පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් නියමයි කියලා...


    නිදහස් පක්ශයේ ‘ඇත්ත‘ පත්තරය වගේම අනුර බණ්ඩාරණායක කරපු පත්තරයක් තිබ්බා නේද ‘අද‘ කියලා..ඒ පත්තරේ ලිව්වෙ චින්තන ජයසේන කියලා මරු පොරක්... වික්ටර් රත්නායකගේ ‘ස‘ ප්‍රසංගයට නම දැම්මෙ ඔහු...

    -Mayya

    ReplyDelete
    Replies
    1. https://thattayagekolama.blogspot.com/2020/04/171.html
      මේක කියවලා බලන්නකෝ!
      චින්තන ජයසේන මහතා ගැන මගේ මතක තමයි ලියලා තියෙන්නේ!

      Delete
    2. ශා ...චින්තන ජයසේනත් එක්ක වැඩ කරලා තියෙනවා කියලා දැක්කම පුදුම සතුටක් දැනුනේ....,මං එච්චරට එයාගේ රසිකයෙක්....
      සමන් අතාවුද එයාගේ සමන් ෆො යූ නාලිකාවේ චින්තන ගැන වෙනම වැඩ සටහනක් කරලා තියෙනවා..

      චින්තන කථා කරන විදිහ ගැන සමන් කරලම පෙන්වනවා..චින්තනගේ දුවගේ අවසර ඇතිවා..

      https://www.youtube.com/watch?v=YrwHunvfYCE&t=323s
      ඒකත් අහලා බලන්න


      - Mayya

      Delete
    3. ස්තූතියි!
      මටත් චින්තන අයියා විදියට කථා කල හැකියි තරමක්!
      හමුවූ විටෙක පෙන්වන්නම්!
      මම බලන්නම්මේ යූ ටියුබ් චැනල් එකට ගිහින්.
      බොහොමත්ම ස්තූතියි!

      Delete
  15. දැන් හෙඩිමෙ තියෙන්නෙ වෙන එකක්. සටහනේ තව එකක්. එක්කො කුනුහරැප හෙඩිමක්හරි, ජාතිවාදෙ අවුස්සන එකක්හරි.
    හුම්. මිනිස්සුන්ගෙ වාසෙ හැටියටත් දේසෙ වෙනස් වෙනව නෙව!

    සුබ නව වසරක්... ඔබටත් පවුලේ හැමටත්, අයියා ✌

    ReplyDelete
  16. රොනී ද මෙල් මහත්මයට ලියපු ප්‍රසිද්ද හෙඩින් තුනක් තියෙනව නේද? "රොනී පනී" රොනී නොපනී" "නොපනී කියූ රොනී යලි පනී" කියල

    ReplyDelete
    Replies
    1. හඃ! හඃ!! හා!!!
      ඔව්! ඔය වගේ සුපිරි හෙඩිං ලියපු කෙනෙක් තමයි ඇත්තේ සිරා කියන්නේ!
      ස්තූතියි බොහොමත්ම මෙහි ආවාට!

      Delete
    2. මේක දකිද්දි හසලක තුෂාර කීව කතාවක් මතක් උනා.

      මැල් අයවැය කියවපු එක එදා ඇත්ත පත්තරේ හෙඩිමෙ සටහන් කරල තිබිල තියෙන්නෙ 'අයවැයෙන්, හිල් මැකුවද' කියලලු. (හිල් මැකුවද අනික් පැත්ත පෙරලුහාම 😁)

      Delete
    3. අම්මට සිරි! සිරා? - තට්ටයා

      Delete
  17. Suba Aluth Awruddk wewaa.

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...