ණය බරින් නාස්තිවන සමාජ කරය කමයක ගැටලූ Milinda Prashna 2012.12.26- ලංකාදීප -මිලින්ද මොරගොඩ ශරී2 ලංකාවේ ආර්ථිකය මැදි ආදායම් ලබන තෘප්තියෙන් පසු වෙයි. පසුගිය අවුරුදු කිහිපය තුළ ඒක පුද්ගල ආදායම වැඩිව තිබේ. පොදු ජනතාවගේ ජීවන මට්ටම ද යම් පර ත මාණයකින් දියුණුය. පවතින වෙළඳ පොළ රටාව සහ ගෙදර දොර පරිහරණය කරන උපකරණ දෙස බලන විට යම් පෙරැළියක් සිදුව ඇති බව පෙනේ. නමුත් රට තුළ පහළම පංතියෙන් කොටසක් මධ්යබම පංතියට නැගී ...
නාගරීකකරණය වටහා ගැනීමේ වැදගත්කම Milinda Prashna ලංකාදීප – 2013.07.23 – මිලින්ද මොරගොඩ ප්‍රධාන නගර වටා ජනගහනය එකතුවීම සෑහෙන කාලයක සිට අඛණ්ඩව සිදුවන කි‍්‍රයාවලියකි. එය අප රටට පමණක් නොව ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් ද මුහුණ පෑ යම් ගැටලූවකි. සංක්‍රමණය සීමාකරන්නට නගරයේ තරමට ගම ද සංවර්ධනය කළ යුතු බවට මතයක් කලකට ඉහත තිබිණි. එය වෙනස්වී තිබේ. නගර වටා ජනතාව එකතුවීම පිළිගැනීම අද පවතින ප්රතිපත්තියයි. ශ්‍රී ...
ප්‍රවාහනයේ නව ප්රවනතා අධ්‍යයනය කිරීම Milinda Prashna 2015/03/04 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ප්‍රවාහන අංශයෙහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ලෝකයේ නොයෙක් තැන අලූත් අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. නවෝත්පාදන සංකල්ප ඉදිරිපත්කර ඒවා ප්‍රායෝගිකව තහවුරු කරන්නට සමත්කම් දැක්වූ එලොන් මස්ක් නමැති පර්යේෂකයා ගමනාගමනය අධිවේගී කරන්නට ඉදිරිපත් කර ඇති අදහස ක්‍රියාවට නැගෙන්නට පටන්ගෙන තිබේ. ඔහුට අනුව සිලින්ඩරයක් තුළ ස්ථාපිත කරන ප්‍රවාහන ඒකකය එම සිලින්ඩරයේ වායු පීඩනය වෙනස් කිරීම තුළින් අධික වේගයකින් ගමන් ...
ප්රතිරූප මතු කරන මාධ්‍ය භාවිතාව Milinda Prashna 19.11.2014 -ලංකාදීප- මිලින්ද මොරගොඩ වර්තමානයේ මාධ්‍ය භාවිතාව ඉතාම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. ලෝකයේ කොතැනක හෝ සිදුවන දේ එසැනින් ප්‍රවෘත්තියක් ලෙස විකාශය වෙයි. අති විශාල තොරතුරු ප්‍රමාණයක් අහන්නට, දකින්නට සහ කියවන්නට ලැබේ. මේවා අතරින් පුලූල් ජන අවධානයට ඉඩ ලැබෙන්නේ සීමිත ප්රවෘත්ති ප්‍රමාණයකට පමණකි. අධි තොරතුරු සැපයුමක් පවතින අතර ඉහළම අවධානයක් ඇති ප්රවෘත්තියක තැන ගන්නට බලවත් තරගකාරිත්වයක් තිබේ. මෙම තරගකාරීත්වය තුළ ...
ඉදිරි දශක දෙකක සිදුවිය හැකි වෙනස Milinda Prashna 31/12/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ඉදිරි කාලය තුළ විශ්වය අලූත් යුගයකට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා පළවෙයි. ලෝක ආර්ථික සංසදය ඉතා ප්රමුඛ ක්ෂේත්‍ර පහක සිදුවිය හැකි වෙනස්කම් ජන ජීවිතය පහසු සහ කිසිසේත් උපකල්පනය කළ නොහැකි යහපත් වෙනසක් ඇති කරනු ඇතැයි අනාවරණය කර තිබේ. නිෂ්පාදනය, මූල්‍ය, සෞඛ්‍ය, බලශක්තිය සහ සන්නිවේදනය මෙම අංශ පහ වශයෙන් සැලකෙයි. තාක්ෂණික වශයෙන් මෙම අංශ වල ...
බටහිර දියුණුවේ රහස අනාවරණය කරගැනීම Milinda Prashna 2015/10/ 14 – ලංකාදීප අද වන විට පවතින්නේ පෙරදිග යුගය බව ජාත්‍යන්තර පර්යේෂකයන්ගේ අදහසයි. එවැනි තීරණයකට එළැඹෙන්නේ ආසියාව පදනම් කරගෙන පෙරදිග කලාපයේ සිදුවන පරිවර්තනයයි. ලෝකයේ පැවැත්ම තීරණය කරන බලවත් සාධකය බවට පෙරදිග පත්ව ඇති අවකාශය තුළ එහි පසුබිම සලකා බලන්නට පර්යේෂකයෝ නැඹුරු වෙමින් සිටිති. එපමණක් නොව, පෙරදිග යටපත් කරගෙන බටහිර ඉහළට නැගෙන්නට හේතු වූ බලවත් කරුණු කවරේදැයි සොයා බලන්නට ...
පාසලට කොටුනොවුනු අධ්‍යාපන රටාවක් Milinda Prashna 2014/10/15 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ‘තම අධ්‍යාපනයට පාසල් ගමන බාධාවක් කරගත්තේ නැත’ එය සුප්‍රකට සාහිත්‍යධර මාක් ට්වේන් ප්‍රකාශයකි. එයින් කියන්නේ ඉගෙනුම ලබන එකම තැන පාසල පමණක් නොවන බවය. එතුමන්ගේ ප්‍රකාශය පදනමක් කරගත් ඇමරිකාවේ තෙයිල් සංවිධාන සංසදය එරට විශ්ව විද්‍යාල ශිෂයන්ට විශේෂිත ශිෂ්‍යත්ව පිරිනමයි. එයට ඉල්ලූම් කළ හැක්කේ ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලවලට තේරී පත්වන සිසුන් අතරින් විශිෂ්ඨතම ප්‍රතිඵල සහිත ...
ආණ්ඩු කරන මැති ඇමතිවරු ජාත්‍යන්තරයෙන් තෝරා ගන්නා දිනය Milinda Prashna 2013.05.15- ලංකාදීප- මිලින්ද මොරගොඩ ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ දියුණු වන මුහුණුවරට අනුව එය දිනෙන් දින නොයෙක් හැඩතල ගනී. එහි අලූත්ම ප්රවනතාව ලෝකය පුරා ඕනෑම තැනක ජීවත්වන ඡන්ද දායකයෙකුට ස්වකීය මවුබිමේ නියෝජන කර ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලැබෙන අලූත් සංශෝධනයකි. අදහසක් වශයෙන් තිබුණ මෙම සංකල්පය ක්‍රියාවට නැගෙමින් තිබේ. එහි පළමු පියවර තබා ඇත්තේ ප්රංශයයි. ප්‍රංශයේ පුරවැසියෝ ලෝකයේ නොයෙක් රටවල ජීවත් වෙති. පුරවැසි ...
නිදහස් සිතිවිලි – නිදහස් නිමැවුම් මවනා දැයක් Milinda Prashna 2013.04.24- ලංකාදීප- මිලින්ද මොරගොඩ නිදහස දිනාගැනීම එකකි. නිදහස්වන්නේ පවත්වාගෙන ගිය බැඳීම් වලින්ය. බැඳීම් වලින් නිදහස් වූ පමණින් අපේක්ෂා කළ නිදහස පහල වන්නේ නැත. ජන සමාජය ප්‍රාර්ථනා කරන නිදහස් ස්වෛරී යුගය උදා කර ගත යුතු එකකි. බැඳීම් වලින් ඈත් වූ පමණින් නිදහසින් උද්දාමයට පත්වීම හැබෑවක් නොවේ. ගමන තවත් දුර බැහැරය. නිදහස ලබා ගෙන දශක හයහමාරක් ගතව ඇති අප සමාජය අද අත්විඳින්නේ ...
ජාති ආගම් අතර අනවබෝධය තුරන්කරමු Milinda Prashna 2015/05/06 -ලංකාදීප -මිලින්ද මොරගොඩ කුරුණෑගල රම්බඩගල්ල ශෛලමය සමාධි පිළිමය සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘත වූයේ නොබෝදාය. පොලොන්නරුව ගල් විහාර පිළිම නිර්මාණය සිදුවීමෙන් සිය වස් අටකට පසුව මෙරට නිම කළ එකම සෙල් පිළිමය මෙම බුද්ධ ප්‍රතිමාව බව ස`දහන් වෙයි. එය එය ඉතාමත් භාරධූර විශිෂ්ඨ කර්තව්‍යයකි. ශ්රාස්ත්රපති එගොඩමුල්ලේ අමරමෝලි නායක හිමිපාණන්ගේ කැපවීම සහ නොපසුබස්නා වීර්යය අගය කළ යුතුය. 2001 අවුරුද්දේ ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු ...
වියපත්වීම දෙස වියත් ඇසකින් බැලීම Milinda Prashna 2012.11.07 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ආර්ථික පර්යේෂකයෝ ලෝකයේ සිදුවෙමින් පවතින දෑ විවිධ පැති වලින් සොයා බලති. වැඩි වයස්ගත ජනගහනය ගැන කතා බහ අලූතෙන් පැන නැගී ඇති එවැනි මාතෘකාවකි. ඉපැදීම හා මරණය අතර පසුබිම කාලානුරූපව සංකීර්ණ වී තිබේ. වර්තමානයේ පවුලක දරුවන් ගණන සීමා සහිතය. හො`ද සෞඛ්‍ය පහසුකම් නිසා සාමාන්‍ය පරමායුෂ කාලය ද වැඩිය. ලෝක ජනගහනයේ දරුවන් ද වැඩිමහලූ පිරිස ද ...
පෙරදිගින් යළි නැගෙන නාලන්දයේ ආනන්දය Milinda Prashna 2012.09.13 ලංකාදීප – මිලින්ද මොරගොඩ නාලන්ද විශ්ව විද්‍යාලය ඥාන කේන්ද්‍රස්ථානයක් වශයෙන් සැලකුණ තැනකි. හය වැනි සියවසේ දී දකුණු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැවති මෙම විශ්ව විද්‍යාලය දරුවන්ට නේවාසිකව ඉගැන්වූ ලෝකයේ පළමු තැන ලෙස ද, සඳහන්ය. බෞද්ධ දර්ශනය අනුව යමින් පෙරදිග සංස්කෘතිය හා ශිෂ්ටාචාරය ගොඩනගන්නට එහි විද්‍යාර්ථීන්ගෙන් ඉටු වූ සේවාව අද ද මහත් සේ ඇගයෙයි. ආක්‍රමණ ඉදිරියේ නාලන්දය තෙවතාවක් විනාශ කළේය. අවස්ථා ...
ඇමරිකානු ජනපතිවරුන්ගේ අවසන් ලිපි හුවමාරුව Milinda Prashna 2016/10/26 – ලංකාදීප ඇමරිකාවේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය ගැටුම අවම කරන්නට ප්රයත්න දරයි. ශක්තිමත් කරන්නේ සබඳතාය. ඉවත්ව යන ඕනෑම ජනාධිපතිවරයෙකු අලූතෙන් පත්වන ජනාධිපතිවරයාට ලියන ලිපිය එරට ක්රමයේ එක් ශක්තිමත් සංකේතයකි. ධුරයෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා තම අවසාන ලිපිය ලියන අතර එය ලියන්නේ තම අත් අකුරෙන්ය. කවරයක බහා එම ලිපිය ජනාධිපති කාර්යාලයේ මේසය උඩ තබයි. අලූතෙන් පත්වන ඇමරිකානු ජනාධිපතිවරයා මුලින් කරන්නේ තමන්ගේ ...
පර් තිඵල සමාලෝචනයෙන් අධ්යාදපනය නව මගකට Milinda Prashna 2013.02.07 – ලංකාදීප- මිලින්ද මොරගොඩ පසුගියදා නිකුත් වූ උසස් පෙළ විභාගයේ පර් තිඵල වලට අනුව දරුවන් ඉගෙන් ගන්නට දරන මහන්සියේ තරම පැහැදිලිව පෙනේ. විෂයයන් තුනටම විශිෂ්ට සම්මාන ලැබූ සිසු සිසුවියන් පර ගනමාණය ද සැලකිය යුතු තරම්ය. එවැනි ඉහළම සාමාර්ථයක් ලබා ගත්ත ද විශ්ව විද්යාිලයට ඇතුලත්වීම අපහසුවන තරමට තියුණු තරගයක් මෙරට අධ්‍යා පනයේ පවතී. එය කණගාටුදායක තත්ත්වයකි. අධ්යාඅපනය වෙනුවෙන් රජය ...
කාන්තාව සුරක්ෂිත කරන සමාජයක් කරා Milinda Prashna 2015/09/16 – ලංකාදීප කාන්තාවන් ගේ සමාජ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් රටට ඉලක්කයක් අවශ්‍යය. දවසේ පැය විසිහතර පුරා නිදහසේ රට තුළ තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන්නට ඉඩ ඇති සමාජයක් නිර්මාණය කිරීම එහි අරමුණ විය යුතුය. මග තොට, බස් රියේ, වැඩපොලේ කාන්තාව ගොදුරු කරගන්නට බලාසිටින ඇස් ඇති බව අද පවතින සාමාන්‍ය අවබෝධයයි. ස්විට්සරලන්තය, සිංගප්පූරුව, ජපානය සහ හොංකොං ඇතුළු රටවල් කාන්තාවන් සුරක්ෂිත සැහැල්ලූ ජීවිත ...
තාන්න මාන්න පස්සේ දුවන අයට වියට්නාම ලඩුක් තෝ දුන් පාඩම Milinda Prashna 2018/09/05 – ලංකාදීප තාන්න මාන්න, නම්බු නාම වලට ලෝබකමක් මෙරට අනන්‍යතාවයේ ඇත. ලංකාව පාලනය කළ අධිරාජ්‍යවාදීහු එය මෙවලමක් සේ භාවිතා කළහ. ඉහළ ස්ථරයේ තෝරාගත් පිරිසකට සම්මාන ධුර පිරිනැමීය. ඒවායෙන් සතුටු වූ මෙරට වංශවත් පුද්ගලයෝ වැඩියෙන් සේවය කළේ නොරටුන්ටය. මෙරට රදල පැලැන්තිය සතුටින් තබා රට යටත් කර තබාගන්නට අධිරාජ්‍යවාදී සුළු පිරිසකට හැකිවිය. එදා මෙන්ම අදටත් සම්මාන පිරිනැමේ. තනතුරු වලට පත් ...
ධාතු වන්දනාවේ සමාජ සන්නිවේදනය Milinda Prashna 2012.09.19 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ඉන්දියාවේ, කපිලවස්තු පුර සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම වීය. දිවයිනේ නොයෙක් තැන් වල මහජන ප්‍රදර්ශනයට ඉඩදීම බොදු බැතිමතුන් ලද මහත් ආශ්වාදයකි. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් දැක සිත මහත් සේ පහදවාගත් පොදු ජනතාවට බුද්ධ දර්ශනයෙහි ගැඹුර අවබෝධ කර ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. සමානාත්මතාව බුද්ධ දර්ශනයේ වැදගත් ම ලකුණයි. උස් – පහත්, කුල – මල ...
නිවනක් නැති දොස් ම අහන්නට Milinda Prashna 02/05/2012 – ලංකාදීප - මිලින්ද මොරගොඩ අහසට නිවනක් නැත. නිවන, බොදුනු ජනතාව පතන අමා මහ සැපතයි. තමන් ලබන සැපත අහසට අහිමි බව කියන්නට මෙරට වැසියන් ඉස්සර වූයේ ඇයි? නිතර වෙනස්වන හෙයින්ය. අවශ්‍ය අවස්ථාවේ අපේක්ෂා ඉටු නොකරන විටදීය. වැස්ස වැඩි වූ විට දොස අහසටය. පෑවිල්ල සතියක් දෙකක් අල්ලන දා අහස දෙස බලමින් දොස් කියන ඇබිබැහියක් අපට ඇත. කාලගුණය අවබෝධකරගත නොහැකි වූ ...
සල්ලි මලූ ගානට වැටෙන අපේ මන්ත්‍රීහු Milinda Prashna 2018/11/14 – ලංකාදීප ප්රජාතන්ත්රවාදය උසස් පාලන ක්රමයකි. සමාජ දියුණු වන විට එයට තවත් විචිත්‍ර අංග එකතු වන අතර ඒවා මගින් පාලන ව්‍යුහය තවදුරටත් විනිවිද පෙනෙන ස්වභාවයකට පත් කරයි. නමුත් මෑත භාගය තුළ ප්රජාතන්ත්රවාදී පැවැත්ම ගැටළු සහගත තැනකට පත් විය. විශේෂයෙන් ජනතාවගේ ඡන්දයෙක් බලයට පත් වන මැති ඇමැතිවරු හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ජනතාව අතිශය කලකිරීමට පත්වූහ. එයට හේතුව කුමක්ද? මහජන නියෝජිතයන්ගේ ...
අලූත් පරපුර අලූතින් සොයන කොන්ෆියුසියස් දර්ශනය Milinda Prashna 2013.03.06 – ලංකාදීප- මිලින්ද මොරගොඩ චීනයේ විසූ කොන්ෆියුසියස් තුමා සමාජ වටිනාකම් හා විනය වෙනුවෙන් දර්ශනයක් ඉදිරිපත් කළේය. අවුරුදු දෙදහසකට පමණ පෙර වකවානුවකය. චීන විප්ලවයට ද කලින්ය. තම දර්ශනය අනුගමනය කරන්න. නමුත් තමන්ගේ ජීවිත කාලය තුළ හෝ මරණයෙන් පසුව එය අදහන්නට එපා යැයි හෙතෙම ඉල්ලීමක් කළේය. ඔහුගේ නමට පන්සලක්, පල්ලියක් හෝ දේවාලයක් තැනුණේ නැත. ජනී ජනයා එකතුව සංවාද කරන පරුත ජා ...