milinda-prashna

31/12/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ

ඉදිරි කාලය තුළ විශ්වය අලූත් යුගයකට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා පළවෙයි. ලෝක ආර්ථික සංසදය ඉතා ප‍්‍රමුඛ ක්ෂේත‍්‍ර පහක සිදුවිය හැකි වෙනස්කම් ජන ජීවිතය පහසු සහ කිසිසේත් උපකල්පනය කළ නොහැකි යහපත් වෙනසක් ඇති කරනු ඇතැයි අනාවරණය කර තිබේ. නිෂ්පාදනය, මූල්‍ය, සෞඛ්‍ය, බලශක්තිය සහ සන්නිවේදනය මෙම අංශ පහ වශයෙන් සැලකෙයි. තාක්ෂණික වශයෙන් මෙම අංශ වල සිදු වෙමින් පවතින නවීකරණයට මුහුණ දීමට අපොහොසත් වුවහොත් ඉදිරි වසර විස්ස ඇතුලත ලෝකයේ ප‍්‍රධාන පෙලේ සමාගම් ගණනාවක පැවැත්ම සුරක්ෂිත එකක් නොවනු ඇති බව ලෝක ආර්ථික සංසදය අනාවරණය කරන පර්යේෂණයක දැක්වෙයි.
නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ වෙනස්කම් අනුව මානව සම්පත වෙනුවට රොබෝවරු කම්හල්වල සේවයට එකතුවනු ඇත. එයට අමතරව මුද්‍රණ කර්මාන්තය තුන්වන පරම්පරාවේ එකක් බවට පත් වෙයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ දැනට අඩු මිලට භාණඩ නිපදවන චීනයට වඩා මිල අඩු නිෂ්පාදන ක‍්‍රියාදාමයක් ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් වාර්තාවීම බව දැක්වෙයි. රොබෝ ශ‍්‍රමිකයන්ට වැටුප් සහ අතිකාල ගෙවීමක් නැති සහ වැඩ කරන පැය ගණන අසීමිත වන පසුබිමක ඇමරිකාව සහ යුරෝපීය රටවල් නිස්පාදන අංශයෙහි පෙරැුළියක් ඇති කරනු ඇත. චීනයේ අඩු මිල අභිබවා යන්නට මෙම රටවල නිෂ්පාදනයෙහි නිරත කර්මාන්ත ශාලා මෙහෙයැවෙන විට වෙළ`ද පොළ වෙනස්වීම පාරිභෝගිකයන්ට වාසිදායක එකකි.
මෙම තත්ත්වයට සමාන්තරව බැංකු සහ මූල්‍ය අංශය ද තර`ගකාරී සහ දැනට පවතින ව්‍යුහයට වෙනස් එකක් විය හැකිය. බැංකුවට පැමිණීමේ අවශ්‍යතාවයක් නැතිවන අතර බිට්කොයින් වැනි දැනටමත් ක‍්‍රියාත්මක සංසරණයක් රහිත මුදල් ප‍්‍රවාහය තවත් දියුණුවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ප‍්‍රාග්ධනය සපයා ගැනීම පහසු වෙයි. ණය සේවා සහ එහි ලා අවශ්‍යවන ලියැකියැවිලි සීමිත වන පසුබිමක දැනට පවතින තද මූල්‍ය ප‍්‍රතිපත්ති පවා සරල සහසූක්ෂම වෙතැයි මෙම පර්යේෂණය දක්වයි.
වඩාත් අවධානයට ගත යුතු සෞඛ්‍ය අංශය බව ස`දහන් කළ හැකිය. වෛද්‍යවරයෙකු හමුවට යා යුතු රැුධිර පීඩනය, හෘද ක‍්‍රියාකාරීත්වය, ශරීර උෂ්ණත්වය යනාදිය ගූගල්, මයිකොසොෆ්ට් සහ සැම්සුන්ග් වැනි තොරතුරු තාක්ෂණ සමාගම් වලින් පහසුවෙන් ලබාගත හැකි නිරීක්ෂණවනු ඇති අතර සංකීර්ණ වෛද්‍ය වාර්තා පමණක් නොව සූක්ෂම සැත්කම් පවා රොබෝ තාක්ෂණයෙන් නිරවද්‍යව සිදුවිය හැකි පසුබිමක් සැකසෙයි. තමන්ගේ පරිගණකයෙන් ශරීර සෞඛ්‍ය නිතිපතා මැන බලා නිසි උපදෙස් දෙන යුගයක් මේ අනුව බිහිවනු ඇත.බලශක්ති ක්ෂේත‍්‍රය තුළ තවත් විස්මිත පරිවර්තනයක් අපේක්ෂා කරයි. අමෙරිකාව ඛනිජ තෙල් අපනයනය කරන රටක් බවට පත්වන අතර අලූත් තාක්ෂණික සොයා ගැනීම් ඔස්සේ බොරතෙල් මිල පහත වැටෙනු ඇත. සූර්ය බලශක්තිය ඉතාමත් මිල අඩු ප‍්‍රභවයක් විය හැකි සහ ඉදිරි වසර තිස්පහ තුළ සියයට අනූහතකින් පමණ එහි මිල අඩුවන විට එය හුදෙක් නොමිලේ නිවසට ලැබෙන බලශක්තියක් වනු ඇතැයි මෙම පර්යේෂණයෙහි දැක්වෙයි.

සන්නිවේදනයේ වේගවත් බව පස්වැනි කරුණයි.පණිවුඩ හුවමාරුව වේගවත් වන අතර ලෝකයේ ඕනැම තැනෙකට කතාබහ කිරීම ගාස්තු රහිතව සිදුවිය හැකිය. දත්ත සම්පේ‍්‍රෂණය පවා ඉතාම පහසු සහ ඕනෑම තැනෙක සිට රැුහැන් රහිතව අන්තර් ජාලය හා සම්බන්ධවිය හැකි ආකාරයට පරිවර්තනය වනු ඇත. මෙයින් සිදුවන පිරිවැය ඉතිරිය ජාත්‍යන්තරයේ දැනට පවතින රාමුව සහමුලින්ම වෙනස් එකක් බවට පත්වනු ඇතැයි ලෝක ආර්ථික සංසදය දක්වයි.මෙයින් පෙනෙන ආකාරයට 2015 වසරෙන් ඇරඹෙන ඉදිරි දශක දෙක තුළ එනම් අප ජීවත්වන සමාජයේ දීම සිදුවියහැකි වෙනස ජන ජීවිතය දැනට පවත්නා තත්ත්වයට වඩා වෙනස් උපමා කළ නොහැකි එකක් වෙයි. ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් මෙම අනභිබවනීය දියුණුව හමුවේ සම්බන්ධ වීමට නම් අලූත් ආකාරයකට සිතන්නට සහ ක‍්‍රියාකරන්නට අවශ්‍යය. නොඑසේනම් ජාත්‍යන්තරයේ සිදුවන මෙම වෙනස්කම් හමුවේ පිටස්තරයන් බවට පත්වනු නිසැකය. එළැඹෙන නව වසරේ දී අධිශ්ඨානය මෙම විශ්ව සමාජයේ කොටස්කරුවන් වීම බව සිහි තබාගැනීම වැදගත්ය.