සම්ප්රදාය රැකගෙන සජිවී වාර්තාකරණය Milinda Prashna 2014.01.15 -ලංකාදීප – මිලින්ද මොරගොඩ ජන සමාජය ගරු කරන සාරධර්ම ගැන යම් පොදු එක`ගතාවයක් තිබේ.නීත පනවා සාරධර්ම ආරක්ෂා කරන්නට හැකියාවක් නැත. නීතියෙන් ආරක්ෂා නොවන ඒවා රැකෙන්නේ සම්ප්රදායෙන්ය. සම්ප්රදායයට අභියෝග කළ හැකිය. එවැනි තත්ත්ව සමාජයේ පදනම නොඑසේනම් බල කේන්ද්‍ර යම් අවදානමකට ලක් කරයි. එක්තරා උච්ච අවස්ථාවක පැමිණ ඇති මෙරට සන්නිවේදන කෘත්‍ය සම්ප්රදාය කෙරෙහි විශාල බලපෑමක් කරන බව පෙනේ. ...
ආර්ථිකයේ අලුත් අවස්ථා Milinda Prashna 2014.11.26 -ලංකාදීප- මිලින්ද මොරගොඩ මුදලාලි යන වචනය සිංහල ශබ්ධකෝෂයට එකතු වන්නේ දෙමල වහරකින් බව විද්වතුන්ගේ අධ්‍යයන වලින් අනාවරණය කරයි. මුදලාලි බවට පත්වන්නේ මුදල් උත්පාදනය කරන දක්ෂ උත්සාහවන්තයෙකු යන සංඥාර්ථයෙන් බව අවබෝධකරගත හැකිය. ධනය උත්පාදනය සම්බන්ධ න්‍යාය සහ සංකල්ප වැඩි දියුණු වී ඒවා ව්‍යවසායකත්ව බවට පත්ව ඇති අතර යමක් අලූතෙන් උත්පාදනයෙන් තොරව පවතින්නට හැකියාවක් නැති බව වර්තමානයේ තහවුරු වෙමින් තිබේ. ...
බෙදීම වෙනුවට එකතු කිරීම Milinda Prashna 24/12/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාව ඇතුළු වෙමින් සිටින්නේ අලූත් යුගයකටය. මෙම යුගයේ බලවත්ම සංකේතය බවට පත්වනු ඇත්තේ අපේක්ෂාවය. පොදු ජනතාවට ස්වකීය අපේක්ෂා ඉටු කරගැනීමට ආණ්ඩු පාලනයේ දී ලැබෙන ඉඩ කඩ ඉතා වැදගත් වනු ඇත. එම අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සාධාරණ සහ යුක්ති සහගත පසුබිමක් සකස් කිරීම පාලකයන්ගේ එකම වගකීම වනු ඇත. තමන්ගේම ගෙයක් දොරක් තනා ගෙන දරු ...
වෙනසක් සදහා තර`ගකාරීත්වයට පිවිසීම Milinda Prashna 2014/04/23- මිලින්ද මොරගොඩ රටක් දියුණුවන විට අලූතින් නැගෙන ගැටලූ ඉතා සංකීර්ණ ස්වභාවයක් ගනී. සමාජය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමෙන් පමණක් විස`දුම් සොයාගත හැකිය. වැඩකරන ජනතාව තමන්ට ලැබෙන වැටුප් ගැන ප්‍රශ්න කරයි. ජීවන තත්ත්වය උසස්වන විට අවශ්‍යතා වෙනස්වන අතර ඒවා සපුරාගන්නට නම් වැඩි ආදායමක් උපයා ගත යුතුය. වැඩ කරන ජනතාව ඉල්ලන පරිදි ශ්රමයට වැඞ් මිලක් ගෙවන්නට නම් නිෂ්පාදනය කරන දේ ...
දේශසීමා බෙදීම් නැති රාජ්‍ය පාලනයකට මඟ Milinda Prashna 2014.04.02 - මිලින්ද මොරගොඩ රුසියාවේ හමුදා භටයන් යුක්රේනයේ කි‍්‍රමියාව ප්‍රදේශය ආක්‍රමණය කළේ නොබෝදාය. එහි පාලනය අතට ගත් රුසියාව මහජනතාවගේ කැමැත්ත විමසා බැලීම ස`දහා ජනමත විචාරණයක් පනත්වන ලදී. කි‍්‍රමියානු වැසියන්ගෙන් බහුතරයක් රුසියාව සමග එකතුවන බවට කැමැත්ත පළකරන ලද බව අනාවරණය වූයේ එහි ප්‍රතිඵලය නිකුත්වීම සමගය. දෙරටෙහි පාලකයෝ ගිවිසුම් වලට අත්සන් තබා යුක්රේනයෙහි නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රිමියාවේ පාලනය රුසියාවට නතු කර ගත්තේය. ...
ශාන්ති නායකයාණන්ගේ දැක්ම අන්තවාදී නැඹුරුවකට? Milinda Prashna 2013.07.10-ලංකාදීප- මිලින්ද මොරගොඩ බුද්ධ දර්ශනය තර්ජනයකට ලක්ව නැත. නමුත් එහි ප්‍රතිරූපයට අභියෝග එල්ල වෙමින් තිබේ. රට තුළ ද රටින් බැහැරව ද වාර්තාවන සිද්ධි සම්පිණ්ඩනය කරන විට පෙනෙන්නේ ශාන්ති නායකයාණන්ගේ දර්ශනය වෙනුවට අන්තවාදී වෛරී පසුබිමක් ඇති වන බවය. මැදුම් පිළිවෙත බුදු දහමේ පදනමයි. අන්තවාදයක් එහි නැත. අට ලෝ දහමට අනුව දුක සැප සමව ඉවසීම එහි පිළිවෙතයි. ආගමික අන්තවාදය දරුණු එකකි. අන්තවාදී ...
සුපිරි වෙළ`දාමේ නව ප්රවනතා Milinda Prashna 27.08.2014- ලංකාදිප- මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට අත්‍යාවශය පරිභෝජන භාණ්ඩ මිළදී ගැනීම ස`දහා සති පොළ සිට සුපිරි වෙළ`දසැල දක්වා විහිදුන අවස්ථා පවතී. සති පොළට පැමිණ එහි ඇති නොයෙක් සුවිෙශ්ෂි දේ මිළදී ගනිමින් සති පොළක පවතින සංස්කෘතිය වි`දින්නට මෙරට පාරිභෝගිකයින්ගෙන් යම් කොටසකට රුචිකත්වයක් ඇත. ඔවුන්ගේ අරමුණ දුර බැහැර තැන්වලින් එකතු කරගන්නා නොයෙක ආවේනික ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීමටය. නාගරික ප්‍රදේශවල සංකීර්ණ ...
ජනගහන රටා වටා ඇති ගුණ නුගුණ Milinda Prashna 2012.06.27- ලංකාදීප- මිලින්ද මොරගොඩ ජනගහන රටා, නිතර වෙනස් වන අන්තර් ජාතික තත්ත්ව සැලකිල්ලට ගැනෙන අලූත් සාධයකි. දේශ සිමා වෙනස් වෙයි. රටවල් එකතුවෙයි. ඒ අතර රටවල් බෙදී අලූත් රටවල් බිහිවෙයි. පවතින රටවල ජනගහන රටා වෙනස් වී අලූත් අනන්‍යතා ද ඇතිවෙයි. පසුගිය වසරේ එරට උපත ලද දරුවන්ගෙන් සියයට 50.4 ක් හිස්පැනිස් සුදු පසුබිම සහිත ඇමරිකානුවන් නොවන්නෝය. 2000 අවුරුද්දේ දී මෙම ප්‍රතිශතය සියයට ...
ශරීට ලාංකේය ඩයස්පෝරාව නිසි ලෙස හඳුනා ගැනීම Milinda Prashna 2013.01.23- ලංකාදීප – මිලින්ද මොරගොඩ ජන සමාජය ගමන් කරමින් සිටින්නේ සමාජ ගෝලීයකරණය වෙතටය. එහි දේශ සීමා නැත. පටු මායිම් ද ඇත්තේ නැත. ජනතාව අවස්ථාව ඇති තැන් බලා රටින් රටට යයි. දැනට ශරී. ම ලාංකිකයන් විසි ලක්ෂයකට වැඩි පිරිසක් ලෝකයේ නොයෙක් රටවල වෙසෙති. පහුගිය දශක තුන ඇතුලත රට තුළ හට ගත් ගැටුම් හමුවේ රටින් පිටත්ව ගිය ලාංකිකයන් ගණන හරි අඩක් තරම්ය. ...
දරුවන් සමග නගරයට එන කාන්තාවන්ගේ ඉරණම Milinda Prashna 16.05.2012- ලංකාදීප - මිලින්ද මොරගොඩ අධ්‍යාපනය නිදහස්ය. දරුවන් අධ්‍යාපනය ලබන්නේ නිදහසේද? නිසි අධ්‍යාපනය දරුවන් ට දෙන්නට රජය මහා වියදමක් දරයි. මෙම වියදමට සරිලන ප්‍රතිඵලයක් රටට ලැබෙන්නේ ද යන්න වෙනම විග්රහයකට යා යුතුව ඇති ප්රශ්නයකි. දෙමව්පියන් ස්වකීය දරුවන් වෙනුවෙන් දරන වෙහෙස සම කළ හැක්කේ කුමකටද? මෙරට අධ්‍යාපන රටාව අනුව සුදුසු ජනප්‍රිය පාසලක් සොයා ගැනීම පහසු නැත. එයට වාසනාවන්ත වුවහොත්, ප්‍රවාහනය ද ...
දුගී බව තුරන් කිරීමේ නව ප්රවණතා Milinda Prashna 2014/11/12 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ජාත්‍යන්තරයේ බලවත් රාජ්‍ය අතර ඉන්දියාවට ද නිශ්චිත ස්ථානයක් තිබේ. මෙම බලවත් රට තුළ දුප්පත්කම බලවත් සමාජ ප්රශ්නයකි. මහ මග අධික ශීතලෙන් සහ කුස ගින්නෙන් නිරාහාරව මියයන පිරිසක් ද ඉතාම පොහොසතුන් ජීවත් වන සහ ඉතාම බලවත් රටවල් අතර උරෙනුර ගැටෙන ඉන්දියාවේ සිටී. මෙම පසුබිම දකින ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දුප්පත්කම දුරු කිරීම නොව සහමුලින්ම ...
පරම විඥානාර්ථය සහ පරමාධ්‍යාශය Milinda Prashna 2015/03/25 – ලංකාදීප – මිලින්ද මොරගොඩ මිගෙට්ටුවත්ගේ ගුණානන්ද හිමිපාණන් සමග එකතු වූ මෙරට බොදුනු නායකයෝ බුදු දහම යටපත් කරමින් වැඞී ආ මිෂනාරී ආගමීකරණයට එරෙහිව ශ‍්‍රාස්තී‍්‍රීය විවාද පැවැත්වූහ. පානදුර වාදය එහි උච්ඡතම අවස්ථාව වූ අතර එය මෙරට ජාත්‍යන්තර සම්බන්ධතා හමුවේ සන්ධිස්ථානයකි. එහි ප්‍රතිඵලය වූයේ බුදු දහම එහි පණිවුඩය විහිදීමයි. වර්තමානයේ මෙන් තාක්ෂණය සහ විද්‍යුත් තොරතුරු හුවමාරුවෙන් පුවත් විකාශය නොවූ 1800 ...
ජීවිතයට ජනනීය ඉන්ද්රිය එකතුවීම Milinda Prashna 2012.06.06 – ලංකාදීප – මිලින්ද මොරගොඩ මනුස්ස ජීවිතය සංකීර්ණය. පුදුමාකාර එකකි. නිතර අලූත් දේ එකතුවෙයි. ඒවා සොයාගැනීම්ය. නූතන තාක්ෂණය හා විද්‍යාව එකතු වූ විට විවිධාකාර නව නිපැයුම් බිහිවන්නට පටන්ගෙන ඇත. ස්වභාවිකව සිදුවන පරිවර්තනයට පරිබාහිරව කෙරෙන පර්යේෂණ සේ සැලකිය හැකි මෙකී නව සොයාගැනීම් ලෝක ස්වභාවයට අභියෝග කරයි. ජනනීය අවයව භාවිතය අලූතෙන්ම එකතු වි ඇත. හදිසි අනතුරකදී අහිමිවන අවයවයක් වෙනුවෙන් කෙනෙකුගෙන් ...
මන්මෝහන් සිංගේ සත් සූත්‍රය යළි සංවාදයට ගැනීම Milinda Prashna 30/07/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිංගේ දසවසරක කාර්ය භාරය විවිධ පැති වලින් සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. එරට පළමු අග්‍රාමාත්‍ය නේරුගෙන් පසුව වැඩිම කාලයක් අඛණ්ඩව අගමැති ධුරය හොබවා ඇත්තේ මන්මෝහන්ය. දක්ෂ ආර්ථික විශේෂඥයෙකු වන හෙතෙම දේශපාලනයට සහ පසුව අගමැති ධුරයට පැමිණීම සිදුවූයේ අහම්බෙන් බව විචාරකයන්ගේ අදහසයි. ආර්ථික වශයෙන් අර්බුද ගණනාවකට මුහුණදුන් නරසිංහ රාවෝ අගමැතිවරයාගේ ආණ්ඩුව අලූත් ...
තරුණ ජවය සමග අලුත් පරමාර්ථ Milinda Prashna 23/07/2014 – ලංකාදීප බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය සංශෝධනය කර තිබේ. එය තද තීන්දුවකි. බලයේ සිටින කොන්සවටිව් පක්ෂය තමන්ට ලැබෙන ප්‍රතිචාර වලින් ජනප්‍රිය බව ක්‍රමයෙන් පිරිහෙන බව අවබෝධ කරගෙන තිබේ. එයට පිළිතුරක් ලෙස පක්ෂයේ ඉදිරියෙන් සිටින මුහුණු පසුපෙළට ගෙනැවිත් ඒ වෙනුවට අලූත් ප්රභාවත් චරිත ජනතාව හමුවට කැ`දවා ඇත. එයින් සිදුවිය හැකි පෙරළිය කුමක්ද? මෙහි පසුබිම සාකච්ඡාවට ගැනීම වැදගත්ය. වර්තමානයේ පවතින ජනමාධ්‍ය ...
තෙල් වෙළ`දාමේ ගැටලු නිරාකරණය කරගනිමු Milinda Prashna 2014/07/16 – ලංකාදීප ඛනිජ තෙල් වෙළ`දාම සම්බන්ධයෙන් රටට කීර්තිමත් ඉතිහාසයක් නැත. ආනයන මත සම්පූර්ණයෙන් යැපෙන මෙරට ඛනිජතෙල් පරිභෝජනය නොයෙක්වර ගැටලූ සහගත තත්ත්ව ඇතිකර තිබේ. එහි අවාසිය සිදුවන්නේ රටට සහ මහජනතාවට බව පැහැදිලිව තක්සේරු කළ හැකිය. ක්ෂේත්රය සම්බන්ධයෙන් සමස්ථයක් වශයෙන් සලකා ප්‍රතිව්‍යුහ කරණයකට යායුතුව ඇත. ඛනිජතෙල් සංස්ථාව ආණ්ඩුවේ ව්‍යවසායයකි. එයට ආයෝජනයකර ඇත්තේ මහජන මුදල්ය. ඉතිහාසයේ පටන්ම ආණ්ඩුවේ ඛනිජතෙල් වෙළ`දාම පාඩු ...
කියවිය යුතු පොතක් Milinda Prashna 2018/04/04 – ලංකාදීප හාවඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් පින්කර් ලියන ලද කෘතිය අනිවාර්යෙන් කියැවිය යුතු පොතක් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා වන බිල් ගේට්ස් සිය බ්ලොග් සටහනක දක්වා තිබේ. එයට හේතුවක් ඇත. උපකල්පනය කරන සමහර දේවල් අසත්‍ය බව කරුණු ගවේශනය කිරීමේ දී තහවුරු වන බව එකී ‘‘එන්ලයිට්මන්ට් නව්’’ නමැති කෘතිය පෙන්වාදීමයි. කරුණු පදනම් කරගෙන තීන්දු ගැනීම අවශ්‍ය බව පෙන්වන ...
යුක්තිය සහ පළිගැනීම Milinda Prashna 2017/11/29 – ලංකාදීප සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ දුෂණයට එරෙහිව තදින් ක්‍රියා කළ නායකයෙකු සේ ඉතිහාසයට එක්ව තිබේ. චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් එරට අති විශාල දුෂිත ජාවාරම් වලට එරෙහිව සටන් ආරම්භ කරන ලද බව මෑත කාලය තුළ වාර්තා විය. සවුදි අරාබිය නොබෝදා ඒ අතරට අලූතින් එකතු වී තිබේ. ලෝකයේ නොයෙක් රටවල් ස්වකීය රාජ්‍ය සෑම එකක්ම පාහේ තම තමන්ගේ ...
දිනන්නට නම් නොනැවතී වෙහෙසෙන්නට සිදුවෙයි Milinda Prashna 2012.11.28 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිබිදෙන වග දත්ත පෙන්නුම් කරයි. දළ දේශීය නිෂ්පාදිතය ඉහළය. ඒක පුද්ගල ආදායම ද වැඩි ව තිබේ. ප්රශස්ත ජීවන මට්ටමකට පොදු ජනතාව ගමන් කරමින් සිටින බව එයින් අගවයි. රටක් වශයෙන් දක්වන දියුණුව සැලකිය යුතු තරම් නමුත් තවත් වටිනා දියුණුවකට මග පාදාගත හැකි බව ඵලදායීතාව සම්බන්ධ අලූත් පර්යේෂණ වාර්තා පෙන්වයි. රටක ජාතික නිෂ්පාදනයට ...
ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්රය දෙස අනියත භීතියක් ඇයි? Milinda Prashna 2015/02/18 -ලංකාදීප– මිලින්ද මොරගොඩ ජාත්‍යන්තරය එකම ව්‍යාපාරික ජාලයක් බවට පත්ව ඇති යුගයක් උදා වී තිබේ. ලෝකයේ කොතැනක හෝ කරන නිස්පාදනට තවත් කෙළවරක සිටින පාරිභෝගිකයෙකු සොයා විකුණා ගන්නේ කෙසේදැයි විමසා බලන අතිශය කාර්යක්ෂම තාක්ෂණය අද උපයෝගී වෙයි. ඒ වෙනුවෙන් කරන තොරතුරු තාක්ෂණික ආයෝජනය ඉතාමත් බලවත් එකක් බවට පත්ව තිබේ. මෙම වානිජ පරිසරය තුළට ප්‍රවේශ වන්නට ශ්‍රී ලංකාව එතරම් උනන්දුවක් නැත. ...