milinda-prashna

2014.11.26 -ලංකාදීප- මිලින්ද මොරගොඩ

මුදලාලි යන වචනය සිංහල ශබ්ධකෝෂයට එකතු වන්නේ දෙමල වහරකින් බව විද්වතුන්ගේ අධ්‍යයන වලින් අනාවරණය කරයි. මුදලාලි බවට පත්වන්නේ මුදල් උත්පාදනය කරන දක්ෂ උත්සාහවන්තයෙකු යන සංඥාර්ථයෙන් බව අවබෝධකරගත හැකිය. ධනය උත්පාදනය සම්බන්ධ න්‍යාය සහ සංකල්ප වැඩි දියුණු වී ඒවා ව්‍යවසායකත්ව බවට පත්ව ඇති අතර යමක් අලූතෙන් උත්පාදනයෙන් තොරව පවතින්නට හැකියාවක් නැති බව වර්තමානයේ තහවුරු වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකාව ප‍්‍රවේශවෙමින් සිටින්නේ අලූත් යුගයකටය. එය මෙතෙක් අත් වි`දින ලද පැවැත්ම සහමුලින්ම වෙනස් කරන ආකෘතියක් වනු ඇත. තාක්ෂණික මෙවලම් වලින් සන්නද්ධ ගෝලීය සමාජයකි. ගමේ මුදලාලි කරන ලද මෙහෙවර වඩා පුලූල් සහ න්‍යයාත්මක ආකාරයකට ලෝකය පුරා විහිදෙමින් තිබේ. ඉතිහාසයට අනුව ශ‍්‍රී ලංකාව වෙළ`ද කේන්ද්‍රස්ථානයකි. අනුරාධපුරය භාණ්ඩ හුවමාරුව සිදුවූ වෙළ`ද නගරය බවට සාක්ෂි හමුවී ඇත. අතීත අත්දැකීම් මගින් පුනරාලෝකයක් ලබන්නට නම් ජාත්‍යන්තරයේ සිදුවන වෙනස්කම් දෙස විචාරාවබෝධයකින් බලන්නට අවශ්‍යය.

වර්තමාන සමාජය තුළ නිෂ්පාදනය තීරණාත්මකය. වෙළ`ද පොළ ඉතාම වැදගත්ය. වෙළ`ද පොළට ඉතාම තර`ගකාරී මිලකට උපරිම උසස් භාණ්ඩ හා සේවා සැපයීම ප‍්‍රමුඛ ඉලක්කය වීමට ඉඩ තිබේ. එය සාර්ථක කර ගන්නට දැනටත් සැලසුම් සම්පාදනය වෙයි. වසර 2020 හෝ එයින් දශකයකට පසුව ලෝකයේ ජනගහනය, අවශ්‍යතා සහ පාරිභෝජනයේ ආකෘතිය දැන් සිටම සම්පාදනය වෙමින් තිබේ.
එය පැහැදිලි කරන්නේ ජාත්‍යන්තරයේ ආයතනික ව්‍යුහය ක‍්‍රියාකරන ආකාරය අනුවය. පෙරදිග සහ අපරදිග වශයෙන් බලවේග දෙකක් වෙළ`ද පොල අත්පත් කරගැනීමේ සූක්ෂම ක‍්‍රියාකාරීත්වයට ප‍්‍රවේශ වී සිටී. නොබෝදා ශ‍්‍රී ලංකාවේ දී අවසන් වූ බොආ ඕ සංසදය එහි එක් පැත්තකි. චීනය නැගෙනහිර ආර්ථික ක`දවුර ශක්තිමත් කරමින් සිටී. මෙම ක`දවුරේ සැලසුම අනුව මුහුදුබඩ මාර්ගය ඔස්සේ සැපයුම් ප‍්‍රවාහයක් යුරෝපය දක්වා නිර්මාණය කරනු ඇත. එය ගොඩබිම ඔස්සේ පැවැති ඓතිහාසික සේද මාවත අලූත් ආකාරයකට සාගරය ඔස්සේ සකස් කිරීමකි.

බොආ ඕ සංසදය චීනය ඇතුළු ආසියාවේ රටවල් වෙළ`ද පොළ පදනම් කරගත් සැපයුම් ප‍්‍රවාහයකට එකතුවන අතර එය ජනගහනයෙන් වැඩිම එනම් බිලියන 2.5 ක් පමණ වන චීනය සහ ඉන්දියාව යා කිරීම ඉතාමත් වැදගත් අවස්ථාවකි. බොආඕ සංසදය ඉදිරිපත්වන්නේ බටහිර දැනටමත් තහවුරු වි ඇති ජගත් ආර්ථික සංසදයට විකල්පයක් වශයෙන්ය. ජගත් ආර්ථික සංසදය ස්විට්සර්ලන්තයේ ඩාවොස් නගරයේ දී වාර්ෂිකව රැස්වෙයි. එයට ආරාධනා ලබන රාජ්‍ය නායකයින්, ව්‍යාපාරිකයන් සහ විද්වතුන් ජාත්‍යන්තරයේ පවතින ගැටලූ ගැන අධ්‍යයනය කරයි. එයින් ඇති විය හැකි ප‍්‍රතිඵල සහ ලෝක ආර්ථිකයේ ඉදිරි පෙරැුළි ගැන ගැඹුරෙන් සාකච්ඡුා කරන වැඩ පිළිවෙලක නිරතය. ඩාවොස් නුවරින් ඇරඹුන ලෝක ආර්ථික සංසදයේ භූමිකාවට වෙනස් ආකාරයේ සංවාදයක් ඇති කරන්නට බොආ ඕ සංසදය පිහිටුවීමෙන් චීනය දරන ප‍්‍රයත්නය දෙස ජගත් ප‍්‍රජාව විශාල අවධානයක් යොමු කර තිබේ. ශ‍්‍රී ලංකාව මැදි වෙමින් සිටින්නේ බටහිර ඩාවෝස් සංසදය සහ චීනයේ බොආවෝ සංසදය අතර පවතින ආර්ථිකය සම්බන්ධ සූක්ෂම මතවාදී අරගලයට බව පෙනේ.

ගැටුම් අවසන්ව පශ්චාත් යුද වකවානුවක සිටින ශ‍්‍රී ලංකාව බටහිර පමණක් නොව නැගෙනහිර දෙසින් ද ආර්ථිකයේ අලූත් අවස්ථා ඇති කරගන්නට ප‍්‍රයත්න දරන වකවානුවකි. බොආවෝ සංසදය, ලෝක ආර්ථික සංසදය පමණක් නොව වෙනත් සෑම ප‍්‍රයත්නයකම කොටස්කරුවෙකු වී ආයෝජනය සහ වෙළ`දාම යන ප‍්‍රධාන බලවේග වලට ඇතුළු වන්නට උත්සාහ කිරීම ශ‍්‍රී ලංකාවේ කාර්ය භාරය විය යුතුය.