milinda-prashna

2015/02/18 -ලංක‍ාදීප– මිලින්ද මොරගොඩ

ජාත්‍යන්තරය එකම ව්‍යාපාරික ජාලයක් බවට පත්ව ඇති යුගයක් උදා වී තිබේ. ලෝකයේ කොතැනක හෝ කරන නිස්පාදනට තවත් කෙළවරක සිටින පාරිභෝගිකයෙකු සොයා විකුණා ගන්නේ කෙසේදැයි විමසා බලන අතිශය කාර්යක්ෂම තාක්ෂණය අද උපයෝගී වෙයි. ඒ වෙනුවෙන් කරන තොරතුරු තාක්ෂණික ආයෝජනය ඉතාමත් බලවත් එකක් බවට පත්ව තිබේ. මෙම වානිජ පරිසරය තුළට ප‍්‍රවේශ වන්නට ශ‍්‍රී ලංකාව එතරම් උනන්දුවක් නැත. අනියත භීතියකින් ක‍්‍රියා කරන බව පෙනේ. භූගෝලීය වශයෙන් පිහිටා ඇති ආකාරය අනුව රටට කේන්ද්‍රීය වෙළ`ද මධ්‍යස්ථානයක් වන්නට ඉඩ කඩ තිබේ.අනුරාධපුරය ලෝකයේ නොයෙක් රටවල වෙළ`දුන් සම්බන්ධ වූ වෙළ`ද නගරයක්ව තිබූ බවට සාක්ෂි ඉතිහාසයේ තිබේ. අදිරාජ්‍යවාදීහු ලාංකිකයන් වෙල`දාමෙන් ඉවත්කර එය ඔවුන් සතු කර ගත්තේය. නිදහස උදාකර ගත් නමුත් ව්‍යාපාර මෙහෙයවා ජාත්‍යන්තරයට ඇතුළුවීමේ අවස්ථාවට රට සූදානම් වූයේ නැත.

රට සංවර්ධනය කරන්නට නම් ධනය බිහි කළ යුතුය. නිෂ්පාදනයෙන් පමණක් ධනය බිහිවෙන්නේ නැත. ව්‍යාපාර එයට හො`ද අවකාශයකි. ඊළ`ග පරපුරට හො`ද රැුකියා අවස්තා ඇතිකරන්නට සහ රටට විශාල ආදායම් මාර්ග උත්පාදනය කර ගන්නට නම් රට වානිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගත යුතුය. ඉතාම වේගයෙන් දියුණු වන ඉන්දියාව රටට සමීපව සහ චීනය සමග පවතින බැ`දීම් කලාපය අතර වෙළ`ද කේන්ද්‍රය බවට පත්වන්නට යහපත් පසුබිමකි.වානිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් වන්නට නම් ව්‍යාපාර ස`දහා හිතකර රටක් බවට පත්කළ යුතුය. එයට අවශ්‍ය තීන්දු ගත හැක්කේ ජාත්‍යන්තර මිනුම් ද`ඩු අනුව රට තුළ ප‍්‍රතිපත්ති සම්පාදනයෙන් පමණකි. රටේ ආයෝජකයන්ටත්, ලෝකයේ ඕනෑම ව්‍යාපාරිකයෙකුටත් රටට පැමිණ ධනය යොදවා ව්‍යාපාර ආරම්භ කරන්නට, වෙළ`දාම අරඹන්නට පහසුකම් ඇත්නම් එයින් ප‍්‍රසාරණයවන්නේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයයි.

ලෝක බැංකුව ජාත්‍යන්තරය තුළ පවතින ආයෝජන හිතකර වාතාවරණය සම්බන්ධයෙන් කරුණු එකතු කර තොරතුරු සම්භාරයක් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරයි. එක් එක් රටවල නීති රීති, බදු, යටිතල පහසුකම්, ප‍්‍රාග්ධනය සපයා ගැනීමට ඇති අවස්ථා පමණක් නොව ව්‍යාපාර වල සුරක්ෂිතතාවය ගැන ද මෙම කරුණු අධ්‍යයනයේ දී රටවල් ශ්‍රේණි ගත කරයි. 2015 වසර ස`දහා නිකුත් කරන ලද ව්‍යාපාර කරන්නට හිතකර තත්ත්වය අනාවරණය කරන ලේඛනයේ දී ශ‍්‍රී ලංකාවට ලැබී ඇත්තේ 99 වැනි ස්ථානයයි. රටවල් 189 ක ලේඛනයක මෙවැනි ස්ථානයක් හිමි කර ගන්නා ශ‍්‍රී ලංකාවට තමන්ට ඉදිරියෙන් සිටින රටවල් පමණක් නොව පිටුපසින් සිටින රටවල් ගැන ද හො`ද විමසුමක් තිබිය යුතුය.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු රට තුළ අනාරක්ෂිත භාවය සම්බන්ධව ජාත්‍යන්තරයේ දී පැවැති සැකය දුරු වී තිබේ. නමුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අවශ්‍ය මූලික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව පසුවන්නේ යහපත්තැනක නොවේ. ව්‍යාපාරයක් ලියා පදිංචි කරගන්නට පහසු නැත. ඉඩමක් සොයාගන්නට, ඒ වෙනුවෙන් ලිපි ලේඛණ සකස් කිරීමට, ණයක් ගන්නට, විදුලිය හෝ ජල සම්බන්ධතා ලබා ගැනීමට කාලයක් ගත වන්නේ නම් එය ව්‍යාපාර හිතකර එකක් නොවේ. මෙම ලේඛනයට අනුව ආසියාවේ රටවලට වඩා ඉදිරියෙන් සිටින නමුත් ලෝකයේ තත්ත්වය අනුව හො`දම තැනක නැත. චීනය සහඉන්දියාව සමග වෙළ`ද ගිවිසුම් අත්සන්කර ඇති ශ‍්‍රී ලංකාව එම ගිවිසුම් හරහා වෙළ`දාමෙන් අලූත් අවස්ථා උපයෝගීකර ගන්නට හැකිවන සේ ප‍්‍රතිපත්ති තීරණ ගෙන නැති බව මෙම ව්‍යාපාර හිතකර තත්ත්වය සම්බන්ධ ලෝක බැංකු ශ්‍රේණිගත කිරීම කරුණු පැහැදිලි කරයි.

විවෘත ආර්ථික ක‍්‍රමයෙන් රටට වාසි අත්පත් කරගත හැක්කේ නිසි ආකාරයට ව්‍යාපාර මෙහෙයවන තර`ගයට ඇතුලූ වුවහොත් පමණකි. ජාත්‍යන්තරයේ පවතින වෙළ`ද රාමුව දෙස බලන විට නිර්භීතව තීන්දු ගැනීමෙන් රටට උපයා ගත හැකි අවස්ථා බොහෝ තිබේ. එවැනි පරිවර්තනයක් තුළ ශ‍්‍රී ලාංකිකයන්ට මැද පෙරදිග ඇතුළු ලෝකයේ නොයෙක් තැන් වලට ගොස් උපයා ගන්නට සිදු නොවන අතර රට තුළ රැකියා අවස්ථා බහුල වී වෘත්තීන් අතර තර`ගයක් ද නිර්මාණය වන්නට ඉඩ තිබේ. ඒ ස`දහා අවශ්‍ය වන්නේ දුර දිග බලා තීරණ ගැනීම පමණකි. ලෝක බැංකුවේ වාර්තාව ඒ ස`දහා අවශ්‍ය රාමුව ඉ`ගි කර තිබේ.