milinda-prashna2013.01.23- ලංකාදීප – මිලින්ද මොරගොඩ

ජන සමාජය ගමන් කරමින් සිටින්නේ සමාජ ගෝලීයකරණය වෙතටය. එහි දේශ සීමා නැත. පටු මායිම් ද ඇත්තේ නැත. ජනතාව අවස්ථාව ඇති තැන් බලා රටින් රටට යයි. දැනට ශරී. ම ලාංකිකයන් විසි ලක්ෂයකට වැඩි පිරිසක් ලෝකයේ නොයෙක් රටවල වෙසෙති. පහුගිය දශක තුන ඇතුලත රට තුළ හට ගත් ගැටුම් හමුවේ රටින් පිටත්ව ගිය ලාංකිකයන් ගණන හරි අඩක් තරම්ය. කොටසක් උසස් දැනුම සහ උසස් වෘත්තීය අවස්ථා වෙනුවෙන් රටින් බැහැර වූ පිරිසකි. තවත් කොටසක් අවසරයෙන් හෝ අනවසරයෙන් ශරෙන්මිකයන් ලෙස පිටත්ව ගිය අයයි. මෙම පිරිස එම රටවල පදිංචිව දෙවන හෝ තුන්වන පරම්පරාව වන ලාංකේය ඩයස්පෝරාවයි. ඔවුහු සමාජ ගෝලීයකරණයේ වරපරපරමසාද භුක්ති විඳින මෙරට කොටස් කරුවන්ය.
විදේශගත ශරීව ලාංකිකයන් නොයෙක් අන්දමට ස්වකීය මවුබිම දෙස අවධානයෙන් බලා සිටිති. පරව ජාතන්තරඅන්වාදය, මානව හිමිකම්, ආගම සහ සමාජ විනය ඔවුහු පරරියශ්න කරති. රටින් බැහැරව සිටින මෙම පිරිසට මෙරට සිදුවන දේ සම්බන්ධව දැඩි හැගීමක් ඇති බව පෙනේ.
ඉන්දියාව අවුරුදු ගණනක සිට එරටින් පිටස්තරව ජීවත්වන ඉන්දියානුවන් සමග සුවිශෙෂී සම්බන්ධතාවයක් ගොඩනගා තිබේ. එය පවත්වන්නේ වාර්ෂික සම්මන්තර අවණයක ආකාරයටය. ඉන්දියාවේ තෝරාගත් පරාෂිකන්තයක මෙම සම්මන්තරසහ ණය සංවිධානය කෙරේ. විදේශගත ඉන්දියානුවන් සම්බන්ධීකරණය කර ඔවුන් සමග සුහදත්වය ඇතිකරන කැබිනට් අමාත්යකවරයෙකු ඉන්දියානු මහ ආණ්ඩුව පත් කර ඇත. පලාතේ දේශපාලනඥයන්, විද්වතුන්, ආර්ථීක සහ සමාජයීය කොටස්කරුවන් සමග විදේශගත ඉන්දියානුවන් එකට මුණ ගැසීම මෙම සම්මන්තරදආරණයේ අරමුණයි. විදේශගතවසිට යම් ධනයක් උපයාගත් අය එය අදාල පරාආර්න්තයේ ආයෝජනයට එයින් ඉඩ ලබා ගනී. වෛදවරයෙකු හෝ ඉංජිනේරුවෙකු මෙම සමුළුවට සහභාගී වී අවසානයේ රටට යම් මෙහෙවරක් ද ඉතිරි කර ආපසු යති. ඔවුන් ජීවත් වන රටවල අත්දැකීම්, අනන්යදතා රටට සහ රට වැසියන්ට පැහැදිලිකර දෙන සාකච්ඡ සහ වැඩ මුළුවලට මෙම විදේශගත ඉන්දියානුවෝ සහභාගී වෙති. පසුගිය අවුරුදු ගණන තුළ ඉන්දියාවේ එක් එක් පරාන්දන්ත වල පවත්වන ලද මෙම විදේශගත ඉන්දියානුවන් කැ`දවීමේ සම්මන්තරාන ණය ඉන්දියාවේ දියුණුවට තවත් අවස්ථාවක් වී තිබේ. ආපසු පැමිණ මෙම සම්මන්තරසම ණයට සහභාගීවන ඉන්දියානුවන්ට ඒ වෙනුවෙන් ගුවන් ටිකට්පත් හෝ නවාතැන් හෝ වෙනත් වරපරණයටසාද සපයන්නට ඉන්දියානු රජය මැදිහත් නොවීම විශෙෂත්වයයි. එය සම්පූර්ණයෙන්ම රට වෙනුවෙන් කෙරෙන ස්වේච්ඡ කැපවිමකි. වැදගත් වන්නේ එයයි.
විශෙෂ දක්ෂතා සහ ආර්ථික අතින් සමෘද්ධිමත් සෑහෙන කණ්ඩායමක් විදේශගත ශරිෙ ලාංකිකයන් අතර සිටින බව පෙනේ. දශක තුනක් පැවති තරදේ ස්තවාදය අවසන්ව ඇති මෙම අවස්ථාවේ ඔවුන් සිය මවුබිම ගැන දක්වන ගැඹුරු හැගීම් රටට අරුත්බර ආකාරයකට හරවා ගත හැකිය. ජනගහනයෙන් සියයට දහයකට වැඩි පිරිසක් විදේශගතව සිටින මෙම කාලයේ එයින් සියයට යම් කොටසක් හෝ රටට වැඩදායක ආකාරයට සම්බන්ධ කර ගත හැකිනම් එය ඉතාම වැදගත්ය.
පිටරටට ගොස් යමක් උපයා එය තම රටට එවීමෙන් නතර නොවී මෙම විදේශගත පිරිස රටට සම්පතක් සේ සලකා කරිටට යා කරන්නට පියවර ගත යුතු කාලය උදා වී තිබේ. තාක්ෂණය දියුණු සහ ඉක්මනින් විවෘතව ලොව පුරා වෙසෙන ලාංකේය ජන පර ගතජාවට පණිවුඩයක් යවන්නට ඇති හැකියාව පරව පයෝජනයට ගනිමු. කැබිනට් ඇමතිවරුන් වැඩියැයි චෝදනා ඇතත් මෙවැනි සුවිශෙෂී කර්තව්යෝයකට අලූත් අදහස් ඇති තරුණ ඇමතිවරයෙකුට රටට විශාල මෙහෙවරක් කළ හැකිය. ගැටුම් හමුවේ ජාතිවාදීව වෙන්වූ සමාජය යළි එකතුකරන බලවේගයකට ද පදනමකි. ඉන්දියාව අනුගමනය කරන වැඩ සටහන අධ්යනයනය කළ හැකිය. මෙය, මෙරට පරවන තිපත්ති සම්පාදකයන්ට පැරණි රාමුවට එපිටින් අලූත් අවස්ථා ඇති බව පෙන්වන්න සාධකයකි.