milinda-prashna

2015/09/16 – ලංකාදීප
කාන්තාවන් ගේ සමාජ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් රටට ඉලක්කයක් අවශ්‍යය. දවසේ පැය විසිහතර පුරා නිදහසේ රට තුළ තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන්නට ඉඩ ඇති සමාජයක් නිර්මාණය කිරීම එහි අරමුණ විය යුතුය. මග තොට, බස් රියේ, වැඩපොලේ කාන්තාව ගොදුරු කරගන්නට බලාසිටින ඇස් ඇති බව අද පවතින සාමාන්‍ය අවබෝධයයි. ස්විට්සරලන්තය, සිංගප්පූරුව, ජපානය සහ හොංකොං ඇතුළු රටවල් කාන්තාවන් සුරක්ෂිත සැහැල්ලූ ජීවිත ගත කරති. ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති එකී පැවැත්ම ශ‍්‍රී ලංකාව සමග සස`දා බැලීම සුදුසුය.
විද්‍යාගේ සිද්ධිය වන විට රට තුළ පැවැති උද්වේගය අද නැත. අද වන විට සේයා සදෙව්මි නමැති දැරිය ගැන සමස්ථ සමාජයම කතා කරයි. මෙම සිද්ධි දෙක අතර පමණක් නොව එයට කලින් සිදුවූ සියලූ දේ ගැන ප‍්‍රමාණවත් ආකාරයට අවධානයක් අඛණ්ඩව පවත්වාගෙන යන්නට අසමත්වන්නේ ඇයි?
මෑත කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික ව්‍යුහය ඉතාමත් සංකීර්ණ එකක් බවට පත්ව තිබේ. එවැනි තත්ත්වයකට පත්වන්නේ දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට නිදහසේ ගමන් කරන්නට කානාතාවකට බාධාවක් නොතිබුණ රටක් බව ඉතිහාසය පෙන්වා දෙයි. රට වැසියන් ජීවත්වන්නේ බලව’ත් පීඩනයකින්ය. යහපාලනය වශයෙන් හ`දුන්වන්නේ ආණ්ඩුවේ රාජ්‍ය පාලනය පමණක් නොවේ. ආණ්ඩුව හා සමාන්තරව පුරවැසියන් ද සමාජය සැනසිලිදායක තැනක් කරන්නට යම් ප‍්‍රමාණාත්මක ප‍්‍රයත්නයක් දරන්නට අවශ්‍යය.

කාන්තා අතවරයක්, අමානුෂික සිද්ධියක් වාර්තා වූ වහා සමාජය කම්පනයට පත්වෙයි. සිදුවීමට බලපෑ හේතු සොයා බලා නිවැරදි කරන්නට වග බලා නොගන්නේ මන්ද? දීර්ඝ කාලයක් යුද පසුබිමක සිටි සමාජයක් කර්කෂ, කුරිරු සිද්ධීන් වලින් පදම්ව ඇති බව පිළිගත හැකිය. මත් පැන් සහ මත් ද්‍රව්‍ය රට තුළ බහුලවීම තුළ සමාජ විකෘතියකට මග පාදන බව වටහා ගැනීම අපහසු නැත. කාන්තාවන් විදේශගතවීම හේතු කරගෙන දරුවන් අනාරක්ෂිත වන සහ පවුල් ඒකක විෂමාකාරී ගැටලූ වලින් ගහන තත්ත්ව ඇතිකරන බව පැහැදිලිය. මෙම සියලූ පැති සලකා බලා කම්පාවීම සහ ඉතා ඉක්මනින් ඒවා අමතක කර සාමාන්‍ය බවට හැරීම අනුමත කළ හැකිද?

පුරවැසියන් මුහුණ දෙන පීඩනය මැඩ ඉවසිලිවන්ත සමාජයක් ගොඩනැගීම සියලූම දෙනාගේ වගකීමකි. ආණ්ඩුව ඒ ගැන දැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍යය. ආගමික නායකයන් සහ සමාජ නායකයන් රට තුළ පවතින ස්වභාවය බලවත් ආකාරයකට සාකච්ඡුා කිරීම ඉතා වැදගත්ය. සිංගප්පූරුව ඉතා සංකීර්ණ ආර්ථික ක‍්‍රියාවලියක් ඇති කුඩා රටකි. හොංකොං ¥පත ද එසේය. මෙම රටවල් දෙක කාන්තාවන්ට ගරු කරන සහ අපරාධ අඩු සුරක්ෂිත තැනක් බවට පත්වන්නේ කෙසේද? ජපානය වැනි විශාල රටක් තුළ කාන්තාව ගෞරවාන්විත ආකාරයේ පැවැත්මක් සහතික කරන්නේ කෙසේද? මේවා අධ්‍යයනය කළ යුතුව තිබේ.

සමාජය තමන්ගේ වගකීම් ගැන අවධානය යොමු කරන අතර ජනතාවට ශක්තියක් වන ආකාරයට ව්‍යුහය සකස් කරන්නට ආණ්ඩුව වග බලා ගත යුතුය. නීතිය එහි එක් ප‍්‍රමුඛ මෙවලමකි. මෙරට අධිකරණ පද්ධතිය තුළ යුක්තිය ඉටුවන ආකාරය පැහැදිලි නමුත් එහි ප‍්‍රමාදය සමාජය ඉවසන්නේ නැත. වින්දිත කාන්තාවක තමන් මුහුණ පෑ ඉරණම අධිකරණයේ කියන්නට පමණක් නොව, එය නැවත නැවතත් විග‍්‍රහ කරමින් අවුුරුදු ගණනක් නඩු පවත්වාගෙන යන්නට සිදුවීම, අපරාධකරුවන්ට සහනයකි.

අලූත් රටක් ගොඩනගන ව්‍යායාමය තුළ කාන්තාව කේන්ද්‍රීය ලක්ෂයකි. ඇගේ සමාජ සුරක්ෂිත භාවය ඇති කිරීම ගෞරවණීය තත්ත්වයකි. අතවරයට සහ හිංසනයට ලක්වන කාන්තාවන් සිටින රටක් ගැන දෙස් විදෙස් මැදිහත් ජනතාව සිතන ආකාරය ඉතාමත් අවලස්සනය. එවැනි ඉරණමකට ගොදුරු වූ කාන්තාවක්වේ නම් ඇයට යුක්තිය ඉටුකිරීම තව තවත් ප‍්‍රමාද කරන තැනට කරුණු ගොනුවෙන්නේ නම් එය තවත් අයහපත් බරපතල පසුබිමකි. එවැනි පැති ගැන විමසා බලා අලූත් ආකාරයකට තීන්දු ගන්නට සමස්ථ සමාජයම එකතුවීම අවශ්‍යය.