මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
මුළු රටම එක මිටට මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද නොවැම්බර් මස 15 වෙනි සිකුරාදා දිනයකි. එසේම වප් පුන් පොහෝ දිනයත් යෙදී ඇත්තේ අදට ම ය. ඊටත් දෙවෙනි නොවන මැතිවරණ උණුසුමකින් රටම වෙලාගත් සිකුරාදා දිනයකි අද. පෙරදින එනම් නොවැම්බර් මස 14 වනදා පැවැත්වූ මහ මැතිවරණයේ ප්‍රථිපල එකින් එකට මහජනතාව ඉදිරියේ පෙළහර පාන දිනය අදයි.මමද නිවාඩු දින උදේ පටන්ම පරිගණක තිරය දිහාවට ඇහැ යොමාගෙන සිටියේ පෙරදින මා දැමූ ඡණ්දයේ ...
මගේ ඩෙමියෝ එක මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කලින් ලිපි දෙක වගේම මේකත් මේ වාහන ගැනම පොඩි දෙයක් ලියලා දාන්න ඕන කියලා හිතුනා.දැන් නම් ලංකාවේ වාහන මාර්කට් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. වාහන වල මිල තියෙන්නේ වාහනයේ තියෙන වටිනාකමට නෙමෙයි. අවුරුදු 20ක් විතර පැදපු ඒවත් සෑහෙන්න මිලෙන් වැඩියි. මේ මිල වැඩි වීමට එක හේතුවක් තමයි ලංකාවට වාහන ගෙන්වන්නේ නැති වීම. අනිත් හේතුව තමයි වාහන බයින් ඇන්ඩ් ...
විකුණනු ලැබේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මගේ පළවෙනිම වාහනය උනේ පැන්ඩා ක්‍රොස් එකක් කියලා කලින් බ්ලොග් සටහනක මම කියලා තියෙනවා. ඉතින් ඒ පැන්ඩා වාහනය, මම අවුරුදු දෙකක් පැද්දට පස්සේ විකුණන්න හිතුනා. ඒ වාහනය විකුණන්න මට හේතු කිහිපයක් බලපෑවා.පළවෙනිම හේතුව තමයි මැනුවල් වාහනක් පැදලා තියෙන නිසා ඔටෝ වාහනයක් පැදලා අත්දැකීමක් ගන්න ඕන කියලා හිතුන එක. මොකද අපේ උන්දෑ නාහෙන් අඩනවා අපි ඔටෝ එකකට ගියා නම් එයාටත් ...
පැන්ඩා ක්‍රොස් එක මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මීට අවුරුදු දෙකකට ඉහත මම රෝද හතරකට ගොඩ උනා. ඒ ගොඩක් හොඳ වාහනේකට නම් නෙමෙයි. ඒක පැන්ඩා ක්‍රොස් එකක්. චීනයේ හදලා ලංකාවේ මයික්‍රෝ සමාගමෙන් එකලස් කරපු වාහනයක්. මේකේ මැනුවල් සහා ඔටෝ වාහන දෙවර්ගයම ලංකාවේ දකින්න තියෙනවා.ඒ දෙවර්ගයෙන්ම මගේ බජට් එකට සෙට් උනේ මැනුවල් එකක්. මම වාහනයක් ගන්න යනවයි කියලා කියපුවහම මගේ යාළුවෝ සෙට් එක මට එක එක සිලෙක්ශන් එවුවා. ...
පාර්කින් (Parking) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය දවස් ටිකේ එලකිරි එකේ පොඩ්ඩක් එහා මෙහා කැරකිලා බලනකොට කවුද මන්දා කෙනෙක් දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බා චිත්‍රපටයක් ගැන. ඒක දමිල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම තමයි මේ බ්ලොග් සටහනේ ටයිටලේට දාලා තියෙන්නේ.චිත්‍රපටයේ නම වගේම තමයි මි කතාව දිවෙන්නේත් පාර්කින් ස්ලොට් එකක් ගැනඑකම පාර්කින් ස්ලොට් එකකට රණ්ඩු කරන පවුල් දෙකක් ගැනයි මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ. කොමඩි චිත්‍රපටියක්ම නෙමෙයි හැබැයි මේක. පොඩ්ඩක් සීරියස් ...
ඇඟට දැනෙන නව වසරක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලැබුවා වූ නව වසර, කරදර අඩුවෙන වසරක් වේවා කියලා මුලින්ම පතන්නම්.ඒ උනාට මේ අවුරුද්ද නම් කලින් අවුරුද්දට වඩා මිනිස්සුන්ගේ ඇඟ පතට එහෙම නැත්නම් මුදල් පසුම්බියට දැනෙන අවුරුද්දක් වේවි ය කියලා හිතෙන තරමේ පෙරමඟ සලකුණු 2023 අවුරුද්දේ අග භාගයේදි අපට මාධ්‍යයන් ඔස්සේ අහන්න දකින්න හම්බ උනා නෙව.ජනවාරි පළවෙනිදා ඉඳලා මිනිස්සුන්ට ලැබෙන්න නියමිත සහන රැසක ඉඟි කලින්ම අපට දීලා තියෙන නිසා ...
සුබ නත්තලක් වේවා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සෑහෙන කාළයකට පස්සේ බ්ලොග් එක මතක් වෙලා මේ පැත්තට ආවේ. දවස දවස ගෙවිල ගිහින් අවුරුද්දත් ඉවර වෙන්නත් දවස් කිහිපයයි තියෙන්නේ. ඊට කලින් නත්තල ඇවිල්ලා නෙහ් තියෙන්නේ.එහෙනම් ඒකට සුබ පතලා ඉම්මුකෝ..ලෝ වැසි සියළු කිතුණු බැතිමතුන්ට සුබම සුබ නත්තලක් වේවා කියලා පතනවා.මේ නත්තලෙන් පස්සේවත් ගාසා තීරයට සාමය උදා උනොත් හොඳයි. නිස්කාරණේ සෑහෙන මනුස්ස ජීවිත ගොඩක්, දේපල රාශියක් හානි වෙන එක විතරයි ...
සලංහන්තේ කළාකරුවාණනි ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ජැක්සන් ඇන්තනී දිවියෙන් සමු ගනී !අද උදෑසනම මා හෙලකුරු වලින් ලද පළමු ප්‍රවෘත්තිය වේ. මෙය පුවත ඇස ගැටුමත් සමඟ සියුම් දුකක් මා තුළින් හට ගැනුණ බව මා පැවසිය යුතු ය. ඒ මා ප්‍රිය කරන කලාකරුවන් ගොන්නට අයත් කළාකරුවන්ගෙන් අයෙකි.ජැක්සන් ඇන්තනීගේ දේශපාලන දැක්ම මට අපූල ය. ! මා ඒ ගැන කතා නොකරමි !ඒ හැරුණකොටගෙන ජැක්සන් ඇන්තනී ගැන කතා කරතහොත් ඔහු ...
හවස් වෙද්දිවත් පායයිනේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද නිවාඩු දිනයකි. මා වෙනදා මෙන් උදෑසන හයට පමණ අවදි වූවෙමි. කෙතරම් උත්සහ කලද නිවාඩු දිනවල පවා උදෑසන හයෙන් පසුව නිදා ගැනීම මා හට කළ නොහැක්කකි. එක් අතකට එය වාසියක් උවත් අනෙක් අතට මා විඳින කරුමයක් මැයි. පෙරදා රාත්‍රියේ පටන් ගත් මුරුගසන් වරුසාවේ අඩුවක් තිබුණත් කළු වලාකුලින් බර අඳුරු අහසක් මිසෙක පායන හිරුගෙන් පිබිදෙන පැහැදිලි අහසක ඡායා මාත්‍රයකවත් සේයාවක් දිස් ...
රුපියල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ රුපියලේ කාසි නම් මහ සාපයක් වෙලා තියෙන්නේ දැන් නම් !මේ කාළේ හැටියට රුපියලේ කාසියකින් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. අපි පොඩි දවස්වල නම් රුපියලක් කඩේට අරගෙන ගියොත් සත දහයේ ටාටා 10ක් ගන්ඩ පුලුවන්. එහෙම නැත්නම් සත පනහේ කිරිටොපි හරි පොල් ටොපි හරි දෙකක් ගන්ඩ පුලුවන්. එහෙමත් නැත්නම් රුපියලේ ටොපියක් හරි ගන්ඩ පුලුවන්.දැන් මේ කිසිම දෙයක් කරන්ඩ බෑ. !කොටින්ම ...
Por Thozhil මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාලෙකට පස්සේ දෙමල චිත්‍රපටයක් බලන්න සෙට් උනා. මම චිත්‍රපට වලින් ආදර කතා නම් බලන්න කැමතිම නෑ. මම බලන්නෙම අපරාද ගණයේ හරි ත්‍රිලර් ගණයේ චිත්‍රපට... ඒවායේ ටිකක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ගතියක් තියෙනවා.ඒත් සමහර ත්‍රිලර් කතා වල මැද්දෙන් මැද්දෙන් ආදර කතා සිංදු වගේ ඒවා දාලා මුළු චිත්‍රපටයම චොර කර ගත්තු වෙලාවලුත් නැතුවම නෙමෙයි. ඒ ඇරෙන්න බහුතරයක් කතා නම් හොදයි.මේකත් මම ...
කොස් ගහට පර්මිට් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය ටිකේ ගේ ඉස්සරහ වැවිලා තිබ්බ කොස් ගහක් කපලා දාන්න උනා. ඒකට හේතු භූත උනේ කොස් ගහේ යට කොටහා දිරාගෙන ගිහින් තිබ්බා. දිරලා විතරක් යෑ බෙණයක් මතු වෙලා තිබ්බා. ඔය ගහ කඩාගෙන වැටුනොත් එහාපැත්තේ වත්තේ ස්ලැබ් එක උඩට තමා පත බෑ වෙන්නේ.ඒ නිසා ඊට කලින්ම කපලා දාන්න ඕන කියලා තමයි සූදානම් උනේ.වෙන ගස් වගේ නෙමෙයි කොස් ගහක් හෝ දෙල් ...
කන්ද උඩ ගින්දර මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සෑහෙන කාලෙකින් බ්ලොග් අඩවියේ ලිපියක් ලියලා දාන්න බැරි උන නිසා අද මොනවමහරි කොටනවයි කියලා හිතලා මේ පැත්තේ ආවා. මම පහුගිය සෙනසුරාදා පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියට ඕන කරන පොතක් ගේන්න ගුණසේන එකට ආවා. ඒකෙන් පොඩි එක්කෙනාට ඕන කරන පොත තෝරගෙන ඊට පස්සේ නවකතා ටික අතරේ පොඩි රවුමක් දැම්මා.මීට අවුරුදු දෙකකට උඩදි නම් මාසෙකට පොතක් දෙකක් ගන්න එක පුරුද්දක් වෙලා තිබ්බා. දැන් ...
පින්බර පොසොන් මංගල්ලයක් වේවා ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මිහිඳු හිමියන් ප්රමුඛ පිරිවර ලංකාවට බුදු දහම ගෙන ආ ඒ අසිරිමත් පොසොන් පොහෝ දිනය අදයි.මෙදාපාර වෙසක් එකට වඩා පොසොන් එක සරුයි වගේ. දකින දකින හැම තැනම දන්සල් තියෙනවා. නිකන්ම දන්සල් නෙමේ. බත් දන්සල් ! පාන් දන්සල් !ඒ වගේම තමයි හවසට සිසිල් බීම දන්සලුත් හෙන ගොඩක් තියෙනවා. මමත් දවාලේ බයිසිකලයෙන් රවුමක් ගිහින් දන්සල් තොගයක් වැඳගෙන ආවා.ආයේ හවස් වෙලා පොඩි රවුමක් ...
සුබ වෙසක් මංගල්ලයක් වේවා ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද වෙසක් පෝය දවස !පහුගිය ටිකේම වේලිලා යන්නම පායලා ඕං අද උදේ ඉදන් වහින්න ගත්තා කියහන්කෝ. ඉදලා ඉදලා කාලයකට පස්සේ තමයි වෙසක් බලන්නවත් යන්න හම්බ උනේ ඒකත් අල වෙන පාටක් තමයි උදේ ඉදන් දකින්න හම්බ උනේ.ඒත් හිතපු තරම් කරදරයක් මේ වෙලාව වෙනකොට නම් නෑ වගේ. දැන් නම් ආකාහේ ටිකක් වැහි වලාකුළු නැති ගතියක් තමයි තියෙන්නේ. තවත් හවස් වෙනකොට නම් ...
සුභ අලුත් අවුරුද්දක් වේවා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් සාමය, සතුට හා සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා... !!!இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்… !!!Wish you a Happy and Prosperous Sinhala & Hindu New Year… !!! ...
ඉඳිගහ තොටුපොළ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියේ නිවාඩු නිසා එයාට ටිකක් කම්මැලියි. මොන්ටිසෝරි දවස්වල නම් ඉතින් උදේ වරුවේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න, ටීචර් එක්ක එක එක ක්‍රියාකාරකම් එහෙම කරන නිසා පාළුවක් නෑ. ආයේ ඉතින් මොන්ටිසෝරි ඇරෙන වෙලාවට එයාට හම්බ වෙන අයිස් ක්‍රීම් එක එහෙම මේ ටිකේ ලැබෙන්නේ නැති නිසා පුංචට පොඩ්ඩක් කම්මැලි ගතියකින් ගෙවෙන දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ.කොලූගේ කම්මැලිකම නැති ...
හිච්චි උපාලිගේ මෙගා වංචාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාලෙන් කාලෙට මොන මොනවා හරි සිද්ධි ඇවිල්ලා බුකිය ඇඉලෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. මේ දවස්වල බුකිය හොඳටම ඇවිලිලා තියෙන්නේ විනී ප්‍රඩක්ශන්ස් ලාගේ පට්ට ස්කෑම් ප්‍රොමෝශන් වීඩියෝ එක නිසා. වීඩියෝ එකේ නම හිච්චි උපාලි !ඉතින් මේ වීඩියෝ එක දැක්කට පස්සේ මටත් හිතුනා වීඩියෝ එක පිළිබඳ මගේ සත දෙක ගැන පෝස්ට් එකක් ලියලා දාන්න.මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කෝ මොකද්ද මේ ...
ගුරුවරු, දඬුවම් හා මානව හිමිකම් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ බ්ලොග් සටහන දමන්න හිතුනේ අපේ පුතාගේ කලින් ටීචර් කෙනෙක් දාලා තිබුන පෝස්ට් එකක් හන්දා. ඔන්න මම ඒ පෝස්ට් එක පහලින් දාන්නම්.මේ පෝස්ට් එකේ විදිහට කියැවෙන්නේ දරුවෙක්ව හොඳ මාර්ගයට ගන්න දඬුවම් කරන්නම ඕන කියලනේ. දඬුවම් කලහම දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට යනවයි කියනවනේ.මම දන්න විදිහට දෙමව්පියන් හැම දඬුවම් දීමකටම මානව හිමිකම් එකට දුවලා නෑ. ප්රවෘත්ති වල ගියපු හැම මානව හිමිකම් ...
බිලියන 3ක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මගේ සත දෙකේ කතාව ලියලා ඉවර වෙනවත් එක්කම වගේ දැක්කේ බිලියන 3ක කතාවක්.අද 2023 අවුරුද්දේ මාර්තු මාසයේ 21 වෙනි අඟහරුවාදා දිනයක්. අද වන විට ලංකාව වැටි ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට යම්කිසි සහනයක් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් ලැබීමට නියමිතයි.එක අතකට මේ ප්‍රවෘත්තිය සතුටට කාරණයක් ද එහෙමත් නැත්නම් තවත් ණය ගොන්නක හිරවීමක් ද යන්න අදහසක් මා තුල ...