01 January 2024

ඇඟට දැනෙන නව වසරක්

 ලැබුවා වූ නව වසර, කරදර අඩුවෙන වසරක් වේවා කියලා මුලින්ම පතන්නම්.

ඒ උනාට මේ අවුරුද්ද නම් කලින් අවුරුද්දට වඩා මිනිස්සුන්ගේ ඇඟ පතට එහෙම නැත්නම් මුදල් පසුම්බියට දැනෙන අවුරුද්දක් වේවි ය කියලා හිතෙන තරමේ පෙරමඟ සලකුණු 2023 අවුරුද්දේ අග භාගයේදි අපට මාධ්‍යයන් ඔස්සේ අහන්න දකින්න හම්බ උනා නෙව.

ජනවාරි පළවෙනිදා ඉඳලා මිනිස්සුන්ට ලැබෙන්න නියමිත සහන රැසක ඉඟි කලින්ම අපට දීලා තියෙන නිසා ඇස් දෙක නළලේ තියාගෙන සර්ප්‍රයිස් වෙන්න දේකුත් නෑ මම හිතන්නේ.  තෙල් මිල නම් කොහොමත් 360 වෙනකන් යයි. ( මැති ඇමති ඉන්ධන සහනාධාරෙත් ටිකක් වැඩි කරගනීවී )

ඊට අමතරව බස් ගාස්තු, අත්‍යවශ්‍ය ආහාර පාන වල මිල වගේ දේවල් ටිකක් වැඩි වෙන්න ගනීවි. ඒ නිසා ගායිස්, පටි තදකරගෙන හිටියා වගේම බිත්තියට හේත්තු වෙලා ඉන්න තියෙන්නේ. 


පුළුවන් එවුන් අවුරුදු 2500යේ අහවල් එක කිය කියා වංසේ කබල් ගාන්නේ නැතුව ඉන්දියාවට හරි පැන ගන්ඩ තියෙන්නේ. ඕක මන්තරේ වගේ කිය කියා හිටියා කියලා අපට වෙන සෙතක් නෑ.ඊට අමතරව හරියට බැලුවොත් ඡන්ද දෙකක් පවත්වන්න ඕන වසරක් මේක. (මහමැතිවරණයක් හා ජනාධිපතිවරණයක් ) ඒ නිසා කල්පනාවෙන් මේ වසරේදිවත් හරියට හිතලා බලලා ඡන්දේ පාවිච්චි කරමු. නැත්නම් වෙන එකාලගේ මෝඩ කතිරයක් නිසා දීපු නොදීපු හැම එකාගෙම බත් පතට වැලි දාගන්න වෙන්නේ.



එහෙනම් ජය විවා ! 

4 comments:

  1. සුව සුබ නව වසරක් වේවා
    ජයවේවා

    ReplyDelete

  2. යථාර් ථයට නිර් භයව මුහුණ දිය හැකි නව වසරක් වේවා !

    ReplyDelete
  3. 2024 හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    -Mayya

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.