27 February 2024

විකුණනු ලැබේ

 මගේ පළවෙනිම වාහනය උනේ පැන්ඩා ක්‍රොස් එකක් කියලා කලින් බ්ලොග් සටහනක මම කියලා තියෙනවා. ඉතින් ඒ පැන්ඩා වාහනය, මම අවුරුදු දෙකක් පැද්දට පස්සේ විකුණන්න හිතුනා. ඒ වාහනය විකුණන්න මට හේතු කිහිපයක් බලපෑවා.

පළවෙනිම හේතුව තමයි මැනුවල් වාහනක් පැදලා තියෙන නිසා ඔටෝ වාහනයක් පැදලා අත්දැකීමක් ගන්න ඕන කියලා හිතුන එක. මොකද අපේ උන්දෑ නාහෙන් අඩනවා අපි ඔටෝ එකකට ගියා නම් එයාටත් ගොඩක් ලේසියි කියලා. ඉතින් ඒක තමයි පළවෙනිම හේතුව උනේ.

දෙවෙනි හේතුව මේකයි. පැන්ඩා කියන්නේ ඉතින් චයිනීස් වාහනයක්. ඒකේ සේරම පාර්ට්ස් ගේන්නේ චීනයෙන්. ඒ කරලා ලංකාවේ තමා ඇසෙම්බල් කරන්නේ. අමුවෙන් කියනවා නම් පැන්ඩා කාර් වල Build Quality එකයි ෆිට් ඇන්ඩ් ෆිනිශ් එකයි මදි. දොර හැන්ඩ්ල් එහෙම හරිම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. මොකද ඒවා නිකන් කැඩෙන්න ඔන්න මෙන්න වගේ තියෙනවයි කියලා මට හිතෙන්නේ.

අනිත් හේතුව තමයි සමහර පාර්ට්ස් එහෙම දැන් ලංකාවේ හොයාගන්න අමාරුයි. ඒවා චීනෙන් ගෙන්නන්නෙත් නෑ මම හිතන්නේ. උදාහරණයක් විදිහට පැන්ඩා එකේ ඒසී කවුළු දෙක මට හොයාගන්න සෑහෙන්න කට්ටක් කන්න උනා. අහන අහන තැනින් කිව්වේ ඒවා දැන් එන්නේ නෑයි කියලා.

ඔය වගේ තව තව පොඩි හේතු කිහිපයක් තියෙනවා. ඉතින් මේ සේරම හිතලා බලලා මම වාහනේ විකුණලා දැම්මා.පැන්ඩා ක්‍රොස් එක මගේ පළවෙනිම කාර් එක විදිහට තෝරගත්තු දවසේ ඉඳලා මට තේරුණ දෙයක් තමයි ලංකාවේ මිනිස්සු අතරේ මේ වාහනය ගැන වැඩි කැමැත්තක් නෑයි කියන එක. 

හැබැයි පැන්ඩා කාර් එක නම් ඇල්ටෝ මරුටි වගේ ඉන්දියන් කාර් වලට වඩා නම් සෑහෙන්න හොඳයි. ඇල්ටෝ තරම්ම තෙල් කරන්නේ නැති උනාට හොද Fuel Consumption එකක් තියෙනවා.

ඇල්ටෝ, මරුටි වලට වඩා Power Steering, Power Mirrors, Power Shutters වගේ ඔප්ශනුත් තියෙනවා. ඒත් එක්කම ABS/ EBD , Air Bags වගේ ඔප්ශන් එහෙමත් තියෙනවා. කොටින්ම මම හයිවේ එකේ 100ට වගේ ගිහින් තියෙනවා. කිසිම කරදරයක් නැතිව 100ක වේගය හිට් කරන්න පුලුවන්.

එන්ජින් කැපෑසිටි එකත් 1300ක් නිසා කඳු අදිනකොටත් ලොකු කරදරයක් නෑ. නමුත් ඒසී දාගෙන නම් කඳු අදිනවා හොරයි. ඒක කියන්න එපෑ. :)

ඔය ටික තමයි මට පැන්ඩා කාර් එක ගැන කියන්න තියෙන්නේ. මම පැන්ඩා එක පැදපු අවුරුදු දෙකට සෑහෙන දුර දුවලා තියෙනවා. මග තොටදි කිසිම බ්‍රේක් ඩවුන් එකක් නැතිව ගමන ගිහිල්ලා එන්න පුලුවන් වෙලා තියෙනවා. මම උඩ කියලා තියෙන අවාසි ටික ඇරුනහම සමස්ථයක් වශයෙන් පැන්ඩා කාර් කියන්නේ බජට් කැටගරියට හරියන හොද තේරීමක්. නමුත් අනිත් වාහන ගන්නවා වගේ තමා පැන්ඩා කාර් එකක් උනත් ගන්නවා නම් හොඳට හොයලා බලලා ගන්න ඕන.

ගොඩක් වාහන පට්ට ගහලා තියෙන නිසා නිශ්පාදන වසර 2016න් උඩ තියෙන එකක් ගන්නවා නම් සෑහෙන කාළයක් කරදරයක් නැතිව දුවලා විකුණලා දාන්න පුලුවන්. 

එහෙනම් මම ගියාවේ. ජය වේවා !


4 comments:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.