27 September 2023

රුපියල

 මේ රුපියලේ කාසි නම් මහ සාපයක් වෙලා තියෙන්නේ දැන් නම් !

මේ කාළේ හැටියට රුපියලේ කාසියකින් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. අපි පොඩි දවස්වල නම් රුපියලක් කඩේට අරගෙන ගියොත් සත දහයේ ටාටා 10ක් ගන්ඩ පුලුවන්. එහෙම නැත්නම් සත පනහේ කිරිටොපි හරි පොල් ටොපි හරි දෙකක් ගන්ඩ පුලුවන්. එහෙමත් නැත්නම් රුපියලේ ටොපියක් හරි ගන්ඩ පුලුවන්.

දැන් මේ කිසිම දෙයක් කරන්ඩ බෑ. !

කොටින්ම රුපියලක් ඉතුරු හම්බ වෙනවා නම් ඒක අරගෙනත් වැඩක් නැති ගානයි (එහෙම ඉතුරු හම්බ වෙන එකකුත් නෑ මම හිතන්නේ...)

රුපියලේ කාසි නිකන් ගෙදර ගොඩ ගැහෙන එක විතරයි වෙන්නේ.

මොකද ඉතින් රුපියලේ කාසි වලින් 10ක් කඩේට දීලා මොනාහරි ගන්න ගියොත් කඩේ මුදලාලි එච්චර හිත හොඳින් නෙමෙයි ඒක ගන්නේ. බස් එකක කොන්දොස්තරට රුපියලේ කාසි වලින් දුන්නොත් හොඳවයින් කතාවක් අහ ගන්ඩ පුලුවන්.

1 comment:

  1. අපි යන කඩවල මුදලාලිලා නම් හරි කැමතියි රුපියලේ දෙකේ කාසි ගෙනත් දෙනවට. කියලම ඉල්ලනවා තියනව නම් ගේන්න කියලා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.