10 February 2024

පැන්ඩා ක්‍රොස් එක

 මීට අවුරුදු දෙකකට ඉහත මම රෝද හතරකට ගොඩ උනා. ඒ ගොඩක් හොඳ වාහනේකට නම් නෙමෙයි. ඒක පැන්ඩා ක්‍රොස් එකක්. චීනයේ හදලා ලංකාවේ මයික්‍රෝ සමාගමෙන් එකලස් කරපු වාහනයක්. මේකේ මැනුවල් සහා ඔටෝ වාහන දෙවර්ගයම ලංකාවේ දකින්න තියෙනවා.

ඒ දෙවර්ගයෙන්ම මගේ බජට් එකට සෙට් උනේ මැනුවල් එකක්. මම වාහනයක් ගන්න යනවයි කියලා කියපුවහම මගේ යාළුවෝ සෙට් එක මට එක එක සිලෙක්ශන් එවුවා. 

ඒ හැම දේකින්ම මම හොඳම ඔප්ශන් එක විදිහට දැක්කේ පැන්ඩා වාහනයකට යන එක හොඳයි කියන එක. ඇල්ටෝ ව්ලට වඩා හ්ඳ ඔප්ශන් ටිකක් එහෙම පැන්ඩා වාහනේ තියෙනවා. 

ගන්න පළවෙනිම වාහනේ හන්දා ළඟ අවුරුද්දක එකකට යන එක නුවණට හුරුයි කියලා තමා කට්ටිය වැඩිමනක්ම කිව්වේ. ඒක නම් ඇත්තා තමයි. මොකද මම පාවිච්චි කරපු අවුරුදු දෙකටම එංජින් ලෙඩ එහෙම ආවේ නෑ. රෙපයාර් ආවත් පොඩි පොඩි ඒවා තමයි සෙට් උනේ.

පැන්ඩා වාහන වල බිල්ඩ් කොලිටිය නම් සෑහෙන්න මදි. දොරවල් වල ලොක් එහෙම අල්ලපු ගමන් කැඩෙන සයිස් එකට තියෙන්නේ. ඒ වගේම තමයි වාහනේ බොඩියේ තහඩුවත් ලොකු ගණකමක් නෑ. පොඩි වලක වැටුනත් එහෙන් මෙහෙන් පොඩි පොඩි සද්ද බද්ද එහෙම දොරවල් වලින් එන්න ගන්නවා.

හැබැයි වාහනේ හතර දෙනෙක් දාලා යනකොට නම් ශොක්ස් වලට හොඳටම දැනෙන්න ගන්නවා. ඒ නිසා ඒ වෙලාවට වලවල් ළඟින් යනකොට ගොඩක් පරිස්සම් වෙන්ඩ ඕන.

ඒ ඇරෙන්න නම් වාහනේ හොඳයි. 

ඔය පහලින් තියෙන්නේ මගේ පැන්ඩා එකේ පින්තූරයක්. ලක්ෂරි සැප නැති උනාට බජට් කැටගරියේ යන හොඳ වාහනයක් කියලා කියන්න පුලුවන්. සමහරු නම් මේ වාහනේ හොඳ නෑයි කියලා කියනවා. එක එක එක්කෙනාගේ එක එක අදහස් නෙහ්.






මම හයිවේ එකේ 100ට ගියත් ලොකුවට දැනෙන්නේ නම් නෑ. ඒත් 110 වගේ ලයින් එකේ යන්න ගියහම නම් ටිකක් දෙදිරීමක් දැනෙන්න ගන්නවා.

මම වාහනේ ගත්තේ 2022 අවුරුද්දේ ජනවාරි මාසේ 13 වෙනිදා. මම ගත්තු පැන්ඩා ක්‍රොස් එක 2016 නිශ්පාදනය කරපු එකක්. 

ඒ වාහනේ මම ගන්න දවස්වල වාහන මිල සෑහෙන්න වැඩි අගයක තිබ්බේ. ඒ නිසා මම වාහනේ විකුණන කොට ලක්ෂ 4ක විතර පාඩුවට තමයි දෙන්න සිද්ධ උනේ. මේ වෙනකොට වාහන මිල ටිකක් පහත වැටිලා තියෙන එකත් ඒකට හේතුවක් උනා කිව්වොත් හරි.

ඒත් මොනවා කරන්නද. මම වාහනේ දීලා දැම්මා.

හැබැයි මොනවා උනත් මම ලංකාව ඇතුලේ සෑහෙන දුරක් පැන්ඩා එකේ ගිහින් තියෙනවා. කිසිම ලෙඩක් දුන්නේ නෑ. ගානට සර්විස් කරගෙන හිටියා. ඉදලා හිටලා ආපු ලෙඩ දෙක තුනක් ඇරෙන්න වෙන කිසිම කරදරයක් උනේ නෑ.

3 comments:

  1. පැන්ඩ එකක් ගන්න හදල මමත් වැඩේ අතෑරියෙ එකේක කතා නිසා. අන්තිමට ඒකතත් නෑ ගත්තු එකත්.අනේ මංද වෙලා ඉන්නෙ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.